සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

තර්කයට හසු නොවේමය ඔබ ක්‍රියාවට නංවනු මැනේ....

සිරිමහ බෝධියේ අතුපතර දැවටෙනා සිහිල් සුළං රැලි හමාගෙනැවිත් මගේ ගතේ දැවටී යන්නේ කන්කලු හඬක්‌ නඟමිනි. කලින් කලට මතුවන හැඟවෙන යළි පිබිදෙන ප්‍රතිවේද ශාසනය අද අතුරුදන් වී නැති බවයි මේ මිහිරි සුළං නාදය පවසන්නේ. එදා වීර්යයෙන් මතු කරගත් දහමම තමයි බුදුපියාණන් ගුරුතන්හි තබා ගත්තේ. පුද්ගලයෙක්‌ නම් නොවේ. වාසනාවන්...· වාසනාවන්....· අදත් ඒ ගුරුතුමාණෝ ජීවමානව වැඩ වෙසෙති.

හෙළනවා කඳුළු
සැලෙනවා සියලු
හඬන්නේ කවුරු
කඳුළු පිසදමනු

එදා බුදුපියාණන් ශ්‍රී මහා බෝ සෙවණේ වැඩහිඳ සමාධියට සමවැදී අවබෝධ කරගත්තේ ලෝකයේ සැඟවුණු රහසකි. ලෝකය කියන්නේ ක්‍රියාවකුයි විඳීමකුයි. කරන, විඳින කෙනෙක්‌ නැහැ. හසු කරගත නොහැකි වේගය නිසා කෙනෙක්‌ යෑයි හැඟීමක්‌ ඇතිවේ. මේ මුළාව තිබෙනතුරා සත්ත්වයා සසර සැරිසරයි. එයයි ලොව රහස කියා බුදුපියාණෝ හෙළි කරගත්හ.

කම්මස්‌සකාර කෝනත්ථි
විපාකස්‌සච වේදකෝ
ශුද්ධ ධම්මා පවත්තන්තී
අවේතං සච්ච දස්‌සනං

බුදුපියාණන් එදා මතු කරගත්ත ඒ සුවිශේෂී දර්ශනය සරලව පැවසුවොත් ක්‍රියාවකුයි. විඳීමකුයි තිබෙයි. කරන, විඳින කෙනෙක්‌ නොවෙයි. මේ ඇත්ත දුටුවහොත් දුකින් අත මිදෙයි. කෙසේද අපි ඇත්ත දකින්නේ? ඇත්ත දකින්න නම් අසන්න, දැනගන්න, හැසිරෙන්න මේ දහමේ-සුනාථ, ධාරේථ, චරාථ ධම්මේ සමාධිමත් වෙලා විදර්ශනා, කර්මස්‌ථානවල නියෑළී ඇසූ දහම උපේක්‍ෂාවෙන් විමර්ශනය කරන විට සත්‍යය හෙළිවෙයි. ඒ විදර්ශනාවයි. ඇත්ත හෙළි වූ විට දුකින් ගැලවෙයි. ක්‍රමවේදය එයයි. නිවනට තිබෙන එකම මඟ අරිඅටඟි මගයි. ඒ මගෙහි ගමන් කරන ආකාරයයි ඒ. කයක්‌ සහ සිතක්‌ ඇති බවත් කෙනෙක්‌ නොමැති බවත් ඒ දෙකොටස එක්‌ වූ කල කෙනෙක්‌ මැවෙන බවත් ඒ නිසා මුළාවී ඇති බවත් හෙළි වූ කල මුළාව නැති වේ. ඇත්ත නොවැටහෙන්නේ පවතින වේගවත්කම නිසයි. මේ අධික වේගය නිත්‍ය නැහැ අනිත්‍යයි. එහෙත් ඇතිවීම හා නැතිවීම අතර පරතරය නොපෙන්වයි. ඒ නිසයි ආත්ම දෘෂ්ටිය ඇතිවන්නේ.

ගිනි පෙනෙල්ලක්‌ කරකැවෙයි. අතරක්‌ නොපෙනෙන අධික වේගය නිසා අනිත්‍ය බව සැඟවී ගිනි වළල්ලක්‌ මැවෙයි. වළල්ලක්‌ ඇති බවට මුළාවක්‌ ඇතිවෙයි. ආත්ම දිට්‌ඨිය එයයි. මෙලෙස නාම-රූප ක්‍රියාකාරිත්වයේ සුවිසල් වේගය නිසා පුද්ගලයෙක්‌ මැවෙයි. මේ ආත්ම දෘෂ්ටියයි. ඇතිවන නැතිවන වේගය පියවි ඇසට හසු නොවන නිසා කෙනෙක්‌ යෑයි ව්‍යාජ ආත්ම දිට්‌ඨියක්‌ ඇතිවෙයි. ස්‌වභාව දහමේ පවතින එම ක්‍රියාව සහ විඳීම මේ මැවුණු පුද්ගලයා භාරගෙන මම විඳිනවා යෑයි සිතයි. එවිට රාගය ද්වේෂය යන උපක්‌ලේශයෝ ඇතිවී ඇලෙයි. භවයටම සංයෝජනය වෙයි. සක්‌ඛාය දිට්‌ඨියේ ස්‌වභාවය එයයි.

ඉතින් සුළඟ පවසන්නකෝ ඇයි සත්ත්වයා ඉපදෙන්නේ? ඇලෙන නිසයි. ඇයි සත්ත්වයා ඇලෙන්නේ? ඉපදෙන නිසයි. කුමක්‌ද මුල? කුමක්‌ද අග? අග මුල හමු නොවෙයි. අග-මුල නැත්තේ චක්‍රයකයි. එයයි ස්‌වභාවය.

කෙනෙක්‌ යෑයි රැවටිලා ඒ කෙනා මම මගේ මට කියා මගේ ලෝකය මවාගනී. මවාගත් ලෝකයට ඇලෙයි. අනවරාග්‍ර සංසාරයේ ස්‌වභාවය එයයි. ඒ ස්‌වභාවදහම අවබෝධ කරගත හැකි වන්නේ වීර්යයෙන්, නුවණින්, සිහියෙන් විදර්ශනා කර්මස්‌ථානයන්හි නියෑළීමෙන් පමණයි. එවිට ලෝකයේ ස්‌වභාව දහම හෙළිවේ. ධම්මේසු ධම්මානුපිස්‌සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා.

මේ සත්‍යය පියවි ඇසට හසු නොවන නිසා මුළාවී ලොවෙහි නතර වෙයි. මේ මායාමය ලෝකය මැවෙන්නේ මාරයාගේ ආයුධ කට්‌ටලය වන ඇස, කණ, නාසය, දිව, කය ආදියෙන් බව සත්ත්වයාට නොවැටහෙයි. මේ පංච ඉන්ද්‍රියයන්ට ඇත්ත හසු නොවන නිසා මගේ ලෝකය යෑයි මුළාවක්‌ ඇතිවේ. ලොව ස්‌වභාවය එයයි. ඇස, කණ, නාසය ආදියෙන් මොහොතක්‌ නෑර ලෝකය මැවෙමින් තිබෙන බව නොපෙනී පවතින ලෝකයක ඉන්නවා යන හැඟීම ඇතිවේ. පංච ඉන්ද්‍රියන්ට හැකියාව තිබෙන්නේ ඇත්ත නොපෙන්වා සත්ත්වයා මුළාකර භවයේ ගෙනයැමට පමණයි. මේ ඉන්ද්‍රියයන්ගෙන් යථාර්ථය වැසෙනවා මිස දැකගත හැකි නොවේ.

ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය සහ ප්‍රඥව යනුවෙන් තවත් සුවිශේෂී ඉන්ද්‍රියයන් පහක්‌ ඇතිබව සත්ත්වයා නොදනී. තමා සතුව යටපත් වී තිබෙන ඒ ඉන්ද්‍රියයන් මතුකරගෙන නිවනට යා හැකි වේ. බණ ඇසීමෙන් රෝපණය වන්නේ ශ්‍රද්ධා බීජය පමණයි. ඒ අනුමාන වශයෙන් දැනගන්නා නුවණයි. එයින් සෑහීමට පත්වීම නිවැරැදි නොවේ යෑයි පවසමි. අනුබෝධ ඥනයෙන් නිවන හසු නොවේ. ක්‍රියාකාරිත්වයේ යෙදෙමින් දහමින් පෝෂණය වෙමින් ප්‍රඥව නමැති ඵලය නෙළාගත යුතුමය. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන තමා සතුව පවතින ඒ ශ්‍රද්ධාව හෙවත් විශ්වාසය කෙදිනකවත් වෙනස්‌ නොවන පරිදි අචල භාවයට පත්කරගත යුතුමය. බුද්ධ දර්ශනය දැකගන්නා නුවණ ප්‍රතිවේද ඥනයයි. ප්‍රඥව හෙවත් ලෝකයේ යථාර්ථය අවබෝධ කරගත හැක්‌කේ පිළිවෙතේ යෙදීමෙන් හා බහුලවර භාවිත කර පිළිවෙත් පිරීමෙන් පමණි. (භාවිතා බහුලීකතා)

මේ කාන්තාවක්‌, මේ ගසක්‌, මේ මලක්‌ යෑයි පවසමින් සංඥවේ මිරිඟුවට හසුවන සත්ත්වයා මායාමය ආකල්ප සමුදායකින් මිරිකී සසර සැරිසරයි.

ඇස, කන, නාසය ආදී ආයතනයන් තුළ හේතුඵල ආකාරයෙන් සංස්‌කරණය වන වර්ණ දැනීම, ශබ්දය දැනීම, ගන්ධය දැනීම සහ රසපහස දැනීම යන ධම්ම අරමුණු මනායතනයේ ඔපය වෙත ඇදී එන්නේද හේතුඵල ස්‌වභාවයෙන්ම විනා කෙනෙක්‌ කරන ක්‍රියාවක්‌ නම් නොවෙයි. චිත්ත වේගය හෙවත් විඤ්ඤාණ ක්‍ෂණයෙන් ඇතිවී නාමරුප සංකලනය වීම නිසා සිත සකස්‌ වන්නේ සිතෙනවා යන ෙච්දනාව ඉටුවීම සඳහාමය. විඤ්ඤාණ පච්චයා නාමරූපං මේ සිත සැදුණේ ආයතනයේ ක්‍රියාකාරිත්වය සඳහා හේතුඵල වශයෙනි.

මේවා ක්‍රියා සිත් පමණක්‌ වුවද ඇත්ත නොදන්නා අසරණ සත්ත්වයා ඒ අරමුණු විමසීමේදී හෙවත් විචාරයේදී මතුවන වින්දනය නිසා රාගය, ද්වේශය, මෝහය පැනනැඟී උපාදානය වෙයි. ඇලෙයි. ගැලවෙන හැටි සොයාගන්නේ බුදු කෙනෙකුන් පමණි. ද්වාර හයේ ක්‍රියාකාරිත්වය හේතුඵල ක්‍රියාකාරිත්වයක්‌ම විනා කෙනෙක්‌ කරන දෙයක්‌ නොවන බව බුදුපියාණන් හෙළිකරගත් සේක.

