සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

සසරේ ඉපදීමෙන් ඇතිවන දුක

පිටිගල 
ගුණරතන හිමි
නවම් පුර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි
අප ලෙඩ වුණාම බෙහෙත් හේත් තිබනවා. නිවාඩුවක් අරගෙන විවේක ගන්නවා. තව කෙනෙකුගේ උදවු උපකාර ගන්නවා. කෝ තිරිසන් සතුන්ට එහෙම පහසුකමක්. එබඳු ආත්මභාවවල ඉපදිලා කෙතරම් අමිහිරි දුකක්ද ඒ සතුන් විඳින්නේ. ඒ සතුන්ට පමණක් නොව සසරේ ඉන්න වුණොත් ප්‍රමාද වුණොත් ඊළඟ ආත්ම භවය මමත්, එබඳු තැනක ඉපදිලා මේ දුක මගේ අත්දැකීම වෙන්න පුළුවන්. පේ‍්‍රතයෙක් වුණොත් සති, මාස, අවුරුදු ගණන් ගෙවී ගියා. සෙම්, සොටු, ප්‍රමාණවත් ආහාරයක් නැතුව බඩගින්නෙන්, පිපාසයෙන් දැවෙන පේ‍්‍රත ආත්මයන් තිබෙනවා.
මාස ගණනකට, අවුරුදු ගණනකට පස්සේ සෙම්, සෙටු, ටිකක් ලැබුණා. අතට ගන්නවිට කර්මයේ විපාක ලෙස අතුරුදහන් වෙනවා. සමහර පේ‍්‍රතයෝ කළගෙඩි තරම් වතුර බොනවා. ඒත් වතුර බිඳක්වත් උගුªරෙන් පහළට යන්නේ නැතුව වේලිලා, හිඳිලා යනවා. ඒ තරමට කර්මය බලවත් වූ කොටස් ඉන්නවා. හේනක ගිනිගත් කඳක් වගේ උඩ සිට යටට යට සිට උඩට ගිනි ඇවිලෙන සමහර පේ‍්‍රතයෝ ඉන්නවා. ශරීරය කුණුවෙලා ඕජස් සැරව ගලන පේ‍්‍රත ආත්මභව, බඩගින්නෙන්, පිපාසයෙන්, තැවෙමින් ඉන්න විට අනෙක් පේ‍්‍රතයෝ එනවා තුවාලවලින් බේරෙන සැරව ලෙවකන්න. ඒ පේ‍්‍රතයාව වට කරගෙන කෑමොර දෙද්දී වද වේදනා දෙමින් ඔවුන්ගේ බඩගින්න නිවා ගන්නවා. ඒ වගේ මමද ඒ දුක අතීතය සසරේදී වින්ඳා. දැන් ප්‍රමාද වුණොත් අනතුරක්. එබඳු ආත්ම භවයක උපන්නොත් විශාල දුකක් විඳින්න වේවි. මේ ආකාරයෙන් සංසාරය පිළිබඳව ලැබූ අත්දැකීම් හා සසරේ ප්‍රමාදී වුවහොත් අනාගතයට අත්විඳින්න වෙන ඒ අතිශය බිහිසුණු අත්දැකීම් මොනවාද කියා සතර අපාය ආදී ආත්මභාවවල උප්පත්තිය ලැබු කෙනෙක් මොනවගේ දුකක් විඳිනවාද කියා නිතර නිතර මෙනෙහි කර බලන්න.
