සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

නොවැඩුණ සිත දමනයට ක්‍රම පහක්

බලංගොඩ, කොටවෙහෙරමංකඩ 
දම්වැල්ඕඩය වළවේ ශ්‍රී දේවරක්ඛිතාරාමාධිපති, 
ර/බල/වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති 
ශාස්ත්‍රපති වැලිපත පඤ්ඤානන්ද හිමි


නමෝ තස්ස භගවතෝ අරහතෝ 
සම්මා සම්බුද්ධස්ස

‘අපරිපක්කාය මේඝිය චේතෝ විමුක්තියා පඤ්චධම්මා පරිපක්කාය සංවත්තන්ති”.......
සැදැහැවත්නි,
ධර්ම දේශනාව සඳහා තෝරා ගත්තේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ මේඝිය සූත්‍රයයි. තථාගතයන් වහන්සේ චාලිකා නගර සමීපයෙහි වූ චාරිකා පර්වතයෙහි වැඩවසන සමයක උපස්ථායක වූයේ ආයුෂ්මත් මේඝිය ස්වාමීන් වහන්සේය.
දිනක් මේඝිය තෙරුන් බුදුන් වහන්සේ වැඳ ජන්තුග්‍රාමයට පිණ්ඩපාතය සඳහා වැඩමකරවීමට අවසර ඉල්ලීය. බුදුරදුන් මේඝිය තෙරුන්ට අවසර දෙයි. ඡන්තු ග්‍රාමයට පිඬුසිඟා වැඩිය මේඝිය තෙරුන් දවල් දානයෙන් පසු කිමිකාලා නම් නදිය අසල සක්මන් කරමින් සිටියේය. මේ අවස්ථාවේ රමණීය වූ අඹවනයක් උන්වහන්සේට දක්නට ලැබුණි. මෙම රමණීය අඹ වනය දුටු මේඝිය හිමියන්ට මෙසේ අදහසක් ඇති වුණි.

මේ අඹවනය ප්‍රසාද වෙයි. රමණීයයි. මෙය පධන්වීය¸ වඩනු කැමති කුලපුත්‍රයෙකුට ඉතා සුදුසුයි. බුදුරදුන් අවසර දෙන්නේ නම් පධන් වීය¸ සඳහා මම මේ අඹවනයට එන්නෙමි”යි සිතා බුදුරදුන් හමුවීමට ගියේය.
බුදුසිරිපා වැඳ තමන්වහන්සේගේ සිතට ආ කාරණය කියා සිටියේය. මේ අවස්ථාවේ බුදුරදුන් ලබාදෙන පිළිතුර අනුවයි. මේඝිය හිමියන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වන්නේ.
“මේඝිය තව කෙනෙක් එනතෙක් ඔබ මගෙ ළඟ ඉන්න. තව ටිකක් ඉවසන්න.” යැයි මේඝිය තෙරුන්ට වදාළා. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන්නේ කරුණු කාරණා බුදු නුවණින් දැනගෙනය. සත්‍යපාරමි පුරණ ලද උන්වහන්සේට නිකරුණේ වචන පිටකිරීමට අවශ්‍ය නොවේ. නමුත් මේඝිය තෙරුන්ගේ සිතට ලොකු පසුබෑමක් ඇති වුණි. දුක් කෙළවර කරන්න. භාවනා වඩන්න අවසර නොදීම පිළිබඳව සිතිවිලි ගලාගෙන එයි. ස්වාමී භාග්‍යවතුන් වහන්සේට ඉදිරියේ කළ යුත්තක් නැහැ. සියලු දුක් නසා අවසානයි. නමුත් මට බොහෝ දුරක් යාමට ඇති බැවින් මා හට අවසර දෙන්නේ නම් පධන් වීර්ය පිණිස යන්නෙමියි දෙවන වතාවටද ඉල්ලීය. මේඝිය තවත් කෙනෙක් එනතෙක් ඉවසන්න. මේ අවස්ථාවේදීත් මේඝිය තෙරුන්ට අවසර නොදීම නිසා තවදුරටත් බුදුරදුන්ට ආයාචනා කරන්නට විය. භාග්‍යවතුන් වහන්සේට අනාගතයේ කටයුතු කිසිවක් නැත. නැවත නැවත ඉපදීමක් හෝ කළ යුත්තක් නැත. නමුත් මට කළ යුතු වැඩ බොහෝමයි. නැවත නැවත කිරීමක් ඇත. භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන්නේ නම් පධන් වීය¸ වඩන්න. මම ඒ අඹ වනයට යමි යැයි තුන්වන වරටත් ඉල්ලා සිටියේය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙත එසේ කීමට අවශ්‍ය නැහැ. සත්‍යපාරමිතා පුරන ලද බුදුරදුන් යමක් දේශනා කරන්නේ බුදු නුවණින් කරුණු දැනගෙනය. නමුත් මේඝිය තෙරුන්ට ඒවා නොතේරෙයි . එම නිසා තමන්ගේ අරමුණු මුදුන්පත් කර ගැනීමට නැවත නැවත ඉල්ලා සිටියි. බුදුරජාණන් වහන්සේ මේඝිය තෙරුන්ට කරුණු කියද්දී තවදුරටත් ඉල්ලන විට උන්වහන්සේ අවසර දුන්හ.
ඔබට කෙලෙස් නසන්න, වීය¸වඩන්න යන්න ඕනෑ කියද්දී මම විරුද්ධ වන එක සුදුසු නැහැ. කැමැති ආකාරයට ගොස් භාවනා කරන්න යැයි බුදුරදුන් මේඝිය තෙරුන්ට අවසර දෙයි. සතුටට පත් මේඝිය සම්බුදු සිරිපා වැඳ එතනින් පිටත්ව ජන්තු ග්‍රාමයේ කිමිකාලා නදිය අසල රමණීය අඹතුරු මුලට ගොස් වාඩිවී පධන් වීය¸ වඩන්න ආරම්භ කළේ නිසසල පරිසරයේ ඇති සුන්දරත්වය විඳගෙනය. බද්ධ පර්යංකයෙන් වාඩිවී ඇස් පියාගෙන භාවනා කිරීමට ආරම්භ කරන විට
මේඝිය හාමුදුරුවන්ගේ සිතට කාමවිතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ගලා එන්නට විය. ආරම්භ කළ භාවනාවට ඉඩක් නොලැබේ. විවිධ කාම විතර්කයන්ගෙන් හිත කිළිටි වෙයි.
බුදුරජාණන් වහන්සේගෙන් තෙවරක්ම ඉල්ලා අවසර ගෙන උදාකරගත් අවස්ථාවෙන් කිසිම ඵලක් නැහැ. මේ භාවනාවෙන් කිසි ඵලක් නොවන බව මේඝිය තෙරුන්ට කල්පනා වුණි. මෙම ස්ථානයේ මේඝිය හිමියන් ආත්ම පන්සියයක් රජකම් කර ඇත. ඒ සිතිවිලි විතර්ක නැවත ගලා එන බව මේඝිය තෙරුන්ට නොදැනේ.
මේඝිය තෙරුන් භාවනාව අතහැර නැවත භාග්‍යවතුන් වහන්සේ සමීපයට යයි. තමන් භාවනාව ආරම්භ කරනවාත් සමඟම සිතට එන කාමවිතර්ක ආදිය පිළිබඳ බුදුරදුන්ට මතක් කරන ලදී. බුදුරජාණන් වහන්සේ තුන් කල් දක්නා නුවණ ඇති උත්තමයෙකි. එහෙයින් මේඝිය තෙරුන්ට කරුණාවෙන් කරුණු පහදා දුන් සේක.
මේඝිය, දමනය නොවුණ, වැඩිච්ච නැති සිත දමනය කිරීමට ක්‍රම පහක් ඇති අතර ඒවා දැන අනුගමනය කළ යුතුයි.
මේඝිය, වැඩිච්ච නැති දමනය නොවුණ සිත හදාගැනීමට පළමු කාරණාව කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයි. මගඵල ලැබීමට අවශ්‍ය මාර්ග පහදා දෙන්නේ කල්‍යාණ මිත්‍රයායි. එම සහාය නොලැබුණොත් ප්‍රතිඵලයක් නොලැබේ. කල්‍යාණ මිත්‍රයාගේ කරුණාන්විත උපදේශය විමුක්තිය ලැබීමට අවශ්‍ය පළමු කාරණයයි. දෙවැනි කාරණය සිල්වත් බවයි. සිල්වත් ගුණවත් අය අනුමාත්‍රවූ පාපයේ බිය දකියි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ හැසිරීම් තිබිය යුතුයි. ලද දෙයින් සතුටුවන අල්පේච්ඡ අයෙක් විය යුතුයි. ලද දෙයින් සතුටු වන්නාගේ ජීවිතය සරලයි. භාවනා වඩන්නාට එය අවශ්‍යම තුන්වන අංගයකි. අකුසල් දුරු කිරීමට වීය¸ වඩන අයෙක් විය යුතුයි. පටන් ගන්නා වීය¸ ඇති බව ජීවිතයට අවශ්‍යයි. කෙලෙස් නැසීමට එයද එක් කාරණාවක් වන්නේය. එය සිව්වැන්නයි. උදයව්‍යගාමිණී වූ ආර්ය වූ නිර්වේදය ඇසුරු කළ මනාව දුක් කෙළවර කිරීමට ප්‍රඥාව අවශ්‍ය වෙයි. මේ පංචධර්ම වීර්යයෙන් යුතුව අනුගමනය කළ යුතුවන අතර භාවනාවට හිත යොමු කළ යුතු බව පැහැදිලි කළහ. මේඝිය, පැවිද්දකු විසින් මෙම පංච ධර්මයෙහි පිහිටා ඉන්පසු සතර ධර්ම වැඩිය යුතුයි. රාගයාගේ ප්‍රහාණය පිණිස අසුභ භාවනාව වැඩිය යුතුයි. ව්‍යාපාදයේ ප්‍රහාණය පිණිස මෛත්‍රි භාවනාව වැඩිය යුතුයි. විතර්ක සිතුවිලි එහෙ මෙහෙ දුවන විට ආනාපාන සති භාවනාව වැඩිය යුතුයි. අස්මිමානය සමුච්ඡේදනය පිණිස අනිත්‍ය සංඥාව වැඩිය යුතුයි. එවිට අනාත්ම සංඥාව පිහිටන්නේය. අනාත්ම සංඥාවෙන් අස්මිමානය නැතිවී යන්නේය. මේ ආත්මයේදීම නිවන් දකින්න හැකියාව ලැබේ. මේ අයුරින් මේඝිය තෙරුන්ට නියම කල්‍යාණ මිත්‍රයෙකු මෙන් බුදුරජාණන් වහන්සේ කරුණු පහදා වදාළහ.
මේඝිය සූත්‍රය තුළින් අප කාගේත් නොදැමුණු සිත වැඩිච්ච නැති සිත සකස් කර ගැනීමට වැදගත් උපදේශයක් ලැබෙන හෙයින් ජීවිතයට එකතුකරගෙන සිත පිහිටුවා ගැනීමට අධිෂ්ඨාන කර ගන්න. උතුම් බුද්ධ දේශනාවට හිත යොමු කිරීමෙන් ලැබු ආනිසංසයෙන් නිවන් සම්පත් ප්‍රාර්ථනා කර ගන්න.
තෙරුවන් සරණයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කාමයේ වරදවා හැසිරීමේ විපාක ගැන ඔබ දන්නවද?කාමයේ වරදවා හැසිරුනොත් ඔබට ඇත්තටම මොකද? වෙන්නේ