ඇතිවෙමින් විමසමින් පවතින ප්‍රපංච ධර්මයන්ගේ යථා ස්‌වභාවය අයෝනිසෝ මනසිකාරයට හසු නොවන බැවින් සත්ත්වයා විඳිමින් සිහින ලෝකයේ පසුවේ. භවයේ යැම පිණිස අවශ්‍ය කරන මනෝ සංෙච්තන ආහාර වළඳමින් පෝෂණය වේ. මෙයයි ලොව ස්‌වභාවය.

අරමුණක්‌ පහළවීම එය විමසීම සහ නැතිවීම ස්‌වභාව දහමේ නියමයක්‌ වන චිත්ත නියාමයයි. කොහේද? මේ සිතුවිලි තිබෙන්නේ? මතුවන්නේ කොහේ සිටද? යෑයි විමසමින් උන්මත්තක නොවන්න. ඒ ස්‌වභාවය වටහාගත හැකි සුවිශේෂී ශක්‌තිය පවතින්නේ බුදුවරුන් සතුව පමණි. සිතුවිලි මතුවන බව, විමසමින් විඳින් බව, විඳින නිසා ඇලෙන බව නමුත් ඒ සිතිවිලි නැතිවී යන බව ඔබට දැනෙන්නේ නම් ඒ සත්‍යතාව දැක දුකින් නිදහස්‌ වීමට එය සෑහේ යෑයි බුදුපියාණන් වහන්සේගේ සිතෙහි ඒ අසිරිමත් සංකල්පනාව පහළ විය.

මේ පංච ඉන්ද්‍රියයන් ඉක්‌මවා ගිය ඥන සම්භාරයක්‌ තිබේ. භාවනා මගින් මෙය දියුණුකර උපදවාගත යුතුය. ඒ ඥනය පුබුදුවාලිය හැක්‌කේ සමාධි සිතකට පමණි. සම්මා සතිය හෙවත් හතරවැනි ධ්‍යාන ශක්‌තිය ඇති සිතකට පමණි. දැහැන්ගත වන විලාශය අද අතුරුදන් වී නොමැත. වාසනාවකි. එය අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ ඥනයයි. සත්‍යය අවබෝධ වීම නිසා කළ කර්මයට ප්‍රතිවිපාකයක්‌ ලෙස ආනන්තරීක කර්මානිසන්සයක්‌ වී නිවන ස්‌පර්ශ කර දෙන්නේ සමාධියයි. සමාධිමානන් තරිකඤ්ඤමාහු - සමාධිනාතේන සමෝන විඡ්ජතී. හිරු උදාවන බවට පෙර නිමිත්ත අරුණෝදයයි. සිහියෙන් ලෝකය විමසා බලා සත්‍යය වටහා ගැනීම සඳහා යෝනිසෝ මනසිකාරය ඇතිවන බවට අරි අටඟි මගට පිවිසෙන බවට, චතුරාර්ය සත්‍යය අවබෝධ වන බවට, පටිච්ච සමුප්පාදය අවබෝධ වන බවට, නිර්වාණය සාක්‌ෂාත් වන බවට පෙරනිමිති වන්නේ සම්මා සමාධිය හෙවත් සතරවැනි ධ්‍යානමය ශක්‌තියයි. ලෝකීය සම්මා සමාධිය එයයි. සතරක්‌ අනුව සිහිය පවත්වාගෙන උපේක්‍ෂාවෙන් ලෝකය විමසමින් යථාභූත ඥනය පහළ කරගත හැකි වන්නේ ඒ සම්මා සමාධියේ ශක්‌තියෙන් පමණයි. මධ්‍යම ප්‍රතිපදාවේ යෙදීමේ හැකියාව ඇති ලෝකයේ පවතින උපරිම උපේක්‍ෂා ශක්‌තිය තිබෙන්නේ එතැනයි. පළමුවැනි, දෙවැනි, තුන්වැනි ධ්‍යාන වල ඇත්තේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තොරව ලැබෙන ප්‍රීති සුඛ වින්දනය. රාගය, ද්වේශය, මෝහය නැතත් විඳීම් සහිත සිතකින් ඇත්ත අවබෝධ කරගත නොහැකි බව වටහාගත් බුදුපියාණන් ලෝකයේ සත්‍ය ගවේෂණය කිරීම සඳහා උපේක්‍ෂාවෙන් සපිරි සතරවැනි ධ්‍යානයට සමවැදිය යුතුම බව හෙළිදරව් කරගත්තේ අදයි. එයයි මධ්‍යම ප්‍රතිපදාව වඩන ඒකායන මාර්ගය. එදා දාරුචීරිය දහම ඇසූ සැණින් අර්හත්වයට පත්වූයේ පෙර පුරුද්ද පාදක කරගත් ක්‍ෂණික සමාධියේ බලයෙනි. අරූපාවචර ධ්‍යාන යනු චතුර්තධ්‍යානයේ උපේක්‍ෂාව පාදක කරගෙන සතර ආකාර සංකල්ප සංවර්ධනය කිරීමක්‌ පමණයි. ඒ නිවන නම් නොවෙයි.

සත්‍යය දැක මූළාව නැතිකර ගැනීමට අපහසු වන්නේ දස ආකාරයකින් සත්ත්වයාගේ භව සංයෝජනය දැඩි වී තිබෙන නිසයි. මෙයින් පළමුවන මෙන්ම භයානකම සංයෝජනය වන්නේ ද සක්‌ඛාය දිට්‌ඨියයි. සක්‌ඛාය දිට්‌ඨිය කියන භව බන්ධනය ආයාසයෙන් නැතිකරගත් කල වාසනාවකි. විචිකිච්ඡාව හා සීලබ්බත පරාමාස යන සංයෝජන දෙක ද නිරායාසයෙන්ම ඉවත් වී යයි. අනෙක්‌ බන්ධන නාමයට මුල් වන්නේ ද මෙම සක්‌ඛාය දිට්‌ඨියමය.

සක්‌ඛාය දිට්‌ඨිය නැතිකරගත් විට තව ආත්ම භව හතක්‌ ඇතුළත දී සංයෝජන සියල්ලම ඉවත් වී ඒකාන්තයෙන්ම නිවෙන බවට ස්‌වභාව ධර්මයෙන්ම නියත විවරණ ලැබේ. අවිද්‍යා අන්ධකාරය මුළුමනින්ම නැතිවී ඒකාලෝක වන බවට පෙරනිමිති පහළ වේ. චක්‌ඛුං උදපාදි, ඤාණං උදපාදි, ප්‍රඥ උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි යනුවෙන් බුදු පියාණන් උදම් ඇනුවේ ඒ නිසයි.

උත්සාහයෙන්, වීර්යයෙන් සක්‌ඛාය දිට්‌ඨිය සිඳගත් කල බිය විය යුතු නොවේ. සැනසීමෙන් ජීවිතය ගෙවී යයි. මිය යන අවස්‌ථාවේ දී පහළ වන චුති චිත්තයේ දී කර්ම විඤ්ඤාණය සමඟ එක්‌වන කර්ම නිමිත්ත වන්නේ බලවත් ඵල සමාපත්ති අරමුණමය. මෙම ශක්‌තිය අභිබවා යැමට හෝ මෙයට සමවීමට කිසිදු කර්ම ශක්‌තියක්‌ සමත් නොවේ. මරණ මොහොතේ දී අවසාන සිත සඳහා ඉදිරිපත් වන්නේ බලවත්ම කර්මයයි.

ආහාර සඳහා ගොපල්ලා උදෙන්ම ගවගාල විවෘත කරන විට දොරකඩටම වී සිටින දුර්වල ගවයන් අභිබවා ඈතින් සිටින ශක්‌තිමත්ම ගවයා එළියට පැනගන්නාක්‌ මෙන් ශක්‌තිමත් කර්මයම මූලික වීම ස්‌වභාවයයි. නවතින්න, නවතින්න ඔබට කියා නිමකළ නොහැකි මේ සත්‍යය නම් දොඩමළු නොවන්න වෙසක්‌ සුළඟ මගේ කණට කොඳුරයි. මම තව වචනයක්‌ දෙකක්‌ පවසා නවතින්නම්.

සක්‌ඛාය දිට්‌ඨිය බිඳගත් කල කයට නොරැවටී තනිකරගත් සිතට සිතෙහිම යථාර්ථය පෙන්වාදීමේ හැකියාව මතුවේ. තණ්‌හාව තුනී වීමෙන් දෙවැනි වතාවටත් තණ්‌හාව නැතිවීමෙන් තෙවැනි වතාවටත් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ හැකි වේ. දැන් කළ යුතුව ඇත්තේ නාම-රූප ද්විත්වයේ යථාර්ථය දැකීමෙන් උපාදානය සිඳ ඒ දෙදෙන වෙන් කිරීමයි. එවිට විඤ්ඤාණය හුදෙකලා වන්නේ විඤ්ඤාණයේ පැවැත්මට කිසිදු හේතුවක්‌ නොමැති නිසයි. හේතුවකින් තොරව කිසිවක්‌ ලෝකයේ නොපවතින නිසා විඤ්ඤාණය නැවත ඇති නොවේ. එයයි, නිවන් සුවය.

පසු බසින්න, සැක කරන්න බුදුපියාණන් ඔබට අවස්‌ථා ඉතිරිකර නැත. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක්‌ පිරිස තමාගේ කය, වේදනාව, සිත සහ ස්‌වභාවය යන සතර පිළිබඳ සිහිය පවත්වමින් ලෝකය විමර්ශනය කරන තාක්‌කල් ලොව අධිගම ලාභීන්ගෙන් හිස්‌ නොවන බවයි. බුදුපියාණන් පැවසුවේ. බුදු පියාණන් බුදුදහම අකාලික බව පවසද්දීත් තමාගේ සිතට නැඟෙන සංකල්පනාවන් ඉදිරිපත් කරමින් පසු බසින්න එපා යෑයි පවසමින් සුළඟ වේගයෙන් හමායයි.

කරනු සිත එකලු
සත්‍ය හෙළි කරනු
මුළාවෙන් මිදෙනු
සිනාසෙනු සිහලු

සිරිමහ බෝධියේ අතුපතර දැවටෙමින් හමා එන සුළඟේ මිහිරි නාදය දෝංකාර දෙන සේයාවක්‌ මට දැනෙනවා. ඒ වාසනාවන්ත සුළඟේ පහස ලබන අවට පරිසරය අදත් මලින්බර වෙලා හරිම ලස්‌සනයි. සුළඟේ ලෙලදෙන සුදෝසුදු මල් දිහා බලාගෙන හැමෝම චමත්කාරය විඳගනිමින් 'ලස්‌සන මල්...' යෑයි පවසනවා. ඒ අතුරින් මෙහෙමත් හඬක්‌ ඇහෙනවා... 'සුදට සුදේ මල් පිපිලා... හරිම ලස්‌සනයි...' මොනවද මේ කියන්නේ.. එපා මුලා වෙන්න එපා... අප්‍රමාදීව සිහියෙන් විමසා බලන විටයි පැහැදිලි වන්නේ ඒ අන්ධ කෙනෙක්‌ බව.

