සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

කාමයේ වරදවා හැසිරීමේ විපාක ගැන ඔබ දන්නවද?කාමයේ වරදවා හැසිරුනොත් ඔබට ඇත්තටම මොකද? වෙන්නේ


සෑම සත්වයෙක්ම සැප විඳින්න ආස කරනවා සැපයට ලොල් බවක් දක්වනවා. මේ ලෝකයේ විඳින විවිධ සැප අතරින් ස්ත්‍රී පුරුෂ එක්වීමකින් ලැබෙන සැපයට මිනිසා ඉතාම ගිජුය. ගැහැණියෙක් හෝ මිනිසෙක් වේවා මේ කාමයේ සැපය වැඩියෙන් හොයන්න යද්දී ඔහු හෝ ඇයට එක සහකරුවෙක් හෝ සහකාරියකගෙන් සැහීමකට පත් වෙන්න බැරුව යනවා. 
එවන් පුද්ගලයෙක් ලිංගික සහකරුවන් හෝ සහකාරියන් ගොඩක් ඇතිකරගන්නවා. එහෙම නැතිනම් කම් සැපය වින්දනය කරන්න විවිධ ක්‍රම හා උපායන් හොයා ගන්නවා. 
ඇතැම් විවාහ වෙච්ච පුද්ගලයන් ඉන්නවා, විවාහයෙන් පසුව පවා ඔවුන් රාත්‍රී සමාජ ශාලා වලට යනවා. ගණිකා නිවාස සොයාගෙන යනවා. කම් සැප හොයන එක ඔවුන් විවාහ උනා කියල නවත්තන්න සූදානම් නෑ. ඒ වගේම ඇතැම් විවාහ වෙච්ච කාන්තාවන් ඉන්නවා, විවාහයෙන් පසුව පවා ඔවුන් වෙනත් පුරුෂයන් ඇසුරු කරනවා, වෙනත් පුරුෂයන් එක්ක ලිංගික සම්බන්දකම් පවත්වල සතුටු වෙනවා. විවාහ උනා කියල කම් සැප හොයන එක නවතන්න ඔවුන් සූදානම් නෑ. 

මේ වගේ ක්‍රියාවන් නිසා ගොඩක් වෙලාවට ගැටළු සහගත තත්ත්වයන් තමයි නිර්මාණය වෙන්නේ. පවුලක් නම් නිරන්තර අඬදබර ඇති වෙනවා, අසමගිය ඇති වෙනවා. තවදුරටත් එකිනෙකා විස්වාස කරන්න බැරි තත්වයක් ඇතිවෙනවා. ඒ වගේම ගත සිත දෙකම ලෙඩ වෙනවා. සමාජ රෝග, ඒඩ්ස් වැනි මාරාන්තික රෝග වුනත් ඇති වෙන්න පුළුවන්. ගැටලුකාරී තත්ත්වයේ උච්චතම අවස්ථා වලදී ලේ වැගිරීම් හා ඝාතන පවා ඇති වෙන්න පුළුවන්. සැමියාගේ අනිසි කාම සේවනයන් හමුවේ පීඩනයට පත්වෙච්ච බිරිඳක් තමා විසින්ම හෝ වෙනත් අයෙක් යොදවල සැමියාව මරා දමන්න ඉඩ තියෙනවා. ඒ වගේම වැරදි කාම සේවනයට වැටිච්ච සැමියෙක් තම බිරිඳ කරදරයක් කොට සලකල ඇයව තමා විසින්ම හෝ වෙනත් අයෙකු යොදවල මරණයට පත් කරන්න ඉඩ තියනවා.

මේ ගැටළු පවුල් මට්ටමට සීමා වෙන්නේත් නෑ, සමාජ ප්‍රශ්නයක් විදියට පැතිරෙන්නත් පුළුවන්. තම දෙමාපියන්ගේ වැරදි දකින දරුවන් එම වැරදි ආදර්ශයට ගන්නවා. ඔවුන් ඉතා ඉක්මනින් තමන් ඒ දැක්ක වැරදි පාරේ ගමන් කරන්න පටන් ගන්නවා. ඉතා කුඩා වයසේදීම ඔවුන් රාත්‍රී සමාජ ශාලා වල ගැවසීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැනීම වගේ දේවල් වලට හුරුවෙනවා. ඒ වගේම ඔවුන් ඉතා කුඩා වයස් වලදීම ලිංගික සම්බන්ධතා අත්හදා බලන්න යොමු වෙනවා. ලිංගික අත්හදා බැලීම් වැරදීමෙන් හට ගන්න දරු කළල ඔවුන්ට ගබ්සා කරන්න පවා සිදුවෙන්න පුළුවන්. එවන් පසුබිමක් සහිත පුද්ගලයෙක් වැඩිහිටියෙක් බවට පත් උනාම තමාගේ කුඩා වියේ පුරුදු අතාරින්න ඔහුට ඉතා අපහසු වෙනවා. ඒ විදියට නැවත නැවතත් චක්‍රීයව මේ පාපී ක්‍රියාවලිය සිදුවෙනවා.

නිරන්තරව කාමයේ වරදවා හැසිරෙන කාමයන්ට ඇලිච්ච පුද්ගලයාගේ හිත පාපී ජාගර ස්වභාවයක් ගන්නවා. ඔහුගේ මරණ මංචකයේදී ඔහු විසින් කරන ලද ක්‍රියාවන් ඔහුට සිහි වෙන්න පටන් ගන්නවා. චිත්‍රපටයක් වගේ ඔහු විසින් වැරදි කාමයේ යෙදුනු හැටි ඔහු ඉදිරියේ දර්ශනය වෙනවා. මේ දේවල් සිහි වීමත් එක්කම ඔහුගේ සිත අඳුරු වෙනවා, දුක් සහිත පාපී සිතුව්ලි සමග ඔහුගේ මරණය සිද්ද වෙනවා. මරණින් මතු කෙලින්ම මහා නරකයේ තුන් වන කොටසේ නිරී සත්වයෙක් ලෙස ඔහු උපත ලබනවා.

කාමයේ වරදවා හැසිරීමේ විපාක - 1

විවාහ වීමෙන් පසුව වෙනත් ස්ත්‍රීන් හෝ පුරුෂයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් මහා නරකයේ තුන් වන කොටසේ තමයි උප්පත්තිය ලබන්නේ. මෙහිදී මෙම නිරිසත්වයින් අල්ලා ගන්නා යමපල්ලන් ඔවුන්ව ගිනි ගනිමින් පැසෙන උණු අම්ලයක් පිරුනු කටාරමකට විසිකරනවා. මෙම අම්ලයේ ගිලුණු නිරිසත්වයෙන්ගේ ශරීර වේගයෙන් දිරාපත් වෙන්න පටන් ගන්නවා. සම මස් හා ඇටකටු පවා දිරාපත් වී දියවී යනවා. මෙලෙස මෙම කටාරමේ මහත් වේදනාවක් විඳින නිරීසත්වයා ශරීරය සම්පූර්ණයෙන් දිරාපත් වීමත් සමග මරණයට පත් වෙනවා. අම්ල කටාරමේ දිරාපත් වී මියයන නිරිසත්වයා නැවත උපත ලබන්නේ මහා නරකයේමයි. මෙහිදී එම නිරිසත්වයා අල්ලා ගන්නා යමපල්ලන් විසින් ඔහුගේ ලිංගික අවයවය තියුණු ආයුධයකින් කපා දමනවා. කපා දමන වාරයක් පාසා නැවතත් මෙම ලිංගික අවයවය හට ගන්නවා. හට ගන්නා වාරයක් පාසා යමපල්ලන් විසින් එය කපා දමනු ලබනවා. මෙලෙස නිරිසත්වයාට අනන්ත වාරයක් තම ලිංගික අවයවය කපා දැමීමේ වේදනාව විඳින්නට සිදු වෙනවා.

ඉන් පසුව මෙම නිරීසත්වයාට කර්මානුරූපව ස්ත්‍රී ලිංගික අවයවයක් හට ගන්නවා. මෙහිදී යමපල්ලන් විසින් ඉතා විශාල ගිනියම් යකඩ දණ්ඩක් මොහුගේ ස්ත්‍රී ලිංගයට ඇතුළු කරවනවා. මෙම දණ්ඩේ හැමතැනම විශාල යකඩ උල් හා ඉතාම මුවහත් තල රාශියක් පිහිටනවා. මෙම දණ්ඩ නිරිසත්වයාට ඇතුළු කිරීමේදී ඔහුගේ ශරීරය ඇතුල දරුණු ලෙස කැපී යනවා. එසේම මෙම දණ්ඩේ ඇති උල් අගින් ශරීරය දිය කල හැකි අම්ලයක් වහනය වෙනවා. මෙලෙස නිරිසතාගේ ශරීරය දියවී යන තෙක් යමපල්ලන් ඔහුගේ ස්ත්‍රී ලිංගික අවයවයට මුවහත් තල සහිත දණ්ඩ ඇතුළු කරවනු ලබනවා. ශරීරය ඇතුලතින් කැපී යමින් මහත් වේදනා විඳින්නට නිරිසතාට සිදු වෙනවා.

මෙලෙස වේදනා විඳ මියයන නිරිසත්වයා නැවතත් මහා නරකයේම උපත ලබනවා. මෙහිදී එම නිරිසත්වයා වට කරගන්නා යමපල්ලන් විසින් පුරුෂ ලිංගයක හැඩය ඇති පොලු වලින් නිරිසත්වයාට පහර දෙනු ලබනවා. මෙම පහර දීම මිය යනතෙක් සිදුවෙනවා. එසේම ඇතැම් නිරිසත්වයින් උපත ලබන්නේ ස්ත්‍රී ලිංගික අවයව ඇතුව. මෙවන් නිරිසත්වයන් වට කර ගන්නා යමපල්ලන් එම අවයව තුලට මුවහත් කඩු හා වෙනත් ආයුධ දමමින් මාරාන්තික වේදනා ඇති කරවනවා. නිරිසත්වයා වේදනාවෙන් මිය යන තෙක් එම වධහිංසා සිදුවනවා. මෙයට සමාන විවිධ ක්‍රම මගින් මහා නරකයේදී නිරිසත්වයා වේදනාවට පත් කරනු ලබනවා .....

මහා නරකයෙන් පසුව කාමයේ වරදවා හැසිරුණ පුද්ගලයා උපදින්නේ උස්සාද නරකය නම් අපායෙය්. මෙහිදී එම නරකයට නිරිසත්වයා වැටුණු වහාම පුරුෂ ශුක්‍රානුවක හැඩය ගත් පනුවන් මහා රාශියක් විසින් ඔහුගේ සිරුර වසා ගනු ලබනවා. මෙම පණුවන් නිරිසතාගේ ශරීරය සිදුරු කරගෙන ඇතුළු වී ශරීරය ඇතුලත කා දමනවා. දහස් ගණනක් පනුවන් සිරුර විදගෙන ඇතුළු වී ඇතුලතින් කා දමද්දී නිරිසතා මහත් වූ වේදනාවකට පත් වෙනවා.  

එසේම උස්සාද නරකයේ උපත ලැබූ නිරිසත්වයා නිරන්තරව පුරුෂ ලිංගයක් බඳු හිසක් ඇති මාලුවෙක්ගෙන් පහර කෑමට ලක් වෙන්න පුළුවන්. මෙම මාළුවා නිරිසත්වයාගේ ඇඟ මස් කඩා කමින් ඔහුට මහත් වූ වේදනා ගෙන එනවා. එසේම ඇතැම් නිරීසත්වයන් උස්සාද නරකයේ ගොඩබිම ඇවිද යද්දී ඔවුන් පසුපස හඹා විත් ඇඟ මස් කඩා කමින් පීඩා කරන බල්ලන් රැලක් මගින් මහත් පීඩා විඳිනවා. මෙම බල්ලන් ඇතැම් විට පුරුෂ ලිංගයට සමාන හිසක් හෝ ස්ත්‍රී ලිංගයට සමාන හිසක් දරමින් පැමිණෙනවා. තමන් මිනිස් ලොව සිටියදී කාමයේ වරදවා හැසිරුණු ආකාරය අනුව කර්මානුරූපව එම යමලොව සත්වයන්ගේ සවභාවය වෙනස් වෙමින් පීඩා කරනවා. මෙලෙස නිරිසතාගේ ශරීරයේ මස් ගැලවී සියල්ල කැබලි වී යනතෙක් මෙම යමලොව සත්වයන් ඔහුට වධ හිංසා පමුණුවනවා. 

උස්සාද නරකයේ උපත ලබන ඇතැම් නිරිසත්වයින් කර්මානුරූපව ඉතා විශාල පුරුෂ ලිංගයක් සහිතව උපත ලබනවා. මෙම පුරුෂ ලිංගය ඉතා දිගු මෙන්ම යකඩ කඳක් මෙන් අධික බරකින්ද යුක්ත වෙනවා. මේ අධික බර නිසා මෙලෙස උපත ලැබූ නිරිසත්වයාට එම ලිංගය ඇදගෙන පසුපසට ඇවිදින්නයි සිදු වෙන්නේ. මෙවන් නිරිසත්වයෙක් දකින යමපල්ලන් මුවහත් දත් ඇති බලු රැලක් බවට තම ස්වරූපය වෙනස් කර ගන්නවා. මෙම බලු රැළ නිරිසත්වයා පසුපස හඹා විත් ඔහුගේ ඇති විශාල පුරුෂ ලිංගය මුවහත් දත් මගින් සපා සිදුරු කර එහි මස් කඩා කන්නට පටන් ගන්නවා. නිරිසත්වයාට වේදනාවෙන් මිරිකෙමින් එම බලු රැලෙන් මිදීමට ඔහුගේ බරැති පුරුෂ ලිංගයත් ඇදගෙන පසුපසට දුවන්නට සිදු වෙනවා....

තවත් සමහර අවස්ථා වල යමපල්ලන් විසින් නිරිසත්වයාගේ පුරුෂ ලිංගය ලණුවක එක කෙළවරක බඳිනු ලබනවා. අනික් කෙලවර යමලොව බලු වෙසින් සිටින යමපල්ලකුගේ ගෙලේ බඳිනවා. ඉන්පසු මෙම සුනඛයා ඉතා වේගයෙන් නිරිසතාවත් ඇදගෙන දුවන්න පටන් ගන්නවා. පුරුෂ ලිංගයෙන් බැඳී ඇදී යන මෙම නිරිසත්වයා ඉතාමත් වේදනාවට පත් වෙනවා...

මෙලෙස මහා නරකයේ හා උස්සාද නරකයේ මහත් වේදනා විඳින කාමයේ වරදවා හැසිරුණු සත්වයන් ඉන්පසුව යමලෝක නම් නරකයේ උප්පත්තිය ලබනවා. එහිදීත් ඔවුන්ට කර්මානුරූපව මහත් වූ වධ වේදනා විඳින්නට සිදු වෙනවා. මෙලෙස මහත් වූ කාලයක් වධ වේදනා විඳින නිරිසත්වයාගේ අකුසල කර්මය ක්‍රමයෙන් ක්ෂයවීමත් එක්ක ඔහුට අපායගාමී ජීවිතයෙන් මිදෙන්න පුළුවන්. නමුත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ එතෙකින් නිම වෙන සරල අකුසලයක් නෙමේ. අපායගාමි ජීවිතයෙන් එලියට වැටුණු සත්වයා ඉන් පසුව ප්‍රේත හා තිරිසන් යෝනියේ ඉපදිලා තව තවත් දුක් විඳින්න සිද්ධ වෙනවා...

කාමයේ වරදවා හැසිරීමේ විපාක - 2

කල්ප ගණනාවක් අපායේ පව් ගෙව්වාට පසු කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයා ප්‍රේත ලෝකයේ ප්‍රේත උපතක් කරා තමයි ගමන් කරන්නේ. වෙනත් ප්‍රේතයන්ගේ ලිංගික අවයව වලින් වැස්සෙන කිළුටු ශ්‍රාවයන් ආහාර කොට ගන්නා ප්‍රේතයෙක් ලෙස පරදාර සේවනයේ යෙදුනු පුද්ගලයා උපත ලබනවා. එසේම තමන් මිනිස් ලොව සිටියදී කාම රතියට ඇලි සිටි ස්වභාවය අනුව වෙනස් ශරීර ස්වභාව ඇති ප්‍රේතයෙක් ලෙසත් උපත ලබන්න පුළුවන්. සමහර ස්ත්‍රී ප්‍රේතයන් ඉතා විශාල පුරුෂ  ලිංගයක් තම මුඛය තුල පිහිටන ලෙසින් උප්පත්තිය ලබනවා. යකඩ කන්දක් මෙන් මහත් බරකින් යුක්ත වන මෙම පුරුෂ ලිංගය ඇදගෙන ගමන් කිරීමට මෙම ප්‍රේතියන්ට සිදු වෙනවා .... එසේම ඇතැම් පුරුෂ ප්‍රේතයන් ඉන්නවා, ඔවුන්ගේ ලිංගික අවයවය නිරන්තර ගින්නෙන් දැවෙමින් තිබෙන්නේ. ගිනිගෙන දැවෙන අවයවක් සමග මහත් කාලයක් වේදනා විඳීමට මෙම ප්‍රේතයන්ට සිදු වෙනවා. සතුන් සමග ලිංගික ක්‍රියා වල යෙදීමෙන් සතුටු වන විකෘති කාම ආශාවන් ඇති ඇතැම් පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ගේත් නියත නවාතැන වෙන්නේ මේ ප්‍රේත යෝනියම තමයි. ඔවුන් මරණින් පසු "අසුර කාය" නම් වන ප්‍රේත නිකායක උපත ලබනවා. මෙහිදී ඔවුන්ට පිහිටන්නේ මිනිස් ලොව සිටිදී ලිංගික සබඳතා පැවැත්වූ සත්වයාගේ විකෘති රූපයක්. යමෙක් සුනඛයන් හා ලිංගික ආශ්වාදය ලැබුවේ නම් බලු ඔලුවක් ඇති ප්‍රේතයෙක් ලෙස ඔහු අසුර කායේ උපත ලබනවා. සවරූපය කුමක් වුවත් ඔවුන් කුණු වී නිරන්තර පනුවන් ගැවෙසෙන ලිංගික අවයවයක් සහිතවයි උපත ලබන්නේ.

