සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

මරණය ජීවිතයට සමීප කර ගැනීම


සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදියැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරයකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණයකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාද සටහන - සුගත් වීරසූරිය

බියකරු වූ සංසාර තෙරක්‌ හෝ කෙළවරක්‌ සොයාගන්නට බැරි අනන්තය තෙක්‌ පැතිරුණු මහා බිමක්‌ වැන්න. ඒ සංසාරයට වැටුණු තෙක්‌ පැතිරුණු මහා බිමක්‌ වැන්න. ඒ සංසාරයට වැටුණු ජීවිතය නම් එබිමෙහි නොයෙක්‌ අතට මුල් ඇද ස්‌ථාවර වූ වෘක්‌ෂයක්‌ වැන්න. එසේ නම් සකලවිධ වූ ලෝකයන්ගෙන් පිරී ඉතිරී ගිය මේ අනවරාග්‍ර සංසාරයෙහි ඇති අපමණක්‌ ජීවිතද පෙර කී ථාවරවූ වෘක්‌ෂයන් බඳු නොවේද? තෘෂ්ණාව ආදී රස පොහොර, ජය සොය සොයා ගොස්‌ උරා ගනිමින් යළි යළිදු සංසාර තුළ එනම් මේ ජීවිත නමැති ගස්‌ පැළවී පැතිරී වැඩෙයි. එස්‌ නම් ආශාව, තෘෂ්ණාව ආදී මේ පොහොර ජලය ආදිය නොලැබෙන්නටම සැලැස්‌වීමෙන් මෙම සසර දිවි නමැති ගස්‌වලටද සදාකාලික මිලාන බව ඔබට උදාකරදිය හැකිය.

මරණය හැකි හැම විටම ජීවිතය කිට්‌ටුවට ගැනීමෙන් ඔබට මෙය කළ හැකිය. මෙයද සම්මා සම්බුද්ධ ශ්‍රාවකයකුට ජාති, ජරා ආදී කොට ගස්‌ සංසාර දුකින් අත්මිදීමට ඉවහල් කර ගත හැකි එක්‌ සම්දිටු මාර්ගයකි. එනම් විදර්ශනා ඥනයට පහසුවෙන් ළඟාවිය හැකි තවත් එක්‌ විදියකි. මෙය මෙසේ වුවත් කවර ජීවිතයක වුව අනිවාර්ය මහා විපතවූ මෙම මරණය සිහිකිරීමට පවා ඇතැම්හු බිය ගනිති. අප්‍රිය වෙති. කෙනකු මරණය ගැන කතා කළහොත් ඔහුට පවා මොවුහු අක්‍රෝශ කරති. පරිභව කරති. එමෙන්ම වෛරයද බඳිති.

එනම් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ මරණය ගැන නිතර සිහිකිරීමෙන්ද අමෘත අමා මහ නිර්වාණය වෙත කවරකුට වුවද ඉක්‌මනින් ළඟාවිය හැකි බවයි. සත්වයාගේ ජීවිතය ට සංසාර දුක යනු බෝ වන එකකි. එහි නිමාවක්‌ නැති පමණය. එය මෙලෙස ජීවිතවලට බෝවී ඒ ඒ සත්ව ජීවිත අප්‍රමාණ දුක්‌ඛයන්ගෙන් පිරී යන්නේ ඇයි? ඒ ඒ ජීවිත ආශ්‍රිත විඥන විවිධාකාරවූ අරමුණු රැස්‌කරන නිසාය. බුදුපියාණන් වහන්සේ නාම රූප යනුවෙන් දේශනා කළේද මේ අරමුණුමය. පුද්ගලයන්ගේ තෘෂ්ණාව තෙරක්‌ නොමැතිව පැතිරී යන වැළක්‌ මෙන් ලියලා වැඩෙන්නේද මෙම තෘෂ්ණාභරිත අරමුණු නිසාය. නිමක්‌ නොමැතිව හිතක අරමුණු ඇති වන විට ඔබට සැනසීමක්‌ නිවීමක්‌ ලැබෙනවා දැයි යන්න ඔබ අත්දැකීම්වලින් දන්නවා ඇති. සැබැවින්ම අරමුණු ඇතිවන විට සිදුවන්නේ සිත්වල නොයෙක්‌ ආකාරයේ සෝ ළතැවුල් හා වේදනා ඇතිවීමයි. මරණය පිsළිබඳව නිතර සිහිකිරීමෙන් මෙකී අනේකප්‍රකාරවූ කෙලෙස්‌ අරමුණු තුනීව තුනීව නිවී යයි. එවිට ජීවිතයේ නිස්‌සාර බව පිළිබඳව පුද්ගලයා තුළ කල්පනා පහළ වෙන්නට පටන් ගනී. අප කුමක්‌ කළත්, කුමක්‌ පසු පස ලුහුබැඳ ගියත් ඇත්තෙන්ම මරණයත් සමග සිදුවන ජීවිතාවසානයෙන් ඒ සියල්ල කෙළවර වෙනවා නොවේද? සැකෙවින්ම පවසතොත් තව අවුරුදු සියයක්‌ ගෙවී ගිය තැන අප අපගේ ස්‌වරූපයන්ගෙන් මේ මිහිපිට කිසිවකුත් නැහැ නොවේද?