තමන්ට මල් නොපෙනුනාට මල් නැහැ කියන එක නම් විශාල වැරැද්දක්‌ තමයි. ආත්මාර්ථකාමී වදනක්‌ එය. සිතැඟියාවන් පවසන්න කාටත් නිදහස තියෙනවනේ. කමක්‌ නැහැ, කමක්‌ නැහැ. කියන්න, කියන්න. හැබැයි තමන්ට නොපෙනෙන නිසා මල් පිපිල නැහැ කියන කියමන නම් වැරැදියි කියා දැනගන්න. මල් තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන් කිව්ව නම් ඉවරයි නේ. දුකින් අත මිදෙන්න නම් ඇත්ත දැනගත්තටම නම් මදි. ඇත්ත පිරිසිඳ දැකගන්න ඕන බවයි බුදුපියාණන් පවසන්නේ. කොහොමද ඉතිං ඒ කරන්නෙ?

බෞද්ධයෝ නිසා අපි කවුරුත් ඇත්ත දන්නවා. බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පෙන්වා වදාළ අසූ හාරදහසක්‌ ධර්මස්‌කන්ධය හෙවත් පරියාප්තිය අපේ වාසනාවට අදත් ත්‍රිපිටකාරූඪව පවතිනවානෙ. ඒ විතරක්‌ නොවෙයි, ඒ ධර්මය අද නිතර නිතර අපට ශ්‍රවණය වෙනවා. ඒ නිසා අපට ශ්‍රද්ධාව තියෙනවා. ඒ ධර්මස්‌කන්ධය පිළිබඳව අපට විශ්වාසය තියෙනවා. විශ්වාස කළාට විතරක්‌ මදි, ඒ විශ්වාසය අචල භාවයට පත්වන්නත් ඕන. නිවෙන්න නම්. ඉතිං මේ ශ්‍රද්ධාව, මේ විශ්වාසය ස්‌ථාවර බවට පත්වන්නේ ක්‍රියාකාරීත්වයේ යෙදෙමින් ඇත්ත ගවේෂණය කිරීමේ කාර්යයේ නිරත වන ආකාරවතී ශ්‍රද්ධාව ක්‍රියාත්මක වුණොත් පමණයි. 

ත්‍රිවිධ රත්නය පිළිබඳව සිතේ පවතින ශ්‍රද්ධාව කිසිදා වෙනස්‌ නොවී පවතින අචල භාවයට පත්වන්නේ එවිටය. සතර දිසාවෙන් හමා එන සුළඟින් නොසෙල්විය හැකි පොළොවේ සිටවූ ශෛලමය යෂ්ටියක විලාසයට පත් වෙවි, කර්මස්‌ථානවල නියෑලී සත්‍යය ගවේෂණය කළාම.

යථින්ද ‚ලෝ පඨවිංසිතෝසියා
චතුබ්භිවාතේහි අසම්පකම්පියෝ

බුදුපියාණන් වහන්සේගේ පරමාර්ථය වන ලෝකයෙහි යථාර්ථය දැකගැනීම අද කළ නොහැකි දෙයක්‌ යෑයි කියන්නට අප පුරුදු වූයේ කවදා සිටද? පාර තියෙනවා නම් යන්න බැරි ඇයි? 

ඉතිං, වාසනාවන්ත සුළඟේ ඔබ හමාගෙන යද්දී ලෝකයේ ඇත්ත දර්ශනය කරගැනීමට අද බැහැ කියන ඒ හඬ ඉවතට ගෙන යන්න. තමන්ට ඇත්ත නොපෙනෙන නිසා එසේ කියනවා නම් හරියට අර අන්ධ කෙනාගේ මල් පිපිලා නැහැ කියන කියමනට සමාන නොවන්නේද සුළඟේ කියන්නකෝ.

බුදුපියාණන්ගේ පරම ෙච්තනාව වූ නිර්වාණය කරා යන ගමනේදී මිනිස්‌ සිත් සතන් පිරිසිදු වී සිරිලක බැබලීම, විනය, විනීතකම ඇතිවීම සහ සසර ගමන පවිත්‍රවීම ආදී අතුරු පල ලැබීම ස්‌වභාවයක්‌ තමයි. නමුත් පරමාර්ථය වන්නේ දුකින් නිදහස්‌වීමමයි. නිවී යාමමයි.

මේ වෙනස්‌වන ලෝකයේ වෙනස්‌ නොවනා සත්‍ය සතරක්‌ තියෙනවා. දුකයි, හේතුවයි, නිවනයි, මගයි කියල.

වෙනස්‌වීමයි ලෝකෙ ඇත්ත
වෙනස්‌ නොවනා දෙයක්‌ නැත්ත
වෙනස්‌ වෙයි හැම දේම ඇත්ත
නමුත් සතරක්‌ තිබේ ඇත්ත

දුක්‌ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය

වතාවන් සතරකදී පමණක්‌ දැකිය හැකි මේ සත්‍ය පළමුවන වතාවට දැක්‌කම අටවන වතාවට ආත්ම භවයක්‌ හිමිනොවේ. මේ ඇත්ත නොදන්නා සත්වයා ප්‍රබල ලෙස ලෝකයට සංයෝජන වෙලා තියෙන්නේ 'මම' කියන පුද්ගල දිට්‌ඨියෙනි. සක්‌කාය දිට්‌ඨියෙනි. සත්වයා භවයට බන්ධනය වෙලා තිබෙන සංයෝජන දහයෙන් පළමුවන සංයෝජනය වන්නේ එයයි. ඉතිරි සංයෝජන නවයම ර¹ පවතින්නේ සක්‌ඛාය දිට්‌ඨිය මතමයි. සත්‍ය දර්ශනය වීම මත සක්‌කාය දිට්‌ඨිය බිඳ දැමූවම අනෙක්‌ සංයෝජන සියල්ලම ආත්මභව හතක්‌ ඇතුළතදී සිඳී යයි. එයයි ස්‌වභාවදහම වන්නේ.

දුකයි හේතුවයි නිවනයි
මගයි නොදත් හන්දා
කෙනෙක්‌ කියා රැවටෙනවලු
සිහියෙන් හිඳපල්ලා

කෙනෙක්‌ මෙතෙන නැහැ නුවණින්
විමසා බලපල්ලා
හේතු නිසා පල ඇති වෙයි
දැකලා සැනසියල්ලා

හරිම ලස්‌සනයි සුළඟේ... ඒ කියමන නම්. කොහොමද මේ ඇත්ත එදා බුදුපියාණෝ දැනගත්තේ? බුද්ධ... කියන්නේ ඇත්ත ස්‌වභාවයයි. දර්ශනය... කියන්නේ දැකීමයි. ඇත්ත දැකීමයි, නැතහොත් යථාර්ථය අවබෝධවීමයි. නිවෙන්න නම් කෙසේ හෝ මේ වැසුම් හැර ඇත්ත දැකබලාගන්නම ඕනෙ. එදා බුදුපියාණන් වහන්සේ හෙළි කරගත්තේ නීවරණ කඩතුරාවෙන් වැසුනු මේ ඇත්ත දැකීම කැලඹුනු සිතකින් කළ නොහැකි බවයි. හේතුව, කැලඹුනු සිතේ නීවරණ තිබෙන බැවිනි. එම නීවරණ සඟවාගත් සමාධි සිතකින් පමණයි ඇත්ත අවබෝධ කළ හැකිවන්නේ. එයයි සමාධියේ අවශ්‍යතාව.

සමාහිතෝ යථාභූතං පජානාති

ගැටලුවක්‌, ගැටලුවක්‌... සමාධි සිතේද රාගයෙන් තොර විඳීමක්‌ තිබේ. දැහැන් ගත වුවත් විඳීම නිසා ඇත්ත නොපෙනේ. නීවරණ යටපත් කොට පිරිසිදුවූ සමාධි සිතේ කොහොමද විඳීමක්‌ තියෙන්නේ? ඇයි නැත්තේ... රාගය, ද්වේශය පෙරටුකරගත් නීවරණ ධර්මතා යටපත් කිරීම නිසා සිතට විවේකයක්‌ ලැබේ. සතුටක්‌ ඇතිවන්නේ මේ විවේකය නිසයි. සතුට නිසා සැපතක්‌ද සිතෙහි ඇති වේ. නීවරණ යටපත් කිරීමෙන් ඇතිවූ ඒ සතුට හා සැපත සහිත ධ්‍යාන සිතේ රාගයෙන් සහ ද්වේශයෙන් තොර වූ වින්දනයක්‌ තිබේ.

ආනාපානසති සමාධිය ඇතිකරගත් විට නීවරන යටපත්වූ පිරිසිදු සිත නීවරණ බර නොමැති බැවින් නැගී යයි. නැගීගිය සිත අසංඥතභාවයට පත්වේ. සංඥ හසු නොවේ. කය හසු නොවේ. ඉන්ද්‍රියන්ට හසුවන පංචකාම අරමුණු ගැන පවා හැඟීමක්‌ ඇති නොවේ.

එයද උපේක්‌ෂාව කියන්නේ? නැහැ... නැහැ... නොරැවටෙන්න, නොරැවටෙන්න. වින්දනයක්‌ ඇති නොවුනත් ඒ උපේක්‌ෂාව නොවෙයි. අසංඥතයේ සැඟවුණු එවැනි සිතකින්ද යථාර්ථය හසු නොවේ. ඒ ශක්‌තිය නොපිරිහී මියගියහොත් කල්ප ගාණක්‌ ආයුෂ ඇති අසංඥතා බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබයි. දුක්‌ත සසර ගමනේ කෙලවර එය නොවේ.

උපේක්‌ෂාව සහිත සතර වන ධ්‍යාන ශක්‌තියෙන් හෙබි මධ්‍යස්‌ථ සිතකින් පමණයි මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කළ හැක්‌කේ. යථාභූත ඥනය උපදවාගත හැක්‌කේ. එයයි සමතමය සම්මා දිට්‌ඨිය. 

රාගයට සහ ද්වේශයට බර වන අන්තවාදී සිතට ඇත්ත නොපෙනෙන නිසා ලොවට ඇලී සදා සසර සැරි සරයි. ලොවට නොඇලී උපේක්‌ෂාවෙන් ලෝකය විමසා බලා ඇත්ත හෙලි කරගත හැකිවන්නේ මේ සම්මා සමාධියෙන් පමණයි. මේ සිතේ ඇලීමක්‌ නැහැ. වැඩීම තිබේ. යමක ගැඹුරු දැකීමේ ශක්‌තිය තිබෙන්නේ මෙතනයි. මේ ශක්‌තිය පාදක කරගෙන කොහොමද ඉතිං ලෝකයේ ඇත්ත සොයන්නේ?