අවීචියේ උපන් සත්ත්වයෙකු හාත්පස දැනෙන තැන්වල පිච්චි පිච්චි කෑමොර දෙද්දී යමපල්ලන් විසින් දෙපසකට කියතකින් කෑලි කෑලි කපා වෙන්කරන හැටි තියුණු රත් වූ නියන් වලින් වෙන්වෙන තරමට ශරීරය ගලවා කපා දමනවා. ලෝකුඹු නිරයේ හැලියක හාල් පැහැහෙනවා වගේ උඩට හරහට යටට යමින් ලෝදිය සැලියේ පෑහෙන නිරි සතෙකු පිළිබඳව සිහිකර බැලුවොත් එබඳු අසාධ්‍ය ආදී උප්පත්ති ස්ථාන පිළිබඳව විමසා ඒ සතුන් මේ මේ ලෙස දුක් විඳිනවා. මේ දුක ඔවුන්ට පමණක් නොවේ. හෙට දවසේ මේ දුකට උරුමක්කාර මා විය හැකියි. සසර කියන්නේ ඒ තරම් අවදානම් ගමනක්. අවිනිශ්චිිත මාර්ගයක්. ඒ නිසා සසර ප්‍රමාද වුණොත් මේසා දුකකට පත්වෙන්න වෙනවා.
මේ ආදී වශයෙන් සිටි අපාය ආදී දුගතිය පිළිබඳ සිතමින් අතීතයන්, අනාගතයන් තමාට ඒ උරුමය ඇති බව දකිමින් එයින් මිදීමට නම් දැන් වහ වහා අප්‍රමාදි වීම උතුම් බව සිතට නඟා ගන්න ඕන.
මේ ලබාගත් ජීවිතය තුළ අප ජීවත් වෙන්නේ ස්වල්ප කාලයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ වැඩිම වුණොත් අවුරුදු 100 ජීවත්වේවි. නැත්නම් ඊටවඩා ස්වල්පයක් එහාට යාවි. ඊට වැඩි කාලයක් නම් ජීවත්වෙන්නේ නැහැ. අවුරුදු ගණනින් නම් අවුරුදු 100 යි. වර්ෂයකට වස්සානය, හේමන්ත, ගිම්හාන සෘතු තුනයි. සෘතු වශයෙන් නම් සෘතු 300 අපට ජීවත්වීමට ඇත්තේ. මාස ගණනින් මාස 1200 යි. අර්ධ මාස 2600 යි, ආහාරවේල 72,000 කන්න පුළුවන්. දින ගණනින් දින 36,000යි මේ ලෝකයේ ජීවත්වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් අප ගෙවී ගිය කාලය මොනවාටද ගෙවා දැමුවේ. සසර ඉපදීම නවතා ගැනීමට නොවේ ඒ කාලය ගෙවුනේ. විනෝදය, ක්‍රීඩාව, අධ්‍යාපනය, රැකී රක්ෂාවන් සඳහා අපේ දවස ගෙවුනා. තව වසර වලින් කීයද? සෘතු කීයද? මාස, අර්ධ මාස, දින වලින් කීයද අපට ඉතුරු වෙලා තිබෙන්නේ? ඒ ආකාරය එලෙසම පවතීවි කියා කාටද කියන්න පුළුවන්. ජීවිතයේ නිමාව අදද හෙටද කියා කියන්න පුළුවන්කම නැහැ. ඒ නිසා අපේ ජීවිතයේ වැඩි කාලයක් වැඩි වෙලාවක් ගත වෙන්නේ මේ වියතක් පමණ බඩ පෝෂණය කිරීමටයි. නින්දට ගතකළ කාලය, ආහාරපාන, ශරීර කෘත්‍යයන් සඳහා ගතකළ කාලය විමසා බැලුවොත් පැය 24 බෙදා ගත්තොත් අප මේ භයානක සසර ගමන තරණය කරන්න ගත් කාලය විනාඩි තත්පර ගානක් හෝ වේද කියා සමහර ජීවිත දෙස බැලුවාම සැක සහිතයි.