පින්වතුනි, තව අවුරුදු සියයක්‌ ගතවී ගිය තැනෘ මෙය ඔබ සැමටම පොදුවේ අදාළ වූවක්‌ නොවන බව සිහිපත් කරන්න. දැන් ඔබ ජීවත්වන්නේ අසූවන වියේ නම් ඔබ ගොස්‌ සිටින්නේ ජීවිතයේ අගිස්‌සටමය. එනම් ඔබට තවත් ජීවත්වන්නට ඉතිරිවී තිබෙන්නේ ඉතාම ස්‌වල්ප කාලයක්‌ නොවේද? මේ ආදී වශයෙන් වයස්‌ ප්‍රමාණය අඩු වැඩි වන අයට මරණය ඒ ඒ වශයෙන් කෙටි හා දිගුකාලීන වශයෙන් ළඟාවන්නේය. කොහොම වුණත් ජීවිතයක්‌ ලබා උපත ලබන කිසිවකුටත් ඉතාම ස්‌වල්ප කාලයක්‌ විනා තම අභිමතය පරිද්දෙන් දීර්ඝ කාලයක්‌ ජීවිත්විය නොහැකිමය.

එසේ ජීවත්වුවත් අත්පත් කර ගැනීමට සිදුව වේදනාත්මක සංසාර ජීවන ඉරණමෙහි ස්‌වභාවය මඳක්‌ මෙහෙනි කර බලන්න. තවදුරටත් පවසනවා නම් කවර ජීවිතයක වුව ලෞකික වශයෙන් සුන්දරත්වයක්‌ ආස්‌වාදයක්‌ ලැබිය හැකි වකවානුවක්‌ තිබේ. එහි උපරිමය ඇත්තේ මනුෂ්‍ය ජීවිතවල නම් යොවුන් හා තරුණ කාලවලයි. ඒත් මේ සුන්දර අවදීන් ඔබට ඒ ඒ ආකාරවලින්ම අල්ලා එක තැන නතර කර ගැනීමට පිළිවන්ද? නොහැක්‌කේමය. මිනිස්‌ ජීවිතයකට වයස අවරුදු තිස්‌පහ, හතළහ වන විට එහිවූ ශාරීරික සෞන්දර්යයන් ක්‍රමයෙන් කාලයට තෙමී ජරාවාසවී ගරා වැටෙන්නට පටන් ගනී. එවිට එක්‌ එක්‌ වියපත් අවදීන් වෙත පැමිණි පුද්ගලයන් හට ඉතිරි වන්නේ අනිත්‍යතාවට ගොදුරුවී විනාශ වී ගිය අතීත නාමරූප කන්දරාවක්‌ පමණි. වියපත්වීමත් සමග අතීතයේ සුන්දරත්වයක්‌ ලැබුයේ යෑයි හඟින එසේ සිතා ඒවා යළි නොපැමිණීම ගැන දුක්‌වන තැනැත්තන් ඇතැම් විට ඔබට අප්‍රමාණව මුණ ගැසී තිබෙනවාද විය හැකිය. තවත් විටෙක ඒ මියගිය අතීතයේ සුන්දරත්වය පිළිබඳව වූ මතක නටඹුන් නමැති ඔවුන් එක්‌ රැස්‌කරගත් නොයෙකුත් සිහිවටනද ඔවුන් ළඟ තිබේ.

