සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

බ්‍රහ්මචර්යාව පිරීම යනු නිවන් මඟට පිවිසීමයි

අනුරාධපුර 
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

බ්‍රහ්මචර්යාව යන මේ වචනයේ සරල තේරුම නම් උසස් හැසිරීම යන්නයි. අප කවුරුත් උසස් හැසිරීමක් ඇතිව ජීවත් වෙන එක සමාජයට බොහොම වැදගත් වෙනවා. සැබෑවට ම මේ බ්‍රහ්ම චර්යාව යන වචනයෙන් අදහස් වන්නේ ඒ සාමාන්‍ය අර්ථයට වඩා එහා ගිය වැඩිමනත් දෙයක් යන්න මෙහිදී සිතට ගත යුතු වෙනවා. අප බෞද්ධයන් වශයෙන් පුරුදු වී සිටින වැදගත් දෙයක් තමා සෑම වැදගත් කටයුත්තක් ම ආරම්භ කරන්නට පෙර පන්සිල් සමාදන් වීම.
මේ අනුව සමහර විට එක ම දවසේ වුණත් වැදගත් කටයුතු දෙකතුනක් ම යෙදී තිබෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම මුලදී අනුගමනය කෙරෙන චාරිත්‍රය තමා පිරිස පන්සිල් සමාදන් වීම. එයින් අදහස් කරන්නේ එවැනි සෑම කටයුත්තක් ම සිල්වත්ව නිවැරදිව ධාර්මිකව සිට එම කාර්යයට මුල පිරීමයි. මේ අනුව සමහර දෙනෙක් කියන කරුණක් නම් සිල්පද පහ කැඩෙන්නේ නැතිව අප ජීවත් වෙනවා නම් මොකට ද නිතර නිතර පන්සිල් සමාදන් වන්නේ කියලා. සත්‍ය වශයෙන් ම කියනවා නම් අපි අපේ ජීවිත හොඳ සිහි බුද්ධියෙන් පවත්වා ගෙන යමින් සිල් පද පහෙන් එකක්වත් කැඩෙන්නට ඉඩ නොදී ජීවත් වෙනවා නම් එහෙම නිතර නිතර පන්සිල් කියවමින් සමාදන් වීම අවශ්‍ය වන්නේ නැහැ. එසේ වුවත් නොයෙක් ගැටලු ප්‍රශ්නවලින් කැකෑරෙමින් අරුම පුදුම දේ නිතර සිදුවන වර්තමාන ලෝකයේ ජීවිත ගත කරන උදවියට දවසේ කටයුතු කරගෙන යන කොට එකම අරමුණක සිහිය පිහිටුවා ගැනීමේ හැකියාව අඩු වෙනවා. මෙවැනි අවස්ථාවල සිල්පද එකක්, දෙකක් ඉබේටම සිහියෙන් ගිලිහී ගොස් තමා නොදැනුවත්වම එවැනි සිල්පද කැඩෙන්නට, බිදෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා නිතර පන්සිල් පද කියා සමාදන් වෙනවා නම් ඒ තත්ත්වය මඟ හැරෙනවා. එයට හේතුව තමා සිල්පද හැමවිටම හැම වැඩක් කරන්නට පෙර සිහිපත් වීම. ඒ නිසා පන්සිල් නිතර සමාදන් වෙනවා යන්නෙන් අප අදහස් කළ යුතු වන්නේ ඒ ඒ එක් එක් සිල්පදය එසේත් නැතිනම් එයින් කියැවෙන අදහස සිහියට නගා ගෙන ම දවස ගත කිරීමයි. එහෙම වුණත් මේ කොපමණ වතාවක් සිල්පද පහ කීවත් එයත් හොඳ සිහියෙන් කීවේ නැතිනම් එයින් ද පලක් වන්නේත් නැහැ. සිල්පද පහේ තිබෙන තෙවැනි සිල් පදය රැකීම මගින් සාමාන්‍යයෙන් අදහස් වන්නේ පර පුරුෂ පර ස්ත්‍රී සේවනයෙන් වැළකීම අනුගමනය කරනවා කියන එකයි. එහෙත් එයට වඩා තවදුරටත් එහා ගිය පුළුල් අදහස් එහි තිබෙනවා. එම සිල්පදය ගැන මෙහි විස්තර කිරීමට අදහස් කරන්නේ නැහැ.