ප්‍රේත නිකායක හෝ අසුර කාය නිකායේ උපත ලබා කල්ප ගණනාවක් කර්මය ගෙවන සත්වයාට ඉන් පසුව තිරිසන් යෝනියේ උපතක් කරා යන්න පුළුවන්. දෙව් මිනිස් ලෝක වල උපතක් තවමත් පිළිබඳව මෙම සත්වයාට තවමත් කිසිම බලාපොරොත්තුවක් තියන්න බැහැ. ප්‍රේත ලෝකයෙන් චුත වන සත්වයා ඉන් පසුව ඉතාම ප්‍රාථමික මට්ටමේ සත්වයෙක් ලෙස උපත ලබනවා. අසුචි වලක පණුවෙක් ලෙස හෝ වෙනත් පිළිකුල් සහගත තැනක ඉහඳ පණුවෙක් ලෙස ඔහුට උපත ලබන්න සිදුවෙනවා. ලිංගික සම්බන්ධතා වලදී ආශාවෙන් වැළඳ ගන්න කුණු සැරව හා තෙත් බවට ඇති ආශාවන් තමයි මෙවන් ආකාරයක් උපතක් ලබන්න හේතු වෙන්නේ....සමහර විට සුනඛයෙක් ලෙස සුනඛ උපතක් ලැබෙන්න පුළුවන්. බහු ලිංගික සේවනයට පුරුදු කල ආශාව මෙවන් සුනඛ උප්පත්තියක් ලැබීමට හේතු වෙනවා....

බොහෝවිට පරදාර සේවනයට ප්‍රිය පුද්ගලයින්ට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ පුද්ගලයින් රවට්ටන්න සිදු වෙනවා. මෙම රැවටීමට ඇති ප්‍රියභාවය නිසා මෙම පුද්ගලයා තිරිසන් යෝනියේ උපත ලබද්දී වඳුරෙක් ලෙස උපත ලබන්න පුළුවන්. අන් අය රැවටීමෙන් ලබා ගත් සසර පුරුදු මෙවන් උපතක් කරා යාමට හේතු වෙනවා....

ඇතැම් විට බූරුවකු ලෙසිනුත් උපත ලබන්න පුළුවන්. තම සහකරු හෝ සහකාරිය තම නොමනා ක්‍රියා නිසා ලජ්ජාවට පත් කිරීමේ විපාක ලෙස මෙම බුරුවකු ලෙස උප්පත්තිය ලැබීම සිදු වෙනවා.....

වෙනත් කෙනෙකුගේ බිරිඳක් හෝ සැමියෙක් සමග පරදාර සේවනයේ යෙදුනු නිසා ගවයෙක් ලෙසින් උපතක් ලබන්නත් පුළුවන්....

මෙලෙස තමන් මිනිස් ලොව සිටියදී සිදුකරන ලද වැරැද්දේ ස්වභාවය හා එය තම සිතෙහි තැන්පත් වී ඇති ප්‍රමාණය අනුව විවිධ සත්ව ආත්ම භාව ලබමින් කල්ප ගණනක් තිරිසන් යෝනියේ දුක් විඳීමට සත්වයාට සිදු වෙනවා. මෙම කාලය තුළ වෙනත් අකුසල කර්ම සිදුකලොත් නැවතත් අපායගාමී වීමටත් නැවත නැවතත් සසර සැඩ පහරට හසු වී දුක් විඳීමටත් සත්වයාට සිදු වෙනවා.....

බහු ලිංගික සේවනයට ඇති කැමැත්ත - සුනඛ උපත 

අනුන් රැවටීම නිසා - වඳුරු උපත 

තම සහකරු/සහකාරිය ලෝකය ඉදිරියේ ලජ්ජාවට පත් කිරීම - බුරුවෙක් වීමට සුදුසකමක් 

අන්සතු අඹුවක් හෝ සැමියෙක් සොරකම් කිරීමේ වරදට - ගවයෙක් ලෙස ඉපදීම 

තිරිසන් උපතක කල්ප ගණනක් පව් ගෙව්වට පස්සේ කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයට මිනිස් ලෝකේ මනුස්සයෙක් විදියට උප්පත්තිය ලබන්න ඉඩ ලැබෙන්න පුළුවන්. නමුත් මේ උපත සිද්ද වෙන්නේ නපුංසකයෙක් විදියට. පිරිමියෙක් විදියට උපත ලැබුවොත් ඔහු ගැහැණු ගති ලක්ෂණ පෙන්නනවා. ගැහැණු කෙනෙක් ලෙස අඳින්න පළදින්න ආස කරනවා. තාක්ෂනය දියුණු අවධියක මේ උපත සිද්ධ උනොත් ඔහු සැත්කම් මගින් ගැහැනු ලිංගික අවයව ලබාගන්න ඉඩ තියනවා. ලිංගික ආකර්ශනය ඇති කරගන්නෙත් පිරිමි පාර්ශවය ගැනම තමයි. ගැහැණු කෙනෙක් ලෙස ඉපදුනොත් ඇය බොහෝවිට ස්ත්‍රී සමලිංගික ඇසුරට ප්‍රිය කරන කෙනෙක් ලෙස තමය් උපත ලබන්නේ. නමුත් නපුංසක පිරිමි කෙනෙක් ලෙස උපත ලැබුවොත් ඔහුගේ පව් ගෙවීම වඩාත් ඉක්මන් වෙනවා. මොකද නපුන්සක පිරිමි උදවිය, නපුංසක ගැහැණු උදවියට වඩා සමාජයකින් පීඩා විඳින නිසා. ඔබ දැකල ඇති ඇතැම් පුද්ගලයින් ඉන්නවා, සමලිංගික ඇසුර ප්‍රිය කරන. මොවුන්ට නපුංසකයන් මෙන් විරුද්ධ ලිංගිකයෙක් වෙන්න නම් ආසාවක් නෑ. නමුත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ප්‍රිය බවකුත් නැහැ. මොවුනුත් සමාජයෙන් නින්දා විඳින කොට්ටාසයක්, ඒ වගේම සාමකාමී පින් දහම් රැස් කරගන්න පුළුවන් පවුල් ජීවිතයක සතුට මොවුන්ට හිමි වෙන්නේ නෑ.  මෙවන් උපතකට හේතුවත් පෙර සසරේ කාමයේ වරදවා හැසිරීමම තමයි.

මිනිස් ආත්මභාවය ලබන කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයාට ආත්මභාව ගණනාවක් නපුංසකයෙක් හෝ සමලින්ගිකයෙක් ලෙස උපත ලබන්න සිද්ධ වෙනවා. ඒ හැම ආත්මයකදීම ඔහුට අර පරදාර සේවනයේ පාපය ටික ටික ගෙවල දාන්න වෙනවා.....

හිතන්න මේ පුද්ගලයා පෙර සසරේ කාන්තාවක් ලෙස වැඩි වාර ගණනක් කාමයේ වරදවා හැසිරිලා තියනවා කියල . එහෙම නම් ඔහු ඊළඟ ආත්ම භාවයේ සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලැබීමේ හැකියාව වැඩි. මෙහිදී ඔහු ගැහැණියෙක් ලෙසින් හැසිරෙන්න කැමති සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලබනවා....

ඒ වගේම පෙර සසරේ පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි නම් ඊළඟ මනුෂ්‍ය ආත්ම භාවයේ ඔහු පිරිමි ගති ලක්ෂණ වැඩි සමලින්ගිකයෙක් ලෙස උපත ලබනවා. මෙවන් පුද්ගලයෙක්ගේ කාන්තා හැසිරීමක් පේන්නේ නැහැ. නමුත් ඔහු ලිංගිකව ආකර්ෂණය වන්නේ පුරුෂ පක්ෂයටම පමනයි....

පුරුෂයෙක් ලෙස කාන්තාවක් ලෙසට වඩා වැඩි වාර ගණනක් පරදාර සේවනයේ යෙදුනු තැනැත්තෙක් වේ නම් මෙම ආත්මයේ ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කරන කාන්තාවක් ලෙස උපත ලබනවා. මේ කාන්තාව වඩාත් පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන අතර ස්ත්‍රීන් කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්ත වෙනවා ....

ඒ වගේම කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි  වාර ගණනක් නම්  එම පුද්ගලයා ඊළඟ ආත්මභාවයේ ගැහැණු ගති තියන සමලිංගික කාන්තාවක් ලෙසය් උපත ලබන්නේ....

ඔබ ගණිකාවන් දැකල ඇති. ගණිකාවන් කියන්නෙත් පෙර සසරේ පුරුෂයෙක් ලෙස කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයෙක් තමාගේ පාපය ගෙවල දාන අන්දම. එවන් උපතක ඉන්න කාන්තාවක් ඒ වනවිටත් සසරේ එක අවස්ථාවක කාමයේ වරදවා හැසිරීමේ පාපය තවමත් ඉවර කරගන්න බැරුව විඳවමින් ඉන්නවා. 

ඉහත ආකාර වලින් කර්මය ක්ෂය වී ඉතාමත් සුළු අවස්ථාවකට පැමිණි පසු එම සත්වයාට විනීත සාමාන්‍ය ගැහැණු උපතක් ලැබෙනවා. නමුත් ඒ ආත්ම භාවයේ ඇයට ලැබෙන සැමියා විශ්වාසය කඩ කරන්නෙක් වෙනවා. කලින් ආත්මයක එම පුද්ගලයා විසින්ම සිදුකල පරදාර සේවනයට සමාන ක්‍රියාවන් සිදුකරන සැමියෙක් තමයි ඇයට ලැබෙන්නෙත්. එ්නිසා එම ආත්මයේදීත් විඳවන්න ඇයට සිද්ධ වෙනවා...

කාමයේ වරදවා හැසිරීමේ විපාකය ඉතාම සුළු අඩියකට පැමිණි පසුව එම පුද්ගලයා සතුටුදායක පවුල් ජීවිතයක් ගතකරන විශ්වාසී සැමියෙක් සිටින කාන්තාවක් ලෙස උපත ලබනවා. කාන්තාවන්ට ස්වභාවිකව උරුම වන පුරුෂයන්ට සාපේක්ෂව වේදනාකාරී බව වැඩි ලිංගික අවයව පද්දතිය හා ප්‍රජනන පද්දතියත් සැලකෙන්නේ කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිවිපාක ලෙසයි....

කර්මය ඉතාමත් සුළු වූ විට එම පුද්ගලයාට අවිවාහක කාන්තාවක් ලෙස උපතක් කරා යන්න පුළුවන්. දරු උපත්, ලිංගික කටයුතු වලින් තොර අවිවාහක කාන්තාව විවාහක කාන්තාවකට වඩා අඩු කර්මයක් සහිත තැනැත්තෙක් ලෙසයි සැලකෙන්නේ...

කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවා අවසාන වීමට ඉතාම ආසන්න වූ පසු එම තැනැත්තා උපත ලබන්නේ සිල්වත් ආගමානුකූල කාන්තාවක් ලෙසයි. මෙය කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවීමට ඉතාම ආසන්න අවස්ථාවක්...

නමුත් ඉහත එක උපතකදී හෝ නැවතත් ඇය පවට වැටි කාමයේ වරදවා හැසිරීමේ අකුසලය සිදු කළහොත් නැවතත් සසර සැඩ පහරට හසුව අපායගාමී වී අනන්ත කාලයක් ප්‍රේත, අසුර හා තිරිසන් යෝනි වල ඉපදෙමින් දුක් විඳීමට සිදු වෙනවා...

අකුසලයෙන් මිදෙන්න. කුසලයේ යෙදෙන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ආස්වාදයේ ආදීනව දකින්නා වෙහෙසට පත් නොවේ

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක මහාචාර්ය 
කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමි

කුසගින්නෙන් පෙළෙන බල්ලෙකු විසින් මස්, ලේ නැති ඇට කැබැල්ලක් ලෙවකමින්, සපමින් කුසගින්න නිවාගැනීමට දරන්නා වු මෝඩ උත්සාහයක් වැනිය, අරමුණුවලට ගිජුවීම නිසා ලෝකයා වෙහෙසට පත්වීම.
පෘතග්ජනයා ලෙසින් හැඳින්වෙන්නේ කවර පුද්ගලයෙක්ද? මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයේ මුලින්ම දැක්වෙන්නේ අස්සුතවත් පුඵුජ්ජනයන්ගේ ස්වභාවයයි. එහි අට්ඨකථාවෙහි සඳහන් “පුඵූනං නානප්පකාරානං කිලේසානං ජනනාදීහිපි කාරණෙහි පුඵුජ්ජනො’ යන විග්‍රහයට අනුව නොයෙක් කෙලෙස් ඇතිවීමට හේතුවෙන ලෙසින් කටයුතු කරන තැනැත්තා,පෘථග්ජනයෙක් වන්නේය.
ඔහු පඤ්චකාමයන්ගෙන් ලැබෙන සුළු ආස්වාදයට ඇලී, එහිම ගිලී කාමාස්වාදයන්ගෙන් මුසපත් බවට පත්වේ. පඤ්චකාමාස්වාදයන් නම්,ඇසින් රූප බැලීමට ඇති ආශාවය, කනින් ශබ්ද ඇසීමට ඇති ආශාවය. නැහැයෙන් සුවඳ ආඝ්‍රාණයට ඇති ආශාවය .දිවෙන් රස විඳීමට ඇති ආසාවය. කයෙන් ස්පර්ශ විඳීමට ඇති ආසාවය. සිතට සිතිවිලිවලින් ලැබෙන වින්දනයන් පිළිබඳව ඇති ආසාවන්ය. එම ආසාවන් සම්පූර්ණ කරගැනීමට සියලුම සත්වයෝ විවිධාකාරවලින් වෙහෙසෙති. එහෙත් ආසාවන් සම්පූර්ණ කරගෙන තෘප්තියට පත්ව දැන් මම සියලුම කාමාස්වාදයන් වින්දෙමි. තවත් මට නම් කිසිම කාමාස්වාදයක් එපා යැය’යි සිතා, ඉන්ද්‍රියයන් පිනවීමෙන් සෑහීමකට පත්වෙන කිසිම සත්ත්වයෙක් හෝ පෘතජ්ජන පුද්ගලයෙක් ලෝකයේ නැත. එනිසා ඉඳුරන්ගෙන් ලැබෙන අස්සාද සුඛය සොයමින් සියලු සත්වයෝ වෙහෙසට පත්වෙති. එය හේමවත සූත්‍රයේ මෙසේ සඳහන් වේ.
ඡස්සු ලොකෝ සමුප්පන්නො ඡස්සු කුබ්බති සන්ථවං 
ඡන්න මෙවමුපාදාය ඡස්සු ලොකෝ විහඤ්ඤති

ලෝකයෙහි සතුන්ට ඉන්ද්‍රිය හයක් පහළ වු කල්හී ඒ සතුන් විසින් අරමුණු හයක් සමඟ සම්බන්ධතා පවත්වනු ලැබේ. ඉන්ද්‍රියන්ගෙන්, එම අරමුණු හය අල්ලා ගැනීම නිසා සියලු ම ලෝකයා වෙහෙසට පත්වන්නේය.ඇසින් ලස්සන රූපයක් දැක සතුටට පත්වෙයි. එම රූපය නැවත නැවතත් දැකීමට කැමති වෙයි. ඒ සඳහා වෙහෙසෙමින් ලස්සන රූපයම සොයා යයි. එයින් සුලු ආස්වාදයක් ලබමින් දැඩි වෙහෙසකට පත්වෙන පෘතග්ජනයාට ඇති වන්නේ වෙහෙසක් පමණි. එය කුසගින්නෙන් පෙලෙන බල්ලෙකු විසින් මස්, ලේ නැති ඇට කැබැල්ලක් ලෙවකමින්, සපමින් කුසගින්න නිවාගැනීමට දරන්නා වු මෝඩ උත්සාහයක් වැනියැ”යි සඳහන් වේ. ඇස, කන, නාසය, දිව, ශරීරය,මන යන අනෙක් ඉන්ද්‍රියන්ට අරමුණු වන්නා වූ රූප, ශබ්ද,ගන්ධ, රස, පොට්ඨබ්බ,ධම්ම යන අරමුණුවලට ගිජුවීම නිසා ලෝකයා වෙහෙසට පත්වෙයි. මෙසේ සත්වයන් විසින් පඤ්ච ඉන්ද්‍රියන්ගෙන්ම ලබන්නේ, අස්සාද සුඛයක් පමණි. සැපයට මුසපත් වූ පෘථග්ජන පුද්ගලයා, එයට ඇලී කම් සැපයෙහි ම ගිලේ. එනිසාම පඤ්ච නීවරණවලිනුත් වැසේ. කාමච්ඡන්ද,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච,කුක්කුච්ච, විචිකිච්ඡා යන පඤ්ච නීවරණවලින් ආවරණ වූ තැනැත්තාට සත්‍යය නොපෙනේ. ඉන්ද්‍රියන්ට හමුවෙන අරමුණුවලට ආසාකිරීම, කාමච්ඡන්දයයි. තමා කැමැති වන දෙයක් ලබාගැනීමට උත්සාහවත්වන විට, වෙනත් කෙනෙක් ඊට විරුද්ධ වුවහොත් ඔහු සමඟ ගැටේ. එය පටිඝය හෙවත් ව්‍යාපාදයයි. අලස බව හෙවත් කම්මැලිකම ථීනමිද්ධයයි. නොසන්සුන් බව සහ කල්පනාකාරී බව උද්ධච්ඡ , කුක්කුච්ඡ නම් වන්නේය. බුද්ධාදී අටතැන් පිළිබඳව ඇතිවෙන සැකය හෙවත් කුකුස , විචිකිච්ඡාවයි. මේවා නීවරණ හෙවත් ආවරණයෝය. නීවරණවලින් වැසුණු තැනැත්තාට, සත්‍යය නොපෙනීම හෙවත් මෝහය (මුලාව) ඇතිවෙයි. ඔහුට සත්‍යය හෙවත් යතාර්ථය දැකිය නොහැකිය.