සෑම සත්වයෙක්ම සැප විඳින්න ආස කරනවා සැපයට ලොල් බවක් දක්වනවා. මේ ලෝකයේ විඳින විවිධ සැප අතරින් ස්ත්‍රී පුරුෂ එක්වීමකින් ලැබෙන සැපයට මිනිසා ඉතාම ගිජුය. ගැහැණියෙක් හෝ මිනිසෙක් වේවා මේ කාමයේ සැපය වැඩියෙන් හොයන්න යද්දී ඔහු හෝ ඇයට එක සහකරුවෙක් හෝ සහකාරියකගෙන් සැහීමකට පත් වෙන්න බැරුව යනවා. 
එවන් පුද්ගලයෙක් ලිංගික සහකරුවන් හෝ සහකාරියන් ගොඩක් ඇතිකරගන්නවා. එහෙම නැතිනම් කම් සැපය වින්දනය කරන්න විවිධ ක්‍රම හා උපායන් හොයා ගන්නවා. 
ඇතැම් විවාහ වෙච්ච පුද්ගලයන් ඉන්නවා, විවාහයෙන් පසුව පවා ඔවුන් රාත්‍රී සමාජ ශාලා වලට යනවා. ගණිකා නිවාස සොයාගෙන යනවා. කම් සැප හොයන එක ඔවුන් විවාහ උනා කියල නවත්තන්න සූදානම් නෑ. ඒ වගේම ඇතැම් විවාහ වෙච්ච කාන්තාවන් ඉන්නවා, විවාහයෙන් පසුව පවා ඔවුන් වෙනත් පුරුෂයන් ඇසුරු කරනවා, වෙනත් පුරුෂයන් එක්ක ලිංගික සම්බන්දකම් පවත්වල සතුටු වෙනවා. විවාහ උනා කියල කම් සැප හොයන එක නවතන්න ඔවුන් සූදානම් නෑ. 

මේ වගේ ක්‍රියාවන් නිසා ගොඩක් වෙලාවට ගැටළු සහගත තත්ත්වයන් තමයි නිර්මාණය වෙන්නේ. පවුලක් නම් නිරන්තර අඬදබර ඇති වෙනවා, අසමගිය ඇති වෙනවා. තවදුරටත් එකිනෙකා විස්වාස කරන්න බැරි තත්වයක් ඇතිවෙනවා. ඒ වගේම ගත සිත දෙකම ලෙඩ වෙනවා. සමාජ රෝග, ඒඩ්ස් වැනි මාරාන්තික රෝග වුනත් ඇති වෙන්න පුළුවන්. ගැටලුකාරී තත්ත්වයේ උච්චතම අවස්ථා වලදී ලේ වැගිරීම් හා ඝාතන පවා ඇති වෙන්න පුළුවන්. සැමියාගේ අනිසි කාම සේවනයන් හමුවේ පීඩනයට පත්වෙච්ච බිරිඳක් තමා විසින්ම හෝ වෙනත් අයෙක් යොදවල සැමියාව මරා දමන්න ඉඩ තියෙනවා. ඒ වගේම වැරදි කාම සේවනයට වැටිච්ච සැමියෙක් තම බිරිඳ කරදරයක් කොට සලකල ඇයව තමා විසින්ම හෝ වෙනත් අයෙකු යොදවල මරණයට පත් කරන්න ඉඩ තියනවා.

මේ ගැටළු පවුල් මට්ටමට සීමා වෙන්නේත් නෑ, සමාජ ප්‍රශ්නයක් විදියට පැතිරෙන්නත් පුළුවන්. තම දෙමාපියන්ගේ වැරදි දකින දරුවන් එම වැරදි ආදර්ශයට ගන්නවා. ඔවුන් ඉතා ඉක්මනින් තමන් ඒ දැක්ක වැරදි පාරේ ගමන් කරන්න පටන් ගන්නවා. ඉතා කුඩා වයසේදීම ඔවුන් රාත්‍රී සමාජ ශාලා වල ගැවසීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැනීම වගේ දේවල් වලට හුරුවෙනවා. ඒ වගේම ඔවුන් ඉතා කුඩා වයස් වලදීම ලිංගික සම්බන්ධතා අත්හදා බලන්න යොමු වෙනවා. ලිංගික අත්හදා බැලීම් වැරදීමෙන් හට ගන්න දරු කළල ඔවුන්ට ගබ්සා කරන්න පවා සිදුවෙන්න පුළුවන්. එවන් පසුබිමක් සහිත පුද්ගලයෙක් වැඩිහිටියෙක් බවට පත් උනාම තමාගේ කුඩා වියේ පුරුදු අතාරින්න ඔහුට ඉතා අපහසු වෙනවා. ඒ විදියට නැවත නැවතත් චක්‍රීයව මේ පාපී ක්‍රියාවලිය සිදුවෙනවා.

නිරන්තරව කාමයේ වරදවා හැසිරෙන කාමයන්ට ඇලිච්ච පුද්ගලයාගේ හිත පාපී ජාගර ස්වභාවයක් ගන්නවා. ඔහුගේ මරණ මංචකයේදී ඔහු විසින් කරන ලද ක්‍රියාවන් ඔහුට සිහි වෙන්න පටන් ගන්නවා. චිත්‍රපටයක් වගේ ඔහු විසින් වැරදි කාමයේ යෙදුනු හැටි ඔහු ඉදිරියේ දර්ශනය වෙනවා. මේ දේවල් සිහි වීමත් එක්කම ඔහුගේ සිත අඳුරු වෙනවා, දුක් සහිත පාපී සිතුව්ලි සමග ඔහුගේ මරණය සිද්ද වෙනවා. මරණින් මතු කෙලින්ම මහා නරකයේ තුන් වන කොටසේ නිරී සත්වයෙක් ලෙස ඔහු උපත ලබනවා.