එය එසේ වුවත් පන්සිල් සමාදානයෙන් එහා ගිය අටසිල් සමාදානයේ දී හෝ දසසිල් සමාදානයේ දී පන්සිල් පද අතර ඇති තෙවන සිල්පදය වූ “ කාමෙසු මිච්ඡාචාරා වෙරමණි සික්ඛාපදං සමාදියාමි” යන්න වෙනුවට සඳහන් වන්නේ “ අබ්‍රහ්මචරියා වෙරමණී සික්ඛා පදං සමාදියාමි” යන සිල්පදයයි. මෙම සිල්පදය අටසිල්, ගිහි දසසිල්, සමාදානයේ දීත්, සාමණේර දසසිල් සමාදානයේදීත් ඒ විදියට ම සඳහන් වෙනවා. මෙහි එන බ්‍රහ්මචරියාව හෙවත් අබ්‍රහ්මචරියාවෙන් වැළකීම යන්නෙන් වඩාත් පුළුල් අර්ථයක් දැක්වෙනවා. එය සාමාන්‍ය කතාබහේ දී බ්‍රහ්මචරියාව යන්නෙන් ඉදිරිපත් වන අර්ථයට වඩා වෙනස් වූ අර්ථයක්. උපසම්පන්න භික්ෂූන් වහන්සේගේ බ්‍රහ්මචර්යාව මෙයටත් වඩා දැඩි වූවක් වෙනවා.
වරක් ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ හමුවීමට ජානුස්සෝණි නම් වූ බමුණා පැමිණියේ උන්වහන්සේගෙන් මේ බ්‍රහ්මචර්යාව පිළිබඳ ප්‍රශ්නයක් අසා විමසා දැන ගැනීමටයි. බමුණා උන්වහන්සේ සමඟ සතුටු සාමිචි කතාබහක යෙදිලා අසා සිටිනවා මෙන්න මේ වාගේ ප්‍රශ්නයක්. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, “ ඔබවහන්සේත් තමන්වහන්සේ බ්‍රහ්මචාරී වූවෙක් වෙමියි” කියා ප්‍රතිඥා දෙනවා නේද? කියලා. මෙයට බුදුරජාණන් වහන්සේ විසින් දෙනු ලබන පිළිතුරෙන් තේරුම් ගත හැකි වෙනවා. උන්වහන්සේ එහිදී ප්‍රකාශ කරනවා ‘බමුණ, යම්කිසි අයෙක් යම් පුද්ගලයෙකු ගැන කැඩීමක් නැතිව, කබර වැනි අඩුපාඩු නැතිව, චරිතය පිළිබඳ වෙනත් පැල්ලම් නැතිව, නොකැළැල් වූ පරිපූර්ණ, පිරිසුදු, බ්‍රහ්මචර්යාව රකිනවා කියා කියයි නම් ඒ අන්කිසිවෙකු ගැන නොව මා ගැනමයි” යන පිළිතුර. මෙයින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ හැම අතින් ම අංගසම්පූර්ණ වූ උතුම් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරනවා කියන අදහසයි. මෙම පිළිතුරත් සමඟ ආරම්භ වන සාකච්ඡාව තුළින් පැහැදිලි වෙනවා මෙම ‘බ්‍රහ්මචාරී’ යන වචනය මොනතරම් පුළුල් අර්ථයක් ගන්නවා ද කියලා. මේ අවස්ථාවේ දී බමුණා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. “ භවත් ගෞතමයන් වහන්ස, එසේ නම් එම කැඩීමක් නැතිව, සිදුරක් සොයා ගත හැකි හෙවත් අඩුපාඩුවක් නැතිව, කබර වැනි තත්ත්වයක් නැතිව, චරිතය පිළිබඳ වෙනත් පැල්ලම් නැතිව නොකැළැල් වූ පරිපූර්ණ, පිරිසුදු බ්‍රහ්මචර්යාව කුමක්ද? යන්න මට එහෙමනම් පැහැදිලි කර දෙන්න” කියා. එහිදී බුදුරජාණන් වහන්සේ මෙම බ්‍රහ්මචර්යාව විස්තර විභාග වශයෙන් පැහැදිලි කර දෙන ආකාරය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් සත්තමෙථුන සූත්‍රයෙන් අපට දැක ගත හැකි වෙනවා.
මෙම සූත්‍රදේශනාව අනුව බ්‍රහ්මචර්යාව අංග සම්පූර්ණ වීමට නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට පියවර හතක් දුරට, ඈතට තවදුරටත් පුරුදු පුහුණු කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ තේරුම් ගෙන ඇති පරිදි බ්‍රහ්මචර්යාවෙන් අදහස් කරන්නේ මුලින් ම පෙන්වා දුන් ආකාරයේ සාමාන්‍ය අර්ථයට එහා ගිය වඩාත් පුළුල් අර්ථයක්.
“යම්කිසි අයෙක් ඉහත සඳහන් ආකාරයට මෙම බ්‍රහ්මචර්යාව අනුගමනය කරමින් ස්ත්‍රී පුරුෂ සම්භෝගයක් නොමැතිව, එහි කැඩීමක් නැතිව, සිදුරක් සොයා ගත හැකි හෙවත් අඩුපාඩුවක් නැතිව, කෙනෙකුගේ පැහැපත් සමක් මතුපිට ඇති වන කබර වැනි පලුද්දක් වැනි තත්ත්වයක් නැතිව, චරිතය පිළිබඳ වෙනත් පැල්ලම් නොකැළැල් වූ පරිපූර්ණ, පිරිසුදු බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගෙන ජීවත් වන විට ඔහු මෙම බ්‍රහ්මචර්යාව අනුගමනය කරන අයෙක් කියා අපට ප්‍රකාශ කළ හැකි ය. ඒත් ජානුස්සෝණී බමුණ, මේ තත්ත්වය බ්‍රහ්මචර්යාවේ එක් පියවරක් පමණයි.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ මෙයින් පැහැදිලි කරන අදහස නම් එපමණකින් ම බ්‍රහ්මචර්යාව සම්පූර්ණ නොවෙනවා කියන එකයි.
දෙවනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙනවා යම් අයෙක් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරම්යි කියා කිසියම් ප්‍රතිඥාවක් දී එසේ එවැනි ස්ත්‍රී පුරුෂ වශයෙන් සම්භෝගයක් ඇති වෙන්නේත් නැහැ. එසේ වුවත් ස්ත්‍රියක් ලවා තම ශරීරය ඉළීම, පිරිමැදීම, නැහැවීම, අත්පා මිරිකීම ආදී කිසිවෙකුත් නො කළත් ස්ත්‍රියක් සමඟ අනවශ්‍ය ලෙස සිනාසෙමින්, උකුලු මුකුලු කරමින්, අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් නොයෙක් විනෝද ජනක ක්‍රීඩා කරමින් මහහඬින් කාලය ගෙවයි නම් එයින් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වෙන්නෙත් නැහැ කියා.
තෙවැනි අවස්ථාව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මුලදී පෙන්වා දුන් තත්ත්වයකට වුවත් පත් නොවී බ්‍රහ්මචර්යාව ගත කරන බවට ප්‍රතිඥා දුන් අයෙක් ස්ත්‍රියක් දෙස මහත් ඕනකමින් බලයි නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වන්නේ නැහැ.
සතරවැනි අවස්ථාව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ස්ත්‍රියක් පිළිබඳ මෙතෙක් කී කිසිදු ක්‍රමයක් අනුගමනය නො කළත් ස්ත්‍රියක් ප්‍රාකාරයකින් හෝ බිත්තියකින් හෝ පිටත සිට හෝ නොපෙනෙන තැනක වූවත් සිට සිනාසෙන, අඬන, ගී ගයන හඬ අසමින් තෘප්තියක් ලබනවා නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වන්නේ නැහැ.
පස්වැනි අවස්ථාව ලෙස මෙතෙක් කියූ හැම අවස්ථාවකින් ම බ්‍රහ්මචර්යාව රැකගෙන සිටියත් මුලින් පැහැදිලි කරලා දුන් ආකාරයට බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දුන් අය මීට පෙර යම් අවස්ථාවක මුලින් කී ආකාරයට නොපෙනෙන තැනක සිට සිනාසෙන, අඩන, ගී ගයන හඬ අසමින් තමන් කාලය ගත කළ අයුරු නැවත සිහි කරමින් කාලය ගත කරයි නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වෙන්නේ නැහැ කියා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.
සයවැනි අවස්ථාව ගතහොත් මෙතෙක් කී කිසිදු අඩුපාඩුවක් නැතිව බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් දුන් යම් අයෙක් පස්කම් සැපයට (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) ගොදුරු වූ එයින් ම සතුටට පත්ව හුදු විනෝදයෙන්, ඊට ගිජුකමින් ජීවත් වන ගිහි ජීවිතයක් ගත කරන ස්ත්‍රියක හෝ පුරුෂයෙකු දැක ඒ පිළිබඳ සතුටක් ඇති කර ගනී නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වුණා කියලා කියන්ට බැහැ.
අවසාන හෙවත් හත්වන අවස්ථාව වශයෙන් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා වීමට අවශ්‍ය කාරණයක් පෙන්වා දෙනවා. එය නම් යම්කිසි අයෙක් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් දී මෙතෙක් විස්තර කළ සෑම අවස්ථාවකින් ම සම්පූර්ණ වුවත්, තමා ඒ විදියට බඹසර ආරක්ෂා කරගෙන ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ දෙවියෙකු බවට පත්වීමේ ප්‍රාර්ථනාව ඇති කර ගන්නවා නම් එයින් ද බ්‍රහ්මචර්යාව ආරක්ෂා නොවන බව.
මෙතෙක් විස්තර කළ අවස්ථා හත දෙස බලන විට පෙනී යන ඉතා වැදගත් කාරණය වන්නේ සාමාන්‍ය මිනිස් හැසිරීම ඉක්මවා උසස් හැසිරීමක් ඇති බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම ඉතා සියුම් සුවිශේෂ ප්‍රතිපත්තියක් පිරීම බවයි. අෂ්ටාංග සීලය ද ඇතුළුව ඊටත් ඉහළ යන සීලමය ප්‍රතිපදාවක් පිරීමට ගිවිස ගන්නා සෑම ගිහිපැවිදි අයෙක් ම මෙම ශික්ෂාපදය සමාදන්වීම තුළින් බුදුදහමේ ඉගැන්වෙන අවසාන විමුක්තිය වන නිර්වාණය අරමුණු කොට අපේ සිතට එන කෙලෙස් කසට නිසා එම විමුක්තියට බාධාවක් වන රාගය නමැති සිතිවිල්ල මූලික වශයෙන් යටපත් කරවීම මෙයින් බලාපොරොත්තු වන අරමුණ බවයි. ඒ හැරුණු විට එම රාගය තවදුරටත් වර්ධනය වීමකට ඉඩ නොතබා රාගාදී කෙලෙස් යටපත් කිරීමට මේ බ්‍රහ්මචාර්යාව පුරුදු පුහුණු කිරීම හේතු වන බව මෙයින් පැහැදිලි කර දෙනවා.

වස්සානයේ ආරම්භය

වස්සානය එළඹීමත් සමඟ තනිව හෝ සාමූහිකව භික්ෂූන්වහන්සේලා වස් සමාදන් වී තම ආධ්‍යාත්මික පුහුණුව වෙනුවෙන් කැපවී ක්‍රියා කළහ. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයට යොමු වූ නිසා මේ කාලය තුළ රහතන් වහන්සේලා වැඩි වශයෙන් බිහිවිය. එසේම ආධ්‍යාත්මික කාලය උපරිම ප්‍රයෝජන ගත් නිසා ගිහි අය අතරිනුත් මාර්ගඵලලාභීන් දක්නට ලැබුණි.