නිවැරදි දැක්මක් නැති තැනැත්තා සක්කාය දිට්ඨි නම් වූ ‘මමයැ’යි කෙනෙක් ඇත, යන මිථ්‍යාදෘෂ්ටියෙන් වෙළෙන්නේය. එනිසා සක්කාය දිට්ඨියෙන් වෙළුණු පෘතග්ජනයා තණ්හාව, මානය, දිට්ඨියෙන්ද ආවරණය වෙයි. මෙසේ කෙලෙස්වලින් වැසුණු හේ අන්ධයෙක් වැනිය. ඔහුට ආර්යයන් වහන්සේලා දැකීමටවත්, උන්වහන්සේලාගේ ධර්මය අසා, ධර්මාවබෝධයටත් ශක්තියක් නැත. එවැනි අය, අස්සුතවත් පුඵුජ්ජනයන්, අසත්පුරිසයන්, අනාර්යයන්, පෘතග්ජනයන් වශයෙන්ද හැඳින්වෙති. අස්සුතවත් පෘථග්ජනයාට අවස්ථා තුනකදී සද්ධර්මයෙන් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වේ.
1.බුදු ,පසේබුදු, මහරහත් යන ආර්යයන් වහන්සේලා දැකීමෙන්
2.ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන ධර්මයෙහි හැසිරීමට දක්ෂයෙකු නොවීමෙන්
3.ආර්ය ධර්මයෙහි හික්මීමට කුසලතාවක් නැති නිසා ධර්මාවබෝධ කළ නොහැකි වීමත්ය.
ආර්යයන් වහන්සේලා නොදැකීමත් සද්ධර්මය නොඇසීමත් නිසා අස්සුතවත් පුඵුජ්ජනයෝ ආර්ය ධර්මයෙන් ඈත් වෙති. නීච වූ පහත් අය ඇසුරු කරමින් නීච ධර්මවලට පුරුදු වෙති. පාප ක්‍රියාවලට පුරුදු වූ ඔවුහු තිරිසනුන් වැනිය. ධර්මය සහ අධර්මය තෝරා ගත නොහැකි වූ තිරිසනුන් වැනි මිනිසුන් අන්ධයෝ මෙන් කටයුතු කරති. එනිසා අස්සුතවත් පඵුජ්ජනයන්ට ආර්යයන් වහන්සේලා දක්නට ලැබුණත් උන්වහන්සේලා හඳුනාගැනීමට ඔවුහු අසමත් වෙති. එය තිරිසනුන්ට ආර්යයන් වහන්සේලා දකින්ට අවස්ථාව ලැබුණත් උන්වහන්සේලා හඳුනාගන්නට, නොහැකි වන්නාක් මෙනි. සතුන් වැනි ඒ මිනිසුන්ටත් ආර්යයන් වහන්සේගේ ගුණ තේරුම් ගැනීමට නොහැකි වේ.
සිතුල් පව්වේ වැඩ සිටි රහතන් වහන්සේ නමකට උපස්ථාන කළ භික්ෂුවක් සිටියේය. වයසට ගොස් පැවිදි වූ ඒ භික්ෂුව ධර්මාවබෝධයට අසමත් කෙනෙකි. දිනක් ඒ භික්ෂුව, රහතන් වහන්සේ පසුපසින් යමින් ‘ස්වාමීනි, රහතන් වහන්සේ හඳුනාගන්නේ කෙසේදැයි’ ප්‍රශ්නයක් ඇසීය. එයට පිළිතුරු දෙමින් උන්වහන්සේ, සමහර අස්සුතවත් පෘතග්ජනයන් රහතන් වහන්සේලාට උපස්ථාන කළහ. පාසිවුරු රැගෙන පසුපසින් ගමන් කළද,අන්ධයන් වැනි වූ ඔවුන්ට රහතන් වහන්සේ හඳුනාගත නොහැකිය’යි වදාළහ. මෙසේ කරුණු පැහැදිලි කළත් ඒ භික්ෂුවට තමා උපස්ථාන කරන්නේ රහතන් වහන්සේ නමකටයැ’යි අවබෝධ කරගත නොහැකි විය. එනිසා සත්‍යයය දැකිය නොහැකි වූ අස්සුතවත් පෘථග්ජනයෝ මසැසින් හෝ දිවැසින් ආර්යයන් වහන්සේලා දැක්කත් අන්ධයන් මෙන් ආර්යයන් වහන්සේලාගේ ගුණ නොදකිති. වක්කලි හිමියන් බුදුරජාණන් වහන්සේගේ පිටුපස ගියේ අන්ධයෙකු මෙනි. ‘වක්කලිය, කුණුවී යන මේ ශරීරය දැකීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? යමෙක් ධර්මය දකී ද? ඔහු මා දකින්නේය. යමෙක් මා දකින්නේ නම් ඔහු ධර්මය දකින්නේය. යයි බුදුරජාණන් වහන්සේ වක්කලී භික්ෂුවට අවවාද කළහ. එනිසා අන්ධයෙකු වැනි වූ පෘතග්ජනයා අස්සුතවත් කෙනෙකි. එහෙත් සුතවත් වූ පුද්ගලයා ආර්යයන් වහන්සේලා දැක, ධර්මය අසන්මෝය. එයින් සුතවත් වූ ඒ තැනැත්තා ධර්මචාරි කෙනෙක් වී සත්පුරුෂයෙකු බවට පත්වන්නේය. ඔහුගේ ලක්ෂණ තුනකි.
1.සුචින්තිත චින්තී හොති (යහපත් ලෙසින් සිතන්නෙක් වෙයි)
2. සුභාසිත භාසී හොති (යහපත් වචන කථා කරයි)
3.සුක්කත කම්මකාරි හොති (යහපත් වැඩ කවෙහෙරයි)
සුතවත් වු සත්පුුරිසයෝ යහපත් ලෙසින් සිතන නිසා තමාගේ පඤ්ච ඉන්ද්‍රියයන්ට ගොදුරු වෙන අරමුණුවලින් සුළු ආස්වාදයක් ලැබුවත් එහි ආදීනව දකිති. ලස්සන රූපයක් ඇති කෙනෙක් කලක් ගතවන විට වියපත්ව වැහැරීමට පත්වේ. කලු කෙස් සුදුවේ. සුදු දත් හැලේ. සිත් කලු හම රැලිවැටේ. මේවා ශරීරයේ ඇතිවෙන ආදීනවයන්ය. ඒ ආදීනව පිළිබඳ ව විමසුම් නුවණින් මෙනෙහි කරන සුතවත් පුද්ගලයා කාමාස්වාදවලින් වෙහෙසට පත්නොවී පඤ්ච කාමයන්ගෙන් මිදීමට උත්සාහවත් වෙයි. එබැවින් නිවැරැදි දැකීමක් ඇති අය, පඤ්ච කාමාස්වාදවලින් මිදීමට ප්‍රයත්න දරති. ඔවුහු, ජීවිතය පිළිබඳ ව නිවැරදි අවබෝධයෙන් හා නිවැරදි සිතිවිලිවලින් යුක්තවන, කය සහ වචනය සංවර කරගනිමින් යහපත් ජීවිතයක් ගත කරති. එවැනි සත්පුරුෂයෝ මෙලොවත් සතුටු වෙති. පරලොවත් සතුටු වෙති. දෙලොවම ජයගන්නා, ඔවුහු නිවන් දකින්නෝය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ප්‍රවේශමෙන් වචන පරිහරණය කරන්න

රුවන්වැල්ල, වහරක දම්සක් විහාරයේ 
ප්‍රධාන අනුශාසක 
ගම්පහ මහානාම හිමි

බුදුරජාණන් වහන්සේ අපට මනාව සංවරවීම පිළිබඳව ධර්මයෙහි උගන්වා ඇත. අප විසින් සංවර කර ගත යුතු කාරණා තුනකි. එනම් සිත, කය සහ වචනයයි. ඒ අතරින් මා ඔබට මෙම ලිපිය මගින් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ වචනය සංවර කර ගැනීමේ වටිනාකම මෙන්ම එය නිවන පිණිස උපකාර වන ආකාරයයි.
බුදුරජාණන් වහන්සේ අපට නිවන පිණිස උතුම් මාර්ගයක් පෙන්වා ඇත. එනම් අංග අටකින් යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඒ තුළ විග්‍රහ වන්නේ සීල, සමාධි, ප්‍රඥා යන කාරණා ප්‍රගුණ කිරීම පිළිබඳවයි. සීලය අංග තුනකි. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීවයයි. සමාධි යටතේ අංග තුනක් විග්‍රහ වේ. එනම් සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධිය ප්‍රඥා කොටස යටතේද අංග දෙකක් විග්‍රහ වේ. එනම් සම්මා දිට්ඨියත්, සම්මා සංකල්පයත්ය.මෙසේ බෙදා දැක්වීමේදි මුල් මාර්ග අංග දෙක ප්‍රඥා කොටසට අයිති වුවද නිවන් මග ඔබ තුළ ප්‍රගුණ වන්නේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් බව මනාකොට තේරුම් ගත යුතු වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිවන් මඟ සමාධියෙන් නොව ප්‍රඥාවෙන් අවසන් වන වැඩපිළිවෙලකි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ සම්මා වාචා විග්‍රහ කරන්නේ මෙසේය.

මුසාවාදා වේරමණි – බොරු කීමෙන් වැළකීම 
පිසුනා වාචා වේරමණී – කේලාම් කීමෙන් වැළකීම 
ඵරුසා වාචා වේරමණී – පරුෂ වචන කීමෙන් වැළකීම 
සම්ඵප්පලාපා වේරමණී – සම්ඵප්ප්‍රලාපයෙන් වැළකීම යනුවෙනුයි.

එම නිසා නිවන පිණිස අප සැවොම ඉහත කී කාරණා වලින් වැළකී වචනය සංවර කිරීම අනිවාර්ය වේ. බොරුවෙන් වැළකී සත්‍ය වචන පමණක්ම කතා කිරීමටද, එකිනෙකා බිඳෙන, අසමඟිවෙන වචන කථා කිරීමෙන් වැළකී ඔවුනොවුන් සමඟිවන වචන පමණක්ම කථා කිරීමටද, අන්‍යයන්ගේ සිත් රිදෙන, කනට අමිහිරි අපි‍්‍රය පරුෂ වචනයෙන් වැළකීමටද, තමන්ටත් අන් අයටත් අර්ථය පිණිස නොපවතින හිස්වචන කථා නොකොට අර්ථවත් වූ අවබෝධය පිණිස පවතින්නා වූ දස කථාවේම පමණක් යෙදෙන්නටද අප වගබලා ගත යුතුය. එසේම උත්සාහ කළ යුතුය. එසේ සම්මා වාචා යන මාර්ග අංගය පුරුදු පුහුණු කරගනිමින් දුෂ්චරිතයෙන් වැළකී සිටින්නා වූ තැනැත්තාට යම් කලෙක විදර්ශනා වැඩීමෙන් මාර්ගඵල අවබෝධය අනිවාර්යයෙන්ම ලැබිය හැකිය.
මුවින් වචන පිට කිරීමේදී අප කිහිප වරක් සිතිය යුතුය. ඒ සඳහා මනා සිහියකින් වාසය කළ යුතුය. වචන පරිහරණයෙන් මිනිස්සු බොහෝ අකුසල් රැස්කර ගනිති. එමෙන්ම යහපත් වූ වචනයෙන් බොහෝ පින්ද රැස්කර ගත හැකි වේ. අසිහියෙන් මෙන්ම අනවබෝධයෙන් මුවින් පිටවන වචන නිසා සිදුවෙන මහා විපත් වර්තමාන සමාජයෙහිද බහුලව දැකිය හැකිය.
යං තථාගතෝ වාචං ජානාති අභූතං අතවිජං 
අනත්ථසංහිතං සා ච 
පරෙසං පියා මනාපා, න තං තථාගතෝ වාචං භාසති

යම් වචනයක් සිදු නොවු බවද, අසත්‍ය බවද, අනර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දනිති. එමෙන්ම එය අන්‍යයන්ට පි‍්‍රයමනාප වෙන්ට පුළුවනි. නමුත් ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැත.
යම්පි තථාගතෝ වාචං ජනාති භූතං තච්ඡ අනත්ථසංහිතං සා ච 
පරෙසං පියා මනාපා, තම්පි තථාගතෝ වාචං න භාසති

යම් වචනයක් සිදු වූ බවද, සත්‍ය බවද, අනර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දකිති. එමෙන්ම එය අන්‍යයන්ට පි‍්‍රයමනාප වෙන්ට පුළුවනි. නමුත් ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැත.
යඤ්ච ඛෝ තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං 
අත්ථසංහිතං