විමසන්න... විමසන්න... උපේක්‌ෂාවෙන් ලෝකය විමසලා බලන්න. විදර්ශනා භාවනා කියන්නේ එයයි.

ඡන්ද, චිත්ත, විරිය, විමංසා...
කය අනුව බලන්
සිත අනුව බලන්
වේදනා සොබාදහමය

අනුව බලන්
ඇත්ත දැකගනින්
නොරැවටී හිඳින්
ලොවක්‌ නැහැ
ලොවක්‌ නැහැ
ලොවෙන් සමුගනින්

මට තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න ඔබත් සමග. ඉතින් සුවදායක සුළඟේ ඔබ තවත් දවසක හමා එන තුරු මම බලාගෙන ඉන්නවා.


****************අගෝ

ම්... ම්... එළිවෙලා... තවත් දවසක්‌ උදා වෙලා. නොයෙක්‌ මනෝ සංෙච්තනාවෝ පහළවෙනවා මගේ සිතේ. සතිපට්‌ඨානය කරගන්නේ... සිහිය පවත්වාගන්නේ... ලෝකය විමසා බලන්නේ. ඒකයි සත්‍යය අනාවරණය වන්නේ. ධම්ම විජය... ධම්ම විජය... සම්බොඡ්ජංගයයි ඒ. බොඡ්ජංග කියන්නේ බුද්ධිය නැතහොත් සත්‍ය ස්‌වභාවය, යථාර්තය වැඩෙනා අංග ටිකයි. ඇත්ත ස්‌වභාවයේ උපරිමය තමයි චතුරාර්ය සත්‍ය ස්‌පර්ශ වන මොහොත. බුද්ධිය, අවබෝධය, ඇතිවන්නේ සතිය, ධම්ම විජය, වීර්ය, ප්‍රීතිය, පස්‌සබ්දිය, සමාධිය, උපේක්‌ෂාව යන අංග වර්ධනය වෙවීගොස්‌ උදාවන නුවණ පරිපූර්ණ වන මොහොතේය. චතුරාර්ය සත්‍ය අවබෝධ වන ඒ අසිරිමත් මොහොත එයයි. 

ලස්‌සනයි ලස්‌සනයි බුදු දහම ලස්‌සනයි
ගැටලු විසඳලා දෙන බුදු දහම ලස්‌සනයි
ගැටලු... ගැටලු... ගැටලු... ගැටලු...
ගැටලු... ගැටලු... විසඳන්නෙ කව්රූ 
ගැටලු... ගැටලු... ගැටලු... ගැටලු...
ගැටලු... විසඳන්නේ සමාධී සිතලු

විවෘතවන්නයි, විවෘතවන්නයි දහම බැබලෙන්නනේ. 
තථාගතප්ප වේදිතෝ ධම්ම විනයේ 
විවටෝ විරෝචතී නොපටිච්ඡනෝ 

ධර්මය පරිශීලනය කරන විට පැහැදිලිව අනාවරණය වෙනවා. එසේ විවෘත කරන විටයි ධර්මය බැබලෙන්නේ. වසා තිබුනාට බැබලෙන්නේ නෑ. සඳ වළාවෙන් වැසුනාම බැබලෙන්නේ නෑ විවෘත වෙන්න ඕනේ. 
ම්.. මතකයට එනවා එදා සුළඟ පැවසූ කිමිදුම් කට්‌ටලය ගැන. කිමිදෙන්න නම් කිමිදුම් කට්‌ටලය පැලඳගෙන බිය නොවීකිමිදෙන්න ඕනේ. නැත්නම් මතුපිටින් පීන පීන ඉන්න වෙයි. එවිට ගැඹුරු පතුළ දැක ගන්න නොහැකි වේවි. මහා සංසාර සාගරයේ සදහටම පීන පීන ඉන්න වේවි. කොහොම හරහා එතෙර වෙන්න අපි කිමිඳුම් කට්‌ටලය පැළඳගෙන ගැඹුරු පතුළ දැකගන්න කිමිදෙමු.
එතකොට කොහොමද සමහර අය දහම ඇසූ සැනින්ම ඇත්ත දර්ශනය වෙලා උද්ගටිතඤ්ඤ පුද්ගලයෝ වන්නේ. තව කෙනෙක්‌ විස්‌තරාත්මකව ප්‍රකාශ කරද්දි ඇත්ත අවබෝධ වෙලා විපටිතඤ්ඤ පුදගලයෝ බවට පත් වන්නේ කොහොමද? ඒ පෙර බුදුවරුන්ගේ කාලවල දැහැන්ගත වෙලා කර්මස්‌ථානවල නිරත වෙලා විමසලා විමසලා ඇත්ත අවබෝධ කර ගැනීමේ ෙච්තනාවෙන් කළ උත්සාහයේ ප්‍රතිවිපාකානිසංසයයි. ඒ අයට බුදුපියාණන්ගේ හඬත් සමග පෙර ප්‍රගුණ කළ සමාධිය වැඩි වැඩී ගොසින් ඒ සමාධි බලයෙන් පෙන්වා දෙන සත්‍ය වැටහී පූර්ණ වෙනවා. ක්‌ෂණික සමාධියයි ඒ. ඒ පෙර බොහෝ වෙහෙස වී කුසල් උපදවාගෙන ආව අයයි. අද එවැනි පුද්ගලයෝ නැහැ. එසේ වන්නේ බුදු හඬින් පමණයි.
බුදු පියාණෝ බුද්ධත්වයට පත්වෙලා විසි වසරක්‌ ගතවුනාටත් පසු තමන් වහන්සෙගෙන් පසුව සත්වයා භව දුකින් එතෙර වන්නේ කුමන ආකාරයෙන්දැයි විමසලා බැලුවා. නීවරණ යටපත්කොට සමාධිය උපදවාගෙන දැහැන්ගත වී ලෞකික සමාධිය පාදක කරගෙන බොහෝ උත්සාහ කරලා වීර්ය කරලයි ඒ අයට ඇත්ත දැකගත හැකි වන්නේ. එවැනි විලාසයක්‌ කම්මාස්‌සදම්ම ගමේදි ක්‍රියාත්මක කළා.
පරතෝඝෝශෝ, යෝනිසෝමනසිකාරෝ යන අංග ද්වය තමයි ඒ අය නිවනට ඇරලවන්නේ. ඒ දහම් ඝෝශාව ශ්‍රවනය විය යුත්තේ ලෝකෝත්තර සත් පුරුෂයෙකුගේ හඬින්මයි. හේතුව ලෝකෝත්තර භාවයට පිවිසි කෙනාට හැකියාව තියනවා සරලව එතනට යන හැටි අත්දැකීමෙන්ම පෙන්වා දෙන්න. අනුශාසනා ප්‍රාතිහාර්ය මෙතනදි වැදගත්ය. සත් පුරුෂ උපකාරයෙන් යෝනිසෝමනසිකාරය පවත්වලා පිළිවතේ යෙදිලා, පිළිවෙත් පුරලා තමයි ගොඩ යන්න වෙන්නේ. අද ඉතිරි වෙලා ඉන්න වාසනාවන්ත අපි තමයි ඤෙයය පුද්ගලයෝ. හැබැයි බොහෝ වීර්යය කරන්න ඕනේ.
බුද්ධෝත්පාද කාලයක උපත ලැබුවත් මේ ආත්ම භාවයේ සත්‍ය වටහාගත නොහැකි පදපරම පුද්ගලයෝත් ඉන්නවා තමයි. ඒ අයත් දහම දකින්න වෙහෙසුනොත් ඒ කුසලයේ බලයෙන් ත්‍රිහේතුපටිසන්දිකව උත්පත්තිය ලබලා අනාගත භවයකදි ඒ වාසනාව උදාකරගන්නවා.
සුළඟ එදා පැවසූදේ නම් යළිත් යළිත් මතකයට එනවා. කිමිදෙන්නම ඕනලු පතුල දකින්න නම්. මෙතන ලොකු රහසක්‌ තියනවා. එක අතකින් ඇත්තම ඇත්ත තමයි ඒ කතාව. පතුල දකින්නට පුළුවනැයි පීනලා. ගැඹුරටම කිමිදි කිමිදි විමස විමසා ඇත්ත සොයා ගත්තොත් මිසක. 
මරියානා ආගාධය හරිම ගැඹුරුයිලු. ඒ බව අසා දැනගෙන විශ්වාසය (ශ්‍රද්ධාව) ඇති කරගෙනයි ඉන්නේ. ඒත් ගැඹුර දැකලා නම් නැහැ. හොඳයි මරියානා ආගාධය පසෙකින් තබමුකෝ. නොදැක්‌ක දේ නිවැරදිව කියන්න බැහැනේ.
ම්... එදා සුළඟත් කිව්වනේ ශ්‍රද්ධාව විශ්වාසය පමණක්‌ නොසෑහෙන බව. ශ්‍රද්ධාව බීජයක්‌ පමණයි. ඒ ශ්‍රද්ධා බීජය රෝපණය කරන්න ඕන, ඇත්ත හෙළි වෙවී ශ්‍රද්ධාව වැඩි වැඩී ලියලා ගිහින් ඵල නෙලා ගන්න නම්. ඇත්ත සොයමින් කිමිදෙන්න ඕනේ. විමස විමසා ඇත්ත හෙළි කර ගන්න නම්. මෙගොඩ හිටියොත් සදාකාලික දුක. 