“වස්සානය” යනුවෙන් අදහස් කෙරෙන්නේ වැසි කාලයයි. සසුන ආරම්භක අවදියේ භික්ෂූන් වහන්සේලා චාරිකා ජීවිතයක් ගතකළ අතර බුදුරජාණන් වහන්සේද භික්ෂූන් ඒ කෙරෙහි උනන්දු කළ සේක. ප්‍රථම රහත් සැට අමතා කෙරෙන බුද්ධානුශාසනයෙන් පැහැදිලි වන්නේ ධර්මය ප්‍රචාරය කිරීම චාරිකාවේ ප්‍රධාන අරමුණ වූ බවයි.
වර්තමාන භික්ෂුව මෙන් නොව සංකීර්ණ සමාජ වගකීම් හෝ යුතුකම්වලින් ආරම්භක ශ්‍රාවකයන් වහන්සේලා නිදහස් වු අතර කඩිනමින් තම විමුක්තිය සම්පාදනය කරගෙන සමාජයට ධර්මය කියාදෙමින් ගිහි පිරිස පවින් වළක්වා ස්වර්ග මාර්ගයට යොමුකරවීම උන්වහන්සේලාගේ ප්‍රධාන කාර්ය වූ බව පෙනේ. (සිඟාලෝවාද සුත්ත) සිව්පසය අවම ආකාරයෙන් සම්පාදනය කරගත් අතර අපිස් සතොස් දිවිපෙවෙතක් තුළින් ආධ්‍යාත්මික සුවය අත්දැකීමක් කරගෙන වාසය කළහ. මේ ආකාරයට බැඳීම් නැති සරල ජීවිතයක් ගතකළ එකල භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධාන අරමුණ වූයේ කඩිනමින් නිවන් අවබෝධකරගැනීම සහ ධර්මය ප්‍රචාරය කිරීමයි. මේ අරමුණු දෙකම උන්වහන්සේලාගේ චාරිකා ජීවිතය තුළින් සම්පූර්ණ කරගත්හ. එහෙත් ඉන්දියානු ආගමික, සමාජයීය, භෞගෝලීය,දේශගුණික බලපෑම් හේතුවෙන් මෙම නිදහස් චාරිකා සමය වස්සානය තුළදී තාවකාලික වශයෙන් නතර කරන්නට සිදුවිය. විශේෂයෙන්ම මහජනයාගෙන් හා වෙනත් ආගමික කණ්ඩායම් වලින් ලැබුණ පැමිණිලි හේතුවෙන් බුදුරජාණන් වහන්සේ වස්සාන ශික්ෂා පදය පැනවූ බව විනය පිටකයේ මහවග්ගපාලියෙන් පැහැදිලි වේ. එතැන් සිට සෑම වස්සාන සමයකම භික්ෂූන් වහන්සේලා සුදුසු සෙනසුනක් සොයාගෙන වැසි තුන් මස වස්සාන ශික්ෂා පදය සමාදන් වෙමින් එහි තම අධ්‍යාත්මික පුහුණුව සම්පූර්ණ කරගත්හ.

සරලව සකස් වු සිව්පසය

සසුන ආරම්භයේ සිටම භික්ෂුන් වහන්සේගේ සිව්පසය සකස් වූයේ ඉතාමත් සරල ආකාරයෙනි. උන්වහන්සේලා පාංශකූලය හෙවත් ඉවත දමන ලද මළමිනී ඔතන ලද වස්ත්‍ර සොයාගෙන ඒවා මැනවින් පිරිසුදුකොට පඬුපොවා චීවර වශයෙන් සකස්කරගෙන පරිභෝජනය කළහ. එහි අරමුණු වුයේ කය වසා ගැනීම පමණයි. (කායපරිහාරෙන චීවරෙන) තම ආහාර පාන සපයා ගත්තේ පිණ්ඩපාත චාරිකාවෙන්ය. එහි අරමුණ කුස ගිනි නිවා ගැනීම පමණයි. (කුච්ඡිපරිහාරෙන පිණ්ඩපාතෙන) ස්ථිර වාසස්ථානයක් නොමැති නිසා මුල් අවදියේ රුක් මුල් වන ලැහැබ් ගල් ගුහා ආදි ස්ථාන වාසය සඳහා යොදාගත්තේය. එසේම සෑම රෝගයකටම පාහේ භාවිතා කළ හැකි පූතිමුත්ත නම් ඖෂධය භාවිතා කොට ලෙඩරෝග පාලනය කරගැනුණි. එහෙත් මෙම ආරම්භක සරල භික්ෂු සමාජය පවත්වාගෙන යන්න හැකි වූයේ ටික කලක් පමණි. පළමු වතාවට බිම්බිසාර මහා රජතුමා විසින් වෙළුවන උද්‍යානය පූජා කළ අතර රජගහ සිටුවරයා විසින්ද ස්ථිර කුටි සකස්කෙට පූජා කරන ලදී. මෙයින් අනතුරුව සැදැහැති බෞද්ධයෝ ආරාම සකස්කරමින් භික්ෂූන් වහන්සේලාට පූජා කළ අතර උන්වහන්සේලා එහි වාසයකරමින් ධර්ම චාරිකාවේ නිරත වූහ. එහෙත් වස්සානය සමඟ මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් විය. වස්සාන ශික්ෂා පදය පැනවීමත් සමඟ චාරිකා ජීවිතයට මාස තුනක විරාමයක් හිමි විය. වස්සානය එළඹීමත් සමඟ තනිව හෝ සාමූහිකව භික්ෂූන්වහන්සේලා වස් සමාදන් වී තම ආධ්‍යාත්මික පුහුණුව වෙනුවෙන් කැපවී ක්‍රියා කළහ. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයට යොමු වූ නිසා මේ කාලය තුළ රහතන් වහන්සේලා වැඩි වශයෙන් බිහිවිය. එසේම ආධ්‍යාත්මික කාලය උපරිම ප්‍රයෝජන ගත් නිසා ගිහි අය අතරිනුත් මාර්ගඵලලාභීන් දක්නට ලැබුණි.

අධ්‍යාත්මික කාලය

වස් ආරාධනාවක් ලැබුණත් නැතත් භික්ෂූන් වහන්සේලා වස් සමාදානය කළ යුතුයි. එසේ නොවුණොත් එය බුද්ධ නීතියට පිටුපෑමක් වේ. ආරම්භයේ සිටම භික්ෂූන් වහන්සේලා වස් සමාදන් කරවා ගැනීමට සැදැහැති බෞද්ධයන් විශේෂ උනන්දුවක් දැක්වූහ. එයට හේතුව එම කාලය තුළ තමන්ට ද ආධ්‍යාත්මික ජීවිතයකට යොමුවෙන්න අවස්ථාව උදා වුණ නිසයි. වර්ෂයේ සෙසු කාලය තුළ භික්ෂූන් වහන්සේලා ධර්ම චාරිකාවේ නිරත වු නිසා නිසි පරිදි ගිහි පින්වතුන්ට උන්වහන්සේලාගේ ඇසුර මඟපෙන්වීම ලබා ගන්නට නොහැකි විය. මෙනිසා වස්සානය එළඹීමත් සමඟම බෞද්ධ ජනයා ඒ සඳහා සූදානම් වී උන්වහන්සේලාට අවශ්‍ය සෙනසුන් සකස්කොට වැසි සළු පිළිගන්වා ආරාධනා කළහ. මෙම වැසි සලුව යනුවෙන් හැඳින්වෙන වස්ත්‍රය භික්ෂූන් වහන්සේලාට ස්නානය කිරීම සඳහා වෙන්වූවක්. වර්තමානයේ එය නානකඩය යනුවෙන් හඳුන්වනවා. එය භික්ෂූන් වහන්සේලා ස්නානය කිරීමේදි භාවිතා කරන්නක්. දැහැත් ගොටුවක් සමඟ මෙම වැසි සළුව පූජා කිරීමෙන් භික්ෂූන් වහන්සේට ආරාධනා කරමින් වස්සානය තුළ උන්වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන්නට පොරොන්දු වේ. මෙම ආරාධනය නිහඬව ඉවසා වදාරන භික්ෂූන් වහන්සේලා උපෝසථාගාරයට රැස්වී පොහොය කර්මය කොට විනයානුකූල පාරිශුද්ධත්වය ඇතිකරගෙන ඇසළපුර පෝයට පසු දිනයේ මධ්‍යම රාත්‍රියට පෙර බුද්ධ වන්දනා හා වතපිරිත දේශනා කොට දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් තුන් මාසය තුළ සියලු කටයුතු සඵල කරගැනීම පිණිස දෙවියන්ගේ ආරක්ෂාවෙන් ලබාදෙන ලෙස සිහිපත්කොට වස්සාන ශික්ෂා පදය සමාදන් වී ආධ්‍යාත්මික කාලය ආරම්භ කරති. පසුදින සිට දින හතක් යනතුරු කිසිම හේතුවක් නිසාවත් ආරාමයෙන් බැහැර නොවී ආරාමය තුළම රැඳෙමින් තම වත පිළිවෙතෙහි ආරම්භක දින කීපය ගත කරති.