සා ව පරෙසං පියා මනාපා, තත්‍ර කාලඤ්ඤ තථාගතෝ හෝති 
තස්සා වාචාය වෙයියාකරණාය

යම් වචනයක් සිදු වූ බවද, සත්‍ය බවද, අර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දනිති. ඒ වගේම එය අන්‍යයන්ට පි‍්‍රයමනාප වෙන්ට පුළුවනි. ඒ වචනය තථාගතයන් වහන්සේ කාලානුරූපව පවසති වශයෙනි.
මේ උතුම් දේශනාවෙන් අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ කොයිතරම් පාරිශූද්ධ වූත්,අර්ථවත් වූත් වචන පරිහරණය කළ උත්තමයෙක්ද යන වග අපට මනාව ප්‍රත්‍යක්ෂ වේ. එසේම මෙම කාරණා තුළින් පිළිබිඹු වන්නේද බුදුරජාණන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්න නම් වූ උතුම් බුදු ගුණයයි.අවබෝධ ඤාණයට ගැළපෙන වචන පමණක්ම කථා කළ උත්තමයෙක් බවද අපට මනාව පැහැදිලි වේ. නමුත් අද ජීවත් වන බොහෝ දැන උගත් යැයි සම්මත මිනිසුන් පවා තම දැන උගත්කමට නොගැළපෙන බොරු කේලම්, පරුෂවචන සහ හිස්වචනයෙන් යුක්තව මිච්ඡා වාචාවෙන් යුක්ත වීම අවාසනාවට කරුණකි. එම නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වන අපද අනිවාර්යයෙන්ම වචනය සංවර කරගත යුතු වේ. ඒ සඳහා මනා සිහි නුවණකින් කටයුතු කරමින් හොඳින් සිතා බලා වචනය හැසිරවීමට වගබලා ගත යුතු වේ.
වචනය නිසා අකුසල් කරගත් බොහෝ දෙනා පේ‍්‍රත ලෝකයේ ඉපිද විඳින අනේක දුක් පිළිබඳ කතා පුවත් රාශියක් ඛුද්දක නිකායේ පේ‍්‍රත වස්තු නමැති බුද්ධ දේශනාවන් හි සඳහන් වේ. එමෙන්ම නිරය,තිරිසන් අපාය ආදි දුගතිවල උප්පත්තිය ලැබීමටද වචනය අසංවර වීම හේතු වේ. බුද්ධ කාලයේ වාසය කළ කෝකාලික භික්ෂුව ඊට කදිම නිදසුනකි. අග්‍රශ්‍රාවක උතුමන් වහන්සේට අභූතයෙන් චෝදනා කොට වචනයෙන් ආර්යය උපවාදය නමැති බරපතල අකුසලය සිදු කර ගනිමින් අදටත් නිරයේ ඉපිද අනන්ත අප්‍රමාණ දුක් විඳී. එහෙයින් ශ්‍රාවකයින් වන අප බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සම්මා වාචා තුළ පිහිටා ම කටයුතු කළ යුතුය. එය නිවන් මගේ එක් මාර්ගයක් සේම ඒ තුළින් අප නිවනට වඩාත් සමීප වේ. අතිශය දුක්ඛිත වූ සංසාරයේ මහා ගැටලුවක් බවට පත් වී ඇති සමහර කාරණා විමසා බැලීමේදි පුංචි වචනයක් වැරදීම ඊට හේතු වී ඇත. එම නිසා වචන කථා කිරීමේදී අප ප්‍රවේශම් වීම අනිවාර්ය කරුණකි. වැඩිපුර කථාබහ ඇතිව වාසය කිරීමද වචනයෙන් පව් රැස් වීමට හේතු වේ. ඒ කෙසේද යත් අසිහියෙන් වචන පරිහරණය කිරීමේදී බොරු, කේලාම්, පරුෂ වචන, හිස්වචන ඔවුනටත් නොදැනීම ඔවුන්ගේ මුවෙන් පිටවීමයි.අවශ්‍ය දේ පමණක් කථා කිරීමෙන් අපට වචනය පහසුවෙන් සංවර කරගත හැකිය.
එමෙන්ම අන් අයගේ අපි‍්‍රය,අමනාප වචන ඉවසීමටද අප පුරුදු විය යුතුය. එසේ නැතහොත් මහා විපත් පවා සිදු වීමට ඉඩකඩ ඇත. අවශ්‍ය දේ පමණක් අවශ්‍ය කාලයේදී සහ අවබෝධය පිණිසම පමණක් හේතුවන අර්ථ සහිත වූ වචන පමණක්ම කථා කළ බුදුරජාණන් වහන්සේගේ වචන පරිහරණය ඉතා අසිරිමත්ය. එමෙන්ම උන්වහන්සේ වචන පරිහරණය කළේ සියලු සත්වයන් වෙත පහළ වු මහා කරුණාව මුල් කර ගනිමින් සසර දුකින් එතෙරවීමට අනුග්‍රහ පිණිසමය.උන්වහන්සේගේ අතිශය පිවිතුරු වු අර්ථය පිණිසම පවතින වචන භාවිතය පිළිබඳව සූත්‍ර පිටකයෙහි මජ්ක්‍ධිම නිකායේ අභයරාජ කුමාර සූත්‍ර දේශනාවේදීි විග්‍රහ වේ.
යං තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං සා ච 
පරෙසං අප්පියා අමනාපා න තං තථාගතෝ වාචං භාසති

යම් වචනයක් සිදු නොවු බවද? අසත්‍ය බවද, අනර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දන්නා නමුත්, එය අන්‍යයන්ට අපි‍්‍රයද, අමනාපද ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැත.
යංපි තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං 
අනත්ථසංහිතං සා ව 
පරෙසං අප්පියා අමනාපා තම්පි තථාගතෝ වාචං න හාසති

යම් වචනයක් සිදු වූ බවද? සත්‍ය බවද? අනර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දනිති. එමෙන්ම එය අන් අයට අපි‍්‍රයයි. අමනාපයි. ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැත.
යඤ්ච ඛෝ තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං සා ච 
පරෙසං අප්පියා අමනාපා තත්‍ර කාලඤ්ඤෑ තථාගතෝ හෝති 
තස්ස වාචාය වෙයි්‍යාකරණාය

යම් වචනයක් සිදු වූ බවද, සත්‍ය බවද, අර්ථ සහිත බවද,තථාගතයන් වහන්සේ දනිති. ඒ වගේම එය අන් අයට අපි‍්‍රයයි, අමනාපයි. ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ කාලානුරූපවයි.
ගමනක අතරමං වී සිටින අපට මේ ලැබුණු දුර්ලභ මිනිසත් බව උපයෝගි කරගනිමින් සතර සතිපට්ඨානය තුළ වාසය කරමින් වචනය සංවර කරගෙන නිවන් මඟ ප්‍රගුණකොට චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට උත්සාහ කළ යුතුය. එමෙන්ම අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සිත පහදාගෙන ශ්‍රද්ධා සම්පත්තිය ඇතිකර ගැනීම පිණිස ද උපකාර වන බව නොඅනුමානය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඤාති සංග්‍රහය දහම් ඇසින් දකිමු

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක 
ආචාර්ය 
ඕමල්පේ සෝභිත නා හිමි

" ඤාති සංග්‍රහය ධර්මානුකූල වූවක් ම විය යුතු ය. අධාර්මික ඤාති සංග්‍රහය බුදු දහම ප්‍රතික්ෂේප කරයි. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් ආකාරයට ඤාතීන් වෙනුවෙන් නිවැරදි පිළිපැදීම ධර්මානුකූල ඤාති සංග්‍රහයයි. ඤාතීන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් පැහැර හැර ක්‍රියා කිරීම අධාර්මික ඤාති සංග්‍රහයයි."
ඤාති සංග්‍රහය නම් වූ උදාර මානව ගුණධර්මය අද බොහෝ සෙයින් විපරිත ආකාරයට ක්‍රියාත්මක කරන අයුරු එදිනෙදා අසන්නට දකින්නට ලැබෙන පුවත් මගින් පැහැදිලි වේ. බොහෝ සෙයින් දේශපාලන ක්ෂේත්‍රය තුළ නිරත වූවන් කටයුතු කරන ආකාරය මෙයට කදිම නිදර්ශනයකි.
තමන්ට බලය ලැබුණුවිට බොහෝ අනුවණ දේශපාලකයෝ වැඩි වැඩියෙන් ඤාති සංග්‍රහය සිදුකරති. මොවුන් ඒ සඳහා මහජන දේපළ අවභාවිතය කරති. නුසුදුස්සන්ට තනතුරු ප්‍රදානය කරමින් වරදාන ලබාදෙමින් මොවුන් සිදුකරන අධාර්මික ඤාති සංග්‍රහය නිසා පීඩාවට පත්වන්නේ පොදු මහජනතාවයි. ඇතැම් ආගමික නායකයින්ද දේශපාලකයින් හා සමානව ම තම ආගමට දහමට මුවා වී අදැහැමි ඤාති සංග්‍රහයක නියැලී සිටින අයුරු ද දැකිය හැකිය. බොහෝ දෙනා නිවැරදිව වටහා නොගත්තා වූ ද නිවැරදිව ක්‍රියාත්මක නොකළා වූ ඤාති සංග්‍රහය වනාහි ඉතා උතුම් වූ මානව ගුණ ධර්මයකි. මෙය වටහා නොගැනීම හා නිවැරදිව ක්‍රියාත්මක නොකිරීම මත බොහෝ සමාජමය අර්බුධ පැනනැගී ඇත. මේ හේතූන් නිසා බුදු දහමට අනුව ධර්මානුකූල ඥාති සංග්‍රහය කුමක්ද? යන්න විමසා බලා පැහැදිලි කරදීම මෙම ලිපියේ අරමුණයි.
මිනිසා ශිෂ්ටාචාරවත් වූ දා පටන් ඤාති සබඳතා ගොඩනඟා ගත්තේ ය. මව, පියා, බිරිඳ හා දූදරුවෝ ළඟම ඥාතීහු වෙති. සමාජයේ කුඩාම ඒකකය පවුල් ඒකකයයි. මෙම පවුල් ඒකකය රඳා පවතිනුයේ ඤාති සබඳතා මතය. ඤාති සබඳතා නොමැතිකල පවුල් ඒකකය බිඳ වැටෙනු ඇත. එවිට සමාජයද පිරිහී යයි. ඤාති සබඳතා රඳා පවතිනුයේ ඔවුනොවුන් මත බැඳුනු යුතුකම් හා වගකීම් සමුදායක් මතය. යුතුකම් හා වගකීම් නිසිලෙස ඉටුකරන කල්හි ඤාති සබඳතා ද ශක්තිමත් වේ. ඒවා නොමැති කල්හි ඤාති සබඳතා බිඳවැටේ.
ඤාතීන් යනු පුද්ගලයාට සම්පතකි. එය අංගුත්තර නිකායේ දී බුදුන් වහන්සේ ‘ඤාති සම්පදා’ යනුවෙන් පඤ්චවිධ සම්පත්තීන්ගෙන් එකක් ලෙස දේශනා කොට ඇත. කෙනෙකුට තනිව සමාජයේ ජීවත්වීම අපහසුය. විපත් කරදර දුක් ගැහැට පැමිණෙන විට තවකෙනකුගේ උදව් උපකාර අත්‍යවශ්‍යය. මෙබඳු අවස්ථාවන්හිදී පිහිටට පැමිණෙන්නේ මව, පියා, බිරිඳ, දරුවන් ආදී වූ සමීපතම ඤාතීන්ය. ඤාතීන් සම්පතක් හැටියට දේශනා කළේ එබැවිනි. ඤාති සබඳතා බිඳවැටෙන්නට නොදී පවත්වාගෙන යාමට නම් ඔවුන් වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් හා වගකීම් සමුදායක් පවතී. මේ යුතුකම් හා වගකීම් මැනවින් ඉටුකිරීම ඤාති සංග්‍රහය ලෙස බුදුදහම නිර්වචනය කරයි. ‘ඤාතකානඤ්ච සංගහෝ’ යනුවෙන් මහා මංගල සූත්‍රයේදී ඤාතීන්ට සංග්‍රහ කිරීම මංගල කරුණක් ලෙස දේශනා කොට තිබේ. එමෙන්ම තම සමීපතම ඤාතීන් වන මව්පියන්ට, අඹුදරුවන්ට සැලකීමද වෙන වෙනම මංගල කරුණු ලෙස ‘මාතා පිතූ උපට්ඨානං පුත්ත දාරස්ස සංගහො’ යනාදී වශයෙන් දක්වා තිබේ. බුදු දහම උගන්වන ‘පඤ්චබලි’ අතුරින් පළමුවැන්න ඤාතිබලී නම් වේ. මින් අදහස් කරන්නේ ද ඤාතීන්ට සංග්‍රහ කිරීමයි. මෙකී කරුණු අනුව පැහැදිලි වන්නේ බුදුදහම ඤාති සංග්‍රහය ඉතා වැදගත්කොට සැලකූ බවයි.
ඤාති සංග්‍රහය කෙසේ විය යුතුද? යන්න පැහැදිලි කරන ඉතා වැදගත් දේශනාවක් ලෙස දීඝ නිකායේ ඇතුළත් සිඟාලෝවාද සූත්‍රය සඳහන් කළ හැකිය. සිඟාලෝවාද සූත්‍රයේදී සිඟාල පුත්‍රයාගේ සදිසා නමස්කාරය අර්ථගන්වන බුදුරජාණන් වහන්සේ නිවැරදි සමාජ සබඳතා ගොඩනගා ගන්නා ආකාරය එමගින් පැහැදිලි කර දෙයි. මව්පිය දූදරු සබඳතාවය මෙන්ම අඹු සැමි සබඳතාවය ද සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වාදෙන ඉතා වැදගත් ඤාති සබඳතාවයන් ය. මෙම සබඳතා ඉතා මැනවින් පවත්වාගෙන යාම සඳහා ඔවුනොවුන් මත බැඳුනු යුතුකම් හා වගකීම් වෙන වෙනම දේශනා කොට තිබේ. ‘මාතා පිතා දිසා පුබ්බා’ යනුවෙන් මව්පියන් පූර්ව දිශාවට හෙවත් නැගෙනහිර දිශාවට ආදේශ කොට පෙන්වාදී ඇත්තේ ඉතා වැදගත් අරුතකින් ය. එනම් ‘ඉමස්ස ලෝකස්ස දස්සෙතාරා’ දරුවන්ට මෙම ලෝකය අවබෝධ කරවනුයේ උගන්වනුයේ පුබ්බාචරිය නම් වූ මව සහ පියා වන බැවිනි.
දෙමව්පියන්ගෙන් දරුවන්ට ද දරුවන්ගෙන් දෙමව්පියන්ට ද ඉටුවිය යුතුකම් හා වගකීම් ඔවුනොවුන් අතර බැඳියාව වැඩිදියුණු කරන කාරණාවන්ය. ඒවා අතර දරුවන් පවින් වැළැක්වීම, යහපතෙහි යෙදවීම, ඉගැන්වීම්, ආවාහ විවාහ කරදීම, දායාද පවරාදීම දෙමව්පියන්ගේ යුතුකම් වේ. මව්පියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කාර්යයන් ඉටුකර දීම, කුලපරපුර රැකීම, දායාද ඇතුළු චංචල නිශ්චල දේපල සම්පත් නිසි පරිදි පරිහරණය හා ආරක්ෂා කිරීම, මව්පියන් මියපරලොව ගියකල්හි පින්දීම දෙමව්පියන් වෙනුවෙන් දරුවන් විසින් ඉටුකළ යුතු යුතුකම් ය.
‘පුත්තදාරා දිසා පච්ඡා’ යනුවෙන් අඹු දරුවන් පශ්වීම හෙවත් බටහිර දිශාවට ඇතුළත් කොට දේශනා කරමින් අඹු සැමි සබඳතාව ශක්තිමත්ව ගොඩනඟා ගනිමින් පවත්වාගෙන යාමට අවශ්‍ය කාරණා පැහැදිලි කරදී තිබේ. එහිදී සැමියා බිරිඳ කෙරෙහි පිළිපැදිය යුත්තේ ගරු කිරීමෙන්, අවමන් නොකිරීමෙන්, පරදාර සේවනය නොකිරීමෙන්, ඇයට වගකීම් පැවරීමෙන් මෙන්ම ඇඳුම් පැළඳුම් ආදිය සපයා දීමෙන් බව පෙන්වා දී ඇත. ස්වාමියාගෙන් නිසි ගෞරවය ලබන භාර්යාවද පෙරලා ස්වාමියා කෙරෙහි යුතුකම් පහක් ඉටුකළ යුතු ය. එනම් ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම, ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම, පරපුරුෂ සේවනය නොකිරීම, උපයන ලද ධනය ආරක්ෂා කිරීම හා සෑම කටයුත්තකදීම දක්ෂ වීම අලස නොවීම යන කරුණු පහයි.
සිඟාලෝවාද සූත්‍රයේදී පෙන්වාදෙන ඉහත සඳහන් යුතුකම් හා වගකීම් ඤාතීන් වශයෙන් ඔවුනොවුන් අතර ඉටුවිය යුතු කාරණාවන්ය. ඤාති සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා ඉටුකළ යුතු ඉහත කී යුතුකම් ඤාති සංග්‍රහය ලෙස අර්ථ ගැන්වීම නිවැරදිය.
ඤාති සංග්‍රහය ධර්මානුකූල වූවක් ම විය යුතු ය. අධාර්මික ඤාති සංග්‍රහය බුදු දහම ප්‍රතික්ෂේප කරයි. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් ආකාරයට ඤාතීන් වෙනුවෙන් නිවැරදි පිළිපැදීම ධර්මානුකූල ඤාති සංග්‍රහයයි. ඤාතීන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් පැහැර හැර ක්‍රියා කිරීම අධාර්මික ඤාති සංග්‍රහයයි. තම ඤාතියෙකු අසරණවූ විට, එම ඤාතියාට පිහිටවිය යුතු ය. එවැනි විපත් කරදර අවස්ථාවන්හි දී ඔවුන්ගේ ගෙවල්වලට යාම ඒම උදව් උපකාර කිරීම සුවදුක් විමසා බැලීම නිවැරදි ඤාති සංග්‍රහය වේ. සැපතේ දී මෙන්ම විපතේ දී ද එක හා සමානව කටයුතු කරන තැනැත්තා යහපත් ඤාතියෙකි. ඇතැම් ඤාතීන් සැපතේ දී ළංව සිටියද විපතේදී දුරස්ව යනු දැකිය හැකි ය.
බුදුරජාණන් වහන්සේ ඤාති සංග්‍රහය සිදුකළ යුතු ආකාරය දේශනා කළා මෙන්ම තම චරිතය තුළ ආදර්ශයෙන්ද එය පෙන්වා දුන්හ. කිඹුල්වතින් හමන සුළඟත් සැප යැයි සඳහන් කළ බුදුන් වහන්සේ තම ඤාති වර්ගයාට කරදරයක් විපතක් පැමිණි අවස්ථාවන්හි දී ඔවුන් ඉන් මුදවා ගැනීමට ක්‍රියා කළේ ය. තමන්ගේ කම අගය කිරීම තමන්ගේ වර්ගයා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීම යනු අන්‍ය වර්ගයා පහත්කොට තැකීමක් නොවිය යුතුය. බුදුන් වහන්සේ එය තම චරිතය තුළ ආදර්ශයෙන්ම පෙන්වා වදාළහ.
බුදුන් වහන්සේ තනතුරු ප්‍රදානයේ දී ඤාතිකම් සැලකිල්ලට නොගත්හ. නන්ද, ආනන්ද, රාහුල, දේවදත්ත ආදී හිමිවරු තම සමීප ඤාතීන් වුවද ඔවුන්ට සැලකිලි දැක්වූයේ අන්‍ය ශ්‍රාවකයන්ට හා සමානවමය. ඔවුන්ට ඤාති සංග්‍රහය ලෙස සිදුකළේ විමුක්ති ලාභය ලබාදීමයි. ඒ හැර වෙනත් ලාභයක් ඔවුන්ට බුදුරජාණන් වහන්සේගෙන් නොලැබුණි. දෙව්දත්තෙර සංඝභේදය සිදුකළේ ද බුදුරදුන්ට වෛර කළේද මේ හේතුව නිසාම ය.
ඤාති සංග්‍රහය පිළිබඳ විශිෂ්ට ආදර්ශ බෝධිසත්ව චරිතය මගින් ද ලබා ගත හැකිය. බෝසතාණන් වහන්සේ පෙර විසූ ආත්මභාවවල තමන්ගේ වර්ගයාට නායකත්වය දෙමින් ඔවුන්ව විපත් කරදර වලින් ආරක්ෂා කරගත් ආකාරය බොහෝ ජාතක කතාවල සඳහන් වේ. නලපාන ජාතකය, ඡත්දත්ත ජාතකය, සෝණ ජාතකය, උම්මග්ග ජාතකය වැනි ජාතක කතා ඒවා අතර ප්‍රධාන වේ. ඡත්දන්ත ජාතකයේදී ඇත් පිරිසක නායක ඇතා ලෙස සිටිමින් තම වර්ගයාගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ දළ පරිත්‍යාග කළේ ය. සෝණ ජාතකයේදී තමන්ගේ සුනඛ වර්ගයා වෙනුවෙන් නායකයෙකු ලෙස ජීවිතය පරදුවට තබා රජුට කරුණු පැහැදිලි කිරීමට ක්‍රියා කළේ ය. නායකයෙකු ලෙස තමන්ගේ පිරිස සතුරු උපද්‍රව වලින් ආරක්ෂා කරගැනීමේ විශිෂ්ට නිදර්ශනය ලබාදෙනුයේ උම්මග්ග ජාතකය තුළිනි. බෝසතාණන් වහන්සේ මනා බුද්ධියක් මෙහෙයවමින් තමන්ගේ රාජ්‍ය හොර සතුරන්ගෙන් ආරක්ෂා කරගත් ආකාරය එහි විස්තර වේ. එහිදී බෝසතුන් කටයුතු කළේ වෛරයෙන් ක්‍රෝධයෙන් නොව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණය පෙරදැරි කරගෙනය.
බෝධිසත්ව ආදර්ශය අනුව ජීවත්වන සෑම බෞද්ධයකුගේම යුතුකම තමන්ගේ වර්ගයාට නායකත්වය, සැලකිල්ල ආරක්ෂාව ලබාදීමයි. ඒ තුළ අන්‍ය වර්ගයා නොපෙළීමයි. පහත් කොට නොසැලකීමයි. තමන්ගේ ජාතිය, තමන්ගේ ජන වර්ගයා පිළිබඳ විශේෂ කරුණාවක්, සැලකිල්ලක් දැක්වීම අනිවාර්ය මානව ගුණ ධර්මයක් විය යුතු යි. එහිදී සිංහලයෙකු ජාතිවාදී වීම වැරදි නොවේ. ජාතිවාදී වීම යනු තමන්ගේ ජාතිය, තමන්ගේ වර්ගයා ගැන සිතිවිලි උපදවා ගැනීමයි. හැඟීමක් ඇතිකර ගැනීමයි. වරද වන්නේ ජාතිභේද වාදයයි. බෞද්ධයන් වූ අපට බෞද්ධ ආගම්වාදී වීම වරදක් නොවේ. අපගේ ලබ්ධිය, අපගේ පිළිගැනීම, අපගේ සංස්කෘතිය, විශ්වාස ගැන කතා කිරීම ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම, ඒවා සංරක්ෂණය කිරීම වරදක් නොවේ. වරද වන්නේ ආගම්භේද වාදයයි.
තමන්ගේ ජාතිය හෝ තමන්ගේ වර්ගයා විශිෂ්ට යැයි කියමින් අන් ජාතීන්ට අවමන් කිරීම, ඔවුන් පහත්කොට සැලකීම වැරදිය. තමන්ගේ ආගම පමණක් උසස් ය. අන්‍ය ආගම් පහත් ය, තමන්ගේ ශාස්තෘවරයා පමණක් උසස් අන්‍ය ශාස්තෘවරු පහත් ය යනාදී වශයෙන් සිතීම, ක්‍රියා කිරීම වැරදිය. ‘අත්තුක්කංසන පරවම්බන’ යනුවෙන් එය පෙන්වා දී තිබේ. තම ඤාති වර්ගයා කෙරෙහි මෙන්ම අන්‍ය වර්ගයා කෙරෙහි ද මෙත් කරුණා හැඟුම් පෙරදැරිව සාධාරණ ලෙස සිදුකරනු ලබන ඤාති සංග්‍රහය ධර්මානුකූල ඤාති සංග්‍රහය ලෙස බුදු දහමට අනුව අරුත් ගැන්විය හැකිය.
ඤාති සංග්‍රහය ධර්මානුකූල වන්නේ ඡන්දා, දෝසා, භයා, මෝහා යන සතර අගතියෙන් තොරව ක්‍රියා කිරීමෙනි. එහිදී ඡන්දය යනු තමන්ගේකම නිසා, ඇල්ම නිසා විශේෂ සැලකිලි දැක්වීමයි. දෝසා යනු අනිත් අයගෙන් පළිගැනීමේ අදහසින් තම ඤාතියාට සැලකීමයි. භයා යනු ඤාතීන්ට බියෙන් ඔවුන් ඉල්ලන ඉල්ලන ආකාරයේ වරදාන ලබාදීමයි. මෝහය යනු සෑම වරදකටම මුල්වන මෝඩ සිතිවිලිය. මේ සතර අගතියෙන් යුතු ඤාති සංග්‍රහය නිසාම රජවරුන්ට සිහසුන අහිමි වූ අයුරුත්, පාලකයන්ට පාලන බලය අහිමි වූ අයුරුත් ඉතිහාසයේත් වර්තමානයේත් අපි මනාසේ අත්දකිමින් සිටිමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අසිරිමත් ධර්මය මහා ඖෂධයකි