කාමයේ වරදවා හැසිරීමේ විපාක - 1

විවාහ වීමෙන් පසුව වෙනත් ස්ත්‍රීන් හෝ පුරුෂයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් මහා නරකයේ තුන් වන කොටසේ තමයි උප්පත්තිය ලබන්නේ. මෙහිදී මෙම නිරිසත්වයින් අල්ලා ගන්නා යමපල්ලන් ඔවුන්ව ගිනි ගනිමින් පැසෙන උණු අම්ලයක් පිරුනු කටාරමකට විසිකරනවා. මෙම අම්ලයේ ගිලුණු නිරිසත්වයෙන්ගේ ශරීර වේගයෙන් දිරාපත් වෙන්න පටන් ගන්නවා. සම මස් හා ඇටකටු පවා දිරාපත් වී දියවී යනවා. මෙලෙස මෙම කටාරමේ මහත් වේදනාවක් විඳින නිරීසත්වයා ශරීරය සම්පූර්ණයෙන් දිරාපත් වීමත් සමග මරණයට පත් වෙනවා. අම්ල කටාරමේ දිරාපත් වී මියයන නිරිසත්වයා නැවත උපත ලබන්නේ මහා නරකයේමයි. මෙහිදී එම නිරිසත්වයා අල්ලා ගන්නා යමපල්ලන් විසින් ඔහුගේ ලිංගික අවයවය තියුණු ආයුධයකින් කපා දමනවා. කපා දමන වාරයක් පාසා නැවතත් මෙම ලිංගික අවයවය හට ගන්නවා. හට ගන්නා වාරයක් පාසා යමපල්ලන් විසින් එය කපා දමනු ලබනවා. මෙලෙස නිරිසත්වයාට අනන්ත වාරයක් තම ලිංගික අවයවය කපා දැමීමේ වේදනාව විඳින්නට සිදු වෙනවා.

ඉන් පසුව මෙම නිරීසත්වයාට කර්මානුරූපව ස්ත්‍රී ලිංගික අවයවයක් හට ගන්නවා. මෙහිදී යමපල්ලන් විසින් ඉතා විශාල ගිනියම් යකඩ දණ්ඩක් මොහුගේ ස්ත්‍රී ලිංගයට ඇතුළු කරවනවා. මෙම දණ්ඩේ හැමතැනම විශාල යකඩ උල් හා ඉතාම මුවහත් තල රාශියක් පිහිටනවා. මෙම දණ්ඩ නිරිසත්වයාට ඇතුළු කිරීමේදී ඔහුගේ ශරීරය ඇතුල දරුණු ලෙස කැපී යනවා. එසේම මෙම දණ්ඩේ ඇති උල් අගින් ශරීරය දිය කල හැකි අම්ලයක් වහනය වෙනවා. මෙලෙස නිරිසතාගේ ශරීරය දියවී යන තෙක් යමපල්ලන් ඔහුගේ ස්ත්‍රී ලිංගික අවයවයට මුවහත් තල සහිත දණ්ඩ ඇතුළු කරවනු ලබනවා. ශරීරය ඇතුලතින් කැපී යමින් මහත් වේදනා විඳින්නට නිරිසතාට සිදු වෙනවා.

මෙලෙස වේදනා විඳ මියයන නිරිසත්වයා නැවතත් මහා නරකයේම උපත ලබනවා. මෙහිදී එම නිරිසත්වයා වට කරගන්නා යමපල්ලන් විසින් පුරුෂ ලිංගයක හැඩය ඇති පොලු වලින් නිරිසත්වයාට පහර දෙනු ලබනවා. මෙම පහර දීම මිය යනතෙක් සිදුවෙනවා. එසේම ඇතැම් නිරිසත්වයින් උපත ලබන්නේ ස්ත්‍රී ලිංගික අවයව ඇතුව. මෙවන් නිරිසත්වයන් වට කර ගන්නා යමපල්ලන් එම අවයව තුලට මුවහත් කඩු හා වෙනත් ආයුධ දමමින් මාරාන්තික වේදනා ඇති කරවනවා. නිරිසත්වයා වේදනාවෙන් මිය යන තෙක් එම වධහිංසා සිදුවනවා. මෙයට සමාන විවිධ ක්‍රම මගින් මහා නරකයේදී නිරිසත්වයා වේදනාවට පත් කරනු ලබනවා .....

මහා නරකයෙන් පසුව කාමයේ වරදවා හැසිරුණ පුද්ගලයා උපදින්නේ උස්සාද නරකය නම් අපායෙය්. මෙහිදී එම නරකයට නිරිසත්වයා වැටුණු වහාම පුරුෂ ශුක්‍රානුවක හැඩය ගත් පනුවන් මහා රාශියක් විසින් ඔහුගේ සිරුර වසා ගනු ලබනවා. මෙම පණුවන් නිරිසතාගේ ශරීරය සිදුරු කරගෙන ඇතුළු වී ශරීරය ඇතුලත කා දමනවා. දහස් ගණනක් පනුවන් සිරුර විදගෙන ඇතුළු වී ඇතුලතින් කා දමද්දී නිරිසතා මහත් වූ වේදනාවකට පත් වෙනවා.  

එසේම උස්සාද නරකයේ උපත ලැබූ නිරිසත්වයා නිරන්තරව පුරුෂ ලිංගයක් බඳු හිසක් ඇති මාලුවෙක්ගෙන් පහර කෑමට ලක් වෙන්න පුළුවන්. මෙම මාළුවා නිරිසත්වයාගේ ඇඟ මස් කඩා කමින් ඔහුට මහත් වූ වේදනා ගෙන එනවා. එසේම ඇතැම් නිරීසත්වයන් උස්සාද නරකයේ ගොඩබිම ඇවිද යද්දී ඔවුන් පසුපස හඹා විත් ඇඟ මස් කඩා කමින් පීඩා කරන බල්ලන් රැලක් මගින් මහත් පීඩා විඳිනවා. මෙම බල්ලන් ඇතැම් විට පුරුෂ ලිංගයට සමාන හිසක් හෝ ස්ත්‍රී ලිංගයට සමාන හිසක් දරමින් පැමිණෙනවා. තමන් මිනිස් ලොව සිටියදී කාමයේ වරදවා හැසිරුණු ආකාරය අනුව කර්මානුරූපව එම යමලොව සත්වයන්ගේ සවභාවය වෙනස් වෙමින් පීඩා කරනවා. මෙලෙස නිරිසතාගේ ශරීරයේ මස් ගැලවී සියල්ල කැබලි වී යනතෙක් මෙම යමලොව සත්වයන් ඔහුට වධ හිංසා පමුණුවනවා. 

උස්සාද නරකයේ උපත ලබන ඇතැම් නිරිසත්වයින් කර්මානුරූපව ඉතා විශාල පුරුෂ ලිංගයක් සහිතව උපත ලබනවා. මෙම පුරුෂ ලිංගය ඉතා දිගු මෙන්ම යකඩ කඳක් මෙන් අධික බරකින්ද යුක්ත වෙනවා. මේ අධික බර නිසා මෙලෙස උපත ලැබූ නිරිසත්වයාට එම ලිංගය ඇදගෙන පසුපසට ඇවිදින්නයි සිදු වෙන්නේ. මෙවන් නිරිසත්වයෙක් දකින යමපල්ලන් මුවහත් දත් ඇති බලු රැලක් බවට තම ස්වරූපය වෙනස් කර ගන්නවා. මෙම බලු රැළ නිරිසත්වයා පසුපස හඹා විත් ඔහුගේ ඇති විශාල පුරුෂ ලිංගය මුවහත් දත් මගින් සපා සිදුරු කර එහි මස් කඩා කන්නට පටන් ගන්නවා. නිරිසත්වයාට වේදනාවෙන් මිරිකෙමින් එම බලු රැලෙන් මිදීමට ඔහුගේ බරැති පුරුෂ ලිංගයත් ඇදගෙන පසුපසට දුවන්නට සිදු වෙනවා....