ඒ සියල්ල මොහොතක්‌ පැවතී ඊළඟ මොහොතේ මරණය වැළඳගත් දැය. එනමුදු ඔවුහු ඒවා අතපත ගාති. ඒ දෙස බැලුම් හෙළති. ඒ ඔස්‌සේ යළිත් මියගිය අතීතයකට ඇදී යති. එතැන් පටන් ඔවුන්ගේ විදර්ශනා ප්‍රඥ විරහිත මනය ඔවුන් සිත්වල නොයෙකුත් වූ මානසික සංදර්ශන පවත්වන්නට පටන් ගනී. සත්‍ය වශයෙන්ම ඔබ ජීවත්වෙනවා යනුවෙන් ජීවිතයේ වැඩිපුරම කරන්නේ මෙය නොවේද? එනම් ඔබ ජීවත්වෙනවා යනු මේ අරමුණු, සිතුවිලි නැත්නම් නාමරූප අතර සැබෑ වශයෙන්ම අතරමං වීමයි. ඔබගේ සම්මුති මරණයෙන් පසුව ඔබට තවත් ආත්මභාවයකින් මේ ටිකම ආරම්භ කරන්නට නැවතත් අලුතින් අවස්‌ථාව ලැබෙයි. මෙසේ ලැබෙන අවස්‌ථාවෙහිද සතුටුවීමට කාරණයක්‌ නැත. ඇතැම් විට මේ ජීවිතයේ දෙවියකූ මිනිසකු වී සිටි ඔබට ඊළඟ ආත්මයේ දුඃත සුනඛ, ගව ආදී ආත්මයක්‌ වුව ලැබෙන්නට පිළිවන. බියකරු සංසාරයේ හැටි එහෙමය. තවත් පැහැදිලි කරනවා නම් මේ සංසාර ජීවිතය මහා ගඟුලක්‌ වැන්න. එය ගලා ඇදී යන්නේ පව් හා පින් නමැති දෙගොඩ මැද්දෙන්ය. අවසානයේදී එසේ ගලාගෙන ගොස්‌ මරණය නමැති මහ මුහුදට ගලා වැටී නිමාවට පත්වෙයි. මේ ගලා වැටීම අනන්තය තෙක්‌ පැතිර යන්නේ හෝ පැතිර නොයන්නේ, නොයා නවතින්නේ ඔබේ සිතු තුළ ගොඩගැසෙන අප්‍රමාණ වූ නාමරූපන්ගේ තරම අනුවය. එහි නාම රූප අනල්ප වන්නේ නම් ඔබේ සංසාර ගමන හා ඒ සමග සබැඳුණු දුක්‌ කන්ද ද සීමා රහිත වනු ඇත්තේය. එමෙන්ම එහි නාම රූප ක්‍රමයෙන් අනුත්පාද නිරෝධයෙන් විනාශ වී යන්නේ නම් ඔබටත් බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා නිවී සැනහී වදාළ අමා මහ නිවන වෙත ප්‍රවිෂ්ට විය හැකිය.

ඔබ සිදුකරගත යුත්තේ මෙය වුවත් ජීවිතය තුළ පිබිදී සිට නිදන්නට යන තාක්‌ම සිදුකරන්නේ නම් කුමක්‌ද? ඔබේ විඥනවල නාම රූප ගිනි බුර බුරා නැගෙන තරමටම කෙළෙස්‌ සිතිවිලි ස්‌මරණය කිරීමයි. ඒ ඔස්‌සේ සුන්දර, අසුන්දර, යහපත් හෝ අයහපත් මනෝ මන්දිර ගොඩනැගීමයි. එතෙකුදු වුවත් මේ අසාර ස්‌වභාවය පසෙකලා නිවන් සුව සහනය ලබා යළි යළිත් සංසාරයට නොවැටෙන්නට අවශ්‍ය කළ යුතු බොහෝ දේ ඔබ ළඟම, ඔබ තුළම තිබේ. ඔබේ පැසුණු කෙස්‌ ගසක්‌ ගැන මොහොතක්‌ සිතන්න. කාලයක්‌ කාල වර්ණයෙන් සොඳුරුවී තිබුණු කෙස්‌ කළඹකින් මතුවුණු එක්‌ සුදු කෙස්‌ ගසක්‌ දුටුවොත් බොහෝ දෙනෙක්‌ කරන්නේ කුමක්‌ද? ඒ පිළිබඳව මහත් සේ ශෝකයට පත්වීමයි. බියට පත්වීමයි. එතැන් පටන් ඊට නොයෙක්‌ ප්‍රතිකාර කිරීමට පටන් ගනී. එතැනිනුත් බැරි වූ තැන ඒවා කෘත්‍රීමව කාල වර්ණ ගන්වන්නට පටන් ගනී. එහෙත් සොබා දහමෙන්, නියත විශ්ව නියාමයෙන් ඔබේ කෙස්‌ කළඹෙහි සුන්දරත්වයට ලබාදුන් මරණය එයින් නවතාලන්නට ඔබට හැකි වූවාද? නැත.