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති 
කථිකාචාර්ය, දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

ජීවිතය කියන්නේ ගලන ගඟක් වගේ. කන්දක් උඩින් ගඟ ආරම්භ වෙන්නේ පුංචි දිය උල්පතක් ලෙස. ඒ වගේම පුංචි දොළක්, ඇලක්, මහා ගඟක් ලෙස බලවත් වෙලයි ඒ ගඟ මුහුදට වැටෙන්නේ. මේ ගඟ මුහුදට වැටෙද්දී අත්දැකීම් බලකායක් ලැබෙනවා. මේ ගඟ උඩ සිට ගලන විට ගඟ දන්නේ නැහැ ගඟට මොකද්ද වෙන්නේ කියා. විටක ගඟ උඩ සිට පහළට කඩාගෙන වැටෙනවා. තවත් විටෙක ගඟ මහා ගල් පර්වතවල හැපෙනවා. අපේ ජීවිතයත් ඒ වගේ. ජීවිතය කෙසේ ගතවුවත් එක ආකාරයටම ගමන් කරන්නේ නැහැ. විටෙක මහා ප්‍රපාතයකට කඩාගෙන වැටෙනවා. විවිධ කරදර බාධකවලට මුහුණ දෙනවා.
මේ නිසා මේ ජීවිතය ගැඹුරින් තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසිරිමත් ධර්මය මහා ඖෂධයක් බවට පත්වෙනවා. වටින දේ වටිනා දේ ලෙසත්, සාරවත් දේ සාරවත් ලෙසත් දැකිය යුතුයි. මේ භයානක සසර සිඳබිඳගෙන සසර කෙටිකර ගැනීමට ආලෝකයක් කරා ගමන් කළ යුතු වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළා මේ කෙලෙස් බරිත පේ‍්‍රත, භූත අපායට ඇදවැටෙන මිනිසුන්ට ධර්මය, ධර්මය ලෙස පෙනෙන්නේ නැහැ. සාර දේ සාර ලෙස පෙනෙන්නේ නැහැ. බොහෝම වැදගම්මක් නැති දේ සාරවත් දේ ලෙස දකිනවා. සාරවත් දේ අසාර ලෙස පෙනෙනවා. ධර්යේ කිසිදු වටිනාකමක් නැහැ. ධර්මය පිළිපැද කාටද හරිගියේ කියා කියන අය සිටිනවා. ඒ වගේම වැරැදි මිථ්‍යා දෘෂ්ඨික අදහස්වලින් ජීවත්වන අයට මේ ජීවිතයෙන් ආලෝකය සුවපත්භාවය කරා යන්නට බැහැ. ජීවිතයේ අභිවෘද්ධිය සලසා ගන්නට නොහැකි වන බව බුද්ධ දේශනාවයි. එය නොවරදින සංකල්පනාවක් බවට, නොවරදින මාර්ගයක් බවට පත්කර ගන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ වදාළා සසර සුවපත්වන ඇත්තෝ තමා ළඟ තිබෙන වටිනාම බීජය වන අරහත් බීජය මෝදුකර ගන්නට කැමැති වෙනවා. සාරවත් දේ සාරවත් ලෙස දකිනවා. නිසරු දේ නිසරු ලෙසම දකිනවා. ඒ අය ධර්මය තුළින් වටිනා ගමනක් යනවා. සිත තුළ නිවැරැදි මිථ්‍යාදෘෂ්ඨික නොවන අදහස් වලින් සිත පුරවාගන්නවා.

අප අද කතා කරන්නේ “අසීසක සූත්‍රයයි”. අසීසක කියන්නේ හිසක් නැහැ කියන එකයි. අද සමාජයේ සිටින බොහෝ අයත් ජීවත් වුණාට හිසක් නැති ලෙස ජීවත් වන නිසා හිසක් නැති ආකාරයට වැඩ කරන නිසා අසීසක සූත්‍රය කථා කරන්න අප කල්පනා කළා.
දිනක් මහා සෘද්ධි බලයෙන් මහා විස්කම් පෑ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සහ ලක්ඛණ මහරහතන් වහන්සේ දෙනම වේළුවනාරාමයේ පසු පස්සේ සිට ගිජුකුළු පර්වතයේ පැත්තට පිණ්ඩපාතයේ වැඩියා. පිණ්ඩපාතය වඩින ගමන් ගිජුකුළු පර්වතයේ ඉහළින් ඇති අහස බලා මහාමොග්ගල්ලාන ස්වාමින් වහන්සේ සිනාවක් පහළ කළා. ඒ අවස්ථාවේ ලක්ඛණ මහරහතන් වහන්සේ ඉහළ බලන්නේ මුන්වහන්සේ සිනහ වෙන්නේ කා සමඟද කියා සිතමින්. නමුත් කිසිවක් පෙනුනේ නැහැ. ලක්ඛණ මහරහතන් වහන්සේ අසනවා ස්වාමිනි, ඔබ වහන්සේ සිනාපහළ කළේ ඇයි? මුගලන් මහරහතන් වහන්සේ වදාළා මෙය එයට අවස්ථාව නොවේ. සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ අසලදී එය අසන්න කියලා. සවස දම්සභා මණ්ඩපයේදී ලක්ඛණ මහරහතන් වහන්සේ අසන්නේ අද දවල් මහමොග්ගල්ලන මහරහතන් වහන්සේ ගිජුකුළු පර්වතය මුදුනේදී සිනාවක් පහළ කළා. ඒ ඇයි කියා විමසා සිටියා. ඒ අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ වදාළා ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ගිජුකුළු පව්ව අසලින් වඩිද්දී මම අරුමපුදුම සත්ත්වයෙක් දුටුවා. පාවෙමින් සිටින, හිසක් නැති සත්ත්වයෙක්. සත්ත්වයෙක් කීවාට ඇටසැකිල්ලක්. ඒ පේ‍්‍රතයාට හිසක් නැති නිසා ඇස්,කන්, කට, නාසා පිහිටා තිබෙන්නේ පපුවේ. මේ ඇටසැකිල්ල ආකාසයේ පාවෙනවා. ගිජුලිහිණියෝ ඇවිත් ඇටසැකිල්ලේ තිබෙන ඇටලොඳ කන්න කොටනවා. බලවත් වේදනාවෙන් අනෙක් පැත්තට පාවෙනවා. ඒ පැත්තෙන් උකුස්සන් කොටනවා. අනෙක් පැත්තට පා වෙද්දී කවුඩන් කොටනවා. මහා විපත්තියට පත්ව මේ හිස නැති ඒ පේ‍්‍රතයා දැක මට සිනාවක් පහළ වුණේ, බුද්ධ ශාසනයක් තිබෙන අවස්ථාවේදීත් ඔහු ජීවිතය වරද්දවා ගත් නිසානේ කියා සිතුණා නිසා යැයි දම්සභා මණ්ඩපයේදී වදාළා. බුදුරජාණන් වහන්සේ වදාළා මොග්ගල්ලාන ඔබ පැහැදිලි කරන්න මේ සත්ත්වයාට මෙහෙම වුණේ මොකද කියා. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මේ සත්ත්වයා කල්ප ගණනකට පෙර මනුස්ස ලෝකයේ ජීවත් වුණේ. ඔහු කළ රැකියාව රාජ්‍ය වධකයා ලෙස කටයුතු කිරීමයි. වැරැදි කළ මිනිසුන්ගේ හිස ගසා දැමීම සිදුකළේ ඔහු. එය රැකියාව වුවත් මහා භයානක පාපයක්. ඔහු නිරයේ අපා දුක් විඳ දැන් මේ පේ‍්‍රත ලෝකයේ ඉපදුනා. නමුත් ඔහුට හිස අහිමියි. අහසෙහි පා වෙන ඇටසැකිල්ලක් කර්මානුරූපව ලැබෙන බව වදාළා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළා මමත් මේ සත්ත්වයා දුටුවා. නමුත් එය නොවදාළා සිටියේ බුද්ධ වචනය පිළිබඳව මිනිසුන් සැක පහළ කරන නිසායි. බුද්ධ වචනය පිළිබඳව සැක පහළ කරන්නා මිථ්‍යාදෘෂ්ඨියට අයත් වෙයි. ඔහු මිනිස් ලොවින් පහළට වැටෙනවා. භූත, පේ‍්‍රත ලෝකවල උපදී. ඔවුන්ට අනුකම්පා නිසයි මම මේ පිළිබඳව කථා නොකළේ කියා තථාගතයන් වහන්සේ වදාළා.
බුදුරජාණන් වහන්සේ මේ අසීසක සූත්‍රය තුළින් පැහැදිලි කරනවා භූතයෝ, පේ‍්‍රතයෝ, යක්ෂ ස්වභාවයෙන් හිස නැතුව පාවෙවී සිටින ජීවිත ලැබෙන්නේ තම තමන්ගේ කර්ම ශක්තිය අනුව බව. මෙසේ මහා විපත්තියට පත්වීමට විශේෂ හේතු තිබෙනවා. ඒවානම් අධම රාගය, විෂම ලෝභය, මිථ්‍යා දෘෂ්ඨිය. අධම රාගය කියන්නේ අධික රාග සිතිවිල්ලයි. විෂම ලෝභය කියන්නේ දැඩි ලෝභයයි. මිථ්‍යා දෘෂ්ඨි කියන්නේ වැරැදි දැක්මයි. ඒවානම් මව කියා විශේෂ කෙනෙක් නැත, පියා කියා විශේෂ කෙනෙක් නැත, මෙලොව නැත, පරලොව, නැත, ඕපපාතික සත්ත්වයාගේ පහළවීමක් නැත, පින් පව්, නැත, හොඳ නරක වල විපාක නැත ආදී වශයෙන් ධර්මය සැක කළොත් වැරැදි දේ අල්ලා ගතහොත් පේ‍්‍රත භූත අපායට වැටෙන්න පුළුවන්. එසේ වැටුන කෙනෙක් පිළිබඳවයි අසීසක සූත්‍රයෙන් පැහැදිලි වෙන්නේ.
මේ සූත්‍රයේදී අවධාරණය කළයුතු කරුණක් තිබෙනවා. මේ අසීසක ප්‍රේතයා මේ විපත්තියට වැටී තිබෙන්නේ තමන්ගේ රැකියාව නිසායි. රාජ්‍ය වධකයා ලෙස මිනිසුන්ගේ හිස ගසා දැමීමයි. එය රැකියාව ලෙස කළත්, විශාල අකුසලයක්. සසේචන ක්‍රියාවක් නිසා කර්ම රැස්වෙනවා. චේතනාව මුල් වෙලා කර්මය සිදුවෙනවා. කයින්, වචනයෙන්, සිතින් මේ පින් පව් දෙකම සිදුවෙන්න පුළුවන්. හොඳ නරක වශයෙන් දොරටු තුනයි. ඒ නිසා ඔබට විටෙක සිතයි මම මේ පාප ක්‍රියාව කරන්නේ මෙසේ සතුන් මරන්නේ රැකියාව නිසා නේ කියා. නමුත් ලැබෙන ප්‍රතිවිපාක බාර ගන්න ඔබ හැර වෙන කිසිම කෙනෙක් නැත.
පේ‍්‍රතයන් වර්ග හතරයි. 1). නිතරම ශරීරය පිච්චෙන මහ ගින්නකින් ඇවිලෙන කොටස පළමු කොටසයි ඔවුන්ගේ කර්මය අවසන් වනතුරු ඒ ගින්න නිවෙන්නේ නැහැ. 2) කොටස කිසිම දිනක කුසගින්නට හෝ පිපාසයට වතුර හෝ කෑම ලැබෙන්නේ නැහැ. ආහාර ඇසට පේන්න තිබෙනවා. නමුත් කටට දාගන්න බැහැ. ඇසට පෙනෙන්න වතුර ලස්සනට තිබෙනවා. නමුත් බොන්න යනවිට වතුර නැහැ. 3). මොවුන් අනුන් දෙන පිනකින් සුවපත් වන කොටසක්. 4) පස්ගොඩවල්, අපිරිසුදු තැන්වල අසුචි වලවල්වල අරක් ගන්න කොටස හතර වැනියයි.
එනිසා ධර්මය ලෙස අධර්මය අල්ලාගෙන සිටින අයට මඟ කියා දීම සද්පුරුෂ කටයුත්තක්. සද්පුරුෂයා කියන්නේ හොඳ දෙයට යොමු කරන අය, නොදන්නා දහම් කරුණු පැහැදිලි කරල ජීවිතය අභිවෘද්ධිය කරා මෙලොව පරලොව ජය ගන්න මඟ කියන උදව් කරන අය. එහෙම අය බොහෝ අඩුයි.
මේ ලෝකයේ තිබෙන සඳුන් බොහෝම සීතලයි. සිසිලස ගෙන දෙනවා. ඔය සඳුන් වලට වඩා සීතල බොහෝම සිසිලසක් සඳ කිරණ විසින් ගෙනත් දෙනවා. මේ සඳ කිරණටත් වඩා, සඳුන් සිසිලසටත් වඩා සීතලයි සද්පුරුෂයාගේ සිසිල් බව. සද්පුරුෂයාගේ ඇසුර සඳ කිරණටත් වඩා, සඳුන් සිසිලසටත් වඩා ජීවිතය සිසිල් කරන්නට මාර්ගය හෙළිපෙහෙළි කරන කාරණයක් බව කියවෙනවා. ඒ නිසා ඔබ හිතන්න මේ ජීවිතය බොහෝම දුක්ඛ සහගතයි. අසීසක සූත්‍රයේදී අසීසක පේ‍්‍රතයා හිසක් නැති ඇස්, කන්, කට නාසය පපුවේ පිහිටා තිබෙන අහසේ පා වෙන, ගිජුලිහිනියන්ගෙන්, උකුස්සන්ගෙන් විඩාවට පත්වෙන යටිගිරියෙන් කෑ ගසන ඒ අරුම පුදුම සත්ත්වයා ගැන සිතන්න. මෙවැනි තත්ත්වයට අපේ ජීවිතත් වැටෙන්න පුළුවන්.
මේ සාංසාරික ලෝකයේ ගමන් කරද්දී අප අස්ථිරත්වයට පත්වෙනවා. මහා බලයක්, මහා ධනයක් සමඟ ජීවත් වෙද්දී තමන් දිනුවා කියා සිතන ධර්මයට පිටුපාන අය සිටිනවා. ධනය පස්සේ ගමන් කරනවා මිස ධර්මයට කිසිදු ඉඩක් නොදෙන අය සිටිනවා. කිසිම කෙනෙකුට කිසිම දෙයක් දෙන්නේ නැහැ. නමුත් ඒ අය දත යුතුයි මොනවා තිබුණත් මේ අපේ ජීවිතය, ගෙවල් දොරවල්, යාන වාහන සියල්ලම නැසෙන සුළුයි. අනිත්‍යයි. ටික ටික දිරනවා. ස්ථිරසාර නැහැ.
එනිසා මේ ලෝකයේ අප විඳින දුකක්. ඒ දුක දැන ගත්විට සුවපත් මාවත වන ධර්ම මාර්ගයේ ගමන් කරන්න අපේ සිත යොමු වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සියල්ල සිදුවන්නේ කර්මය අනුවද?

