සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

සංසාර මන්දිර තුළ ඇවිලෙන ගිනි දැල්

වර්තමාන අප වාසය කරන පෘථිවි තලයේ මනුෂ්‍යයන් පමණක් කෝටි 700 ක් පමණ වාසය කරතියි දළ වශයෙන් සළකා බැලුවත් ඒ සියලු දෙනා සතු ශරීර කූඩු එකිනෙකාගේ කුසල අකුසල කර්මානු රූපව සෑදුන සංසාර මන්දිර වන්නේ ය. දෙපා මත ඔසවා තබාගෙන සිටින මේ මන්දිරයන්ට ඒ ඒ සංස්කෘතීන්ට, ජාතීන්ට අනුව විවිධ නම් තබාගෙන සිටී. එහෙත් මේ සියලුම මන්දිර තාවකාලිකය.
ඒවා කිසියම් දිනක වැටුන දාට මිය ගියා මරණයට පත්වුණා. කාලයාත්‍රා කළා. අපවත් වුණා. ස්වර්ගස්ථ වුණා නම් වෙයි. එවිට එය දෙපා මත නැගිටුවා තැබීමට නොහැකි නිසා ඇද වැටී බිම පතිත වේ. එවිට ඥාතීන් විසින් එය උඩුකුරුව සයනය කරවා ඒ ඒ අයගේ ආගම් හා සිරිත් විරිත් අනුව අවසන් චාරිත්‍ර සිදුකර මිහිදන් කිරීම හෝ ගින්නෙන් දවාලයි. එහෙත් සසර ගමන ඒ සමඟින් නොනැවතේ
අනේක ජාති සංසාරං 
සන්ධා විස්සං අනිබ්භිසං ගහ කාරකං ගවේසන්තො දුක්ඛා ජාති පුනප්පුනං ගහ කාරක දිට්ඨොසි පුනගේහං නකාහසී සබ්බාථෙ ඵාසුඛා භග්ගා ගහකුටං විසං ඛිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති
මෙයට අවුරුදු 2604 කට පෙර දී අසම සමවූ ශී‍්‍ර මුඛයකින් අර්ථයෙන්ද පද මාලාවෙන්ද ලාලිත්‍යයෙන්ද කර්ණ රසායනය වූ එතෙක් නොඇසූ නාදයක් වා තලයට මුසු වී එය තුන්ලෝ තලය පුරාම නින්නාද වී ගියේ ය. ඒ කාහල නාදය වසර දහස් ගණනක් ගෙවී ගියද තවමත් රැව් පිළිරැව් දෙමින් පවතී. ඒ සා කුහුලක් දනවන්නා වූ සදා ජීවමාන වූ අන් ගායනාවක් තුන් ලෝ තලයේම ඇතැයි කිසිවෙකුටත් කිව නොහැකිය.

ඒ වදන් හමා ආ තුන් ලෝක නාථ වූ තථාගතයාණන් වහන්සේගේ මුහුණේ එවේලේ මතුවූ විජයග්‍රාහී හැඟීම් කෙසේ වන්නට ඇත්දැයි සිතා ගන්නටවත් වර්ණනා කරන්නට වත් සමත් කවියෙකු, මූර්ති ශිල්පියෙකු, චිත්‍ර ශිල්පියෙකු මෙතෙක් බිහි වී නැත. ඒ නිසාම ඒ භාව හැඟීම් ප්‍රකාශිත කවියක් හෝ ගීතයක් ලියැවී නැත. එසේම චිත්‍රයක් හෝ මූර්තිමත් ලොව කිසිම තැනකින් හමුවී නැත. එය කිසිවෙකුගේ විෂය පථයට ගෝචර නොවන අවින්ත්‍ය විෂය පථයක් වී ඇත. ඉතා අමාරු දුෂ්කර ක්‍රියා ක්‍රියාවක් හෝ ලෝක සූරතා ක්‍රීඩාවකින් හෝ තීරණාත්මක තරග විභාගයකින් හෝ ජයග්‍රහණයක් ලැබූවෙකුට එම පී‍්‍රතිය සතුට නිසා ඇතිවන හැඟීම් කිසියම් ශබ්දයකට නැගී මුවින් පිට වන්නේ නිරායාසයෙනි. චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, දුකින් මිදෙන ආර්ය මාර්ගය, පටිච්ච සමුප්පාදය වැනි අති ගාම්භීර ධර්මතා ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ අවබෝධ කරගෙන සදා කාලික දුකින් මිදීමේ පී‍්‍රතිය හේතු කොට ගෙන මෙම උදාන පාඨය එදා බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නික්මිණි.