වැසි සළු පූජාව

වස්සාන ශික්ෂා සමාදන් වන භික්ෂූන්ට වැසි සළු පූජා කිරීම සුවිශේෂි පින්කමක් වශයෙන් දැක්වේ. මෙම චාරිත්‍රය මුල්වරට ආරම්භකර තිබෙන්නේ විශාඛා මහ උපාසිකාවයි. ඇය වරක් බුදුරජාණන් වහන්සේගෙන් වර අටක් ඉල්ලුවාය. එනම් දිවි ඇති තෙක් සංඝයාට වැසි සළු පූජා කිැරීමට,ආගන්තුකව පැමිණෙන භික්ෂූන්ට දන් පූජා කිරීමට, දුර ගමන් වඩින භික්ෂූන්ට මගදී වැළදීම පිණිස දන් පූජා කිරීමට, ගිලන් භික්ෂූන්ට යෝග්‍ය ආහාර පාන පිළිගන්වන්නට, ගිලනුන්ට උපස්ථාන කරන භික්ෂූන්ට දන් පිළිගන්වන්නට, ගිලන් භික්ෂූන්ට අවශ්‍ය බෙහෙත් පිළිගන්වන්නට, කැඳ පූජා කරන්නට සහ භික්ෂුණීන් වහන්සේලාට වැසි සළු පූජා කරන්නට යන ඉල්ලීම් අටයි. අනතුරුව බුදුරජාණන් වහන්සේ විශාඛා මහ උවැසියගේ ඉල්ලීම්වලට අනුමැතිය ලබාදුන් සේක. දෙවනුව මෙවැනි පිළිවෙත් පිරීමෙන් ලැබෙන කුමන ආනිසංසයක් සළකාගෙන එසේ කරන්නේ දැයි විශාඛා මහ උවැසියගෙන් විමසූ සේක. බුදුරජාණන් වහන්සේගේ පැනයට පිළිතුරු දෙමින් මහා උවැසිය ප්‍රකාශ කළේ සැවැත්නුවරට වැඩි කිසියම් භික්ෂූන් වහන්සේ නමක් අනාගතයේ මතු යම් දිනෙක ධර්මය ප්‍රගුණ කිරීමෙන් මාර්ගඵලවලට පත්ව මියගියේ හෝ පිරිනිවන් පෑවේ නම් ඒ සියලුම ස්වාමින් වහන්සේලා ඇය විසින් පූජා කරන ලද වැසි සළු ආගන්තුක බත්, ගිලන් බත්, බෙහෙත් කැඳ ආදිය වළදා තිබෙන හෙයින් ඇයට මහත් සතුටක් ඇතිවන බවත් එම සතුට මූලික කරගත් පී‍්‍රතිය නිසා ඇයට සිත එකඟ කරගෙන පංච ඉන්ද්‍රිය පංච බල හා සප්ත බොජ්ඣංග ධර්ම වැඩීම පහසුවන බවත්ය (විනය පිටකය චුල්ලවග්ගපාලි) විශාඛා උවැසියගේ උක්ත පුණ්‍ය කර්ම මගින් ඈ ලද මානසික සුවය කොතරම්දැයි මෙයින් පැහැදිලි වේ. ශ්‍රද්ධාවන්ත උපාසිකාවකට හෝ උපාසකයෙකුට වස් කාලය තුළ මෙකී පින්කම් අටෙන් බොහෝමයක් සිදුකරගැනීමට අවස්ථාව උදාවේ. ඒ සඳහා විශේෂ කාලයක් හෝ විශාල වියදමක් දරන්න අවශ්‍ය වන්නේ නැත. මෙනිසා වස්සානය ආධ්‍යාත්මික සුවය සොයන භික්ෂුවකට මෙන්ම ගිහි ශ්‍රාවකයාට තම ස්වර්ග මාර්ගය ආලෝකවත් කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් වශයෙන් සළකන්න පුළුවන්

මතු බුදුවන ලොව්තුරා බුදුවරු

ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
මෙම ලිපිය මගින් ඉදිරිපත් කැරෙන මතු බුදු වන දස බෝසත්වරුන් පිළිබඳ පුවත අප බෞද්ධ සමාජයේ එතරම් ප්‍රචලිත නොවූ, බොහෝ දෙනා නොදන්නා කථාවකි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ අප ගෞතම බුදුරදුන්ගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වෙතැ යි සැලැකෙන්නාහු මෙත්තෙය්‍ය (මෛත්‍රේය) බෝසත්හු ය. උන් වහන්සේගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් පිළිබඳ ව සඳහන් වන, දැනට හමු වී ඇති එක ම ථේරවාදී කෘතිය ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ යි. ඒ අනුව මෙහි මෛත්‍රේය බෝසතුන් ඇතුළු ව මතු බුදු වන බෝසත්වරුන් දස දෙනකු පිළිබඳ ව සඳහන් වේ.
සංස්කාරක හිමියන් සඳහන් කරන ආකාරයට මෙම කෘතිය 1926 දී ඩී. ආර්. පෙරේරා විසින් අඹතැන්න විද්‍යාලතා මුද්‍රණාලයේ මුද්‍රණය කරවා තිබේ. ඒ පාලි පෙළ හා ශාස්ත්‍රීය නොවන පරිවර්තනයක් ද සමගිනි. එම කෘතිය සංස්කාරක හිමියන් අතට පත් වන්නේ වේයන්ගොඩ යටගම ශ්‍රී නාගවනාරාම පුස්තකාලයෙනි. තව ද මෙම කෘතිය මීට පෙර ආචාර්ය හම්මලව සද්ධාතිස්ස හිමියන් විසින් රෝමානු අකුරින් ඉංගී‍්‍රසි පරිවර්තනයක් ද සමගින් 1975 දී එංගලන්තයේ පාලි පොත් සමාගම මගින් මුද්‍රණය කරවා ඇත. එම කෘතිය අප අතට ද පත් විය. ආචාර්ය විජිතධම්ම හිමියන්ගේ පාලි - සිංහල දසබෝධිසත්තුප්පත්තිකථා සංස්කරණයට මූලික පදනම වන්නේ යථෝක්ත සංස්කරණ දෙක ය.

දසබෝධිසත්තුප්පත්තිකථාවේ සඳහන් බෝස-ත්වරුන් දස දෙනා නිරූපණය කැරෙන පැරැණි සිතුවම් දෙකක් දැනට හමු වී ඇත. ඒ මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාර සිවිලිමෙන් හා රංගිරි දඹුලු රජමහා විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයෙන් ය. එයින් පැහැදිලි වන්නේ මහනුවර යුගයේ දී මෙම දසබෝසත්වරු පිළිබඳ කථාව ජනපි‍්‍රය ව පැවැති බව යි. පාලි බුද්ධ දේශනා සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් වන මෙය සම්පූර්ණයෙන් ම ගද්‍ය කෘතියකි. ග්‍රන්ථය අවසානයේ පමණක් පද්‍ය හෙවත් ගාථා දෙකක් දක්නට ලැබේ. දසබෝධිසත්තුප්පත්තිකථාවේ උද්දේස හෙවත් පරිච්ඡේද දහයකි. ඒවා ඒ ඒ බුදුවරුන්ගේ නම්වලින් ම හඳුන්වා ඇත. 