තවත් සමහර අවස්ථා වල යමපල්ලන් විසින් නිරිසත්වයාගේ පුරුෂ ලිංගය ලණුවක එක කෙළවරක බඳිනු ලබනවා. අනික් කෙලවර යමලොව බලු වෙසින් සිටින යමපල්ලකුගේ ගෙලේ බඳිනවා. ඉන්පසු මෙම සුනඛයා ඉතා වේගයෙන් නිරිසතාවත් ඇදගෙන දුවන්න පටන් ගන්නවා. පුරුෂ ලිංගයෙන් බැඳී ඇදී යන මෙම නිරිසත්වයා ඉතාමත් වේදනාවට පත් වෙනවා...

මෙලෙස මහා නරකයේ හා උස්සාද නරකයේ මහත් වේදනා විඳින කාමයේ වරදවා හැසිරුණු සත්වයන් ඉන්පසුව යමලෝක නම් නරකයේ උප්පත්තිය ලබනවා. එහිදීත් ඔවුන්ට කර්මානුරූපව මහත් වූ වධ වේදනා විඳින්නට සිදු වෙනවා. මෙලෙස මහත් වූ කාලයක් වධ වේදනා විඳින නිරිසත්වයාගේ අකුසල කර්මය ක්‍රමයෙන් ක්ෂයවීමත් එක්ක ඔහුට අපායගාමී ජීවිතයෙන් මිදෙන්න පුළුවන්. නමුත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ එතෙකින් නිම වෙන සරල අකුසලයක් නෙමේ. අපායගාමි ජීවිතයෙන් එලියට වැටුණු සත්වයා ඉන් පසුව ප්‍රේත හා තිරිසන් යෝනියේ ඉපදිලා තව තවත් දුක් විඳින්න සිද්ධ වෙනවා...

කාමයේ වරදවා හැසිරීමේ විපාක - 2

කල්ප ගණනාවක් අපායේ පව් ගෙව්වාට පසු කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයා ප්‍රේත ලෝකයේ ප්‍රේත උපතක් කරා තමයි ගමන් කරන්නේ. වෙනත් ප්‍රේතයන්ගේ ලිංගික අවයව වලින් වැස්සෙන කිළුටු ශ්‍රාවයන් ආහාර කොට ගන්නා ප්‍රේතයෙක් ලෙස පරදාර සේවනයේ යෙදුනු පුද්ගලයා උපත ලබනවා. එසේම තමන් මිනිස් ලොව සිටියදී කාම රතියට ඇලි සිටි ස්වභාවය අනුව වෙනස් ශරීර ස්වභාව ඇති ප්‍රේතයෙක් ලෙසත් උපත ලබන්න පුළුවන්. සමහර ස්ත්‍රී ප්‍රේතයන් ඉතා විශාල පුරුෂ  ලිංගයක් තම මුඛය තුල පිහිටන ලෙසින් උප්පත්තිය ලබනවා. යකඩ කන්දක් මෙන් මහත් බරකින් යුක්ත වන මෙම පුරුෂ ලිංගය ඇදගෙන ගමන් කිරීමට මෙම ප්‍රේතියන්ට සිදු වෙනවා .... එසේම ඇතැම් පුරුෂ ප්‍රේතයන් ඉන්නවා, ඔවුන්ගේ ලිංගික අවයවය නිරන්තර ගින්නෙන් දැවෙමින් තිබෙන්නේ. ගිනිගෙන දැවෙන අවයවක් සමග මහත් කාලයක් වේදනා විඳීමට මෙම ප්‍රේතයන්ට සිදු වෙනවා. සතුන් සමග ලිංගික ක්‍රියා වල යෙදීමෙන් සතුටු වන විකෘති කාම ආශාවන් ඇති ඇතැම් පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ගේත් නියත නවාතැන වෙන්නේ මේ ප්‍රේත යෝනියම තමයි. ඔවුන් මරණින් පසු "අසුර කාය" නම් වන ප්‍රේත නිකායක උපත ලබනවා. මෙහිදී ඔවුන්ට පිහිටන්නේ මිනිස් ලොව සිටිදී ලිංගික සබඳතා පැවැත්වූ සත්වයාගේ විකෘති රූපයක්. යමෙක් සුනඛයන් හා ලිංගික ආශ්වාදය ලැබුවේ නම් බලු ඔලුවක් ඇති ප්‍රේතයෙක් ලෙස ඔහු අසුර කායේ උපත ලබනවා. සවරූපය කුමක් වුවත් ඔවුන් කුණු වී නිරන්තර පනුවන් ගැවෙසෙන ලිංගික අවයවයක් සහිතවයි උපත ලබන්නේ.

ප්‍රේත නිකායක හෝ අසුර කාය නිකායේ උපත ලබා කල්ප ගණනාවක් කර්මය ගෙවන සත්වයාට ඉන් පසුව තිරිසන් යෝනියේ උපතක් කරා යන්න පුළුවන්. දෙව් මිනිස් ලෝක වල උපතක් තවමත් පිළිබඳව මෙම සත්වයාට තවමත් කිසිම බලාපොරොත්තුවක් තියන්න බැහැ. ප්‍රේත ලෝකයෙන් චුත වන සත්වයා ඉන් පසුව ඉතාම ප්‍රාථමික මට්ටමේ සත්වයෙක් ලෙස උපත ලබනවා. අසුචි වලක පණුවෙක් ලෙස හෝ වෙනත් පිළිකුල් සහගත තැනක ඉහඳ පණුවෙක් ලෙස ඔහුට උපත ලබන්න සිදුවෙනවා. ලිංගික සම්බන්ධතා වලදී ආශාවෙන් වැළඳ ගන්න කුණු සැරව හා තෙත් බවට ඇති ආශාවන් තමයි මෙවන් ආකාරයක් උපතක් ලබන්න හේතු වෙන්නේ....සමහර විට සුනඛයෙක් ලෙස සුනඛ උපතක් ලැබෙන්න පුළුවන්. බහු ලිංගික සේවනයට පුරුදු කල ආශාව මෙවන් සුනඛ උප්පත්තියක් ලැබීමට හේතු වෙනවා....

බොහෝවිට පරදාර සේවනයට ප්‍රිය පුද්ගලයින්ට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ පුද්ගලයින් රවට්ටන්න සිදු වෙනවා. මෙම රැවටීමට ඇති ප්‍රියභාවය නිසා මෙම පුද්ගලයා තිරිසන් යෝනියේ උපත ලබද්දී වඳුරෙක් ලෙස උපත ලබන්න පුළුවන්. අන් අය රැවටීමෙන් ලබා ගත් සසර පුරුදු මෙවන් උපතක් කරා යාමට හේතු වෙනවා....

ඇතැම් විට බූරුවකු ලෙසිනුත් උපත ලබන්න පුළුවන්. තම සහකරු හෝ සහකාරිය තම නොමනා ක්‍රියා නිසා ලජ්ජාවට පත් කිරීමේ විපාක ලෙස මෙම බුරුවකු ලෙස උප්පත්තිය ලැබීම සිදු වෙනවා.....

වෙනත් කෙනෙකුගේ බිරිඳක් හෝ සැමියෙක් සමග පරදාර සේවනයේ යෙදුනු නිසා ගවයෙක් ලෙසින් උපතක් ලබන්නත් පුළුවන්....

මෙලෙස තමන් මිනිස් ලොව සිටියදී සිදුකරන ලද වැරැද්දේ ස්වභාවය හා එය තම සිතෙහි තැන්පත් වී ඇති ප්‍රමාණය අනුව විවිධ සත්ව ආත්ම භාව ලබමින් කල්ප ගණනක් තිරිසන් යෝනියේ දුක් විඳීමට සත්වයාට සිදු වෙනවා. මෙම කාලය තුළ වෙනත් අකුසල කර්ම සිදුකලොත් නැවතත් අපායගාමී වීමටත් නැවත නැවතත් සසර සැඩ පහරට හසු වී දුක් විඳීමටත් සත්වයාට සිදු වෙනවා.....