කළ නොයෙක්‌ විප්‍රකාරයක්‌ නවතා ඔබ ජරාගින්නට බිලිවීම ඇරැඹුණු බව සිහිපත් කළේ වී නම් ඔබේ සිත යම් පමණකින් හෝ නිවර්ණගාමී විදර්ශනාවට යොමුවන්නට ඉඩ තිබේ. එනම් ඔබ පැසුණු කෙස්‌ ගස දුටු කෙණෙහිම සිහිපත් කළ යුත්තේ 'මා ද තවමත් මේ ජරා ගින්න නොඉක්‌මවූ තැනැත්තතු වන බවයි'

ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය ආදී කොටගත් මේ අප්‍රසන්න සංසාරික සංසද්ධතාවන් මෙසේ නොඉක්‌මවන විට ඔබට නිරන්තරයෙන් නැවත නැවතත් ඒවාට ගොදුරු වෙන්නට සිදුවේ.

සංසාර ජීවිතය තුළ සියලු අර්බුද ගොඩනැගෙන්නේ මෙවිටය. මෙම දුඃඛදායක අර්බුද කාලයෙන් කාලයට ඔබට ලැබෙන්නේ එක ආකාරයකට නොවේ. එය තීරණය කරන එකම සාධකය වන්නේ ජීවත්ව සිටින කාලය තුළදී ඔබ රැස්‌කරන කර්මයයි. කර්මයද අචින්ත්‍ය වූ විෂයයක්‌ බව වරක්‌ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළහ. එය කුමක්‌දැයි පැහැදිලි කරන්නේ නම් කර්මය නම් සිතා ඉවර කළ නොහැකි වූ විෂයයකි. එලෙසින්ම එයින් සත්ත්වයාට ලැබෙන ඵල විපාකයන්ද සිතා ඉවර කරන්නට බැරිය. ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඇතුළු රහත් බව නොලැබූ භික්‌ෂුන් වහන්සේලාට භව තෘෂ්ණාවේ බැමි විනාශ කරදැමීම සඳහා බුදුරජාණන් වහන්සේ මහමඟදී හමුවූ සූකර පෝතිකාවක්‌ සද්ධර්මය නිමිත්ත බවට පත්කර ගත්හ. ඇය චුති ප්‍රතිසංධි වශයෙන් නොයෙක්‌ භවයන්හි සැරිසරමින් ඇවිදිමින් බුදුරදුන් ධරමාන කාලයේ ඊරි පැටවියක ලෙස මෙසේ උපත ලබා සිටියාය. ඉදින් මේ කර්මය හා බැඳුණු සත්වයාගේ භව තෘෂ්ණාව ඇතුළු සියලු තෘෂ්ණාවන් මරණය හා බැඳී පවතී. එක්‌ මරණයකින් පසුව එය තවත් මරණයක්‌ සහිත ජීවනයක්‌ අල්ලා ගනී. මරණනුස්‌මෘතිය විදර්ශනාවට පෙරළා ගැනීම තුළ අනුත්පාද නිරෝධයෙන් කෙලෙස්‌ ගංගාවන් මුළුමනින්ම සිඳී ගොස්‌ ඔබට ඒ අමෘත අමා මහ නිර්වාණය හමුවනු ඇත.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X