ඒ මෙසේ ය:

01. මෛත්‍රේය සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

02. රාම සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

03. ධම්මරාජ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

04. ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

05. නාරද සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

06. රංසිමුනි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

07. දේවදේව සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

08. නරසීහ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

09. තිස්ස සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

10. සුමඞ්ගල සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය


මෙම බෝසත්වරුන් ගෞතම බුද්ධ සමයෙහි හැඳින්වූ නම් සහ බුදු වන විට ලබන නම් මෙසේ ය: (මෙහි 01 සිට 10 දක්වා පිළිවෙළ දඹුලු විහාර රූපයේ දකුණේ සිට වමට පිළිවෙළින් අදාළ වේ):

01. අජිත තෙරුන් - මෛත්‍රේය සම්මා සම්බුදු රදුන්

02. රාම රජු - රාම සම්මා සම්බුදු රදුන්

03. පසේනදි කොසොල් රජු - ධම්මරාජ සම්මා සම්බුදු රදුන්

04. අභිභූ දෙව්රජු - ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන්

05. දීඝසෝණ රාහු අසුරින්ද – නාරද සම්මා සම්බුදු රදුන්

06. චඞ්කී බාහ්මණයා - රංසිමුනි සම්මා සම්බුදු රදුන්

07. සුභ බ්‍රාහ්මණයා - දේවදේව සම්මා සම්බුදු රදුන්

08. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා - නරසීහ සම්මා සම්බුදු රදුන්

09. ධනපාලක ඇතා - තිස්ස සම්මා සම්බුදු රදුන්

10. පාරිලෙය්‍යක ඇතා - සුමඞ්ගල සම්මා සම්බුදු රදුන්

අප ගෞතම බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටි සමයක සැරියුත් තෙරණුවෝ උන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට මෙසේ විමසූ සේක:

“ස්වාමීනි, අජිත තෙරුන් අනාගත කාලයෙහි මෙම මහා භද්‍රකල්පයෙහි ම මෛත්‍රේය නම් බුදු රදුන් වන බව වදාරන සේක. ස්වාමීනි, අනාගත කල්පයන්හි වෙනත් බොහෝ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා (ලොව) පහළ වන්නාහු නො වෙත් ද?” යනුවෙනි. ගෞතම බුද්ධ සමයේ අජිත තෙරුන් නම් මතු බුදු වන මෙත්තෙය්‍ය හෙවත් මෛත්‍රේය බෝසත්හු ය. තව ද මෙම මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම පිළිබඳ ව ගෞතම බුදු රජාණන් වහන්සේ වදාළ බව පාළි ත්‍රිපිටකයේ ද සඳහන් වේ. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයෙහි ද මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ව කරුණු සඳහන් වේ. කෙසේ වෙතත් මෙහි දී සැරියුත් තෙරුන් නැගූ පැනයට බුදු රදුන්ගේ පිළිතුර මෙය විය:

“සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු, අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු, අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු ය” යනුවෙනි.

මෙසේ වදාළ බුදු රජාණන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. අනතුරු ව සැරියුත් තෙරණුවෝ හුනස්සෙන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ මතු බුදු වන දස බුදුවරුන් පිළිබඳ ධර්ම දේශනාව වදාරන මෙන් ඉල්ලා සිටියහ. සැරියුත් තෙරුන්ගේ ආරාධනාව පිළිගත් බුදු රජාණන් වහන්සේ දසබෝධිසත්තුප්පත්තිකථාව ගෙන හැර වදාළ සේක. මෙම කථාවේ පළමු උද්දේසය වෙන් වන්නේ ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෙත්තෙය්‍ය බෝසතුන් වෙනුවෙනි.

මෙහි දී පළමුවෙන් සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇත. එනම්: ලංකාවේ බොහෝ දෙනා සිතා සිටින අන්දමට ‘මෛත්‍රේය බෝසතුන් හා නාථ දෙවි යන දෙදෙන එක් අයෙකි’ යන කාරණාව පිළිබඳ ව ය. එසේ හඳුනාගන්නා බොහෝ ලාංකික බෞද්ධයෝ මෙත් බෝසතුන් යැ යි නාථ දෙවියන්ට පුද-පූජා පවත්වති. එහෙත් මොරටුවේ සාසනරතන හිමියන් කරුණු දක්වන හැටියට මේ දෙදෙන එක් අයෙක් නො ව, දෙදෙනෙකි. උන් වහන්සේට අනුව නාථ දෙවි යනු අවලෝකිතේශ්වර ය. ලංකාතිලක ලිපිය, අස්ගිරි විහාර ලිපිය, පැපිළියානේ ලිපිය හා ගඩලාදෙණි ලිපිය ද මේ දෙදෙනා දෙදෙනකු බව දක්වයි. තොටගමු විහාරය නාථ දෙවියන් ඇදහීම පිළිබඳ ව ප්‍රසිද්ධ තැනකි. (ලක්දිව මහායාන අදහස්, 387-388 පිටු).

මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ගෞතම බුදු රජාණන් වහන්සේගේ දේශනාව වරදවා තේරුම් ගත් බොහෝ බෞද්ධයෝ ගෞතම බුදු සසුනේ දී නිවන් පසක් කිරීම පසෙක ලා අවිචාරවත් ලෙස මෛත්‍රේය බුදු රදුන්ගේ සසුන පතති. මෙය කලෙක පටන් සිදු වන්නකි. ගෞතම බුදු රදුන් මෙවැනි දේශනාවක් කළේ ශ්‍රාවකයන් අප්‍රමාදී ව තම-තමන් ම පිහිට කොට තම-තමන් ම සරණ කොට ධර්මය සරණ කොට හික්මවනු සඳහා ය. ඒ බව චක්කවත්ති සූත්‍රයෙහි මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම දක්වන තැන විස්තරයෙන් ම පැහැදිලි වේ. ගෞතම බුදු සසුන මගහැරුණු සත්ත්වයන්ට තවත් බොහෝ කාලයක් බුදු සසුනක පහළ වීම වෙනුවෙන් ගත කළ යුතු බව ඉන් අවධාරණය වෙයි.

ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෛත්‍රේය බෝසතුන් ද ලොව පහළ වනුයේ ගෞතම බුදු රදුන් ලොව පහළ වූ මේ මහා භද්‍ර කල්පයෙහි ම ය. ඒ අනුව මේ මහා භද්‍ර කල්පය බුදු වරයන් වහන්සේලා පස් නමකගෙන් සමන්විත වූවකි. එනම් කකුසන්ධ, කෝණාගමන, කස්සප, ගෞතම හා මෛත්‍රේය යන බුදුවරු පස් නම ය. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයට අනුව මෛත්‍රේය බෝසතුන් ලොව පහළ වීමේ විස්තරය මෙසේ ය:

මිනිසුන්ගේ මේ පවත්නා ආයුෂ කෙමෙන් අවුරුදු දහය දක්වා පිරිහී යයි. නැවතත් මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් වර්ධනය වී වසර අසූ දහසකට වැඩි වෙයි. මේ කාලය වන විට දඹදිව බෙහෙවින් සමෘද්ධිමත් ය. කුක්කුටසම්පාතිකා තත්ත්වයක් හෙවත් ගම් නියම්ගම් ජනපද රාජධානිවල වහල මත්තෙන් ගමෙකින් ගමකට කුකුළකුට නොබැස යා හැකි තරම් ඒකාබද්ධ ව පිහිටි නිවෙස්වලින් ගැවසී ගත් තත්ත්වයක් ඇති වන්නේ ය. දඹදිව මිනිසුන්ගෙන් අතුරු-සිදුරු නැති ව පිරී යන්නේ ය. දැන් පවත්නා බරණැස් නුවර ඒ වන විට කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. මුළු දඹදිව ඇති අසූහාර දහසක් නගරයන්ට මේ කේතුමතී රාජධානිය ම ප්‍රධාන වන්නේ ය. මේ කාලය වන විට ශංඛ නම් ධාර්මික සක්විති රජෙක් මේ කේතුමතී රාජධානියෙහි රජකම් කරන්නේ ය. මේ මහ පොළොවේ අවියෙන්, දඬුවමින් තොර ව පාලනය කරන්නා වූ ඒ ශංඛ සක්විති රජුට පරසේනා මර්දනය කිරීමට සමත් පුත්තු දහසකට වැඩි වන්නාහු ය. මෛත්‍රේය බුදු රදුන් ලොව පහළ වනුයේ මේ කාල සීමාවෙහි දී ය.

බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්‍රේය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන් වහන්සේගේ උස අසූ අට රියනකි. විසි පස් රියනක් පෘථුල වන අතර පළල ද එපමණ වන්නේ ය. මෛත්‍රේය බුදු රදුන්ගේ සිරුරෙන් නිරතුරු ව නික්මෙන ශරීර ප්‍රභාව කොතරම් ද යත්: එය සඳ හිරු ප්‍රභාව ද අභිභවනය කොට සිටින්නේ ය. මේ නිසා මිනිසුන්ට රාත්‍රී දහවල් දෙක පවා වෙන් වෙන් ව හඳුනාගත නොහැකි වන්නේ ය. ඔවුන් නිරතුරු බුද්ධාලෝකයෙන් ආලෝකවත් ව සිටින්නා හ. සියොතුන්ගේ හඬින් ද පියුම් උපුල් කුසුම් පත් හැකිළීමෙන් සේ ම නැවත විකසිත වීමෙන් ද මිනිස්සු මේ සවස ය මේ උදෑසන ය යනුවෙන් වෙන් වෙන් කොට හඳුනාගන්නා හ. මේ කාලයේ වසන්නා වූ මිනිස්සු ගොවිතැන්, වෙළෙඳාම් නො කරන්නා හ. බුද්ධ නම් වූ අරමුණ සිහි කරන්නා වූ මේ අය නීරෝගී ය. බුද්ධානුභාවයෙන් උපන් ඇල් හාලේ භෝජනය ආහාර වශයෙන් අනුභව කරන්නා වූ මේ ජනතාව බොහෝ සතුටින් ජීවත් වන්නා හ.

මේ ආකාරයට මතු බුදු වන මෛත්‍රේය බුදු රදුන්ගේ නොයෙකුත් විස්තර දේශනා කරන්නා වූ ගෞතම බුදු රජාණන් වහන්සේ මෙත්තෙය්‍ය බෝසතුන්ගේ එක් විශේෂ පාරමිතාවක් පිළිබඳ ව ද වදාළ සේක. බුද්ධත්වය පිණිස දහම් පුරන මෙත් බෝසත් තෙම එක් කලෙක කුරු රටෙහි ඉන්දපත්ත නම් නගරයෙහි ශංඛ නම් සක්විති රජු වූයේ ය. එකල්හි සිරිමත නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ සිරිමත සම්මා සම්බුදු රදුන් භික්ෂු සඞ්ඝයා සමඟ අනුපිළිවෙළින් චාරිකාවේ වැඩම කරන අතර ශංඛ සක්විති රජුගේ රාජධානියට ද වැඩම කොට, ඉන්දපත්ත නගරයෙන් සොළොස් යොදුනක් පමණ දුර එක්තරා තැනෙක වැඩ හුන් සේක. ශංඛ සක්විති රජු ද එක් සාමණේර හිමි නමකගේ මාර්ගයෙන් සිරිමත බුදු රදුන් ලොව පහළ වූ බව දැන තමා සතු සක්විති සම්පත් එහිමියන්ට දී හුදෙකලා ව ම බුදු රදුන් දැකීමට පිටත් විය.

පයින් ම බුදු රදුන් දැකීමට යන රජුගේ පා සියුමැලි බැවින් බිඳී ලේ ගලන්නට විය. පයින් යාගත නොහැකි හෙතෙම අනතුරු ව දෙදණින් හා දෙඅත්තලින් ගමන් කරන්නට විය. දෙදණින් හා අත්තලවලින් ද ලේ වැගිරෙන්නට වූ කල උරයෙන් ගමන් කරන්නට විය. සිතේ ඇති මහත් වූ බුද්ධ ගෞරවය නිසා බොහෝ දුක් වේදනා සතුටින් ම ඉවසන්නට විය. සිරිමත සම්බුදු රජාණන් වහන්සේ මතු බුදු වන මේ බුද්ධාංකුර තෙම දැක මාණවක වේශයක් මවාගෙන ශංඛ රජු සිටි තැනට වැඩම කොට ඔහු පූර්වාරාමය නම් තමන් වහන්සේ වැඩ සිටිනා වෙහෙරට රැගෙන වැඩි සේක. අනතුරු ව මාණවක වේශය අත්හළ ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධශ්‍රීයෙන් වැඩ හිඳ රජුට දම් දෙසූ සේක. තවත් දහම් දෙසුව හොත් තමාට භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමට යමක් නැති බැවින් රජු ධර්ම දේ්ශනාව නවත්වන මෙන් බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. නිවන ප්‍රාර්ථනා කරමින් ඒ ශංඛ රජ තෙමේ නියෙන් බෙල්ල කපාගෙන සිය හිස පූජා කළේ ය. මෙය වනාහි මෛත්‍රේය බෝසතුන්ගේ පරමත්ථ පාරමිතාවක් විය. ඒ ශංඛ සක්විති රජු ජීවිත පරිත්‍යාගයෙන් අනතුරු ව තුසිත දෙව් ලොව ශංඛ නම් දිව්‍ය පුත්‍රයා ලෙස උපත ලැබුවේ ය. මේ ආදි වශයෙන් දස බෝධිසත්තුප්පත්තිකථාවේ මෛත්‍රේය බෝසතුන් පිළිබඳ ව වන පළමු උද්දේසය අවසන් වේ. දස බෝධිසත්තුප්පත්තිකථාවෙහි දැක්වෙන මේ කථා පුවතට අමතර ව මෛත්‍රේය බෝසතුන් පිළිබඳ කථා පාලි හා සිංහල සාහිත්‍යයන්හි දැකිය හැකි ය. මෙම ලිපිය දිගු වන බැවින් මින් ඉදිරියට අනෙකුත් බෝසත්වරුන් නව දෙනා පිළිබඳ කථා අතිසංක්ෂිප්ත ව දැක්වේ.

මෛත්‍රේය බුද්ධ ශාසනය ඉක්ම ගොස් අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන් බොහෝ කලකට පසු ව මේ මහ පොළොව කල්ප විනාශ ගින්නෙන් දැවෙන්නේ ය. මේ මහා භද්‍ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්‍යක් බුද්ධ ශූන්‍ය වන්නේ ය. අසඞ්ඛෙය්‍ය යනු අංක 141කින් ලිවිය යුතු තරමේ අතිවිශාල සංඛ්‍යාවකි. මෙතරම් අතිදීර්ඝ කාල සීමාවක් බුදු වරයන් වහන්සේලා පහළ නො වන්නා හ. මේ කාල සීමාව තුළ දෙව්-මිනිසුන්ට බුද්ධ කියා හෝ ධම්ම කියා හෝ සඞ්ඝ කියා හෝ කිසි දෙයක් නො වන්නේ ය.