බහු ලිංගික සේවනයට ඇති කැමැත්ත - සුනඛ උපත 

අනුන් රැවටීම නිසා - වඳුරු උපත 

තම සහකරු/සහකාරිය ලෝකය ඉදිරියේ ලජ්ජාවට පත් කිරීම - බුරුවෙක් වීමට සුදුසකමක් 

අන්සතු අඹුවක් හෝ සැමියෙක් සොරකම් කිරීමේ වරදට - ගවයෙක් ලෙස ඉපදීම 

තිරිසන් උපතක කල්ප ගණනක් පව් ගෙව්වට පස්සේ කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයට මිනිස් ලෝකේ මනුස්සයෙක් විදියට උප්පත්තිය ලබන්න ඉඩ ලැබෙන්න පුළුවන්. නමුත් මේ උපත සිද්ද වෙන්නේ නපුංසකයෙක් විදියට. පිරිමියෙක් විදියට උපත ලැබුවොත් ඔහු ගැහැණු ගති ලක්ෂණ පෙන්නනවා. ගැහැණු කෙනෙක් ලෙස අඳින්න පළදින්න ආස කරනවා. තාක්ෂනය දියුණු අවධියක මේ උපත සිද්ධ උනොත් ඔහු සැත්කම් මගින් ගැහැනු ලිංගික අවයව ලබාගන්න ඉඩ තියනවා. ලිංගික ආකර්ශනය ඇති කරගන්නෙත් පිරිමි පාර්ශවය ගැනම තමයි. ගැහැණු කෙනෙක් ලෙස ඉපදුනොත් ඇය බොහෝවිට ස්ත්‍රී සමලිංගික ඇසුරට ප්‍රිය කරන කෙනෙක් ලෙස තමය් උපත ලබන්නේ. නමුත් නපුංසක පිරිමි කෙනෙක් ලෙස උපත ලැබුවොත් ඔහුගේ පව් ගෙවීම වඩාත් ඉක්මන් වෙනවා. මොකද නපුන්සක පිරිමි උදවිය, නපුංසක ගැහැණු උදවියට වඩා සමාජයකින් පීඩා විඳින නිසා. ඔබ දැකල ඇති ඇතැම් පුද්ගලයින් ඉන්නවා, සමලිංගික ඇසුර ප්‍රිය කරන. මොවුන්ට නපුංසකයන් මෙන් විරුද්ධ ලිංගිකයෙක් වෙන්න නම් ආසාවක් නෑ. නමුත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ප්‍රිය බවකුත් නැහැ. මොවුනුත් සමාජයෙන් නින්දා විඳින කොට්ටාසයක්, ඒ වගේම සාමකාමී පින් දහම් රැස් කරගන්න පුළුවන් පවුල් ජීවිතයක සතුට මොවුන්ට හිමි වෙන්නේ නෑ.  මෙවන් උපතකට හේතුවත් පෙර සසරේ කාමයේ වරදවා හැසිරීමම තමයි.

මිනිස් ආත්මභාවය ලබන කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයාට ආත්මභාව ගණනාවක් නපුංසකයෙක් හෝ සමලින්ගිකයෙක් ලෙස උපත ලබන්න සිද්ධ වෙනවා. ඒ හැම ආත්මයකදීම ඔහුට අර පරදාර සේවනයේ පාපය ටික ටික ගෙවල දාන්න වෙනවා.....

හිතන්න මේ පුද්ගලයා පෙර සසරේ කාන්තාවක් ලෙස වැඩි වාර ගණනක් කාමයේ වරදවා හැසිරිලා තියනවා කියල . එහෙම නම් ඔහු ඊළඟ ආත්ම භාවයේ සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලැබීමේ හැකියාව වැඩි. මෙහිදී ඔහු ගැහැණියෙක් ලෙසින් හැසිරෙන්න කැමති සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලබනවා....

ඒ වගේම පෙර සසරේ පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි නම් ඊළඟ මනුෂ්‍ය ආත්ම භාවයේ ඔහු පිරිමි ගති ලක්ෂණ වැඩි සමලින්ගිකයෙක් ලෙස උපත ලබනවා. මෙවන් පුද්ගලයෙක්ගේ කාන්තා හැසිරීමක් පේන්නේ නැහැ. නමුත් ඔහු ලිංගිකව ආකර්ෂණය වන්නේ පුරුෂ පක්ෂයටම පමනයි....

පුරුෂයෙක් ලෙස කාන්තාවක් ලෙසට වඩා වැඩි වාර ගණනක් පරදාර සේවනයේ යෙදුනු තැනැත්තෙක් වේ නම් මෙම ආත්මයේ ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කරන කාන්තාවක් ලෙස උපත ලබනවා. මේ කාන්තාව වඩාත් පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන අතර ස්ත්‍රීන් කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්ත වෙනවා ....

ඒ වගේම කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි  වාර ගණනක් නම්  එම පුද්ගලයා ඊළඟ ආත්මභාවයේ ගැහැණු ගති තියන සමලිංගික කාන්තාවක් ලෙසය් උපත ලබන්නේ....

ඔබ ගණිකාවන් දැකල ඇති. ගණිකාවන් කියන්නෙත් පෙර සසරේ පුරුෂයෙක් ලෙස කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයෙක් තමාගේ පාපය ගෙවල දාන අන්දම. එවන් උපතක ඉන්න කාන්තාවක් ඒ වනවිටත් සසරේ එක අවස්ථාවක කාමයේ වරදවා හැසිරීමේ පාපය තවමත් ඉවර කරගන්න බැරුව විඳවමින් ඉන්නවා. 

ඉහත ආකාර වලින් කර්මය ක්ෂය වී ඉතාමත් සුළු අවස්ථාවකට පැමිණි පසු එම සත්වයාට විනීත සාමාන්‍ය ගැහැණු උපතක් ලැබෙනවා. නමුත් ඒ ආත්ම භාවයේ ඇයට ලැබෙන සැමියා විශ්වාසය කඩ කරන්නෙක් වෙනවා. කලින් ආත්මයක එම පුද්ගලයා විසින්ම සිදුකල පරදාර සේවනයට සමාන ක්‍රියාවන් සිදුකරන සැමියෙක් තමයි ඇයට ලැබෙන්නෙත්. එ්නිසා එම ආත්මයේදීත් විඳවන්න ඇයට සිද්ධ වෙනවා...

කාමයේ වරදවා හැසිරීමේ විපාකය ඉතාම සුළු අඩියකට පැමිණි පසුව එම පුද්ගලයා සතුටුදායක පවුල් ජීවිතයක් ගතකරන විශ්වාසී සැමියෙක් සිටින කාන්තාවක් ලෙස උපත ලබනවා. කාන්තාවන්ට ස්වභාවිකව උරුම වන පුරුෂයන්ට සාපේක්ෂව වේදනාකාරී බව වැඩි ලිංගික අවයව පද්දතිය හා ප්‍රජනන පද්දතියත් සැලකෙන්නේ කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිවිපාක ලෙසයි....

කර්මය ඉතාමත් සුළු වූ විට එම පුද්ගලයාට අවිවාහක කාන්තාවක් ලෙස උපතක් කරා යන්න පුළුවන්. දරු උපත්, ලිංගික කටයුතු වලින් තොර අවිවාහක කාන්තාව විවාහක කාන්තාවකට වඩා අඩු කර්මයක් සහිත තැනැත්තෙක් ලෙසයි සැලකෙන්නේ...

කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවා අවසාන වීමට ඉතාම ආසන්න වූ පසු එම තැනැත්තා උපත ලබන්නේ සිල්වත් ආගමානුකූල කාන්තාවක් ලෙසයි. මෙය කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවීමට ඉතාම ආසන්න අවස්ථාවක්...

නමුත් ඉහත එක උපතකදී හෝ නැවතත් ඇය පවට වැටි කාමයේ වරදවා හැසිරීමේ අකුසලය සිදු කළහොත් නැවතත් සසර සැඩ පහරට හසුව අපායගාමී වී අනන්ත කාලයක් ප්‍රේත, අසුර හා තිරිසන් යෝනි වල ඉපදෙමින් දුක් විඳීමට සිදු වෙනවා...