කිමිදිලා බලන්
පිහිනලා නොයන්
කිමිදෙනා කට්‌ටලය
පැළඳගෙන වරෙන්

සමාධී වෙයන්
දැහැන් ගත වෙයන්
උපේක්‌ෂාවෙන් යන්න
හැකිවේය ඉතින්

සතරක්‌ අනුව බලන් 
විමසලා බලන් 
ඇත්ත දැක ගනින්
සැනසිලා හිඳින්

කිමිදුම් කට්‌ටලය වන්නේ උපේක්‌ෂා සහගත සතරවන ධ්‍යාන ශක්‌තියයි. එය පැළඳ නොගත්තොත් ගැඹුර දැකීමට, සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා කිමිදිය නොහැකිය. තමන්ගේ කය, වේදනාව, තමන්ගේ සිත, ස්‌වභාවය කියන ආධ්‍යාත්මික ලෝකය පළමුවෙන් පරික්‌ෂා කරලා ඒ අනුව බාහිර ලෝකය පරික්‌ෂා කිරිමයි කිමිදිලා ඇත්ත සොයා ගන්නා ක්‍රම වේදය වන්නේ. කායේ කායානුපස්‌සී විහරතී, වේදනාසු වේදනානුපස්‌සී විහරතී, චිත්තේ චිත්තානුපස්‌සී විහරතී, ධම්මේසුධම්මානුපස්‌සී විහරතී. 
විවිධ හේතුන් මත කලින් කලට ලෝකයේ යථාර්රතය දකින ආකාරය අතුරුදන් වෙනවා. එවිට අධිගමය අන්ත්‍රස්‌ධාන වෙනවා. තුන් ලෝකයේ කොතනක හෝ අධිගම ලාභියෙක්‌ සිටින තාක්‌කල් බුදු දහම අතුරුදන් වෙන්නේ නැහැ. ඒ නිසා මනු ලොවින් අධිගමය අන්ත්‍රස්‌ධාන වුණාට බිය විය යුතු නැහැ. දිව්‍ය බ්‍රහ්ම ලෝක වල අධිගමය තිබෙන තුරා. දහමෙහි තිබෙන උතුම් ඒහිපස්‌සිකෝ ගුණය මත මනු ලොවටත් කලින් කලට ඒ දහම ලැබෙනවා.
පර්යාප්ති සාසනය සුරැකීම උතුම් ගුණාංගයක්‌ තමයි. එසේ නොකළොත් සාසනය වේගයෙන් අතුරුදන් වෙනවා. ගැඹුරු ධර්ම දේශනා පැවැත්වීමෙන් හා ශ්‍රවණය කිරිමෙන් සාසන බ්‍රහ්ම චර්යාවේ නිරත වන අපේ රට හරිම වාසනාවන්තයි. හැබැයි පර්යාප්තියෙන් සත්‍ය දැක නිවන් දකින්න නම් බැහැ. ක්‍රියාකාරීත්වයේ යෙදිලා තමා තුලින් සත්‍ය පිරිසිඳ දැක ගන්නම ඕනේ. එවිටයි ප්‍රතිවේදය ලැබෙන්නේ. සත්‍ය දැකගත් කෙනාට ඒ දහම ඇසෙන විට හරිම සතුටක්‌ ඇති වෙනවා. ප්‍රීති සම්බොඡ්ජංගයයි ඒ.
සෑම මොහොතකම මිනිස්‌ සිත් සතන් සනහාලමින් ගැඹුරු ධර්ම දේශනා හඬ වාතලයට මුසු වෙනවා. ඉතින්... ඒ ගැඹුරු ධර්ම දේශනා මගේ සවනත වැකෙන විට සතුටින් සිත ඉපිළිලා යනවා. ශ්‍රද්ධාවෙන් තෙත් වෙනවා. 
බුදු පියාණෝ එදා පිරිනිවෙන මොහොතේදි පැවසුවේ ලංකාවේ තමයි පිරිසිදු බුදු සසුන බොහෝ කාලයක්‌ පවතින්නේ කියා. අහගන්නකෝ, කුමක්‌ද මේ මහා වංශය කියන්නේ කියලා. 

පතිට්‌ඨස්‌සතී දේවින්ද ලංකායං මම සාසනං
තස්‌මා සපරිවාරන්තං රක්‌ඛ ලංකාව සාධුකං
දේවේන්ද්‍ර දේවේන්ද්‍ර සක්‌දෙවි» දේවේන්ද්‍ර

රකිනුමැන ලංකාව වෙසෙන පිරිසත් සමග
දේවේන්ද්‍ර දේවේන්ද්‍ර සක්‌දෙවි» දේවේන්ද්‍ර
මගේ ශාසනය එහි පවතිනවමයි නියත

ම්...ම්... දැන්වත් සුළඟ ඒවිද? සුළඟ ආවම මම කියනවා සුළඟ සමගින් මගේ අත්දැකීම්...
ආශ්‍රව ධර්මයෝ යටපත් කරමින් පහළවූ සමාධිය නැගීගොස්‌ සංඥා හසු නොවන ස්‌වභාවයට, අසංඥත ස්‌වභාවයට පත් වීමට ඉඩ නොදි සිත දැහැන්ගත කළ බව කියනවා. සමාධි සිත නැගී යන බව හඳුනන්නේ පිරිසිදුවට සමාධිගත වන කෙනා පමණයි. නීවරණ යටපත් කළාමත් සිත ප්‍රභාශ්වරයි. හැබැයි තාවකාලිකයි. 
ම්... තව කියන්නම් සුළඟ සමග, පළමුවන, දෙවන,තෙවන ධ්‍යාන ඉක්‌මවා සතරවන ධ්‍යානයටම සිත නැංවිය හැකි බව. 
තව.... තව.... මම කියන්නම්, මේ සමාධි සිත නැගී ගියේ, ආශ්‍රව බර, කෙලෙස්‌ බර පසෙක තැබූ විට සිතේඇතිවූ සැහැල්ලුව නිසා බව. මේ ස්‌වභාව දහම නම් මහා පුදුමයක්‌ම බව. Rදි විෂය අචින්ත්‍ය ධර්මතාවක්‌ බව. මේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂ ඥානය බව. 
ම්...ම්...ම්... තව... තව... මම කියනවා, සතරවන ධ්‍යානයේදි සිත නැගී ගිය විට හුස්‌ම රැල්ල නොදැනී ගොස්‌ ඉඳහිට ඒ අවශ්‍යතාවය යන්තම් මුව විවර වීමෙන් සිදුවන බව.
ම්... කය නොදැනී යාමත් බාහිර අරමුණු හෙවත් බාහිර නිමිති (වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස) ගැන හැගීමක්‌ නොවීමත් පපංච ධර්මයන්ගේ (ගලන සිතුවිලි) නතර වීමත් නිසා සිත තනිවන බව.
මේ චිත්ත ශක්‌ති සම්භාරය ඇතිවන්නේ වෙන දෙයක්‌ නිසා නොවෙයි, සිතේ ඇතිවන මධ්‍යස්‌ථ බව හෙවත් උපේක්‌ෂාව නිසා රාගාන්තයට සහ ද්වේශාන්තයට නොවැටී හිඳීමේ හැකියාව මත බව. 
මධ්‍යම ප්‍රතිපදාවේ, මැදුම් පිළිවෙතේ හෙවත් අරි අටඟි මගේ අන්තවාදි සිතකින් ගමන් කළනොහැකි බව. මේ මගේ යා හැක්‌කේ මධ්‍යස්‌ථ සිතකින් පමණක්‌ බව. අන්ත වලට සිත වැටුනොත් ඇත්ත නොපෙනී ඉපදෙමින් මැරෙමින් ලෝකයෙහිම නතරවන බව.
මධ්‍යස්‌ථ සිතකින් මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් ගන්නා ආකාරය මට දැන් තේරෙන බව... ආදිසියලුම දේවල් ඔබ සමඟ කියන්න ඕන සුළඟේ. කෝ ඉතින් අද මේ ගැන කතා කරන්න නැහැනේ සුළඟ තාමත්.
හස්‌තිශෛලපුර මහා ඇතුගල මුදුනේ වැඩ වෙසෙනා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරිපතුල් සිප ගනිමින් ගහකොළ නලවමින් පරිසරයේ සෞම්‍ය බව, සිසිලස ඇති කරමින්, හා...හා...හා... මට දැනෙනවා ඔබේ ඔය සම්‍යක්‌ කල්පනාවෝ. නිවැරදියි... නිවැරදියි.... යයි පවසමින් මේ හමාගෙන එන්නේ දඹදිව් තලයේ බුද්ධගයාවේ බෝමැඩ අභියස දි සත්‍ය මතු කරගන්න වෙහෙස දරන අවස්‌ථාවේදි බුදු පියාණන්ට සෞම්‍ය පරිසරයක්‌ සකසාලමින් සෙවන දුන් බෝමැඩ සමීපයේ හිඳිනා සුළඟයි.
එන්න සුළඟේ... එන්න සුළඟේ... මට බොහෝ දේවල් කියන්න තියනවා ඔබත් සමග. මම හරි ආසයි අද කතා කරන්න ඔබත් සමග. අපි ඉන්න මුලු මහත් ලෝකයේ සැලැස්‌ම ගැන අපි කතා කරමුකෝ. 
ඇත්තටම සුළඟේ මේ ලෝකයේ අගක්‌ නැද්ද මුලක්‌ නැද්ද සීමාවක්‌ නැද්ද. අපි ඉතින් කොහොමද අගමුල නැති ලෝකයක ඉන්නේ. ඉතින් කියන්න... කියන්න... ඔබ දන්නවානේ බුදු පියාණෝ මතු කරගත්ත දෙවල්.
එහෙනම් ඔන්න... අහගන්නකෝ ලෝකයේ හැටි. ලෝකය ත්‍රිවිධයි. ඉන් එක විධියක්‌ තමයි හිස්‌ අවකාශය. තව විධියක්‌ තමයි සකස්‌ වීම. තවත් විධියක්‌ තියනවා, ඒ තමයි සත්ත්වයා. අවකාශ ලෝකය... සංකාර ලෝකය... සත්ත්ව ලෝකය. මේ තුන් විධියම එකට එක්‌කාසු වෙලා තමයි අපි ඉන්න සමස්‌ථ ත්‍රිවිධ ලෝකය නිර්මාණය වුණේ. 

කෙසේ සැදුනාද මේ ලෝකය
සත්ව සංඛාර අවකාශය
එක්‌වෙලා සැකසෙනවා ලෝකය 
හෙළිකරමු මේ මායා ලෝකය

ඉතින් සුළඟේ, මේ ත්‍රිවිධ ලෝකයෙන් එක විධියක්‌ පමණක්‌ තිබුණොත් මදිද? ඉතින් මේ ලෝකයේ කෙලවරක්‌ සීමාවක්‌ තියනවාද? වැටකඩුළු තියනවාද? 
හොඳයි... අපි ගනිමු හිස්‌ අවකාශය. අවකාශ ලෝකය. ඒ එක්‌ විධියක්‌ පමණයි. අවකාශය කියන්නේ හිස්‌ ඉඩ පමණයි, වෙන මුකුත් නම් නැහැ. ශුන්‍ය බව දෙයක්‌ නොවේ නම් හිස්‌ ඉඩෙහි සීමාවල් කොයින්ද? අගක්‌ මුලක්‌ කොයින්ද? මුකුත් නෑනේ. බලන්නකෝ ඔබ ඉදිරියේ තියෙන ඔය මේසය දිහා. එහි සීමාවල් තියෙන්නේ එය සකස්‌වූ දෙයක්‌ නිසයි. කොයින්ද ඉතින් සීමාවල්, දෙයක්‌ නොවන හිස්‌ බවේ. මොකුත් නෑ... මොකුත් නෑ...
ඒ නිසා අපි අනිත් විධිය ගැන කතා කරමුකෝ. ඒ තමයි සංඛාර ලෝකය. සැකසීම, සකස්‌වීම, සංස්‌කරණය වීම. මොනවාද සකස්‌වෙන්නේ? සකස්‌වෙලා තියෙන්නේ? දේවල්.... ද්‍රව්‍ය.... කොපමණ ද්‍රව්‍ය සකස්‌ වූවත් ඒවාට ඕනතරම් ඉඩකඩ තියනවා. කොපමණ ද්‍රව්‍ය සැකසුනත් ඉඩ මදිවෙන්නේ නෑ කවදාවත්. සීමාවක්‌ නෑ ඉඩෙහි. ඒ තමයි ස්‌වභාව දහම. අග මුල නැති සීමාල් නැති මායිම් නැති අවකාශ ලෝකයයි ඒ. ඉතින් මේ හිස්‌ අවකාශය ඝනීබවනය වන පුදුම ආකාරය අපි වෙන දවසක කතා කරමුකෝ.
කියන්න... කියන්නකෝ... දැන් ලෝකයේ අනිත් විධිය ගැන. හිස්‌ අවකාශය, සකස්‌වීම් වලින් ගහනවෙලා. ඒ සකස්‌ වීම් අතර පුදුමාකාර සකස්‌වීමක්‌ තියනවා. ඒ තමයි මේ සත්ත්වයා... සත්ත්ව ලෝකය.