ඒ නිසා අප කල්පනා කරන්න ඕන අනවශ්‍ය දේට මේ ජීවිතය ගෙවා දැමුවොත් කොහොමද සසර තරණය කරන්නේ. එහෙම ප්‍රමාදවුවොත් වෙන්නේ නැවතත් සතර අපායට ඇඳ වැටීමයි. ඒ සිතිවිල්ල මෙනෙහි කරමින් කලින් කල වරින්වර වීර්ය උපදවාගත යුතුයි. මේ සිහියත්, නුවණත්, විරියත් වඩන්නට ඕන. අවිද්‍යා දෝමනස්ස නීවරණ පහව ගොස් සමාධිය වැඩෙන තැන දක්වා. එහෙමනම් ශ්‍රද්ධාව, වීර්ය, නුවණ, සිහිය, සමාධිය ඉන්ද්‍රිය ධර්ම පහ වඩා ගන්නයි අපට කය, කය අනුව බලන්න කියන්නේ. නිකම්ම මේ කය දෙස බලන්න කියනවා නොවේ.
කයෙහි කය අනුව බලන්න කියන්නේ අර උත්තර ටික ලැබෙන විදිහට. අප හැමදාම කය කය අනුව බැලුවා තමා. නමුත් අර උත්තර ටික ලැබුණාද කියන එකයි ගැටළුව. අප වැඩුවාට, අප භාවිතා කළාට ඒ උත්තර ටික නො ලැබුණානම් ඒ උත්තර ටික පිළිබඳව නැවත වතාවක් සිතන්න, විමසන්න වෙලාව ඇවිල්ලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා කයෙහි කය අනුව බලන්න කියා. ඒ වගේම උන්වහන්සේ කයෙහි කය අනුව බලන්න වාසය කරන්න ඕන කොහොමද? කොතැනද? කියා පැහැදිලිව පිළිවෙලින් දේශනා කළා.
මේ ශාසනය තිබෙනවා විවේක තැනක්. කාය විවේක, චිත්ත විවේක, උපධි විවේක කියා. කාය විවේක කියන්නේ කායික, වාචසික ක්‍රියාවන්ගෙන් වෙන් වෙලා නා නා විධ අරමුණත් සමඟ ගතවන ජීවිතය මොහොතකට නිදහස් කර ගත්තොත් කයෙහි සැහැල්ලු බව කායික විවේකය වෙනවා. කායික වාචසික ක්‍රියාවන් බහුල කෙනෙකුට, කාය විවේකය නැති කෙනෙකුට චිත්ත විවේකය ලබන්න පුළුවන්කමක් නැහැ. චිත්ත විවේකය කියන්නේ නෙක්ඛම්මාදි වශයෙන් කෙලෙස් යටපත් වීමෙන් ලැබෙන මානසික සුවතාවය. ඒක ධ්‍යානතුළ දක්වා දක්වන්න පුළුවන්. තදංග වශයෙන් නික්ඛම්ම වශයෙන් නිවී යනවිට ඒ හිතට දැනෙන මානසික සුවය චිත්ත විවේකය වෙනවා. රූප බලන්න, ශබ්ද අහන්න, ගඳසුවඳ විඳින්න, රස පහස විඳින්න අරමුණ දැකගන්න සිතට ලොකු කාර්යයක් තිබුණා. සිත දැන් ඒ කාර්යයන්ගෙන් නිදහස් නම් සිත විවේකයි. එක අරමුණක සිත නතර කරලා. ඒ කෙලෙස් යටපත් වීමෙන් ඇතිවන චිත්ත විවේකය ලද කෙනෙකුටයි උපදී විවේකය ඇතිවෙන්නේ. උපදි විවේකය යනු කෙලෙස් ආශ්‍රව අකුසල් කියා අප දන්න හඳුනන කථාකරන යම්තාක් වේ නම් ඒ සියල්ල සමුච්ඡේද වශයෙන් සම්පූර්ණයෙන්ම දුරු කිරීමෙන් නැවත හට නො ගන්නා ස්වභාවයට පත්කිරීමෙන් ඇතිවන මානසික සුවය යි. මේ ශාසනයේ කෙලෙස් නිමාව ඒ උපදි විවේකයට පත්වීම. උපදි විවේකයට පත්වෙන්න බැහැ චිත්ත විවේකය නොලබා. චිත්ත විවේකයට පත්වෙන්න බැහැ කාය විවේකය නොලබා.