ඉන් පසුව එදා මෙදා තුර තථාගතයන් වහන්සේ පෙන්වා දුන් මාර්ග ප්‍රතිපදාව අනුව යමින් සසර දුකින් මිදුණු ථෙර, ථෙරණියන් වහන්සේලාගේ පී‍්‍රති වාක්‍ය ථෙර ගාථා, ථෙරී ගාථා වශයෙන් ප්‍රකාශිතව පවතී. ඒ සෑම උදානයකින්ම ප්‍රකාශ වන්නේ සංසාරයේ ඝෝර භව දුකින් මිදීමේ පී‍්‍රති උද්දාමයන්ය. නා නා විධ සත්ව වේෂයන්ගෙන් සසර සැරිසරමින් නෙක දුක් ගැහැට විදී උප්පත්ති භවයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ තුළ ඇති වූ හැඟීම මුළු මහත් විශ්වයේ කුමන හෝ උප්පත්ති තලයක උපත ලබන සෑම සත්වයෙකුටම පොදුවූ ධර්ම තාවයකි.
ශරීර නමැති සංසාර මන්දිර නිර්මාණය කරන වඩුරාළ සොයාගැනීමට නොහැකි වූ හෙයින් උන්වහන්සේට දිගින් දිගටම සසර සැරි සරන්නට හේතුව විය. අල්ලා ගැනීමට නොහැකිව සිටි ඒ වඩු රාළ පිට තැනක නොව තමා තුළම සිටින බව සිය අවසන් උප්පත්ති භවය වන ලොව්තුරා බුද්ධත්වයට පත්වන මොහොතේ දැන හඳුනා ගත්තේ ය. ඒ වඩුරාළ නම් අන් කවරෙකු නොව ඒ ඒ සත්වයන්ගේ සන්ථාන ගතව පවත්නා වූ අවිද්‍යාව පෙරටු කොට ගත් තෘෂ්ණාවමය. තමන් විසින්ම සාදාගනු ලබන සංසාර මන්දිරය නැවත නොසෑදෙන පරිදි තමන් විසින්ම බිඳ හෙළිය යුතු ය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ආසාවන් තුළට මුවාවී සැඟව සිටින වඩුරාළ පලා යන්නේ එම ත්‍රිවිධ ආශාවන් ප්‍රහීන වූ විට ඔහුට මුවාවී සිටින්නට එතරම් සුරක්ෂිත අන් තැනක් නැති වන බැවිනි. එබැවින් බුදු, පසේබුදු, මහරහත් යන මාර්ග ඵලයකින්ම මිස අන් කවර ආකාරයකින් වත් එම ක්‍රියාව කළ නොහැකිය.මේ මන්දිරයේ යටලී පරාල ආදී දැව දඬු නම් රාග, ද්වේෂ, මෝහ, මාන, දිෂ්ඨි, විචිකිච්චා, ථීනමිද්ධ, උද්ධච්ච, අභිරිතික, අනොතප්ත, වැනි ක්ලේශයෝය. මේ පරාල එකට වද්දාගෙන රඳවාගෙන සිටිනුයේ සියලුම ක්ලේශ ධර්මයාගේ මුල හේතුව වූ අවිද්‍යාව තුළිනි. අවිද්‍යාව නම් වූ එම කැනි මඬල ප්‍රඥාව තුළින් විනාශ කර දැමීමෙන් මුළු මන්දිරයම සුණු විසුණු වී යයි. නා නා විධ තාප ගිනි ජලාවන්ගෙන් දැවෙන මෙම ගෘහය සෑදීම සඳහා තෘෂ්ණා රාළ නම් වඩුවා උපයෝගී කරගත් උපකරණ වූයේ අවිද්‍යාව වූ කැණිමඩල හා අකුසල මූල පරාලයෝය. ඒවා වැනසූ පසු නැවත කිසිදාක එම මන්දිරය ගොඩනැගිය නොහැකි වන්නේ ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය නැතිවන නිසාය.
සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍යලෝක 06 බ්‍රහ්ම ලෝක 16 යන නාම, රූප, අරූප යන භවත්‍රය තුළම විවිධාකාර සංසාර මන්දිර විවිධ ස්වරූපයෙන් ගොඩ නඟා ගත් ඒවා තුළ නිරතුරුව ඇවිලෙන ගිනි ජාලාවන් පවතී. මෝහාන්ධකාරයේ ඝණඳුරින් යුක්ත වන්නාවූ මන්දිර තුළ දැල්වෙන රාග, ද්වේෂ ආදී ගිනි ජාලාවල තාපය නිසා නිවැසියාට දුකක් මිස සැපතක් නම් කිසිදාක නොලැබේ. එසේ සිත හා කය දැවෙන අසහනය අතෘප්තිය නුරා ගිනිදැල්, වියෝ ගිනි දැල්, වෛර ගිනි දැල් පශ්චාත් තාප ගින්න ආදී සිතට දැනෙන අග්නි ජාලාවන් මෙන්ම කුස තුළ දහනය වීමට ආහාර හිඟ වන විට දැන, කුස ගින්න, පිපාසය, ශරීරයේ උෂ්ණත්වය අඩු වැඩි වීම නිසා දැනෙන හා වැළඳෙන උෂ්ණ රෝග, සීතල, දැවිල්ල, රක්ත වාතය, රත ගාය ආදී අප්‍රමාණ කායික මානසික දැවිලි ඇතිවේ.
පෙර භවයේ දී කරන ලද කුසල අකුසල හේතූන්ට අනුව මරණය සිදුවන අවස්ථාවේ චුති චිත්තය වශයෙන් ශරීරයෙන් බැහැර වන්නා වූ කර්මජ තේජෝ ධාතුව ලෙස හැඳින්වෙන තාප ශක්තිය නැවත සංසාර මන්දිරයක් ඉදිරි ඉදිකිරීමේ මුල් ගල වේ.
මෙසේ සැදෙමින් දිරමින් කඩා වැටෙමින් නැවත සැදෙමින් යන සංසාර ගමනේ කෙළවරක් පැනවිය නොහැකි බව තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ බුදුවරයකුට වුවත් සංසාර ගමනේ ආරම්භය සොයා ගියහොත් උන්වහන්සේ ආයුෂ කෙළවර වී පිරිනිවන් පානවා විනා සසරේ කෙලවරක් සොයාගත නොහැකි වන නිසාය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සංසාර ගත තොරතුරු අනුව බුදුවීමට සිතින් සිතා ගත් දා සිට ලොව්තුරා බුද්ධත්වයට පත්වීම දක්වා අසංඛ්‍ය කල්ප 19 ක් වූ බව සඳහන් වේ. එසේනම් ඉන් එහාට ද සංසාර ගත පැවැත්මක් තිබී ඇත. මේනිසා කළයුතු වන්නේ සංසාරයේ අග මුල සොයමින් කාලේ අපතේ නොහැර මේ සංසාර ගමන නවතා දැමීමය.
වර්තමාන අප වාසය කරන පෘථිවි තලයේ මනුෂ්‍යයන් පමණක් කෝටි 700 ක් පමණ වාසය කරතියි දළ වශයෙන් සළකා බැලුවත් ඒ සියලු දෙනා සතු ශරීර කූඩු එකිනෙකාගේ කුසල අකුසල කර්මානු රූපව සෑදුන සංසාර මන්දිර වන්නේ ය. දෙපා මත ඔසවා තබාගෙන සිටින මේ මන්දිරයන්ට ඒ ඒ සංස්කෘතීන්ට, ජාතීන්ට අනුව විවිධ නම් තබාගෙන සිටී. එහෙත් මේ සියලුම මන්දිර තාවකාලිකය.
ඒවා කිසියම් දිනක වැටුන දාට මිය ගියා මරණයට පත්වුණා. කාලයාත්‍රා කළා. අපවත් වුණා. ස්වර්ගස්ථ වුණා නම් වෙයි. එවිට එය දෙපා මත නැගිටුවා තැබීමට නොහැකි නිසා ඇද වැටී බිම පතිත වේ. එවිට ඥාතීන් විසින් එය උඩුකුරුව සයනය කරවා ඒ ඒ අයගේ ආගම් හා සිරිත් විරිත් අනුව අවසන් චාරිත්‍ර සිදුකර වළලා දැමීම හෝ ගින්නෙන් දවාලයි. එහෙත් සසර ගමන ඒ සමඟින් නොනැවතේ.
මේ නිසාම තථාගතයන් වහන්සේ සත්වයන්ට වැළදෙන රෝග අතුරින් මහා භයානකම රෝගය සංසාර රෝගය බව සංසා රෝගා මහබ්භයා යනුවෙන් දේශනා කොට වදාළ සේක. එවන් කුරිරු ඝෝර සංසාර ගමනක යන සෑම දෙනෙක්ම තම තමන්ගේ සංසාර මන්දිර නැවත ගොඩ නැගෙන්නට නොහැකි වන පරිදි තෘෂ්ණාව හා අවිද්‍යාව බැහැර කරගන්නට ආර්ය මාර්ගය අනුගමනය කිරීමට වීර්ය වැඩිය යුතුය.
කොබ්බෑවල සුමනදාස වීරසිංහ
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X