ලෝකයේ ඇත්ත අවකාශය 
ශුන්‍යයි ශුන්‍යයි ලෝකය 
සැකසීම ලෝක මායාවය 
මුලාවකි මේ සත්ත්ව ලෝකය

සීලයේ පිහිටලා 
සමාධිය ඇතිවෙලා 
විමසලා විමසලා
ප්‍රජාව ඇතිවෙලා

මේ සත්‍යය අපි අවබෝධ කරගන්නම ඕන. මේක ගෞතම බුද්ධ කාලයයි. ඇයි මෛත්‍රී බුද්ධ කාලය ගැන හිත හිතා ඉන්නේ අපි. අපිට ඒ කාලෙදිත් මේ දහම අවබෝධ නොවුනොත් මොකද වෙන්නේ ?
ඔන්න එහෙනම් සුළඟේ මම කියන දේත් අහගන්නකෝ දැන්... හිස්‌ අවකාශය තියනවා... මේ කෙලවරක්‌ නැති හිස්‌ ඉඩේ බොහෝ දේවල් සැකසිලා තියනවා... ප්‍රබලම සකස්‌ වීම තමයි සත්වයා... කොපමණ දේවල් සැකසුනත් කවදාවත් හිස්‌ ඉඩ පුරවන්න බැහැ. මේ සත්‍ය ස්‌වභාව දහමයි.
මට තවත් ගැටලුවක්‌ පැනනගිනවා. අන්තෝජටා... බහිජටා... මේ ලෝකය සකස්‌ වෙලා තියන, නිර්මාණය වෙලා තියන, අමුද්‍රව්‍ය මොනවාද? කොහෙන්ද ඒවා? 
හොඳයි ඒකත් හොඳ ප්‍රශ්නයක්‌ තමයි. ඉතින් දැන් කාලයක්‌ නැහැනේ රෑ බෝවීගෙනත් එනවා. ඒනිසා අපි තවත් දවසක කතා කරමුකෝ. ඔන්න මම ඒ දිනයේ නම් හිමිදිරි උදෙන්ම එනවා. ඔබත් සමඟ බොහෝ දේ කතා කරන්න මමත් හරිම ආසයි. සුළඟ නම් ගියා, ඉතින් ආයෙත් ඒවි.

මහ පොළොව මහ කැලෑ 
මහා කඳු මහා ගිරි 
මහ සයුරු මහා ගංඟා 
ගලා හැලෙනවා

මහ වැස්‌ස මහ සුළං 
නොදැන මහ මග නොයන් 
ඔබට යන්නට මහා 
මාවතක්‌ තියනවා

ඒ වෙනත් මාවතක්‌ නම් නෙවෙයි. ආර්යභාවයට පත් වීම පිණිස ගමන් ගන්නා ආර්ය අෂ්ඨාංගික මර්ගයමයි. ඒ පාරේ ගමන් කරන්න, එයටම ආවේනික වූ සුවිශේෂී විලාසයක්‌ තියනවා. පා තබා යන්න නම් බැහැ. සිහිය පිහිටුවා ගෙන සමස්‌ථ පරිසරය විමසන විටයි ඇත්ත හෙළි වෙවී පාරේ ඉදිරියට පිවිසෙන්නේ.

මහ බලැති මහ සඟුනි
මහා ජනකාය ඉන් 
මුදාගන්නට හැකිය 
මහ වැඩක්‌ තියනවා

මහා වීරිය වඩව්‍
මහා වීරිය වඩව් 
මහ තෙදැති බුදු පියා 
කියනවා

බුදුපියාණෝ පවසනවා නීවරණ සඟවා සමාධිය ඇතිකරගෙන ඒ සමාධියේ බලයෙන් දැහැනට සමවැදීමට හැකි බව තමයි මගඵල ලැබෙනා බවට පෙරනිමිත්ත බව. ඒ හැකියාව ලබාගෙන ඒ සමාධි ඉන්ද්‍රියේ බලයෙන් ලැබුණු උපේක්‌ෂාවෙන් සතරක්‌ අනුව සිහිය පවත්වාගෙන යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ලෝකය විමර්ශනය කරමින් ඇත්ත නොසොයන්නේ නම් යථාර්ථය අවබෝධ නොවීමෙන් ඇත්ත නොවැටහීම නිසා නිවන බලාපොරොත්තු වන්නනම් එපා. ඒ සත්‍ය ගවේෂණය කිරීම සඳහා ඇති එකම පසුබිම වන්නේ සතරක්‌ අනුව විමසීමමයි. ඒ සමාධිය ඇති කර නොගෙන අයාලේ විමසමින් රැවටෙන්න නම් එපා. මේ ලෝක පරමාර්ථ ධර්මතාවක්‌ වන නිවන ගැන කිය කියා ඉන්න නොවෙයි තියෙන්නේ, සාක්‌ෂාත්කරගන්නයි ඕනෙකරන්නේ නිවෙන්න නම් දුකින්.

නිවනට පිවිසිය හැකි එකම මඟ ඒකයි. සෝ තැවුල් නැතිවෙලා දුක්‌ දොම්නස්‌ දුරුවෙලා අධිගමය (මඟඵල) ලබා නිවන සාක්‌ෂාත් වන මේ ඒකායන මාර්ගයේ ගමන අරඹන්නට සමාධිමය පෙරනිමිත්ත පහළ වෙන්නම නම් ඕන. සීලයෙන් සමාධියටත්, සමාධියෙන් ප්‍රඥවටත් සංක්‍රමණය වෙමිනුයි නුවණ පූර්ණවී ඒ අසිරිමත් මොහොතට ළඟාවන්නේ.

මේ සම්‍යයක්‌ සංකල්පනාවන් ඔස්‌සේ මගේ සිත ගමන් කරනවා තමයි. ඒත් නැවතත් අද මේ දෘශ්‍යමාන පරිසරය වෙතටම සිත පිsවිසෙනවා. ඊයේ රාත්‍රියේ මාවවුලන් වෙනුවට දැන් බටිති මලිත්තෝ, වක්‌කඩ ළඟ දිය කඩිත්තේ සමහර නිල්මානෙල් පොහොට්‌ටු තාම නිදි.සමහර මල් පොහොට්‌ටු තවමත් වතුර මතු පිටට මතුවෙලාවත් නැහැ. ජලයේ නොගෑවී උඩට මතුවෙලා තියෙන සමහර පොහොට්‌ටු තාම අඩ නින්දේ. හොඳට මෝරා තියෙන මල් පොහොට්‌ටු බලා ඉන්නේ විකසිතවීමට හිරු කිරණ වැටෙන තුරුයි. හිරු කිරණ වැදීමෙන් විකසිත වෙන්න සැරසෙන්නේ හරියට ත්‍රිහේතු පටිසන්ධිකව උප්පත්තිය ලැබූ අය සත්‍ය අවබෝධ කරා යැමට සත්පුරුෂ සංසේචනය ලැබෙන තුරු බලා ඉන්නවා වගෙයි. ඒ අයට සත්පුරුෂ සංසේචනය ලැබුණොත් අවංක වුවහොත් සත්‍ය අවබෝධ වී සිත විකසිත වෙනවාමයි.

දිය කඩිත්තේ මෝදුවෙමින් පවතින මල්පෙතිවල සුසිනිඳු පහස ලබන්නට මම අත දිගු කරනවා. ඌයි...ඌ...යි... බුදු අම්මෝ ඉවසන්න බෑ. ඹබරෙක්‌ අතට විදලා.

හඬ නගාගෙන වේගයෙන් හමා එන මා යහළු සුළඟ වේදනාව. ඔබ වේදනාවට පත්වෙලා. ඉවසන්න, අහුලන්න ඔය ගස යට වැටී ඇති ඵලය. තවරන්න එහි ඉස්‌ම බඹරා විදු තැනට.

හරි පුදුමයි, හරි පුදුමයි, සුළඟේ දැන් දුක්‌ත පහස. දුක්‌ත වේදනාව දැන් නැහැ. දැකගන්නකෝ... දැකගන්නකෝ... ශුද්ධාෂ්ඨකයේ ඇති ඕජාවේ බල මහිමය.

පස්‌ස පච්චයා වේදනා
පස්‌ස නිරොරෝධෝ
වේදනා නිරෝධා

අද ඔබ වේදනාවෙන් භරිත වුණා. දුක්‌ඛ දුක්‌ඛයයි ඒ. ඔව් සුළඟේ ඔබ නාවා නම් මම තාමත් දුක විඳිනවා. දැන්නම් මට හොඳටම සනීපයි. ඒ නිසා සැප වේදනා.

අපි ඔය වේදනා ගැන විමසමුකෝ. අපි එදා කතා වුණ ආකාරයට ත්‍රිවිධ ලෝකය සැකසුණු, නිර්මාණය වුණු මුලද්‍රව්‍ය ගැන විමසා ඉමුකෝ. ඉතින් සුළඟේ මමත් අද හරිම ආසාවෙන් පුල පුලා බලා සිටියේ ඔබත් සමග මේ ත්‍රිවිධ ලෝකය සුසැදි මූලද්‍රව්‍ය ගැන විමසා දැනගන්නයි.

ඔබ දන්නවාද? මුළු ලෝකයම භීතියට පත්වෙලා සසර බිය නිසා. ඉතින් එදා සියල්ලෝම සත්‍ය සොයනවා. බියජනක සසරෙන් ගැලවෙන්න මං සොයනවා. සමාධියේ උපරිම හිනි පෙත්තට නැගලා උපේක්‌ෂාව පාදක ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනයටත් සමවදිනවා. හැබැයි නේවසඤ්ඤානාසඤ්ඤායතනයට නිවන කියලා රැවටිලා සියල්ලෝම ආත්ම දිට්‌ඨියේ ගිලිලා.