අපට බුදුරජාණන් වහන්සේ අරණ්‍යයක, රුක් මූලයක, හිත්තැනක කියා වදාළේ මේ කාය විවේකය මේ සඳහා අවශ්‍යයි කියන එක. කාය විවේකය ඇති තැනකට යන්නයි. මේ ස්ථාන දැක්වීම පිළිබඳව විවිධාකාරයෙන් ධර්මයේ අර්ථ සපයා තිබෙනවා. එක එක් කෙනාගේ චරිත ලක්ෂණ අනුව වා , පිත්, සෙම අනුව අපට මේ පිළිබඳව කිසියම් වැටහීමක් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අරණ්‍ය, රුක්මුල්, ශුන්‍යාගාර තුළ භාවනා යෝගියා හැසිරෙනන් අවශ්‍ය බව කාලයත් සමඟ මැන බැලුවොත් වස්සාන, හේමන්ත, ගිම්හාන අනුවයි එය බෙදෙන්නේ ගම්මානයෛ් දී වනාන්තරය හොඳයි. හේමන්තයේදී රුක්මුල හොඳයි. ඒ වගේම රාග චරිතයට ශුන්‍යගාරයත්, ද්වේෂ චරිතයට රුක්මූලයත්, මෝහ චරිතයට අරණ්‍යක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සෙම්, බහුල කෙනාට අරණය්‍යක්, පිත බහුල කෙනාට රුක් මූලත්, වාතය බහුල කෙනාට ශුන්‍යාගාරයත් පනවා තිබෙන්නේ එකිනෙකාගේ චරිත ලක්ෂණ දෙස බලලයි. එහෙමනම් කාය විවේකයට මේ ස්ථාන තෝරාගන්න ඕන. උන්වහන්සේ පළමුව වදාළේ කයේ- කය අනුව බලමින් වාසය කරන්න ඕන අර ප්‍රථිඵල ලබන්න. ඒ ප්‍රතිඵල ටික ලැබෙන විදියේ කයේ කය අනුව ලබන්න නම් ඉහත ස්ථානයකට යා යුතුයි. ඊළඟට ඒ තැන්වලට ගිහිල්ලා කොහොමද ඉරියව්ව පවත්වන්න ඕන, කියා දෙවැනියට පැහැදිලි කළා.
තුන්වැනිව කළයුතුයි හොඳින් ඇස් වසාගෙන සිහිය එළඹිය යුතු දිසාව පිළිබඳව විමසීම. දැන් ඉහත කී ප්‍රතිඵල ලැබෙන ආකාරයට ඉන්ද්‍රිය ධර්ම යෙදෙන ආකාරයට මේ සතිපට්ඨානයට පිවිසෙන්න නම් බුදුරජාණන් වහන්සේ පළමුව, දෙවනුවත්, තුන්වනුවත් කරන්නයැයි අවධාරණය කළ දේ් අත් නොහැර, අමතක නොකොට භාවිතා කළයුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ යමක් වදාළානම්. එය අවශ්‍ය නිසාමයි දේශනා කළේ. අනවශ්‍ය දේ උන්වහන්සේ වදාරන්නේ නැහැ. ශ්‍රද්ධාවේ අවශ්‍යතාවය ඒ තැන්වලටත් යෙදෙනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කළ ආකාරයට හැර වෙනත් වෙනත් අයගේ ක්‍රම උපායන් අනුගමනය කිරීමෙන් නිවැරැැදි ප්‍රතිඵලය ලබන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
සටහන
නයනා නිල්මිණි

වැළකිය යුත්තේ මාංශ අනුභවයෙන්ද? ප්‍රාණඝාතයෙන් ද?

