බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ ක්‍රි.පූ. 6 වන සියවසේ ඉන්දියාවේ පැවැතියේ මීටත් වඩා අන්තගාමී වූ අනර්ථකාරී වූ හිංසක යාගහෝම පුද පූජා විධින් ය. එකල විසූ එවැනි පුද පූජා පවත්වමින් සිටි උග්ගතසරිර නම් බමුණා ද එවැන්නෙකි. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි තමන් සතු භවභෝග නිසා ද ශරීරයෙන් උස්මහත් බවට පැමිණි නිසා ද උග්ගතශරීර යන්න ඔහුට අන්වර්ථ නාමයක්ම වුණා. මේ බමුණා විසින් තම යාගය සඳහා හැමවිටම අවම වශයෙන් පන්සියය බැගින් සිවුපා සතුන් ඝාතනය කරනවා. ඒ අනුව පන්සියයක් හරකුන්ද, පන්සියයක් තරුණ වස්සන්ද, පන්සියයක් තරුණ වැස්සියන් ද, පන්සියයක් එළුවන් ද, පන්සියයක් එළිච්චියන්ද, මෙසේ යාගය සඳහා ඝාතනය කරනවා. මේ බමුණාට දවසක් මෙබඳු සිතක් පහළ වූවා. මෙපමණ මා මහත් පරිශ්‍රමයක් දරමින් මෙන්ම සතුන් සඳහා වියහියදම් ද දරා කරන මේ යාගයේ ආනිශංස හෝ හොඳ නරක කියා දීමට මේ දවස්වල අපේ මේ සැවැත් නුවර ප්‍රසිද්ධියක් ලබා තිබෙන ශ්‍රමණ භවත් ගෞතමයන් හමුවුණොත් දැනගන්නට පුළුවන් වෙයි. මොකද? උන්වහන්සේ මහා ප්‍රඥාවන්තයෙකු ලෙස දැන් මේ දඹදිව මහත් ප්‍රසිද්ධියක් ලබා තිබෙන නිසා, මෙසේ සිතු උග්ගතසරීර බමුණා බුදුරජාණන් වහන්සේ හමුවීමට ජේතවනාරාමයට ගියා. එහෙම ගිහින් බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා පැත්තකට වෙලා හිඳ ගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා. “ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, මම අසා තිබෙනවා යාගය සඳහා ගිනි දැල්වීමත්, ජීවිත දානය සඳහා එම ගිනි ඇවිලෙන යාගස්ථම්භය සිටුවීමත් මහත් ආනිශංසදායක මහත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බව. එය එහෙම ද ස්වාමීනි” කියා බුදුරජාණන් වහන්සේගෙන් අහන මේ බමුණාට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ “එය එසේය, බමුණ මා විසිනුත් ඒ ආකාරයෙන්ම ගිනි දැල්වීමත් යාග කණුව හෙවත් යාගස්ථම්භය යාග කණු සිටුවීමත් මහත් ප්‍රයෝජනයි. මහත් ප්‍රතිඵලදායකයි කියා මා දැනගෙන තිබෙනවා” යනුවෙනි. දෙවන හා තෙවන වරටත් උග්ගතසරීර බමුණා අසන විට දෙවන හා තෙවන වරටත් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර එයම වුණා. බමුණා දැන් සිතනවා එහෙම නම් මගේ මේ යාග පූජාවේත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලත් වෙනසක් නැහැ. සමානයි කියා. මේ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ බමුණාට පවසනවා “බමුණ ඔය කාරණය බුදුරජාණන් වහන්සේගෙන් ඇසිය යුත්තේ ඔහොම නොවේ. ඔබ ඇසිය යුත්තේ බුදුරජාණන් වහන්ස, මම යාග ගිනි දල්වන්නට කැමැතියි. යාග කණුව සිටුවන්නටත් කැමැතියි ඒ සඳහා සතුන් යොදා ගෙන එම පූජාව කරන්නත් කැමැතියි. ඉතින් බොහෝ කාලයක් මගේ සිත සැප පිණිස ඒ සඳහා මට අවවාද අනුශාසනා කරන්නයි” යනුවෙනි. ඒ අවස්්ථාවේ දී බමුණා ආනන්ද හිමියන් පැවසූ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට බුදුරජාණන් වහන්සේ එය සිදු කරන ආකාරය පැහැදිලි කර දුන්නා.දැනෙනවාට වඩා, දකිනවාට වඩා ප්රත්යක්ෂයෙන් ම පමණක් දත යුතු දෑසින් එපිට සැබෑ ලෝකයක් ඇත.