ලෝක නිර්මාණවාදයත් එලෙසමයි. සුළඟේ අහගන්නකෝ මේ කියමන. ලෝකය නිර්මාණය කළ කෙනා සියුම්, කටුක, රළු, ප්‍රසන්න, කලාත්මක, බියජනක, මෛත්‍රිය, ඊර්ෂ්‍යාව වැනි ඈ කී නොකී ගුණ දොස්‌ ආදියෙන් යුක්‌ත වන කෙනෙක්‌ වෙන්න ඕනේ. නැත්නම් මෙහෙම වැඩක්‌ කරන්න බැහැ.

ඒ විතරක්‌ නෙමේ, දේවවාදය, බ්‍රහ්ම, ඊශ්වර වාදී සංකල්පවලින් ගහනවෙලා පව් සෝදන අය, කයට වද දී පව් ගෙවා දමන අයත් බිහිවෙලා. තීර්ථක, අෙච්ලක, ආජීවක, පරිබ්රාජික, ජටිල, තාපස, ජින, මුනිරිසි සියලු දෙනා විමුක්‌තිය සොයනවා.

හිස්‌ අවකාශය ත්‍රිවිධ ලෝකයේ එක විධියක්‌ පමණයි. නමුත් හිස්‌ බව ද්‍රව්‍යයක්‌ නොවෙයි. ද්‍රව්‍යයක්‌ නොවෙයි නම් අගක්‌ මුලක්‌ තියෙන්න බැහැනේ. අග මුල තියෙන්න දෙයක්‌ තියෙන්න ඕනෙනේ. අගත් නෑ, මුලත් නෑ, සීමාවක්‌ නෑ. හැමතැනම හිස්‌. සුළඟේ මම ඔබට මතක්‌ කරන්නද එදා ඔබ දුටු සිද්ධියක්‌. මතකද එදා රෝහිතස්‌ස භික්‌ෂුන්ට ලෝකයේ අගමුල සොයන්න ගිහින් වෙච්ච වැඩේ. එහෙනම් මේ ලෝකයේ කිසිත් නෑ. හිස්‌ අවකාශය පමණයි. ත්‍රිවිධයෙන් එක විදියක්‌ තමයි ඒක. ලෝකයේ ඇත්තම ඇත්ත තමයි ඒ හිස්‌ අවකාශ ලෝකය. ලෝකයේ තවත් විදියක්‌ තමයි සකස්‌වීම. ඒ තමයි සංස්‌කාර ලෝකය කියන්නේ. මේ සුවිශාල සකස්‌වීම් ගොඩට සත්වයාද අයිතියි. ඒ තමයි සත්ත්ව ලෝකය. ඉතින් සුළඟේ මේ සමස්‌ත ලෝකය, අවකාශ ලෝකය, සංඛාර ලෝකය, සත්ත්වය ලෝකය යෑයි කියන තුන් විදියම එක්‌වෙලා තමයි නිමවුණේ. 

මේ සංකාර ලෝකයයි. නුවණින් වෙන්කර විමසා බැලුවොත් ඉතුරු වන්නේ හිස්‌ අවකාශය විතරයි. මේ ස්‌වභාවල් හතර එක්‌වූ කල ඝනයක්‌ මැවෙනවා. මෙය මායා ලොවක්‌ වන්නේ ඒකනේ. 

පඨවි, අපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ යන සියලුම ස්‌වභාවයන් එක්‌වෙලා තමයි මේ සත්වයා සංස්‌කරණය වෙලා තියෙන්නේ. මෙතන තියන සුවිශේෂීත්වය තමයි විඤ්ඤාණය කියන ස්‌වභාවයේ එක්‌වීම. විඤ්ඤාණය කියන්නේ චිත්ත වේගයයි. මේ වේගය, රූප සමග එකතුවෙලා තමයි සමස්‌ත ලෝකය මැවෙන්නේ. විඤ්ඤාණය රූප එක්‌ක එකතුවෙන්නේ නාම මගිනි. විඤ්Æණ වේගයේ ක්‍රියාකාරීත්වය හඳුන්වන්නේ නාම යනුවෙනි.

පස්‌ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්‌හා, තණ්‌හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පව්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණ, ශෝක, පරිදේව දුක්‌ඛ දොaමනස්‌ස. දැක්‌ක නේද සුළඟේ, දැනෙන නිසා වෙච්චි වැඩේ. හිස්‌ අවකාශයේ සංස්‌කරණය වුණු සත්වයා දුක්‌ත ලොවක්‌ මවාගත්තේ මෙලෙසයි. මේ දුක්‌ත ලෝකයේ නිමාව දැකිය හැක්‌කේ මේ ක්‍රියාදාමයේ ඇත්ත දුටුවොත් පමණයි.

මේ හිස්‌ අවකාශයේ නිමක්‌ නැතිව සැකසී තිබෙන දේවල් අතර ප්‍රබලතම සකස්‌වීම සත්වයා නේ. ඉතින් අහන්නකෝ ඒ සත්වයා අතරිත් විවිධත්වයක්‌ තියෙනවානේ. මනුස්‌සයා ඉන්නවා, අපායවල් තියෙනවා, තව... තව... සදිව්‍යය ලෝක, බ්‍රහ්ම ලෝක විස්‌සක්‌ යනුවෙන් තිස්‌එක්‌ තලයක්‌ම තියෙනවානේ. මේ තමයි ත්‍රිවිධ ලෝකයේ සත්ත්වයා. 

ඔබට මම තව දෙයක්‌ කියන්නයි යන්නේ. ඔය ත්‍රිවිධ ලෝකයේත් ප්‍රබල වන්නේ සත්ත්ව ලෝකයයි. සත්ත්වයා අතරිනුත් ප්‍රබල වන්නේ මනුෂ්‍යයායි. වැඩි විස්‌තර ඕනේ නැහැනේ. කෙටියෙන් කිව්වොත් බුදුවරු පහළ වන්නේත්, මනුෂ්‍යා තුළින්මනේ. තව දෙයක්‌ කියන්නද ඔබට මම? මනුෂ්‍යා අතරත් ඉන්නවානේ ප්‍රමුඛ ස්‌ථානය ගන්නා කෙනෙක්‌. ඒ තමයි මේ.. මම... ඇයි එහෙම කියන්නේ? එතරම්ම වැදගත් අයෙක්‌ද මේ මම.

ඇයි නැත්තේ... මේ මම තමයි අගක්‌ මුලක්‌ නොපෙනෙන මේ සුවිශාල මුළු තුන් ලෝකයේම ආධ්‍යාත්මය. දෙවිවරු, බ්‍රහ්මයෝ අතුළු අන් සියලුම දෙනා සහ සියලුම දේ මා වටාය. මගෙන් පිටතය. ඒ බාහිර ලෝකයයි. ලෝකයේ ආධ්‍යාත්මය මමයි. අන් සියල්ල බාහිරයි. ආධ්‍යාත්මයේ ඇත්තේ ඇස, කණ, නාසය, දිව, කය, මනස පමණයි. බාහිර ලෝකයේ ඇත්තේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස සහ ධම්ම පමණයි. මේ දෙපාර්ශ්වයම එක්‌වුණාම සංස්‌කරණය වන්නේ නම් දුක පමණයි. දුක මතයි මගේ ලෝකය පවතින්නේ.

ආයතන දොළහ හැර මේ සමස්‌ත තුන් ලෝකයේ වෙන කිසිම දෙයක්‌ නැහැ. තියෙනවා නම් වහාම කියන්නකෝ ඔබ. නැහැ.. නැහැ... වෙන කිසිම දෙයක්‌ නැහැ. සමස්‌ත ලෝකයේ තියෙන සියලුම දේවල් මේ දොළහට අයිති වෙනවාමයි. ඉතින්, ඉතින් සුළඟේ, පඨිවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ කියන සමස්‌ත ත්‍රිවිධ ලෝකය පුරා විසිරුණු සියලුම ස්‌වභාවයන් එක්‌ තැන් වී සැකසුණු ලෝක නිර්මාණය තමයි මම. ඉතින් භව දුකින් එතෙරවීමට සමස්‌ත ත්‍රිවිධ ලෝකයේ යථාර්ථය දර්ශනය වන්න ඕන නේ. මේ සුවිශාල ලෝකය පුරා ඇත්ත සොයමින් ගමන් කිරීමට කිසිදු අවශ්‍යතාවක්‌ නැහැ. ඇයි ඒ? තමා නිර්මාණය වුණේ මේ සියල්ලගේම එකතුවෙන් නිසා තමා පරීක්‌ෂා කළාම අගක්‌ මුලක්‌ නොමැති සමස්‌ත ලෝකයම පිරිසිඳ දැකිය හැකිනේ. ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීතී.

එහෙම නම් සුළඟේ බුදුපියාණෝ සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ පාරමී දම් පුරලා හෙළි කරගත්ත තථාගත දර්ශනය සත්වයාට ප්‍රදානය කළේ, පහදා දුන්නේ මේ බඹයක්‌ දිග කය තුළින්මයි.

ඔබට මතකද උදේ වෙච්ච දේ... බඹරු විදලා කෑගැසූ හැටි? හොඳටම වේදනා වින්දා නේද? ඔය වේදනාව ගැන අපි වරදවා වටහගෙන තිබෙන බව නම් කිව යුතුමයි. 

සිරිමහා බෝ සමිඳුන් සිප එන සුළඟේ. අපි මෙතෙක්‌ බොහෝ දේ කතා කළානේ. නිවැරැදිව අරි අටඟි මගෙහි පියවර තබන විට මතුවන ධම්ම විජය නුවණ, ප්‍රඥව හෙවත් ලොවේ සත්‍යතාවය පිළිබඳව ඇති වන්නාවූ අවබෝධය තුළින් මෙතැන් සිට ඉදිරියට සාකච්ඡා කරමු අපි. 'කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං'.

නීවරණ ධර්මතා සඟවා දැහැන්ගත වී ඇතිකරගත්ත චිත්ත පාරිශුද්ධිය තුළින් විමර්ශනයක යෙදෙම අපි. කුමක්‌ද? කුමක්‌ ගැනද..?

බුදුපියාණෝ අපට හෙළි පෙහෙළි කර දුන් මේ මායාකාරී ලෝකය ප්‍රඥව තුළට සේන්දුවන ආකාරය. නුවණැසින් දර්ශනය වන ආකාරය.