පූජ්‍ය වැල්ලවායේ සුමනබෝධි හිමි
මාංශ අනුභවය යන මේ කාරණය අතීතයේ පටන් ගැටලුවට තුඩු දුන් හා නිසි විසඳුම සහිත ගැටලුවකි. එනමුත් ඒ නිසි විසඳුම පිළිගැනීමට මැලිකමක්‌ දැක්‌වීම නිසා මේ ගැටලුව නැවත නැවත ද සමාජය තුළ කතාබහට ලක්‌වෙයි. එබැවින් අපගේ මේ උත්සාහය පිරිසිදු බුද්ධ දේශනාව අනුව ගැටලුව දෙස බලා අදහසක්‌ දැක්‌වීමයි.
සැබෑවටම මාංශ අනුභවය නොකළ යුතුමද?
මේ ගැටලුවට පිළිතුරු සඳහා පෙළෙහි කථා වස්‌තු දෙකක්‌ දක්‌වමු. පළමු වැන්න මෙසේයි.
”දීතේන ඛෝ පන සමයේන අඤ්ඤතරස්‌ස භික්‌ඛුනෝ අමනුස්‌සිකාබාධෝ හෝති. තං ආචරියුපජ්Cධායා උපට්‌ඨහන්තා නාසක්‌ංසු අරෝගං කාතුං. සෝ සූකරසුනං ගන්ත්වා ආමකමංසඤ්ච ඛාදී. ආමකලෝහිතඤ්ච පිවි. තස්‌ස සෝ අමනුස්‌සිකාබාධෝ පටිප්පස්‌සම්භි. භගවතෝ ඒකමන්තං ආරෝෙච්සුං. අනුජානාමි භික්‌ඛවේ අමනුස්‌සිකාබාෙදි ආමකමංසං ආමකලෝහිතන්ති.” (මහාවග්ග පාලි, භෙසජ්ජක්‌ඛන්ධක.)
එකල්හි එක්‌තරා භික්‌ෂුවකට අමනුෂ්‍යා බාධයක්‌ වෙයි. ආචාර්ය උපධ්‍යායයෝ ඔහුට උපස්‌ථාන කළේද නීරෝගී කිරීමට සමත් නොවූහ. ඒ භික්‌ෂුව ඌරන් මරණ තැනකට ගොස්‌ අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේය. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළ කළහ. ‘මහණෙහි අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයන්ට අමු මස්‌, අමු ලේ අනුදැන වදාරමි.’
මෙහි අටුවා අර්ථය මෙසේයි.
‘ආමකමංසඤ්ච ඛාදි. ආමකලෝහිතඤ්ච පිවිත්ති න තං භික්‌ඛු කාදි. න පිවි. අමනුස්‌සෝ ඛාදිත්වා පිවිත්වා ච පක්‌කන්තෝ.” අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. යනු, ඒ භික්‌ෂුව නොකෑවේය. නොබීවේය. අමනුෂ්‍යයා කා බී යැම දැක්‌වෙයි.
මෙහිදී අමනුෂ්‍යයාට ආහාර පිණිස භික්‍ෂුවට මස්‌ හා ලේ පොවයි. එනමුත් එය අනුභව කරන්නේ අමනුෂ්‍යයා විසිනි. ඒ අනුව පෙනෙන්නේ අමනුෂ්‍යයන් අධිගෘහිත වී පීඩා කරන කල ඔවුන්ට අමු මස්‌ හා අමු ලේ ලබාදීම උදෙසා අමු මස්‌ හා අමු ලේ භාවිතයට ගැනීම සුදුසු බවයි.
දෙවැනි කථා වස්‌තුව නම් සුප්පියා කථා වස්‌තුවයි.
‘තේන ඛෝ පන සමයේන අඤ්ඤතරේන භික්‌ඛුනා විරේචනං පීතං හෝති. අථ සෝ භික්‌ඛු සුප්පියං උපාසිකං ඒතදවෝච. මයා ඛෝ භගිනි විරේචනං පීතං. අත්තෝ මේ පටිච්ඡාදනීයේනාති. සුට්‌ඨු අය්ය ආහරීයිස්‌සතීති ඝරං ගන්ත්වා අන්තේවාසිං ආණාපේසි ගච්ඡ භණේ පවත්තමංසං ජනාහීති.” (මහාවග්ග පාලි, භෙසජ්ජක්‌ඛන්ධක.)