ශාස්ත්‍රපති - රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

කර්මය නම් යමක් කිරීමයි. කළ දෙයින් ලැබෙන ඵලය කර්ම විපාකය යි. ලෝකයා කර්මය වශයෙන් සලකන ගොවිකම, වෙළෙඳාම, වෙදකම ආදිය මෙහි කර්ම වශයෙන් නො සැළකේ. බුදුදහම කර්මය යනුවෙන් දක්වන්නේ සත්ත්වයා විසින් රැස් කරනු ලබන පින් හෝ පවය. හොඳ හෝ නරක සිතින් කරනු ලබන ක්‍රියාකාරකම් ය. ඒවාට මුල් වන්නේ චේතනාවන් ය. හැඟීමක් සිතිවිල්ලක් නැතිව කරන හෝ කෙරෙන ක්‍රියාවන්ගේ විපාකයක් නැත. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූල තුන මුල් වී සිතින්,කයින් හෝ වචනයෙන් සිදුකරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාකාරකම් කර්ම වශයෙන් දැක්වේ. ඒ අනුව කර්මයක් සැකැසීමේදී ලෝභ, ද්වේශ, මෝහය යන සිතිවිලි තුන ප්‍රධාන වන බවත් ඒ චේතනාව ම කර්ම වශයෙන් ද දක්වා ඇත.

පුද්ගලයෙක් නොමැති නම් කර්ම විපාක විඳින්නේ කවරෙක්ද?

පුද්ගලයෙක් නැතිනම් කර්ම විපාක විඳින්නේ කවරෙක්දැයි සාමාන්‍ය කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවිය හැකිය. පුද්ගලවාදයක් නැති තැන කර්මවාදයක් ද නැත. පරමාර්ථ වශයෙන් ගන්නා ධාතු ආයතන, ස්කන්ධ පව් කරනවා, පින් කරනවා යැයි පැවසීමෙන් තේරුමක් නැත. පුද්ගලවාදයෙන් තොරව කර්ම විපාක පිළිබඳව කරුණු පැහැදිලි කිරීම පහසු නැත. ඒනිසා කර්මවාදය තේරුම් ගැනීමේ දී සම්මුතියේ පිහිටා පුද්ගලයෙකු සිටිනවාය යන හැඟීම් පදනම් කරගෙන කටයුතු කළ යුතුය. බුදුරජාණන් වහන්සේගේ විවිධ දේශනාවලදී පුද්ගලයෙකු පින් පව් කරන බව හැඟෙන ප්‍රකාශ තිබෙන බව දක්නට ඇත.

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා - කයිරාථෙතං පුනප්පුනං 
තම්හි ඡන්දං කයිරාථ - සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

අයෙක් යම් පිනක් කරන්නේ නම් ඔහු විසින් ඒ පින නැවත නැවත කළ යුතුය. එසේ කිරීමට අවකාශ නැතිනම් අවම වශයෙන් ඒ කෙරෙහි වන ඇල්ම හෝ තබාගත යුතුය. එයට හේතුව පින් රැස් කිරීම සැපයට හේතුව වන නිසාවෙනි.
මේ ආදී විවිධ ප්‍රකාශයන් තුළින් බුදුරජාණන් වහන්සේ තරම් විපාක විග්‍රහ කර ඇත්තේ සම්මුතියෙහි පිහිටා පුද්ගලයෙකු සිටිනවාය යන හැඟීමෙන් බව අපට වටහා ගත හැකිය. සත්ත්වයා කර්මය ස්වකීය කොට ඇත්තේය. කර්මය දායාද කොට ඇත්තේය යන ප්‍රකාශ තුළ ද ඒ අදහස විද්‍යාමාන වේ.

සියල්ල සිදුවන්නේ පෙර කළ කර්මය අනුවද?

සබ්බං පුබ්බේකතහේතුවාදය හෙවත් සියල්ල පෙර කරන ලද කර්මවලට අනුව සිදුවෙනවාය යන අදහස බුදුදහම පිළි නොගනී. සෙම්ප්‍රතිශ්‍යාව, උණක් වැළඳුණත් එය ද පුර්ව කර්මයක විපාකයක් ලෙස සිතන සියල්ල කර්මයටම භාර කරන අයද සිටිති. කෙනෙක් මනුෂ්‍ය ලෝකයෙහි උපදින්නේ පෙර කරන ලද කර්මයක්, විපාකයක් නිසා බව සත්‍යයකි. එහෙත් ඒ තැනැත්තා ඉපදී ජීවත්වීමට නම් සිව්පසය සම්පාදනය කරගත යුතුය. මේ ලොව උපදින කිසිවෙකුට ආහාරපානාදිය නැතිව අතීත කර්මයෙන් ම ජීවිත් විය නොහැකිය. ආහාර පානාදිය සොයා ගැනීමේදී තමන්ගේ වෙහෙසීම, කැපවීම බෙහෙවින් අවශ්‍ය වේ. තමන්ගේ පැවැත්මට අවශ්‍ය සියල්ල අතීත කර්ම විපාක ලෙසින් ලැබෙනතුරු බලා සිටින්නෝ කුසීතයෝ ය. තම ශරීරයට ලෙඩක් රෝගයක් වැළඳුන විටත් එයද කර්මයට භාර කරන අය සිටිති. ගිරිමානන්ද සූත්‍රයට අනුව ලෙඩරෝග විවිධ හේතුන් නිසා වැළැඳේ. පිත්තසමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුඨානා ආබාධා, උතුපරිණාමජා ආබාධා ආදී වශයෙන් දක්වා ඇත්තේ එයයි. එහි කම්මවිපාකජා ආබාධා යනුවෙන් ද ලෙඩ වර්ගයක් දක්වා ඇත්තේ කලින් සඳහන් කළ කිසිඳු රෝගයකට හසු නොවන රෝග දක්වනු පිණිසයි. එසේ ම බුදුදහම නියාම ධර්ම පහක් දක්වා ඇත. බීජ නියාම, උතු නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම වශයෙන් දක්වා ඇත්තේ එයයි. ඒවායි එහි ද කර්මය එකක් පමණි. සියල්ල නොවේ. නමුත් මෙහි දී අප අවබෝධ කරගත යුත්තක් වන්නේ මේ නියාම ධර්මයන්ගෙන් කර්ම නියාමය අන් නියාම ධර්ම හමුවේ ප්‍රබලව නැඟෙන අවස්ථාව ඇති බවයි.

කර්මය විපාක දෙන හැටි

කර්මයක් කළ විගසම එය විපාක ලැබෙන්නේ නැත. එය පැසී මෝරා විපාකදීමට කාලයක් ගත වේ. කළා වූ පාප කර්මය ගව දෙනගේ තනය ඇල්ලූ විගස කිරි නික්මෙන්නාක් මෙන් එකණෙහි විපාක නොදේ. එම කර්මය ඔහු දවමින් අලුවලින් වැසුණු ගිනි අඟුරක් සේ ඔහු පසුපස්සේ ගමන් කෙරේ. කුඹුරක් වපුරන ලද මිනිසාට එහි අස්වැන්න ක්ෂණිකව ලබාගත නොහැකිය. ඒ සඳහා මාස ගණන් ගත වෙයි. එලෙසින් ම සෑම කර්මයක ම විපාක එසැණෙකින් නොලැබේ. එහෙත් ඇතැම් කර්ම විපාක කළ විගසින් ලැබී ඇති බවද අප අමතක කළ යුතු නොවේ. විංචාමානවිකාව පොළොව පළාගෙන ගියේද එවන් කර්ම විපාකයක් ලෙසින් බව වටහා ගත යුතුය. බොහෝ දෙනා හොඳ කර්මයක් කළ සැනෙකින් එහි විපාක එකෙණෙහි ම බලාපොරොත්තු වෙති. නරක කර්මයක් කළ විට විපාක නො පතති. නොසිතූ වෙලාවක නරක කර්මයක් විපාක දුන් විට තමන් කළ හොඳ කර්ම මතක් කොට අප කොපමණ හොඳ කලත් වැඩක් නැත. අපටමයි කරදර වන්නේ ආදී වශයෙන් සිතා දුකට පත්වන්නේ මේ කර්ම විපාකයෙහි වැටහීමක් නැති නිසාය.
කර්මය පින් සහ පව් වශයෙන් කොටස් දෙකකි. කාය කර්ම, වාග් කර්ම සහ මනෝ කර්ම වශයෙන් කොටස් තුනකි. නැවත කයින් කරන හොඳ කර්ම, වචනයෙන් කරන හොඳ කර්ම, සිතින් කරන හොඳ කර්ම වශයෙන් ද, කයින් කරන නරක කර්ම, වචනයෙන් කරන නරක කර්ම, සිතින් කරන නරක කර්ම වශයෙන් සය ආකාරයකට ද බෙදේ.

දශවිධ අකුසල කර්ම

කයින්, වචනයෙන් සහ සිතින් සිදුකරන නරක කර්ම හෙවත් පව් දශවිධ අකුසල කර්ම වශයෙන් ධර්මයෙහි දක්වා ඇත. එනම් ප්‍රාණඝාතය, හොරකම, කාමමිථ්‍යාචාරය, බොරුකීම, කේලාම්කීම, ඵරුෂවචන කීම, හිස් වචනකීම, විෂම ලෝභය, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ඨිය යි. මෙහිදී ප්‍රාණඝාතය පිළිබඳව මෙසේ ඔබ දැනුවත් කරමු.

ප්‍රාණඝාතය

සත්ත්වයෙකුගේ දිවි තොර කිරීම ප්‍රාණඝාතය නම් වේ. උපන් ලෝකයේ හැටියට සත්ත්වයෙකුට තම ජීවිතින්ද්‍රිය පවත්වන්නට නියමිත කාලය තිබියදී ජීවිතින්ද්‍රිය හෙවත් ජීවිතය පවත්වන්නට ඉඩ නොදී කිසියම් උපක්‍රමයකින් අතරතුර දී ජීවිතින්ද්‍රිය වනසා දැමීම ප්‍රාණඝාතය යි. ප්‍රාණඝාතයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුය.
1). පණ ඇති සතෙකු වීම,
2). සතාට පණ ඇති බව මරණ කෙනා දැන සිටීම,
3). මරණ චේතනාව,
4). මරනු පිණිස උපක්‍රම භාවිතා කිරීම,
5). එම උපක්‍රමය කරණ කොට ගෙන සතා මරණයට
පත්වීම.
කිසියම් පාප කර්මයක් සිදුවීමේ දී ඒ ක්‍රියාව හා යෙදෙන චේතනාවේ ප්‍රබලභාවය අනුව සැකැසෙන කර්ම විපාකය ද ප්‍රබලත්වයට පැමිණේ. උදාහරණයක් ලෙසින් මරණ චේතනාව ප්‍රබල වෙන තරමට එයින් ලැබෙන කර්ම විපාකය ද දරුණු විපාක සහිත එකක් වන්නේය. මරණ චේතනාව දුර්වල වෙත තරමට එයින් ලැබෙන කර්ම විපාකය ද දුර්වල විපාකය ද දුර්වල විපාක සහිත වූ එකක වන්නේ ය. මෙම චේතනාව ම අභිප්‍රාය වශයෙන් දැක්විය හැකිය.
ඇතැම් කෙනෙක් නිවැරැදි මඟට ගැනීමේ අදහසින් යම් පුද්ගලයෙක් වරදක් කරන විට තදින් දොස් කිව හැකිය. එසේ දොස් කියන විට ඒ තැනැත්තාගේ සිත තුළ ද්වේශය නම් වූ අකුසල මූලය ඇති වේ. ඒ ද්වේශය මුල් කර ගෙන කරනු ලබන වචීකර්ම නිසා ඵරුෂ වචන නම් වූ පාපකර්මය සිදු වූවත් එය ප්‍රබල පවක් නොවන්නේ ඒ බැණීම සිදුකරන තැනැත්තාගේ අභිප්‍රාය වූයේ සැබැවින් ම වරද කළ තැනැත්තාට බැණ ඔහු අපහසුතාවට පත්කිරීම නොව ඔහු වරදින් මුදවා ගැනීමයි. එහිදී ඒ තැනැත්තාට පවක් සිදු වුවත් එය ප්‍රබල පවක් නොවන්නේ දොස් කීමේ චේතනාව අභිප්‍රාය හොඳ වූ බැවිනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිදුකළොත් ආනන්තරිය පාපය ගෙන දේ කල්පයක් විපාකය

ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

මේ ජීවිතය මියගිය පසු ඒකාන්තයෙන් ම විපාක දෙන අකුසල කර්ම ආනන්තරීය කර්ම වශයෙන් හැඳින්වේ. ආනන්තරීය යන නම මෙහිදී යොදා ඇත්තේ කර්මයේ ස්වභාවය සලකාගෙන නොව කර්ම විපාකයේ ස්වභාවය සලකා ගෙනය. ආනන්තරීය කර්මයේ විශේෂය වන්නේ එයට ම ආවේණික වූ කර්ම විපාකයක් ඒකාන්ත වශයෙන් ම ලැබීමයි. එය ධර්ම නියාමතාවයකි.
ඒ අනුව යමෙක් මේ භවයෙහි දී ආනන්තරීය කර්මයක් සිදුකළේ නම් ඒ තැනැත්තාගේ ඊළඟ භවය ඒකාන්තයෙන් ම දුගතියකි. එම කර්ම විපාකය ඒකාන්තයෙන් ම ඊළඟ භවයේ දී විපාක දේ. කර්මය සිදුකළ භවයේදී මාර්ග ඵලාවබෝධයට පත්විය නොහැකිය. එසේ ම මාර්ග අවබෝධයට පත් කිසිවෙකුත් කිසිදා ආනන්තරීය පාපකර්ම සිදු කරන්නේ ද නැත. ආනන්තරීය පාප කර්ම පහකි. 1). තම මව මැරිම, 2). තම පියා මැරීම, 3). රහත් උතුමෙකු මැරීම, 4). බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) . සංඝ භේදය සිදුකිරීම

කර්ම විපාක වශයෙන් බලන කල ආනන්තරීය පාප කර්ම නියත මිථ්‍යාදෘෂ්ටික වූවෙක් තම මරණයට පෙර ඒ දෘෂ්ඨිය අත හැරියේ නම්, ඔහුට මාර්ගඵලාවබෝධයට එම අතීත මිථ්‍යාදෘෂ්ටික භාවය බාධාවක් වන්නේ නැත. එහෙත් ආනන්තරීය පාප කර්මය කළවුන් හට කවර ක්‍රමයකින්වත් එම කර්මය සිදු කළ ආත්ම භවයෙහිදී මාර්ගඵලාවබෝධය සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. එසේ ම මරණින් මතු අපායගාමි වීමෙන් වැළැකිය හැක්කේ ද නැත. නියත මිථ්‍යාදෘෂ්ටිකයා මරණයට පළමු සිය මිථ්‍යාදෘෂ්ටිය අත්හළහොත්, ඉන්පසු කුසලයෙහි යෙදුණොත් මඟඵල අවබෝධ කර ගත හැකි සේම මරණින් පසු සුගතියෙහි ද ඉපදීමට අවස්ථාව ඇත. නමුත් ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම එම කර්ම විපාකවලට මුහුණ දිය යුතු වේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය.
යමෙක් ආනන්තරීය පාප කර්මවල විපාක වළකන අදහසින් මේ විශ්වයේ පවතින සෑම සක්වලක ම මහා සෑයවන් ස්වර්ණ ස්තූප කරවූවත්, සක්වල පුරා වැඩ සිටින මහා සංඝරත්නය එක්තැන් කොට මහා දානයක් පිදුවත්, එසේ ම බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොනක් අල්වාගෙන මැරෙන තුරාවට මෙය නම් අත් නො හරිමියි කියා බුදුරජාණන් වහන්සේ පිටුපසින් ගමන් කළත්, මරණින් මතු නිරයේ ඉපදීම ඒකාන්ත බව අටුවාවෙහි සඳහන්.

ආනන්තරිය පාප කර්මය සිදුවන - සිදු නොවන ආකාරය

ආනන්තරීය පාප කර්ම සිදුකළ හැක්කේ මනුෂ්‍ය ලෝකයෙහි සිටිනා මිනිසුන්ට ය. අයෙක් තම මිනිස් මව, පියා හෝ රහතන් වහන්සේ නමක් ඝාතනය කළේ ද, ඒ තැනැත්තාට ආනන්තරීය පාප කර්මය සිදු වේ. මෙහිදී අපගේ අවධානයට ගතයුතු දෙයක් ඇත. මාතෘ ඝාතක, පිතෘ ඝාතක, හෝ අරහන්ත ඝාතකයි. ආනන්තරීය පාප කර්මයේදී මරණයට පත්වෙන තැනැත්තා ගැන දැනුවත්වීමක් අවශ්‍ය වන්නේ නැත. මරණ චේතනාව තිබේනම්, මරන්නේ කිසියම් හෝ ප්‍රාණියෙකු බව දනීනම්, ඒ දැනුවත්කමින් යුතුව ඝාතනය සිදුකරයි නම්, එහිදී ආනන්තරීය පාප කර්මය සිදුවේ. ඇතැම් කර්ම විපාක සත්ත්වයාගේ ගුණ මහාත්වය අනුවත්, ඇතැම් කර්ම විපාක චේතනා මහාත්වය අනුවත් තීරණය වේ. මෙහිදී මරණ චේතනාව සුළු වශයෙන් හෝ තිබිය යුතු අතර, මවට, පියාට මහරහතන් වහන්සේට ආවේණික වු ගුණ තිබෙන නිසා ඒ ගුණය අනුව කර්ම විපාකය තිරණය වේ. කර්මයකින් විපාක සැකැසෙන්නට කර්මයට ගොදුරු වන තැනැත්තාගේ ස්වභාවය අත්‍යාවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස නිරෝධ සමාපත්තියෙන් නැඟිසිටි මහරහතන් වහන්සේම පූජා කරන දානය දිට්ඨධම්මවේදනීය කර්මයක් ලෙසින් ඒ භවයේදීම සුව විපාක උදාරක දෙයි. එය ආවේණික විපාකයකි. ධර්මතාවයකි. දානය පිරිනමන පුද්ගලයා තමන් දානය පුදන්නේ රහතන් වහන්සේ නමකට ය යන දැනුවත්කම ඇතත්, නැතත් ඒ දානයට අනුරූපී කර්ම විපාකය සැකැසේ. එලෙසින් තමන් වෙතින් මිය යන්නේ තම මවද, පියාද, මහරහතන් වහන්සේ නමක්ද යන්න දැන සිටියත්, නොසිටියත්, ඒ පණ ඇති සත්ත්වයෙක් බව දන්නේ නම්, සත්ත්ව ඝාතන චේතනාව පවතින්නේ නම්, එහිදී ආනන්තරීය පාප කර්මය සිදුවේ. ධර්මතාව එයයි. තවද තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය හා අනෙක් සුගතීන්හි ඉපිද සිටින සත්ත්වයන්ට ආනන්තරීය පාප කර්ම සිදුකළ නොහැකියි. තිරිසන් සතෙක් තම මව හෝ පියා මරණයට පත් කළාට ආනන්තරීය පාප කර්මයක් සිදු නොවේ. මහාසාවද්‍ය පාප කර්මයක් පමණක් සිදුවේ. තමන්ගේ මව හෝ පියා බව නොදැන සිදුකරනු ලබන මනුෂ්‍ය ඝාතනයෙන් ද ආනන්තරීය පාප කර්මය සිදුනොවේ.

කරුණාව වේශයෙන් - ඝාතන චේතනාව

ඇතැම් අය අනුන් කෙරෙහි කරුණා සිත් උපදවා ගෙන ඔවුන් දුකින් මුදවාලීමේ අදහසින් පරපණ නසන්නට පෙළඹෙති. විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වී වසර ගණනාවක් ඇඳ මත හොවිමින් සිටින අය දෙස බලා “අනේ මේ තැනැත්තා මේ දුකින් මිදෙනවානම් හොඳය” යැයි සිතා එම තැනැත්තාගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජීවිතය තොර කිරීමට පෙළඹෙති. එයද ප්‍රාණ ඝාතයකි. එසේ ජීවිතය අහිමි වන්නේ කිසියම් මවකට නම් පියෙකුට නම්, ඔවුන්ගේ ජීවිතය අහිමි කිරීමට මුල් වූ දරුවන්ට එහිදී ආනන්තරීය පාප කර්මය සිදුවේ. කෙතරම් දුක් වින්ඳත් මේ ලොව සිටින සියලු සත්ත්වයෝ ජීවත්වීමට කැමැතිය. මරණයට අකැමැති ය. කරුණාවේ වේශයෙන් ක්‍රියාත්මක වෙන ද්වේශය නිසාද මරණය නම් අකුසලය සිදුකළ හැකිය. දුක් විඳින සත්ත්වයන් දුකින් මුදවාලීම කරුණාව වුවත්, ඒ සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයෙන් කෙනෙකුගේ ජීවිතය විනාශ වේ නම්, එය පාප කර්මයකි. මෙවන් අවස්ථාවලදී බොහෝ විට සිදුවන්නේ ලෙඩ දුක්වලට ගොදුරු වී සිටින පුද්ගලයා දෙස බලා සිටීමට ඇති අකැමැත්ත, අපහසුව නිසා ඔහු හෝ ඇය මරණයට පත්කිරීමයි.
විවිධ රෝගාබාධවලට ගොදුරු වී මාස ගණන් රෝහල් ගත ව සිහි විසඥව සිටින, යන්ත්‍රෝපකරණ ආධාරයෙන් පණ නළ රැඳී තිබෙන, මැරුණා යැයි සහතික නොකළ, ඇතැම් මාපියන් එම යන්ත්‍රයෙන් ඉවත් කිරීමෙන් මරණයට පත්වේ. තදබල ද්වේශ චේතනාවක් නැතිවුවද, ඒ ක්‍රියාව නිසා තම මව හෝ පියා මරණයට පත්වෙන බව දැනීමක් එම දරුවන්ට ඇත. එය දැනුවත් ම එම ක්‍රියාව සිදු කිරීමන් එම දරුවන් ආනන්තරීය පාප කර්මයට හසුවේ. තම දරුවන් එම කර්මයෙන් මුදවාලීමට නම්, දෙමාපියන් කල් ඇතිව ම තමන් එවන් තදබල රෝගී අවස්ථාවකට පත්වුවහොත් එවන් යන්ත්‍රවලට නොදමන ලෙස දන්වා තැබිය යුතුය. එසේ නොමැති මාපියන්ගේ ජීවිත ගැන වෛද්‍යවරුන්ට තීරණය කරන්නට ඉඩ දී සිටීමෙන් දරුවන්ට එම කර්මයෙන් වැළැකිය හැකිය.

ලෝහිතුප්පාදක පාප කර්මය

බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙළවීම “ලෝහිතූප්පාදක” නම් ආනන්තරීය පාප කර්මය ලෙස දක්වා ඇත. බුදුරජාණන් වහන්සේගේ ශරීරය කිසිවෙකුට හෝ කැඩිය, බිඳිය නොහැකිය. අභේද්‍ය එකකි. තද පහරක් ගැසුවද බුදු සිරුර තුවාල නොවේ. ලේ කැටි ගැසීමක් පමණක් සිදුවේ. දේවදත්ත හිමියන් උන්වහන්සේට ගිජ්ඣකූට පර්වතයේදී පෙරළෙන ලෙස ගලින් ගැලවී ගිය ගල් පතුර වැදීමෙන් ද සිදුවූයේ බුදු සිරි පා තුළ ලේ කැටි ගැසීමක් පමණි. ඒ බුද්ධානුභාවය යි. අටුවා ඉගැන්වීමට අනුව යමෙක් චෛත්‍ය බිඳී නම්, බෝධින් වහන්සේ කපා දමයි නම්, බුද්ධ මන්දිර ධාතු මන්දිර, බුදුපිළිම විනාශ කරයි නම්, ඔහුද ආනන්තරීය පාප කර්මයකට හා සමාන මහාසාවද්‍ය පාප කර්මයක් සිදු කර ගන්නෙක් වෙයි.

සංඝභේද පාප කර්මය

සංඝ භේද කර්මය ආනන්තරීය පාප කර්මවලින් වඩාත් බලවත් කර්මයක් ලෙසින් දක්වා ඇත. එය කල්පස්ථායී අකුසල කර්මයක් ලෙස දක්වා තිබේ. සංඝ භේද පාප කර්මය ගිහියන්ට අදාළ නොවේ. උපසම්පදා භික්ෂුූන්ට පමණි. එය සාමාන්‍ය භික්ෂූන් වහන්සේ දෙනමක් අතර ඇති වන අමනාපයක් නොව වෙන් ව විනය කර්ම සිදු කරන්නට යාම තරම් ප්‍රබල භේදක් විය යුතුය. උපසම්පදා ස්වාමින් වහන්සේ අවම වශයෙන් නව දෙනෙක් සිටින තැනක ඇති කරනු ලබන භේදය මෙහිදී සංඝ භේදයක් ලෙස දක්වා ඇත.
ආනන්තරීය පාප කර්ම පහෙන් සංඝ භේදය වාග් කර්මයකි. අනෙක් කර්ම හතරම කාය කර්මයෝ ය. නමුත් වාග් කර්මය අණකිරීම් හා ප්‍රයෝග යෙදීම වශයෙන් භාවිත වේ. ආනන්තරීය පාප කර්මයක් බවට පත් වන්නේ කාය කර්මය සිදු වූ පසුවයි. කයින් සිදු කරනු ලබන ආනන්තරීය පාප කර්ම කල්පස්ථායී කර්මයෝ නොවෙති.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිත විසිතුරුය විසකුරුය

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති 
කථිකාචාර්ය, 
දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

මේ ප්‍රභාශ්වර සිත උඩ සිටින දෙවියකු නොවේ අපිරිසුදු කරන්නේ. පරිසරයේ තිබෙන ගහකොළ, ඇළදොළ ගංගා නොවෙයි අපිරිසුදු කරන්නේ. එය තම තමන් විසින්ම කර ගන්නා දෙයක්. අපේ සිත තුළ තිබෙන ගිජුකම මත සිතට එල්ල වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නිසා සිත අපිරිසුදු වෙනවා. ඒවාට යට නොවී මේ සිත ආරක්ෂා කර ගත්විට සිතේ දියුණුවක් ඇතිවෙනවා.
ස්වාමින් වහන්ස, අප කරන,කියන, සිතන සියලුම දේටම බලපාන්නේ අපේ සිතයි. සිත හදාගන්න පුළුවන්නම් අප කරන කියන දේත් යහපත් වෙනවා. ඉක්මණින් කිලුටුවන, දූෂිතවන මේ සිත ආරක්ෂාකරගත යුත්තේ කෙසේද?
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තමන්ට පුළුවන් නම් තමන්ටම පහනක්, ආලෝකයක් වෙන්න එය ඉතා වැදගත් බව. මේ සිත ප්‍රභාශ්වර සිතක් ලෙස ආලෝකයක් සොයායන ගමනකට එකතුකර ගන්න හැකියාව ඇත්නම්, එතැනමයි ශාන්තිය තිබෙන්නේ. අපේ ජීවිතය, අපේ සිත නිවැරැදි මාර්ගයට ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාමත් වැදගත් වෙනවා. නිවැරැදි මාර්ගයට ගත් සිත අපටම පිළිසරණ වෙනවා. වෙනත් බාහිර පිළිසරණක් ඇත්තේම නැහැ. මේ සිත හදාගන්න අප අපටම දූපතක්ම වෙන්න, අප අපටම පහනක් වෙන්න, අපට අවශ්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගයේ ගමන් කිරීම යි.