එහෙම නම් ඔබට කිව හැකිද සුළඟේ, සත්වයා මේ තෙරක්‌ නොමැති සංසාරයේ ඇදගෙන යන බලවේගය කුමක්‌ද කියල. ඒ තමයි... මායා වේශයෙන් අප කරා එන ආත්ම දිට්‌ඨිය. ඉන්නවා තියනවා කියන මේ ආත්මීය සංකල්පය නිසා තමයි සත්වයා ලෝකය දිහා අනුවණින් බලන්නේ. ඒ නිසයි අසරණභාවයට පත් වන්නේ. වැරැදි දැකීමක්‌ ඇති වන්නේ. අංගුත්තර නිකායේ අයෝනිසෝ මනසිකාර සූත්‍රය කියනවා 'මහණෙනි, අනුවණින් මෙනෙහි කිරීම මහත් අනර්ථය පිණිස පවතී. මෙබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි' කියා. ඒ නිසයි සත්වයා අසරණභාවයට පත්වෙලා ඉන්නේ. වැරැදි දැකීමක්‌ ඇතිවී තිබෙන්නේ. ඒ තමයි සුළඟේ, 'සක්‌ඛාය දිට්‌ඨිය' කියන සත්වයා භවයට බැඳුණු පළමුවන සංයොජනය වන්නේ. ලෝක සත්‍ය හෙළි කරගෙන ඒ සංයෝජන බිඳ දමන අයුරු හෙළිදරව් කරගෙනයි බෝසතාණෝ එදා බුද්ධත්වයට පත්වූයේ.

ලොකෝත්තර භාවයට පත්වී නිවනින් සැනසීමට නම් අපි භව සංයෝජන, භව බන්ධන සියල්ලම ලිහාගන්නම ඕන. මුලින්ම ලිහාගත යුත්තේ මේ සක්‌ඛාය දිට්‌ඨිය නමැති බන්ධනයයි. සත්‍ය දැකීම තුළින් සක්‌ඛාය දිට්‌ඨිය ලිහාගත්තාම කිසිදු ආයාසයකින් තොරව නිරායාසයෙන්ම විචිකිච්ඡාව, සීලබ්බතපරාමාස කියන සංයෝජන දෙකද ගැලවී යයි. කුමක්‌ද එසේ වීමට හේතුව?

හේතුව තමයි... කෙනෙක්‌ නොමැති බව වටහාගෙන ප්‍රථම වතාවට චතුරාර්ය සත්‍යය ස්‌පර්ශ කළානම් සැකයක්‌ ඇතිවීමට කිසිදු හේතුවක්‌ නැහැනේ තමා නිසි තැනට පැමිණ ඇති බවට. ආව පාර නිවැරැදි නිසානේ චතුරාර්ය සත්‍ය ස්‌පර්ශ කිරීමට, අවබෝධ කිරීමට හැකි වූයේ. 'ඒකායනෝ අයං භික්‌කවේ මග්ගෝ' එකම මඟක්‌ නම් තියෙන්නේ, ඒ පාරෙන් තමා නිසි තැනට පැමිණියේ නම් නිවැරැදියි නේද? වෙනත් මං නොමැති බව නොවැටහෙන්නේද? එසේ නම් සීලබ්බත පරාමාස නමැති භව සංයෝජන නිරායාසයෙන්ම සිඳී බිඳී ගිය බව නොවැටහෙන්නේද? පළමුවන වතාවට සත්‍ය අවබෝධ වූ කළ සක්‌ඛාය දිට්‌ඨිය, , සීලබ්බතපරාමාස යන භව සංයෝජන තුනම සිඳී බිඳී යන්නේ එලෙසනේ සුළඟේ.

ඉතිරි සංයෝජන කාමරාග, පටිග, රූප රාග, අරූප රාග, මාන, උද්දච්ඡ, අවිද්‍යා යන සංයෝජන ආත්මභව හතක්‌ තුළදී ගැලවී යා යුතුමය. ඒ ස්‌වභාව දහමේ නියමයයි.

මේ සත්‍ය දර්ශනය කරගැනීම පිණිස බුදුපියාණන්ගෙන් ලැබෙන මනරම් කර්මස්‌ථාන කෙතරම් අපූර්වද? ඇත්ත අවබෝධ නොකළහොත් ආත්ම දිට්‌ඨියෙන් මුලාවී අතරමං වන්නේ මේ 'මම' ය.

ලෝක විදු බුදු පියා
ලෝකයම හෙළි කළා
ලෝකයේ ඇත්ත තතු
දැක නිවී යනු කියා

ඉතින් සුළඟේ, ලෝකයේ ඇත්තම ඇත්ත තමයි කිසිම දෙයක්‌ නිත්‍ය නොවීම. මේ නිත්‍ය ලොවක්‌ නොවේ. සිඳෙන බිඳෙන ලොවකි. මායාවකි. 'ලු-ජතීතී පළු-ජතීතී ලෝකෝ' මුළු ලොවම අනිත්‍යය. අනිත්‍ය ස්‌වභාවය අප ඉදිරියේ යවුල් බෙර ගසද්දී අපි දෙසවන් යොමු කරන්නේ නැත. සඳ මෙන් බබලද්දී අපි නෙත් යොමු කරන්නේ නැත. වෙනස්‌වන ලෝකයේ නිත්‍ය නොවන ලෝකයේ තමා පමණක්‌ නිත්‍ය යෑයි සිතමින් කල් ගෙවනවා. අනිත්‍ය යෑයි කීවාට බැහැ. පළමුවන වතාවට චතුරාර්ය සත්‍යය අවබෝධ වී ස්‌ථිර විය යුතුමය'. 'මඟ හොඳට තිබේ නම් ඇයි මං මුලා වන්නේ'.

බුදුපියාණෝ හරිම ලස්‌සනට මාවත සුද්ධ කර දුන්නාට නැවත වල් බිහිවෙමිනුයි පවතින්නේ. ඒත් කම් නැත. වීර්යයෙන් පවිත්‍ර කරගෙන යන්න පුළුවන්කම තියෙනවා තාමත්. වීර්යය මතම තමා සියල්ල සිදුවන්නේ. වීර්යය තිබේ නම් අතීතයේ, ඊයේ, අනාගතයේ, හෙට කියමින් කල් මරන්න කොහෙත්ම ඕන නෑ. වර්තමානය එනම් මේ මොහොතේ තමයි සත්‍ය දැකගත හැකි වන්නේ. මේ අකාලික වූ දහමෙහි, බුදුපියාණෝ කියනවා 'මහණෙනි, ඇත්ත ඇති සැටියෙන් දැකීම මහත් අර්ථය පිණිස පවතී' කියා.

එහෙනම් සුළඟේ, ආත්මභාවය නමැති වැරැදි දැකීම, නිවැරැදි කරගත හැකිවන්නේ ක්‍රියාකාරීත්වය තුළින් සත්‍ය පිරිසිඳ දැකීමෙන් පමණි. එහෙනම් අපි සත්‍ය ගවේෂණයක යෙදෙමු මෙතැන් සිට.

ඉතින් සුළඟේ.. මේ ඉන්න මම කියන පුද්ගලයා විභේදනය කර සුන්බුන් බවට පත් කර ඊටත් එහායින් තිබෙන ලෝකයේ සත්‍ය ස්‌වභාවය වන හිස්‌ අවකාශය වටහාගෙන නිවී යැම තමයි මහා ප්‍රඥව කියන්නේ.

සුළඟේ... මම පුංචි වදනක්‌ කියන්නම් ඔබට. ලෝකයේ තිබෙන සියලුම දේවල් විභ-ජ වාදය අනුව බෙදා බැලූ කල අන්තිමට බෙදන්නට කිසිවක්‌ ඉතිරි නොවෙයි. කිසිත් නැත හිස්‌ අවකාශය පමණි. ඒකනේ... සුළඟේ... බුදුපියාණෝ ලෝකය මායාවක්‌ බව පවසන්නේ.

සුළඟේ... අපි බලමු... මේ 'මම' ඉන්නවානේ. අපි මුලින්ම සිතයි, කයයි බෙදා වෙන් කර බලමු. මම ඉන්නවාද දැන්? නැහැ.. නැහැ.. නැහැ.. ඉන්නවා කියන ආත්ම දිට්‌ඨිය අහෝසි වෙනවා. තියනවා කියන ආත්ම දිට්‌ඨිය නම් ඉතිරිවෙනවා. හිත... ඉන්නවාද? නැහැ. හිත තියෙනවා. කය.. ඉන්නවාද? නැහැ. කයද තියනවා. මම නැහැ. හිතක්‌ තියෙනවා. කයක්‌ තියෙනවා.

කයද බෙදූ කල කය නැතිවී ගොස්‌ කැබැලි තිස්‌ දෙකක්‌ පමණක්‌ ඉතිරි වෙයි. තාමත් තියෙනවා කියන ආත්ම දිට්‌ඨිය ඉතිරිව තිබේ. එහෙම නම් සුළඟේ... අපි ධාතු මනසිකාරය අනුව විභේදනය කර බලමු. මේ සියලුම කැබලි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන එකිනෙකාගේ සහයෝගයෙන් සහජාතව පවතින ශක්‌ති සතර නුවණැසින් වෙන්කර බැලුවාම කිසිත් නොමැත. ශුන්‍ය බවට නැතහොත් හිස්‌ අවකාශය බවට පත්වෙයි. ඇයි...? එකිනෙකාගේ සහයෝගය නැතිව එකඳු ශක්‌තියකටවත් තනියම පැවැතිය නොහැකි නිසයි ඒ. එසේ නම් මේ ලෝකය මායාවක්‌ නොවන්නේද?

මගේ සම්බුදු පියා
විභ-ජවාදය සොයා
බෙදාලා ලෝකයම
දිග හැරලා පෙන්නුවා

ලෝකයක්‌ නෑ මෙතන
මේක මායාවක්‌ය
භයානක බොරුවක්‌ය
හිතට ගනු ගැලවෙන්න

ඉවත් වනු වහා මිස
කියන්නට කිසිත් නැත
මෙන්න බුදු පණිවිඩය
ඔබ වෙතට ගෙනෙමි මම

ඉතින් සුළඟේ 'මම' විභේදනය කර බලන විට සිතකුයි, කයකුයිද, කය බෙදා බලන විට කැබලි තිස්‌ දෙකක්‌ද, කැබලි සියල්ල බෙදා බලන විට කිසිත් නොමැති බවද වටහා ගනිමින් බුදුපියාණෝ ලෝක මායාව හෙළිකරගෙන ඇත්ත දැක නිවී යැමට මේ බඹයක්‌ දිග කය නිර්දේශ කළහ.

ඒත් ඉතින් සුළඟේ, මමත්, නැහැ. කයත් නැහැ. නමුත් තාමත් හිත තියෙනවානේ..?' 'අන්තෝජටා බහිජටා ජටාය ජටිතොපජා' හොඳයි එහෙම නම් අපි 'හිත' පිළිබඳව විමර්ශනයක යෙදෙමු අපි මුණගැසෙන ඊළඟ දිනයේ. සීලයේ පිහිටලා සමාධිමත් වෙලා සමාධියෙන් ඇතිවන උපේක්‌ෂා බලයෙන් විමසලා අපි ප්‍රඥව පහළ කර ගනිමු. තුණුරුවන් සරණයි ඔබට. ආයුබෝවන් යළිත් අපි මුණගැසෙන තුරා....!


කම්මට්‌ඨානාචාරිනී පද්මාවෝ රාජපක්‍ෂ
ශ්‍රී අමිත ගවේෂී ධම්ම සමාජයේ අනුශාසිකා
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X