එම බුද්ධ ශූන්‍ය එක් අසඞ්ඛෙය්‍ය ඉක්මවා ගිය කල්හි බුදුවරයන් වහන්සේලා දෙනමක් පහළ වන මණ්ඩ කල්පයක් වන්නේ ය (මණ්ඩ කල්පය යනු කුමක් දැ යි නිශ්චිත ව පැවසිය නොහැකි අතර, අපගේ වැටහීමේ හැටියට නම් මණ්ඩ කල්පය යනු බුදු වරයන් වහන්සේලා දෙ නමක් පහළ වන කල්පය යි. එහෙත් මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ ශබ්දකෝෂයෙහි එයට අරුත් දක්වා ඇත්තේ සුන්දර කල්පය හා බුදුවරයන් පහළ වන කල්පය යනුවෙනි). මේ මණ්ඩ කල්පයෙහි රාම හා ධර්මරාජ යනුවෙන් සම්මා සම්බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. එහි ද මිනිසුන්ට අසඞ්ඛෙය්‍යයක් ආයු පිරිහී ගොස් මිනිස් ආයුෂ වසර මිලියන දහයක් වූ කල රාම බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආයාචනය පරිදි තුසිත භවනයෙන් චුත ව මිනිස් ලොව උපදින්නා හ. උන් වහන්සේගේ ආයු ප්‍රමාණය වසර මිලියන දහයකි. ගිහි ගෙයි වසර නවදහසක් කල් වැස අභිනිෂ්ක්‍රමණය කරන්නා වූ ඒ බෝසත් තෙම චන්දනසාර හෙවත් සඳුන්සාර වෘක්ෂය බෝධිය කොට ගෙන බුද්ධත්වයට පත් වන්නා හ. අසූ රියනක් උස් වන්නා වූ මේ බුදු රදුන්ගේ බුදු රැස් අහස පුරා නිතර විහිදී පවතින්නේ ය. තව ද උන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් සියලු අලංකාරයන්ගෙන් පිරිපුන් එක් දිව්‍ය කල්ප වෘක්ෂයක් පහළ වන අතර, සියලු ජනයා එය පරිභෝග කරමින් සුව සේ ජීවත් වන්නා හ.

මේ රාම සම්මා සම්බුදු රදුන්ගේ දස පාරමිතාවන් අතුරින් බොහෝ සෙයින් ප්‍රකට වූ එක් පාරමිතාවක් ඇත. එය මෙසේ ය: රාම බෝසත් තෙම කාශ්‍යප බුදු රදුන් සමයෙහි නාරද නම් මාණවකයකු වී කාශ්‍යප සම්බුදු රදුන් දැක බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇත්තේ බුදු බව පතා තම සිරුර කාශ්‍යප බුදු රදුන්ට පූජා කිරීමට ඉටාගත්තේ ය. ඒ අනුව වස්ත්‍ර දෙකක් ගෙන සුවඳ තෙලින් තෙමා පා තලයේ සිට හිස දක්වා වෙළා ගිනි දඬු පහනින් තම සිරුර දවා බුදු රදුන්ට පූජා කරමි යනුවෙන් සිතී ය. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පිරිස මැද හුන් නාරද මාණවකයා අමතා මෙපමණ මෙපමණ කල් ඇවෑමෙන් ඔබ මතු බුදු වන්නේ යැ යි විවරණ දුන් සේක. අනතුරු ව ඒ නාරද මාණවකයා එක් රැයක දී තමන් සිතාගත් පරිදි සිය සිරුර සුවඳ තෙලින් තෙමූ වස්ත්‍රවලින් වෙළා ගිනි දල්වාගෙන එයින් බුදු රදුන් පුදා මිය ගොස් වෙනස් නො වූ සිතින් යුතු ව තුසිත දෙව් ලොව උපන්නේ ය.

නාරද මාණවකයා දිවි පිදූ තැන පියුම් ගැබක් පහළ වූ අතර මිනිස්සු එය දැක පුදුමයට පත් ව ඒ කෙරෙහි පැහැදී මහා පූජාවක් කළහ. මෙලෙස එම බෝසත් තෙම විසින් කළ ජීවිත පූජාවෙන් රාම බුදු රදුන් වන කල උන් වහන්සේ අසූ රියන් උස් වන අතර, දිවා රාත්‍රී දෙක්හි පැතිරුණු ආලෝකය ඇත්තාහු වන්නා හ. බුද්ධාලෝකය හේතුවෙන් හිරු සඳු ද මඳ ආලෝක බවට පත් වන්නේ ය. තව ද උන් වහන්සේට වසර මිලියන දහයක් ආයු වන්නේ ය.

රාම සම්මා සම්බුදු රදුන්ගේ සාසනය අවසන් වූ පසු මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් නැවත වැඩී නැවතත් පිරිහී මිනිසුන්ගේ ආයුෂ වසර පනස් දහසක් වන කල පසේනදි කොසොල් රජු පුරන ලද පාරමී ඇති ව ධම්මරාජ නම් සම්මා සම්බුදු රදුන් වන්නේ ය. උන් වහන්සේ දිගින් රියන් හැටක් වන අතර නාග වෘක්ෂය බෝධිය වන්නේ ය. ගෞතම බුද්ධ ශාසනයෙහි පසේනදි කොසොල් රජු නමින් හැඳින්වුණු ධම්මරාජ බෝසත් තෙම කෝණාගමන සම්මා සම්බුදු රදුන්ගේ සසුනෙහි සුද්ධ නම් මාණවකයා විය. මේ සුද්ධ මාණවකයා එක් පියුම් විලක් රකිමින් ජීවත් වූ අතර දවසින් දවස පියුම් දෙක බැගින් විකුණා එයින් ලැබූ මුදලින් සහල් නැළි හතක් ලබා ජීවත් විය.

දිනක් පියුම් දෙකක් ගෙන විකිණීමට යන සුද්ධ මාණවකයාට කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබිණි. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයාට “ඔබ මතු බුදු වන්නේ යැ” යි වදාරා ඒ පිළිබඳ විස්තර වදාළ සේක. බුද්ධ වචනය අසා සිත පැහැදුණු සුද්ධ මාණවකයා තමා අත තිබූ පියුම් දෙක භාග්‍යවතුන් වහන්සේට පිදුවේ ය. පියුම් ලැබූ බුදු රජාණන් වහන්සේ ඒ පියුම් මත්තෙහි වැඩ හුන් සේක. තව ද සුද්ධ මාණවකයා බුදු රදුන්ට සූර්ය තාපය නොවැදීම පිණිස දඬු සතරක් ගෙන සිවු දිශාවන්හි ඔසවා වස්ත්‍ර දෙකක් ගෙන දඬුවලින් වට කොට වසා ඒ සියලු දානයන්ගේ ඵලයෙන් උතුම් බුද්ධත්වය ම පැතුවේ ය. මේ ආදි වශයෙන් කෝණාගමන බුද්ධ ශාසනයෙහි නොයෙක් පින්කම් කළ හෙතෙම ගෞතම බුද්ධ ශාසනයෙහි ද කොසොල් මහ රජු වී නොයෙක් පින්කම් කළේ ය. මෙලෙස අතීතයේ පටන් අනාගතය දක්වා පිරූ සහ පුරන්නා වූ පාරමිතාවන්ගේ බලයෙන් ධම්මරාජා බෝසත් තෙම මතු මණ්ඩ කල්පයෙහි සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය.

රාම හා ධම්මරාජා සම්බුදුවරුන් වැඩ සිටින්නා වූ මණ්ඩ කල්පය ගින්නෙන් දැවී අවසන් වී සාර කල්පයක් ඇති වන්නේ ය. අභිභූ නම් දෙව්රජු එම කල්පයෙහි ධම්මස්සාමි නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. වසර දහසක් ආයු ඇති උන් වහන්සේ අසූ රියන් උස් වන්නා හ. සල් වෘක්ෂය බෝධිය වන්නා වූ එම බුදු රදුන්ගේ බුද්ධානුභාවයෙන් නිධානයක් පහළ වන අතර, සියලු මිනිස්සු එය නිසා සැප සේ ජීවත් වන්නා හ. මෙම ධම්මස්සාමි බුදු රදුන්ගේ ද එක් පාරමිතාවක් ප්‍රකට ය. එම බෝසත් තෙම කාශ්‍යප බුද්ධ සමයෙහි බෝධි නම් ඇමැතියා විය.