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...


නිබඳව රැස් කරන පින සහ පව
බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ ක්‍රි.පූ. 6 වන සියවසේ ඉන්දියාවේ පැවැතියේ මීටත් වඩා අන්තගාමී වූ අනර්ථකාරී වූ හිංසක යාගහෝම පුද පූජා විධින් ය. එකල විසූ එවැනි පුද පූජා පවත්වමින් සිටි උග්ගතසරිර නම් බමුණා ද එවැන්නෙකි. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි තමන් සතු භවභෝග නිසා ද ශරීරයෙන් උස්මහත් බවට පැමිණි නිසා ද උග්ගතශරීර යන්න ඔහුට අන්වර්ථ නාමයක්ම වුණා. මේ බමුණා විසින් තම යාගය සඳහා හැමවිටම අවම වශයෙන් පන්සියය බැගින් සිවුපා සතුන් ඝාතනය කරනවා. ඒ අනුව පන්සියයක් හරකුන්ද, පන්සියයක් තරුණ වස්සන්ද, පන්සියයක් තරුණ වැස්සියන් ද, පන්සියයක් එළුවන් ද, පන්සියයක් එළිච්චියන්ද, මෙසේ යාගය සඳහා ඝාතනය කරනවා. මේ බමුණාට දවසක් මෙබඳු සිතක් පහළ වූවා. මෙපමණ මා මහත් පරිශ්‍රමයක් දරමින් මෙන්ම සතුන් සඳහා වියහියදම් ද දරා කරන මේ යාගයේ ආනිශංස හෝ හොඳ නරක කියා දීමට මේ දවස්වල අපේ මේ සැවැත් නුවර ප්‍රසිද්ධියක් ලබා තිබෙන ශ්‍රමණ භවත් ගෞතමයන් හමුවුණොත් දැනගන්නට පුළුවන් වෙයි. මොකද? උන්වහන්සේ මහා ප්‍රඥාවන්තයෙකු ලෙස දැන් මේ දඹදිව මහත් ප්‍රසිද්ධියක් ලබා තිබෙන නිසා, මෙසේ සිතු උග්ගතසරීර බමුණා බුදුරජාණන් වහන්සේ හමුවීමට ජේතවනාරාමයට ගියා. එහෙම ගිහින් බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා පැත්තකට වෙලා හිඳ ගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා. “ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, මම අසා තිබෙනවා යාගය සඳහා ගිනි දැල්වීමත්, ජීවිත දානය සඳහා එම ගිනි ඇවිලෙන යාගස්ථම්භය සිටුවීමත් මහත් ආනිශංසදායක මහත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බව. එය එහෙම ද ස්වාමීනි” කියා බුදුරජාණන් වහන්සේගෙන් අහන මේ බමුණාට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ “එය එසේය, බමුණ මා විසිනුත් ඒ ආකාරයෙන්ම ගිනි දැල්වීමත් යාග කණුව හෙවත් යාගස්ථම්භය යාග කණු සිටුවීමත් මහත් ප්‍රයෝජනයි. මහත් ප්‍රතිඵලදායකයි කියා මා දැනගෙන තිබෙනවා” යනුවෙනි. දෙවන හා තෙවන වරටත් උග්ගතසරීර බමුණා අසන විට දෙවන හා තෙවන වරටත් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර එයම වුණා. බමුණා දැන් සිතනවා එහෙම නම් මගේ මේ යාග පූජාවේත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලත් වෙනසක් නැහැ. සමානයි කියා. මේ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ බමුණාට පවසනවා “බමුණ ඔය කාරණය බුදුරජාණන් වහන්සේගෙන් ඇසිය යුත්තේ ඔහොම නොවේ. ඔබ ඇසිය යුත්තේ බුදුරජාණන් වහන්ස, මම යාග ගිනි දල්වන්නට කැමැතියි. යාග කණුව සිටුවන්නටත් කැමැතියි ඒ සඳහා සතුන් යොදා ගෙන එම පූජාව කරන්නත් කැමැතියි. ඉතින් බොහෝ කාලයක් මගේ සිත සැප පිණිස ඒ සඳහා මට අවවාද අනුශාසනා කරන්නයි” යනුවෙනි. ඒ අවස්්ථාවේ දී බමුණා ආනන්ද හිමියන් පැවසූ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට බුදුරජාණන් වහන්සේ එය සිදු කරන ආකාරය පැහැදිලි කර දුන්නා.