එකල්හි එක්‌තරා භික්‌ෂුවක්‌ විසින් විරේක බෙහෙතක්‌ බොන ලද්දේ වෙයි. ඉක්‌බිති ඒ භික්‌ෂුව සුප්පියා උපාසිකාවට, නැඟණියනි, මවිසින් විරේක බෙහෙතක්‌ බොන ලදී. මට මස්‌ රසයෙන් ප්‍රයෝජන වෙයි” යනුවෙන් පැවසීය. ”යහපති ආර්යයන් වහන්ස. ගෙනෙනු ලබන්නේය” යෑයි නිවසට ගොස්‌ අතවැසියකුට ‘සගය, යව කඩපිලෙහි විකුණන මස්‌ ගෙනුව’ යෑයි අණ කළාය.
ඉන් පසු කතා වස්‌තුව බොහෝ දෙනෙකු දන්නා බැවින් හා මෙයට අත්‍යවශ්‍ය නොවන බැවින් නොදක්‌වමු. කෙසේ වුවද මෙයින් පෙනී යන්නේ යම් රෝගාබාධයන්ට මාංශ ආහාර සුදුසු බවයි. තවද පෙර භවයක බෝසතාණන් වහන්සේගේ මෑණියන්ට ඇතිවූ රෝගයකට ප්‍රතිකර්ම ලෙස සා මස්‌ නියම කිරීමක්‌ද මෙතැන සිහිපත් කරනු කැමැත්තෙමි.
තවද බුදුරජාණන්වහන්සේ විසින් අකැප මස්‌ දසයක්‌ දක්‌වා ඇත. අකැප මස්‌ දසයක්‌ තිබෙනවා යනු ඒ දසය හැර අනෙක්‌වා කැපය යන්නයි. එසේම දෙව්දත් තෙරුන් විසින් ඉල්ලන ලද ඉල්ලීම් පසෙහි වූ දිවි ඇතිතාක්‌ නිර්මාංශ වීම ප්‍රතික්‌ෂේප කොට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුදැන වදාරා ඇතැයි දේශනා කළ සේක. ඒ ත්‍රිකෝටික එනම් අන්ත තුනකින් පිරිසිදු වූ මස නම් අදිට්‌ඨ, අසුත, අපරිසංකිත වූ මාංශයයි. අදිට්‌ඨ යනු තමා වෙනුවෙන් මරණ බවක්‌ නොදුටු යන්නයි. අසුත යනු තමා උදෙසා මැරූ බවක්‌ නොඇසූ යන්නයි. අපරිසංකිත යනු තමා උදෙසා මරණ ලද්දේ යෑයි සැක නොමැති වීමයි. මෙසේ තුන් කෙළවරින් පිරිසිදු වූ මාංශය වැළඳීම තුළින් තමන්ට ප්‍රාණඝාත ආදී අකුසලයක්‌ නොවේ. එබැවින් එබඳු මසක්‌ අනුභවය ගැටලුකාරී නොවේ.
මේ ආදී හේතු නිසා බුද්ධ දේශනාව අනුව මාංශ අනුභවය නොකළ යුතුමය කියා පැවසීමට හේතුවක්‌ නොමැත.
වැළකිය යුත්තේ කුමකින්ද?
මේ මාංශ අනුභවය ගැන කතා කරන සියල්ලන්ම පාහේ පවසන්නේ සත්ත්ව හිංසනය පිළිබඳවයි. ඒ ඔවුන්ගේ අනවබෝධය මත සිදු වන්නකි. සැබෑවටම ඝාතනය කරන සෑම සතකුම ඝාතනය කරන්නේ මස්‌ පිණිසමද?