අකුසලයෙන් මිදෙන්න. කුසලයේ යෙදෙන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ආස්වාදයේ ආදීනව දකින්නා වෙහෙසට පත් නොවේ

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක මහාචාර්ය 
කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමි

කුසගින්නෙන් පෙළෙන බල්ලෙකු විසින් මස්, ලේ නැති ඇට කැබැල්ලක් ලෙවකමින්, සපමින් කුසගින්න නිවාගැනීමට දරන්නා වු මෝඩ උත්සාහයක් වැනිය, අරමුණුවලට ගිජුවීම නිසා ලෝකයා වෙහෙසට පත්වීම.
පෘතග්ජනයා ලෙසින් හැඳින්වෙන්නේ කවර පුද්ගලයෙක්ද? මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයේ මුලින්ම දැක්වෙන්නේ අස්සුතවත් පුඵුජ්ජනයන්ගේ ස්වභාවයයි. එහි අට්ඨකථාවෙහි සඳහන් “පුඵූනං නානප්පකාරානං කිලේසානං ජනනාදීහිපි කාරණෙහි පුඵුජ්ජනො’ යන විග්‍රහයට අනුව නොයෙක් කෙලෙස් ඇතිවීමට හේතුවෙන ලෙසින් කටයුතු කරන තැනැත්තා,පෘථග්ජනයෙක් වන්නේය.
ඔහු පඤ්චකාමයන්ගෙන් ලැබෙන සුළු ආස්වාදයට ඇලී, එහිම ගිලී කාමාස්වාදයන්ගෙන් මුසපත් බවට පත්වේ. පඤ්චකාමාස්වාදයන් නම්,ඇසින් රූප බැලීමට ඇති ආශාවය, කනින් ශබ්ද ඇසීමට ඇති ආශාවය. නැහැයෙන් සුවඳ ආඝ්‍රාණයට ඇති ආශාවය .දිවෙන් රස විඳීමට ඇති ආසාවය. කයෙන් ස්පර්ශ විඳීමට ඇති ආසාවය. සිතට සිතිවිලිවලින් ලැබෙන වින්දනයන් පිළිබඳව ඇති ආසාවන්ය. එම ආසාවන් සම්පූර්ණ කරගැනීමට සියලුම සත්වයෝ විවිධාකාරවලින් වෙහෙසෙති. එහෙත් ආසාවන් සම්පූර්ණ කරගෙන තෘප්තියට පත්ව දැන් මම සියලුම කාමාස්වාදයන් වින්දෙමි. තවත් මට නම් කිසිම කාමාස්වාදයක් එපා යැය’යි සිතා, ඉන්ද්‍රියයන් පිනවීමෙන් සෑහීමකට පත්වෙන කිසිම සත්ත්වයෙක් හෝ පෘතජ්ජන පුද්ගලයෙක් ලෝකයේ නැත. එනිසා ඉඳුරන්ගෙන් ලැබෙන අස්සාද සුඛය සොයමින් සියලු සත්වයෝ වෙහෙසට පත්වෙති. එය හේමවත සූත්‍රයේ මෙසේ සඳහන් වේ.
ඡස්සු ලොකෝ සමුප්පන්නො ඡස්සු කුබ්බති සන්ථවං 
ඡන්න මෙවමුපාදාය ඡස්සු ලොකෝ විහඤ්ඤති

ලෝකයෙහි සතුන්ට ඉන්ද්‍රිය හයක් පහළ වු කල්හී ඒ සතුන් විසින් අරමුණු හයක් සමඟ සම්බන්ධතා පවත්වනු ලැබේ. ඉන්ද්‍රියන්ගෙන්, එම අරමුණු හය අල්ලා ගැනීම නිසා සියලු ම ලෝකයා වෙහෙසට පත්වන්නේය.ඇසින් ලස්සන රූපයක් දැක සතුටට පත්වෙයි. එම රූපය නැවත නැවතත් දැකීමට කැමති වෙයි. ඒ සඳහා වෙහෙසෙමින් ලස්සන රූපයම සොයා යයි. එයින් සුලු ආස්වාදයක් ලබමින් දැඩි වෙහෙසකට පත්වෙන පෘතග්ජනයාට ඇති වන්නේ වෙහෙසක් පමණි. එය කුසගින්නෙන් පෙලෙන බල්ලෙකු විසින් මස්, ලේ නැති ඇට කැබැල්ලක් ලෙවකමින්, සපමින් කුසගින්න නිවාගැනීමට දරන්නා වු මෝඩ උත්සාහයක් වැනියැ”යි සඳහන් වේ. ඇස, කන, නාසය, දිව, ශරීරය,මන යන අනෙක් ඉන්ද්‍රියන්ට අරමුණු වන්නා වූ රූප, ශබ්ද,ගන්ධ, රස, පොට්ඨබ්බ,ධම්ම යන අරමුණුවලට ගිජුවීම නිසා ලෝකයා වෙහෙසට පත්වෙයි. මෙසේ සත්වයන් විසින් පඤ්ච ඉන්ද්‍රියන්ගෙන්ම ලබන්නේ, අස්සාද සුඛයක් පමණි. සැපයට මුසපත් වූ පෘථග්ජන පුද්ගලයා, එයට ඇලී කම් සැපයෙහි ම ගිලේ. එනිසාම පඤ්ච නීවරණවලිනුත් වැසේ. කාමච්ඡන්ද,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච,කුක්කුච්ච, විචිකිච්ඡා යන පඤ්ච නීවරණවලින් ආවරණ වූ තැනැත්තාට සත්‍යය නොපෙනේ. ඉන්ද්‍රියන්ට හමුවෙන අරමුණුවලට ආසාකිරීම, කාමච්ඡන්දයයි. තමා කැමැති වන දෙයක් ලබාගැනීමට උත්සාහවත්වන විට, වෙනත් කෙනෙක් ඊට විරුද්ධ වුවහොත් ඔහු සමඟ ගැටේ. එය පටිඝය හෙවත් ව්‍යාපාදයයි. අලස බව හෙවත් කම්මැලිකම ථීනමිද්ධයයි. නොසන්සුන් බව සහ කල්පනාකාරී බව උද්ධච්ඡ , කුක්කුච්ඡ නම් වන්නේය. බුද්ධාදී අටතැන් පිළිබඳව ඇතිවෙන සැකය හෙවත් කුකුස , විචිකිච්ඡාවයි. මේවා නීවරණ හෙවත් ආවරණයෝය. නීවරණවලින් වැසුණු තැනැත්තාට, සත්‍යය නොපෙනීම හෙවත් මෝහය (මුලාව) ඇතිවෙයි. ඔහුට සත්‍යය හෙවත් යතාර්ථය දැකිය නොහැකිය.