ධර්මයේ සඳහන් වෙනවා චිත්ත කියා වචනයක්. චිත්ත කියන්නේ සිත විසිතුරු නිසයි. අපේ සිත ප්‍රභාශ්වරයි. විසිතුරුයි. විසිතුරු සිත විසකූරු සිතක් ලෙස පත්වන්නට වැඩි වෙලාවක් යන්නේ නැහැ. විසිතුරු සිත විසකූරු සිතක් ලෙසට පත්වුණොත් එතැන ජීවිත ගිනි ගන්නා ස්වභාවයට පත්වෙනවා. මේ විසිතුරු සිත විසකූරු බවට පත්වන්න ප්‍රධාන කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ
1). අවිද්‍යාව,
2). ව්‍යාපාදය
3). මිත්‍යාදෘෂ්ඨිය.
අවිද්‍යාව කියන්නේ දැඩි ආශාවයි. මේ සිතෙහි නො සන්සිඳුනු ආශාවක් තිබෙනවා නම් සිත කිළුටු වෙනවා. අස්ථිර ලෝකයේ බොහෝ පැතුමන් වලින් සිත පුරවාගෙන ඉන්නවා නම්, ඔහුට සැනසීමක් නැහැ. ගැටුම්, ප්‍රශ්න, කරදරමයි ඇතිවෙන්නේ. ව්‍යාපාදය නම් – අනුන් වැනසීමට, නැසීමට, පෙළන්නටමයි, සිත දුවන්නේ. එවැනි සිතක් තිබෙන පුද්ගලයාට සැනසීමක් නැහැ. ජීවිතයේ සතුටක් නැහැ. විඳවීම පමණයි තිබෙන්නේ. ඒ නිසා ව්‍යාපාදය භයානකයි. මිත්‍යාදෘෂ්ඨිය නම්- වැරැදි දැකීම සහ වැරැදි අවබෝධය මෙයට අයත්. වැරැදි අවබෝධය නිසා ධර්මය අධර්මය කර ගන්නවා. අධර්මය ධර්මය ලෙස පටලවා ගන්නවා. සාර දේ අසාර ලෙසත්, අසාර දේ සාර ලෙසත් දකිනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා ප්‍රභාශ්වර සිත, විසිතුරු සිත, ආලෝකමත්, පින්වන්ත සිත ආරක්ෂා කර ගන්න කියා. අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යාදෘෂ්ඨිය වගේ භයානක පාපී අකුසල සිත අපේ සිතින් ටිකෙන් ටික හඳුනාගෙන මේ සිත ප්‍රභාශ්වර ලෙස තබා ගැනීමට නම්, ධර්ම මාර්ගයට සමීප විය යුතුමයි.
මේ ප්‍රභාශ්වර සිත උඩ සිටින දෙවියකු නොවේ අපිරිසුදු කරන්නේ. පරිසරයේ තිබෙන ගහකොළ, ඇළදොළ ගංගා නොවෙයි අපිරිසුදු කරන්නේ. එය තම තමන් විසින්ම කර ගන්නා දෙයක්. අපේ සිත තුළ තිබෙන ගිජුකම මත සිතට එල්ල වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නිසා සිත අපිරිසුදු වෙනවා. ඒවාට යට නොවී මේ සිත ආරක්ෂා කර ගත්විට සිතේ දියුණුවක් ඇතිවෙනවා. නිවෙන, සැනසෙන පුද්ගලයෙකු විය හැක්කේ එවිටයි.
එදිනෙදා ජීවිතයේදී අප කවුරුත් කේනිති ගන්නවා. විටක එය යටපත් වෙනවා. යටපත් නොකර ගන්නා කේන්තිය තුළින් විශාල විනාශයක් වුවද සිදුවිය හැකියි. මේ කේන්තිය යටපත් කර ගත හැක්කේ, පාලනය කර ගත හැක්කේ කෙසේද?
බුදුරජරාණන් වහන්සේ අපට නිතර කියන්නේ සිත පාලනය කර ගන්නා ලෙසයි. සිත අවනත කර ගන්නා ලෙසයි. සිත හදා ගන්නා ලෙසයි. කෝපයට වෛරයට, පටිඝයට, දුවන සිත පාලනය කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ සඳහාමයි අප මෙසේ ධර්මය සාකච්ඡා කරන්නේ, භාවනා කරන්නේ, දන් දෙන්නේ, සිල් සමාදන් වෙන්නේ. මේ හැම දෙයක් තුළම සිත හදන වැඩපිළිවෙලකුයි තිබෙන්නේ. සිත දමනය කිරීම තුළින් පමණයි අපට සැපය උරුම කරගත හැක්කේ.

අපගේ සිතට යම් කේන්තියක් ආ විට එය යටපත් කරන එක හොඳයි. නමුත් ඊට වඩා නිවැරැදි වන්නේ ඒ කේන්තිය එතැනින් ඉවත් කර අමතක කර දැමීමයි. ඔබ දන්නවා රබර් බෝලයක් වතුර යට යම් බරක් තබා රැදෙව්වාට ඒ බර ටිකක් හෝ එහාට මෙහාට වුණොත් ඒ රබර් බෝලය නැවත උඩට එනවා. ඒ වගේ යම් කේන්තියක් සිතට ආවිට එය යට කරනවා. නමුත් ඒ කේන්තිය නැවත ඒ ක්ෂණයෙන්ම මතුවෙන්න පුළුවන්. එය භයානකයි.
අංගුත්තර නිකයේ දේශනාවක මෙසේ සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ යම් ස්ථානයක වැඩ සිටින විට එතැනින් විසකූරු සර්පයෙක් ගමන් කළා. එදා දේශනාවට මේ සර්පයා උපමා වුණා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, මෙතැනින් ගිය සර්පයා දුටුවාද? එහෙමයි ස්වාමිනි, මහණෙනි, ඔය විසකූරු සර්පයන් කොටස් හතරකට බෙදන්න පුළුවන්.
1) දෂ්ඨ කළ විට යම් විෂක් දැනෙනවා. ඊට පසු ඒ විෂ දැනෙන්නේම නැහැ.
2) දෂ්ඨ කළ ගමන් ඒ විෂ දැනෙන්නේ නැහැ. නමුත් ටික වෙලාවක් ගියපසු විෂ දැනෙන්න පටන් ගන්නවා.
3) දෂ්ඨ කරන විටත්, ඉන් පසුවත් එකසේම විෂයි.
4) දෂ්ඨ කළවිටත් විෂ නැහැ. පසුවත් විෂ නැහැ.
තථාගතයන් වහන්සේ වදාළා මේ මිනිසුන්ගේ සිත මේ ආකාරයට ක්‍රම හතරකට බෙදෙනවා. පළමු පුද්ගලයාගේ සිතට යම් තරහක් ආ විට ඒ තරහ සිතිවිල්ල හඳුනාගෙන එය යටපත් කරනවා. පසුව එය අමතක කර දමනවා. දෙවැන්නා යම් කරුණකට තරහ ගන්නවා. ඒත් මුහුණට කියනවා ආ, කමක් නැහැ ඒක අමතක කරන්න කියා. නමුත් සිත යට ඒ තරහ සිතිවිල්ල තබා ගෙන අවශ්‍ය අවස්ථාව ආ විට පළිගන්න පසුබට වෙන්නේ නැහැ. ඔහු භයානකයි. තුන්වැන්නා දෂ්ඨ කළවිටත්, ඉන්පසුත් ඉතා විෂයි. ඒක මේ වගේ. සමහර අය තරහ ගිය මොහොතෙත් වෛරයෙන් කටයුතු කරනවා. ඉන් පසුවත් ඒ වෛර පෝෂණය කරමින් කටයුතු කරනවා. හතර වැනි සර්පයා දෂ්ඨ කරන විට විෂ නැහැ. දෂ්ඨකළ පසුවත් විස නැහැ. ඒ වගේ අපේ සිතට ගැටීමක් ආ විට ඒ මොහොතේම කේන්ති ගන්නේ නැත්නම්, පසුවත් කේන්ති ගන්නේ නැත්නම් ඒ සිත තමයි දියුණුව කරා යන්නේ. ඔහුයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කළා වෙන්නේ.
ඒ නිසා ඔබ උත්සාහ කළ යුත්තේ දෂ්ඨ කළවිටත්, ඉන් පසුවත් විෂ ගෙන දෙන දේ නොවේ. නැත්නම් ඒ මොහොතේ විෂ නැතිව පසුවට විෂ පැතිරෙන දේත් නොවේ. ඔබ උත්සාහ කළ යුත්තේ දෂ්ඨ කළ මොහොතේත් ඉන් පසුවත් විෂ නොමැති වාගේ ඒ මොහොතේත් වෛර නොබඳින, පසුවත් වෛර නොබඳින කෙනෙකුª වන්නට උත්සාහ කිරීමයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීම, කියවීම වගේම භාවනා තුළින් සිත යහපත් කර ගන්නට පුළුවන්නම් එය ජීවිතය යහපත් කිරීමට උපකාර වෙනවා.
ඒ නිසා මේ සිත තේරුම් ගෙන සාංසාරික ක්‍රෝධය, වෛරය, පළිගැනීම් දුරු කොට සිත රැකගත් විට සිත වර්තමානයේ ජීවත් කිරීම විශාල පහසුවක් වෙනවා. ඒ වගේම අනාගතයේදීත් දියුණුව කරා ගෙනයාමට පහසුවක් වෙනවා. ඒ සඳහා උත්සාහ කරන්න ඔබට ශක්තිය, ධෛර්ය ලැබේවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අමනුස්සකම හදවත ඇතුළත තියාගෙන කවදා නිවන් දකින්නද?

කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 

ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ජීවිතය යනු දේපල එක්කාසු කිරීම නොවෙයි. අපට වඩා මිනිසුන් දේපල එකතුකළා. එකතු කරපු දේපල සියල්ලම අපටම දීලා ගියා. අප කරන්නේත් ඒ ටිකම තමයි. වර්තමානය කියන්නේ අතීතයේ පොටෝකොපියක්. ගෙනයන කිසිවක් නැති වුණත් එකතු කරන එක අඩුනොකරන අප හරිහමිබ කළාට වරදක් නැහැ.ඒත් මනුස්සකම නැතිකරගෙන අමනුස්සයන් වීමට තරම් එම දේ සාධක වුණේ කොහොමද?
මිනිසුන්ට ජීවිතය නැතිවෙන්න තරමි හේතුවක් නැහැ. ශරීරයත් සමඟ බැදුන සල්ලි , පැවතුන ශරීරයත් සමඟ බැඳුන ගෙවල් දොරවල්, යාන වාහන, ශරීරයත් සමඟ බැඳුන මේ මහා පොලොවේ වැලි කැට, වැලිකැට උඩ ගහපුු ඉණි සමඟ, අසීමිත සුවඳක් සමඟ මනුස්සකම කුඩා කරගන්න මිනිසුන්ට පුළුවන් වුණාද? හරිහමිබ කරපු දේවල් දුක් මහන්සියෙන් අරගෙන යනවාද? එකම අයෙක්වත් හදාපු ගෙදරක ගඩොලක් රැගෙන යනවාද? ඒ එකක්වත් බැරි වුණාට පුපුරන ලෝභකම , කුණු වුන අමනුස්සකම හදවත ඇතුළත තියාගෙන කවදා නිවන් දකින්නද?
මැරෙන කොටත් අරගෙන යන වෛරය , මැරෙන කොටත් අරගෙන යන ද්වේශය , මැරෙන කොටත් අරගෙන යන්න සිතාගෙන සිටින තරහව ජාති ජාතිත් වෛර කරනවා කියා සිතාගෙන සිටින පවිකාර සිතිවිල්ල අරගෙන කොහේ යන්නද? කබරයෙකුවෙලා ගැරඩියකුවෙලා කොරවක්කකුවෙලා කපුටකුවෙලා පැන පැන යන ගෙමිබකුවෙලා ගෙවන්න බැහැ. ජීවිතය සුන්දරයි. ජීවිතය හරිම මනස්කාන්තයි. ජීවිතය හදඅදනා සුළුයි ජීවිතය මනබඳනා සුළුයි. එම ජීවිතයට නිදහසේ පියාසලන්න ඉඩදෙන්න.
ජීවිතය යනු දේපල එක්කාසු කිරීම නොවෙයි. අපට වඩා මිනිසුන් දේපල එකතුකළා. එකතු කරපු දේපල සියල්ලම අපටම දීලා ගියා. අප කරන්නේත් ඒ ටිකම තමයි. වර්තමානය කියන්නේ අතීතයේ පොටෝකොපියක්. ගෙනයන කිසිවක් නැති වුණත් එකතු කරන එක අඩුනොකරන අප හරිහමිබ කළාට වරදක් නැහැ.ඒත් මනුස්සකම නැතිකරගෙන අමුනුස්සයන් වීමට තරම් එම දේ සාධක වුණේ කොහොමද? අප බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයන්. රම්‍ය, සුරම්‍ය, සුභ අතහැරපු මහා මාලිගාව අතහැරපු මන්දිර අතහැරපු සිංහාසනය කිරීටය අසිපත අතහැරපු පාවහන් මිරිවැඩිසඟල , අතහැරපු ඔටුන්න අතහැරපු බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයන් වූ අප බුද්ධං සරණං ගච්ඡාමි කියමින් සිය වතාවක් කිවුවත් බුදුන් සරණ යා හැකිද? දශමස්ථානයකින් වත් බුදුහාමුදුරුවන්ගේ කීමක් පිළිපදින්නේ නැති අප මනුස්සකම ඉතිරි කරගන්නේ නැතිව සල්ලිකාරකම ඉතිරිකරගන්න එකේ වටිනාකම , මනුස්සකම ඉතිරි කරගන්නේ නැතිව ලොකුකම ඉතිරි කරගන්න එකේ වටිනාකම කුමක්ද? මේවා දැන දැන අමනුස්සයන් වගේ ජීවත් වීමට උත්සාහ කරනවා. සත්තු වගේ ජීවිතය ගෙවන්න උත්සාහ කරනවා.
‍ෙමි පියකරු රටක් විකසිත රටක්,සුන්දර රටක්, මහා මනස්කාන්ත සමාජයක්, මැරෙන තුරුම සිනාමුසු මුහුණින් ජීවත් විය හැකි දේශයක් , ආදරණිය අමිමාගේ අමිමාකම , ආදරණීය තාත්තාගේ තාත්තාකම බුදුහාමුදුරුවෝ දේශනා කළේ වචන තුනක් වූ පුත්තා වත්ථු මනුස්සානං යනුවෙන් දරුවන් අපට තිබෙන ලොකුම වස්තුව ලෙස .උන්වහන්සේ දේශනා කළ සන්තුටිඨි පරමං ධනං යන සතුට පරම ධනය . අප හමිබ කරනු ලබන්නේ ධනය නොවෙයි. සල්ලිවලට වඩා ධනය වෙනස්. ධනයට වඩා සල්ලි වෙනස් . සල්ලිවලින් මිළදී ගන්න හැකි වුණාට ධනයෙන් මිළදී ගන්න බැහැ. හරියට නිදන ඇඳ වගේ. ඇඳ පනස් දහසක් වුණාට නින්ද සල්ලි වලට ගන්න බැහැ. පොත් සල්ලිවලට ගන්න පුළුවන් වුණාට දැනුම සල්ලිවලට ගන්න බැහැ. ෙමිකප් සල්ලිවලට දාන්න පුළුවන් වුණාට හිනාව සල්ලිවලට ගන්න බැහැ. බේත් සල්ලිවලට ගත්තාට නිරෝගිකම සල්ලිවලට ගන්න බැහැ. ඇඳුමි සල්ලිවලට ගන්න පුළුවන් වුණාට ලජ්ජාව සල්ලිවලට ගන්න බැහැ. ගැහැනු මිනිස්සු සල්ලිවලට ගන්න පුළුවන් වුණාට ආදරය සල්ලිවලට ගන්න බැහැ. සල්ලිවලට ගන්න බැරි හැම දෙයක්ම ධනයෙන් ලබාගත හැකියි. එම නිසයි බුදුපියාණන් වහන්සේ සන්තුටිඨි පරමං ධනං යනුවෙන් සතුට පරම ධනය ෙවි යනුවෙන් දේශනා කරනු ලැබුෙවි.
house කියන්නේ ගෙදර home කියෙන්නේ නිවසයි. මෙය එකකට එකක් වෙනස් වූ දෙකක්. house හදන්නේ ගල් වැලි සිමෙන්ති යකඩවලින් . home හදන්නේ ආදරයෙන් ලෙන්ගතුකමෙන් දයාවෙන් ස්නේහයෙන් .තීන්ත ගාන්නේ සිවිලින් ගසන්නේ තිරෙරිදි දමන්නේ ලබන්නේ ගෙයක් මිස නිවස නොවෙයි. නිවස ලස්සන කරන්නේ ආදරයෙන්. කරුණාවෙන් පොඩිදුවගේ සිනා වැලයි. පොඩි පුතුගේ කතා පෙළයි. ප්‍රිය බිරිඳගේ සෙනේ විලයි. එතන නිවහනයි එය ගනු ලබන්නේ ධනයෙන් මිස සල්ලිවලින් නොවෙයි.මේ ස්නේහේවන්ත දයාබර හෝම් එක හවුස් එකක් නොවෙයි. හෝම් කියන වචනය පාවිචිචි කරන්නේ සන්තෝෂය තිබෙන තැනටයි. එම නිසයි වෙඩින් දවසට පසුවදා ඇටි හෝම් වෙන්නේ.ඇටි හවුස් නොවේයි. එම නිසයි හවුස් කමින් වන්නේ නැතිව හෝමි කමිං වන්නේ. සිනාව රැඳෙන තැන හෝමි එකක්. ඔබට තිබෙන්නේ හෝමි එකක්ද? හවුස් එකක්ද? සත්‍ය වශයෙන්ම ඔබට තිබෙන්නේ ගෙදරක්ද? නිවසක්ද? නිවස ගෙට වඩා වෙනස් බව සිතන්න. සල්ලිවලට වඩා ධනය වෙනස් බව සිතන්න .
ශරීරයට වඩා ජීවිතය වෙනස් බව සිතන්න. මේ තුළින් ජීවිතය තිබෙනවාද? එසේ නැත්නම් තිබෙන්නේ ශරීරයයි සල්ලි ගෙයයි,පමණද? යන ප්‍රශ්නයට පිළිතුර ඔබ විසින් සමිපාදනය කර ගත යුතුයි. ජාතියට මඟ කියන්න අවශ්‍ය වෙලාවක වැරදුන තැන් කියන්න අවශ්‍යයයි. එය පිළිපැදීම ඔබගේ කාර්යයක්. අපට වුණේ මොකද? කියලා සොයලා බලන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X