මඳක්‌ සිතන්න. සත්ත්වයින් අනේකාකාර වේ. අපා දෙපා සිවුපා බහුපා ආදී ලෙසද දිය ගොඩ ආදී ලෙසද මනුෂ්‍ය අමනුෂ්‍ය ලෙසද තිරිසන් ආදී ලෙසද බෙදිය හැකිය. මෙයාකාර සත්ත්වයින් ඝාතනය කරන්නේ මස්‌ පිණිසමද?
පිස්‌සු හැදිලාය කියා සුනඛයන් මරා දමන්නේ මස්‌ පිණිසද? වගාවන්ට හානි කරනවා කියා කෘමිනාශක ඉසින්නේ කෘමීන්ගේ මස්‌ පිණිසද? නිවසට අලාභ කරනවා කියා මීයන් මරන්නේ මස්‌ පිණිසද? ලෙඩ බෝ කරනවා කියා මදුරුවන් මරන්නේ මස්‌ පිsණිසද? තවද කැරපොතු, උකුණු, මකුණු, කුහුඹු ආදී සත්ත්වයින් වනසා දමන්නේ මස්‌ පිණිසද? හොඳම කාරණාව නම් මහපොළව බෙදා ගැනීමට නොහැකිව රට රටවල් යුද්ධ කරමින් මිනිසුන් මරා දමන්නේ මස්‌ පිණිසද? වැට ඉන්නට, කොස්‌ ගෙඩියට, පොල් ගෙඩියට මිනිසුන් මරන්නේ මස්‌ පිණිසද? මංකොල්ලකරුවන් මිනිසුන් මරන්නේ මස්‌ පිණිසද?
මෙසේ බැලූ කල අවිහිංසාව මුලට දමාගෙන මස්‌ කෑම ගැන කතා කිරීම යනු විහිළුවක්‌ පමණකි. අවිහිංසාව නම් සියලු සතුන් කෙරෙහි විය යුතුය. මස්‌ කන සතුන් ගැන පමණක්‌ අවිහිංසාවක්‌ කුමටද? එසේම එබඳු ඇතැමෙක්‌ ගවයන් වැනි සතුන්ට පමණක්‌ අභය දෙනු පෙනෙයි. ඌරන්, කුකුළන්, මත්ස්‍යයන් නොපෙනෙයි. එබඳු තැනක සැබෑ අවිහිංසාවක්‌ තිබිය හැකිද?
තවද අවිහිංසාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි නෙක්‌ඛම්ම සංකප්ප යටතේ එන සංකල්පනාවකි. එය එක්‌ අංගයක්‌ පමණි. එය පරමාර්ථය ලෙස ගනිමින් අවිහිංසාවාදී වීම දෘෂ්ටිගතික වීමකි. එය නිවන් මග නොවන්නේය.
නමුදු අපි ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් ඉහත ආකාර වූ අනේක සත්ත්වයන්ට අභය දානය දිය හැකිය. අපටද අකුසලයෙන් මිදිය හැකිය. නමුදු මාංශ අනුභවයෙන් වෙන්වී ප්‍රාණඝාතයේ නිරත වනවා නම් මඟ හසර වරදවා ගනිමින් අපාගාමී වනු ඇත.
ඉදින් මේ මාංශ අනුභවය හා ප්‍රාණඝාතය යන කාරණා දෙක දෙස ගැඹුරින් බලන කල වටහා ගැනීමට හැකි වන්නේ මාංශ අනුභව කරන සෑම විටම ප්‍රාණඝාතයක්‌ සිදු නොවන බවත් මාංශ අනුභවයට වඩා ප්‍රාණඝාතය බරපතල බවත්ය. අපි ප්‍රාණඝාතයෙන් වළකින්නේ නම් ඒ හරහා බොහෝ වූ අභය දානයන් කළ හැක. සීලය දියුණු කරගත හැකිය. කරුණා මෛත්‍රිය වර්ධනය කළ හැක. එතුළින්ම නිර්වාණයද සාක්‍ෂාත් කළ හැකිය. ඒ නිවනට මග නම් සීල, සමාධි, ප්‍රඥා මිසෙක අවිහිංසාවාදය නොවන බැවිනි.

නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X