නිවැරදි දැක්මක් නැති තැනැත්තා සක්කාය දිට්ඨි නම් වූ ‘මමයැ’යි කෙනෙක් ඇත, යන මිථ්‍යාදෘෂ්ටියෙන් වෙළෙන්නේය. එනිසා සක්කාය දිට්ඨියෙන් වෙළුණු පෘතග්ජනයා තණ්හාව, මානය, දිට්ඨියෙන්ද ආවරණය වෙයි. මෙසේ කෙලෙස්වලින් වැසුණු හේ අන්ධයෙක් වැනිය. ඔහුට ආර්යයන් වහන්සේලා දැකීමටවත්, උන්වහන්සේලාගේ ධර්මය අසා, ධර්මාවබෝධයටත් ශක්තියක් නැත. එවැනි අය, අස්සුතවත් පුඵුජ්ජනයන්, අසත්පුරිසයන්, අනාර්යයන්, පෘතග්ජනයන් වශයෙන්ද හැඳින්වෙති. අස්සුතවත් පෘථග්ජනයාට අවස්ථා තුනකදී සද්ධර්මයෙන් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වේ.
1.බුදු ,පසේබුදු, මහරහත් යන ආර්යයන් වහන්සේලා දැකීමෙන්
2.ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන ධර්මයෙහි හැසිරීමට දක්ෂයෙකු නොවීමෙන්
3.ආර්ය ධර්මයෙහි හික්මීමට කුසලතාවක් නැති නිසා ධර්මාවබෝධ කළ නොහැකි වීමත්ය.
ආර්යයන් වහන්සේලා නොදැකීමත් සද්ධර්මය නොඇසීමත් නිසා අස්සුතවත් පුඵුජ්ජනයෝ ආර්ය ධර්මයෙන් ඈත් වෙති. නීච වූ පහත් අය ඇසුරු කරමින් නීච ධර්මවලට පුරුදු වෙති. පාප ක්‍රියාවලට පුරුදු වූ ඔවුහු තිරිසනුන් වැනිය. ධර්මය සහ අධර්මය තෝරා ගත නොහැකි වූ තිරිසනුන් වැනි මිනිසුන් අන්ධයෝ මෙන් කටයුතු කරති. එනිසා අස්සුතවත් පඵුජ්ජනයන්ට ආර්යයන් වහන්සේලා දක්නට ලැබුණත් උන්වහන්සේලා හඳුනාගැනීමට ඔවුහු අසමත් වෙති. එය තිරිසනුන්ට ආර්යයන් වහන්සේලා දකින්ට අවස්ථාව ලැබුණත් උන්වහන්සේලා හඳුනාගන්නට, නොහැකි වන්නාක් මෙනි. සතුන් වැනි ඒ මිනිසුන්ටත් ආර්යයන් වහන්සේගේ ගුණ තේරුම් ගැනීමට නොහැකි වේ.
සිතුල් පව්වේ වැඩ සිටි රහතන් වහන්සේ නමකට උපස්ථාන කළ භික්ෂුවක් සිටියේය. වයසට ගොස් පැවිදි වූ ඒ භික්ෂුව ධර්මාවබෝධයට අසමත් කෙනෙකි. දිනක් ඒ භික්ෂුව, රහතන් වහන්සේ පසුපසින් යමින් ‘ස්වාමීනි, රහතන් වහන්සේ හඳුනාගන්නේ කෙසේදැයි’ ප්‍රශ්නයක් ඇසීය. එයට පිළිතුරු දෙමින් උන්වහන්සේ, සමහර අස්සුතවත් පෘතග්ජනයන් රහතන් වහන්සේලාට උපස්ථාන කළහ. පාසිවුරු රැගෙන පසුපසින් ගමන් කළද,අන්ධයන් වැනි වූ ඔවුන්ට රහතන් වහන්සේ හඳුනාගත නොහැකිය’යි වදාළහ. මෙසේ කරුණු පැහැදිලි කළත් ඒ භික්ෂුවට තමා උපස්ථාන කරන්නේ රහතන් වහන්සේ නමකටයැ’යි අවබෝධ කරගත නොහැකි විය. එනිසා සත්‍යයය දැකිය නොහැකි වූ අස්සුතවත් පෘථග්ජනයෝ මසැසින් හෝ දිවැසින් ආර්යයන් වහන්සේලා දැක්කත් අන්ධයන් මෙන් ආර්යයන් වහන්සේලාගේ ගුණ නොදකිති. වක්කලි හිමියන් බුදුරජාණන් වහන්සේගේ පිටුපස ගියේ අන්ධයෙකු මෙනි. ‘වක්කලිය, කුණුවී යන මේ ශරීරය දැකීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? යමෙක් ධර්මය දකී ද? ඔහු මා දකින්නේය. යමෙක් මා දකින්නේ නම් ඔහු ධර්මය දකින්නේය. යයි බුදුරජාණන් වහන්සේ වක්කලී භික්ෂුවට අවවාද කළහ. එනිසා අන්ධයෙකු වැනි වූ පෘතග්ජනයා අස්සුතවත් කෙනෙකි. එහෙත් සුතවත් වූ පුද්ගලයා ආර්යයන් වහන්සේලා දැක, ධර්මය අසන්මෝය. එයින් සුතවත් වූ ඒ තැනැත්තා ධර්මචාරි කෙනෙක් වී සත්පුරුෂයෙකු බවට පත්වන්නේය. ඔහුගේ ලක්ෂණ තුනකි.
1.සුචින්තිත චින්තී හොති (යහපත් ලෙසින් සිතන්නෙක් වෙයි)
2. සුභාසිත භාසී හොති (යහපත් වචන කථා කරයි)
3.සුක්කත කම්මකාරි හොති (යහපත් වැඩ කවෙහෙරයි)
සුතවත් වු සත්පුුරිසයෝ යහපත් ලෙසින් සිතන නිසා තමාගේ පඤ්ච ඉන්ද්‍රියයන්ට ගොදුරු වෙන අරමුණුවලින් සුළු ආස්වාදයක් ලැබුවත් එහි ආදීනව දකිති. ලස්සන රූපයක් ඇති කෙනෙක් කලක් ගතවන විට වියපත්ව වැහැරීමට පත්වේ. කලු කෙස් සුදුවේ. සුදු දත් හැලේ. සිත් කලු හම රැලිවැටේ. මේවා ශරීරයේ ඇතිවෙන ආදීනවයන්ය. ඒ ආදීනව පිළිබඳ ව විමසුම් නුවණින් මෙනෙහි කරන සුතවත් පුද්ගලයා කාමාස්වාදවලින් වෙහෙසට පත්නොවී පඤ්ච කාමයන්ගෙන් මිදීමට උත්සාහවත් වෙයි. එබැවින් නිවැරැදි දැකීමක් ඇති අය, පඤ්ච කාමාස්වාදවලින් මිදීමට ප්‍රයත්න දරති. ඔවුහු, ජීවිතය පිළිබඳ ව නිවැරදි අවබෝධයෙන් හා නිවැරදි සිතිවිලිවලින් යුක්තවන, කය සහ වචනය සංවර කරගනිමින් යහපත් ජීවිතයක් ගත කරති. එවැනි සත්පුරුෂයෝ මෙලොවත් සතුටු වෙති. පරලොවත් සතුටු වෙති. දෙලොවම ජයගන්නා, ඔවුහු නිවන් දකින්නෝය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ප්‍රවේශමෙන් වචන පරිහරණය කරන්න

රුවන්වැල්ල, වහරක දම්සක් විහාරයේ 
ප්‍රධාන අනුශාසක 
ගම්පහ මහානාම හිමි

බුදුරජාණන් වහන්සේ අපට මනාව සංවරවීම පිළිබඳව ධර්මයෙහි උගන්වා ඇත. අප විසින් සංවර කර ගත යුතු කාරණා තුනකි. එනම් සිත, කය සහ වචනයයි. ඒ අතරින් මා ඔබට මෙම ලිපිය මගින් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ වචනය සංවර කර ගැනීමේ වටිනාකම මෙන්ම එය නිවන පිණිස උපකාර වන ආකාරයයි.
බුදුරජාණන් වහන්සේ අපට නිවන පිණිස උතුම් මාර්ගයක් පෙන්වා ඇත. එනම් අංග අටකින් යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඒ තුළ විග්‍රහ වන්නේ සීල, සමාධි, ප්‍රඥා යන කාරණා ප්‍රගුණ කිරීම පිළිබඳවයි. සීලය අංග තුනකි. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීවයයි. සමාධි යටතේ අංග තුනක් විග්‍රහ වේ. එනම් සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධිය ප්‍රඥා කොටස යටතේද අංග දෙකක් විග්‍රහ වේ. එනම් සම්මා දිට්ඨියත්, සම්මා සංකල්පයත්ය.මෙසේ බෙදා දැක්වීමේදි මුල් මාර්ග අංග දෙක ප්‍රඥා කොටසට අයිති වුවද නිවන් මග ඔබ තුළ ප්‍රගුණ වන්නේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් බව මනාකොට තේරුම් ගත යුතු වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිවන් මඟ සමාධියෙන් නොව ප්‍රඥාවෙන් අවසන් වන වැඩපිළිවෙලකි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ සම්මා වාචා විග්‍රහ කරන්නේ මෙසේය.

මුසාවාදා වේරමණි – බොරු කීමෙන් වැළකීම 
පිසුනා වාචා වේරමණී – කේලාම් කීමෙන් වැළකීම 
ඵරුසා වාචා වේරමණී – පරුෂ වචන කීමෙන් වැළකීම 
සම්ඵප්පලාපා වේරමණී – සම්ඵප්ප්‍රලාපයෙන් වැළකීම යනුවෙනුයි.

එම නිසා නිවන පිණිස අප සැවොම ඉහත කී කාරණා වලින් වැළකී වචනය සංවර කිරීම අනිවාර්ය වේ. බොරුවෙන් වැළකී සත්‍ය වචන පමණක්ම කතා කිරීමටද, එකිනෙකා බිඳෙන, අසමඟිවෙන වචන කථා කිරීමෙන් වැළකී ඔවුනොවුන් සමඟිවන වචන පමණක්ම කථා කිරීමටද, අන්‍යයන්ගේ සිත් රිදෙන, කනට අමිහිරි අපි‍්‍රය පරුෂ වචනයෙන් වැළකීමටද, තමන්ටත් අන් අයටත් අර්ථය පිණිස නොපවතින හිස්වචන කථා නොකොට අර්ථවත් වූ අවබෝධය පිණිස පවතින්නා වූ දස කථාවේම පමණක් යෙදෙන්නටද අප වගබලා ගත යුතුය. එසේම උත්සාහ කළ යුතුය. එසේ සම්මා වාචා යන මාර්ග අංගය පුරුදු පුහුණු කරගනිමින් දුෂ්චරිතයෙන් වැළකී සිටින්නා වූ තැනැත්තාට යම් කලෙක විදර්ශනා වැඩීමෙන් මාර්ගඵල අවබෝධය අනිවාර්යයෙන්ම ලැබිය හැකිය.
මුවින් වචන පිට කිරීමේදී අප කිහිප වරක් සිතිය යුතුය. ඒ සඳහා මනා සිහියකින් වාසය කළ යුතුය. වචන පරිහරණයෙන් මිනිස්සු බොහෝ අකුසල් රැස්කර ගනිති. එමෙන්ම යහපත් වූ වචනයෙන් බොහෝ පින්ද රැස්කර ගත හැකි වේ. අසිහියෙන් මෙන්ම අනවබෝධයෙන් මුවින් පිටවන වචන නිසා සිදුවෙන මහා විපත් වර්තමාන සමාජයෙහිද බහුලව දැකිය හැකිය.
යං තථාගතෝ වාචං ජානාති අභූතං අතවිජං 
අනත්ථසංහිතං සා ච 
පරෙසං පියා මනාපා, න තං තථාගතෝ වාචං භාසති

යම් වචනයක් සිදු නොවු බවද, අසත්‍ය බවද, අනර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දනිති. එමෙන්ම එය අන්‍යයන්ට පි‍්‍රයමනාප වෙන්ට පුළුවනි. නමුත් ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැත.
යම්පි තථාගතෝ වාචං ජනාති භූතං තච්ඡ අනත්ථසංහිතං සා ච 
පරෙසං පියා මනාපා, තම්පි තථාගතෝ වාචං න භාසති

යම් වචනයක් සිදු වූ බවද, සත්‍ය බවද, අනර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දකිති. එමෙන්ම එය අන්‍යයන්ට පි‍්‍රයමනාප වෙන්ට පුළුවනි. නමුත් ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැත.
යඤ්ච ඛෝ තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං 
අත්ථසංහිතං

සා ව පරෙසං පියා මනාපා, තත්‍ර කාලඤ්ඤ තථාගතෝ හෝති 
තස්සා වාචාය වෙයියාකරණාය

යම් වචනයක් සිදු වූ බවද, සත්‍ය බවද, අර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දනිති. ඒ වගේම එය අන්‍යයන්ට පි‍්‍රයමනාප වෙන්ට පුළුවනි. ඒ වචනය තථාගතයන් වහන්සේ කාලානුරූපව පවසති වශයෙනි.
මේ උතුම් දේශනාවෙන් අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ කොයිතරම් පාරිශූද්ධ වූත්,අර්ථවත් වූත් වචන පරිහරණය කළ උත්තමයෙක්ද යන වග අපට මනාව ප්‍රත්‍යක්ෂ වේ. එසේම මෙම කාරණා තුළින් පිළිබිඹු වන්නේද බුදුරජාණන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්න නම් වූ උතුම් බුදු ගුණයයි.අවබෝධ ඤාණයට ගැළපෙන වචන පමණක්ම කථා කළ උත්තමයෙක් බවද අපට මනාව පැහැදිලි වේ. නමුත් අද ජීවත් වන බොහෝ දැන උගත් යැයි සම්මත මිනිසුන් පවා තම දැන උගත්කමට නොගැළපෙන බොරු කේලම්, පරුෂවචන සහ හිස්වචනයෙන් යුක්තව මිච්ඡා වාචාවෙන් යුක්ත වීම අවාසනාවට කරුණකි. එම නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වන අපද අනිවාර්යයෙන්ම වචනය සංවර කරගත යුතු වේ. ඒ සඳහා මනා සිහි නුවණකින් කටයුතු කරමින් හොඳින් සිතා බලා වචනය හැසිරවීමට වගබලා ගත යුතු වේ.
වචනය නිසා අකුසල් කරගත් බොහෝ දෙනා පේ‍්‍රත ලෝකයේ ඉපිද විඳින අනේක දුක් පිළිබඳ කතා පුවත් රාශියක් ඛුද්දක නිකායේ පේ‍්‍රත වස්තු නමැති බුද්ධ දේශනාවන් හි සඳහන් වේ. එමෙන්ම නිරය,තිරිසන් අපාය ආදි දුගතිවල උප්පත්තිය ලැබීමටද වචනය අසංවර වීම හේතු වේ. බුද්ධ කාලයේ වාසය කළ කෝකාලික භික්ෂුව ඊට කදිම නිදසුනකි. අග්‍රශ්‍රාවක උතුමන් වහන්සේට අභූතයෙන් චෝදනා කොට වචනයෙන් ආර්යය උපවාදය නමැති බරපතල අකුසලය සිදු කර ගනිමින් අදටත් නිරයේ ඉපිද අනන්ත අප්‍රමාණ දුක් විඳී. එහෙයින් ශ්‍රාවකයින් වන අප බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සම්මා වාචා තුළ පිහිටා ම කටයුතු කළ යුතුය. එය නිවන් මගේ එක් මාර්ගයක් සේම ඒ තුළින් අප නිවනට වඩාත් සමීප වේ. අතිශය දුක්ඛිත වූ සංසාරයේ මහා ගැටලුවක් බවට පත් වී ඇති සමහර කාරණා විමසා බැලීමේදි පුංචි වචනයක් වැරදීම ඊට හේතු වී ඇත. එම නිසා වචන කථා කිරීමේදී අප ප්‍රවේශම් වීම අනිවාර්ය කරුණකි. වැඩිපුර කථාබහ ඇතිව වාසය කිරීමද වචනයෙන් පව් රැස් වීමට හේතු වේ. ඒ කෙසේද යත් අසිහියෙන් වචන පරිහරණය කිරීමේදී බොරු, කේලාම්, පරුෂ වචන, හිස්වචන ඔවුනටත් නොදැනීම ඔවුන්ගේ මුවෙන් පිටවීමයි.අවශ්‍ය දේ පමණක් කථා කිරීමෙන් අපට වචනය පහසුවෙන් සංවර කරගත හැකිය.
එමෙන්ම අන් අයගේ අපි‍්‍රය,අමනාප වචන ඉවසීමටද අප පුරුදු විය යුතුය. එසේ නැතහොත් මහා විපත් පවා සිදු වීමට ඉඩකඩ ඇත. අවශ්‍ය දේ පමණක් අවශ්‍ය කාලයේදී සහ අවබෝධය පිණිසම පමණක් හේතුවන අර්ථ සහිත වූ වචන පමණක්ම කථා කළ බුදුරජාණන් වහන්සේගේ වචන පරිහරණය ඉතා අසිරිමත්ය. එමෙන්ම උන්වහන්සේ වචන පරිහරණය කළේ සියලු සත්වයන් වෙත පහළ වු මහා කරුණාව මුල් කර ගනිමින් සසර දුකින් එතෙරවීමට අනුග්‍රහ පිණිසමය.උන්වහන්සේගේ අතිශය පිවිතුරු වු අර්ථය පිණිසම පවතින වචන භාවිතය පිළිබඳව සූත්‍ර පිටකයෙහි මජ්ක්‍ධිම නිකායේ අභයරාජ කුමාර සූත්‍ර දේශනාවේදීි විග්‍රහ වේ.
යං තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං සා ච 
පරෙසං අප්පියා අමනාපා න තං තථාගතෝ වාචං භාසති

යම් වචනයක් සිදු නොවු බවද? අසත්‍ය බවද, අනර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දන්නා නමුත්, එය අන්‍යයන්ට අපි‍්‍රයද, අමනාපද ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැත.
යංපි තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං 
අනත්ථසංහිතං සා ව 
පරෙසං අප්පියා අමනාපා තම්පි තථාගතෝ වාචං න හාසති

යම් වචනයක් සිදු වූ බවද? සත්‍ය බවද? අනර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දනිති. එමෙන්ම එය අන් අයට අපි‍්‍රයයි. අමනාපයි. ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැත.
යඤ්ච ඛෝ තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං සා ච 
පරෙසං අප්පියා අමනාපා තත්‍ර කාලඤ්ඤෑ තථාගතෝ හෝති 
තස්ස වාචාය වෙයි්‍යාකරණාය

යම් වචනයක් සිදු වූ බවද, සත්‍ය බවද, අර්ථ සහිත බවද,තථාගතයන් වහන්සේ දනිති. ඒ වගේම එය අන් අයට අපි‍්‍රයයි, අමනාපයි. ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ කාලානුරූපවයි.
ගමනක අතරමං වී සිටින අපට මේ ලැබුණු දුර්ලභ මිනිසත් බව උපයෝගි කරගනිමින් සතර සතිපට්ඨානය තුළ වාසය කරමින් වචනය සංවර කරගෙන නිවන් මඟ ප්‍රගුණකොට චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට උත්සාහ කළ යුතුය. එමෙන්ම අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සිත පහදාගෙන ශ්‍රද්ධා සම්පත්තිය ඇතිකර ගැනීම පිණිස ද උපකාර වන බව නොඅනුමානය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X