වරෙක කාශ්‍යප බුදුන් වහන්සේ ඵලසමවතින් නැගී සිට ජේතවන ආරාමයේ වැඩ සිටි සේක. එකල කිකී නම් මහ රජු ඵලසමවතින් නැගී සිටි අයකුට දෙන දානයේ විපාක දැන බුදු රදුන්ට දානයක් දීමට සිතා “කිසිවකු බුදු රදුන්ට පළමු ව දන් නො දිය යුතු ය. එසේ දුන හොත් ඔහුට දඬුවම් වන්නේයැ” යි පවසා බෙර හැසිරවී ය. එහෙත් ශ්‍රද්ධාවෙන් ම ඔද වැඩුණු බෝධි ඇමැතියා රජ අණ නොතකා බුදු රදුන්ට දන් දීමට සූදානම් වී වෙහෙර වෙත ගියේ ය. අතරමග දී රාජ පුරුෂයන් අතට පත් වුණු ඇමැතියාට රජ අණ කඩ කිරීම නිසා මරණ දඬුවම හිමි විය. ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වධක ස්ථානයට වැඩම කළ සේක. ඇමැතියාගේ මරණයට මොහොතකට පෙර බුදු රදුන්ට දන් දීමට අවස්ථාව උදා විය. බුද්්ධානුභාවයෙන් පහළ වූ දානය හෙතෙම බුදු රදුන්ට ම දුන්නේ ය. බුදු රජාණන් වහන්සේ ඔහුට මතු බුදු වන බව දක්වා විවරණ දුන් සේක. බුදුන් වහන්සේ නික්ම වැඩම කළ සේක. ඇමැතියා දන් දෙන්නට ගොස් රජ අණ කඩ කිරීම හේතුවෙන් මරණය උරුම කරගති. මරණින් පසු ඔහු තුසිත පුරයෙහි උපන්නේ ය. මෙය වූකලි මතු බුදු වන ධම්මස්සාමි බුදු රදුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව යි.

ධම්මස්සාමි බුද්ධ ශාසනය ඉක්ම ගිය කල්හි බුද්ධ ශූන්‍ය වූ එක් ලක්‍ඛණ කල්පයක් වන්නේ ය. ඉන් පසු උදා වන බුදු වරයන් දෙනමකගෙන් සමන්විත මණ්ඩ කල්පයෙහි නාරද හා රංසිමුනි නමින් බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. නාරද නමින් බුද්ධත්වයට පත්වන්නේ දීඝසෝණ නමින් ප්‍රකට රාහු අසුරින්දයා ය. මෙහි රාහු අසුරින්දයා විශාලතම ශරීර ඇති අය අතර අග්‍රස්ථානයට ම වැටෙන්නෙකි (ඒතදග්ගං භික්ඛවේ අත්තභාවීනං යදිදං රාහු අසුරින්දෝ). රංසිමුනි නමින් සම්බුද්ධත්වයට පත් වන්නේ මේ බුදු සසුනේ චඞ්කී නම් බ්‍රාහ්මණයා ය.

රංසිමුනි බුදු රදුන් වැඩ සිටි මණ්ඩ කල්පය ඉක්ම ගිය කල්හි තවත් එක් මණ්ඩ කල්පයක් වන්නේ ය. එම මණ්ඩ කල්පයෙහි දේවදේව හා නරසීහ යනුවෙන් සම්බුදුවරු දෙනමක් පහළ වන්නා හ. මේ කල්පයෙහි පළමුවෙන් ම බුද්ධත්වයට පත් වන දේවදේව බුද්ධ තෙම නම් සුභ බ්‍රාහ්මණයා ය. එහෙත් සුභ නම් මාණවකයකු පිළිබඳ ව මිස සුභ නම් බ්‍රාහ්මණයකු පිළිබඳ කරුණු ත්‍රිපිටකයෙන් සොයාගැනීමට නොහැකි තරම් ය. එය කෙසේ වෙතත් මේ තෙම කෝණාගම බුද්ධ සමයෙහි ඡද්දන්ත නාග රාජයකු වී උපන්නේ ය. සර්වඥතා ඥානය ම කැමැති වන ඒ බෝසත් නාග රාජ තෙම පිරිනිවන් පෑ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ නමකගේ දේහයට කළ යුතු අවසන් කටයුතු මහත් ගෞරවයෙන් ම සිදු කළේ ය. මෙය වනාහි එම දේවදේව බෝසතුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව ය.

දේවදේව සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි එම කල්පයෙහි ම ගෞතම බුදු සසුනෙහි තෝදෙය්‍ය නමින් ප්‍රකට ව සිටි බමුණා නරසීහ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ තෝදෙය්‍ය බමුණා කාශ්‍යප සම්බුදු සසුන පිරිහී ගෞතම සම්බුදු සසුන පහළ වන්නට පෙර කල්හි නන්ද නම් මාණවකයෙක් විය. පිඬු සිඟා වඩින එක් පසේබුදු වරයන් වහන්සේ නමක් දුටු හෙතෙම පැහැදුණු සිතින් දන් පූජා කොට සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කළේ ය.

නරසීහ සම්බුදු සසුන පිරිහී එම කල්පය ද ඉක්ම ගිය කල්හි බුදු වරයන් පහළ නොවන එක්බුද්ධ ශූන්‍ය කල්පයක් වන්නේ ය. එම බුද්ධ ශූන්‍ය කල්පය ද ඉක්ම ගිය කල්හි තවත් බුදු වරයන් වහන්සේලා දෙනමකගෙන් ප්‍රතිමණ්ඩිත මණ්ඩ කල්පයක් වන්නේ ය. එහි පළමුවෙන් ම තිස්ස නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. උන් වහන්සේ දිගින් අසූ රියන් උස් වන්නා හ. නුග රුක බෝධිය කොටගන්නා උන් වහන්සේට වසර අසූ දහසක් ආයු වන්නේ ය. උන් වහන්සේ විසින් පෙර කරන ලද පින් බලයෙන් එම සසුනෙහි ද නොයෙක් අසිරි වන්නේ ය.

තිස්ස සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි පාරිලෙය්‍යක නමින් ප්‍රකට ඇත් රජු සුමඞ්ගල නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ පාරිලෙය්‍යක ඇත් තෙමේ පෙර කකුසන්ධ බුද්ධ සමයෙහි මහාපනාද නම් සක්විති රජ වී ධර්මය වෙනුවෙන් දිවි පිදුවේ ය. ඔහු එම ජීවිත දාන ඵලයෙන් මතු වසර දහසක් ආයු ඇති සුමඞ්ගල නම් බුදුවරයා වන්නේ ය.

මේ ආදි වශයෙන් දසබෝධිසත්තුප්පත්ති-කථාවෙහි මතු බුදු වන බුදුවරයන් වහන්සේලා දස නමකගේ තොරතුරු අන්තර්ගත වේ. අර්ථීහු එය කියවා වැඩි දුර විස්තර දැනගනිත්වා! ථේරවාද බුදු සමයෙහි කුමන දේශනාවක වුව මුඛ්‍ය අරමුණ වනුයේ පුද්ගලයා නිවනට අප්‍රමාද කරවීම ය. ඒ අනුව දසබෝධිසත්තුප්පත්තිකථාවෙහි එන මේ බුද්ධෝත්පාදයන්ගේ දුර්ලභ බව දැන වහ-වහා මේ බුදු සසුනෙහි කළ යුතු දෑ වෙනුවෙන් වීර්ය කට යුතු ය. ඒ අප මාරයා සමඟ ඇති කරගත් ගිවිසුමක් නැති බැව් ද සිහියේ තබාගෙනමය.


(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අයත් දීඝනිකාය 03, අඞ්ගුත්තරනිකාය 02 යන ත්‍රිපිටක ග්‍රන්ථ, මොරටුවේ සාසනරතන හිමියන්ගේ ‘ලක්දිව මහායාන අදහස්’ කෘතිය හා මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ පාලි සිංහල ශබ්දකෝෂය ද ඇසුරු කැරිණි).

විශේෂ ස්තුතිය - නමස්කාර සඟරාවට සහ මෙම ලිපියේ කතෘ~ හසන්ත වාසනා සමරසිංහ
The way of Nibbana-නිවන් මග

සේඛ හා අසේඛ ආර්යය උතුමන් පිරිහෙන්නේ ද?


සේඛ යන්නෙන් හැඳින්වෙන්නේ හික්‌මීමයි. එවිට සේඛ පුද්ගලයා යනු හික්‌මෙන්නා වූ පුද්ගලයා අදහස්‌ කෙරේ. අසේඛ බව නම් හික්‌මවීමේ ක්‍රියාවලිය අවසන් කළ යනුයි. මේ අනුව අසේඛ නමින් හැඳින්වෙන්නේ අර්හත් ඵලය සාක්‌ෂාත් කළ උතුමාය. සමථ විදර්ශනා ධර්මයන් වඩමින් සිතෙහි දියුණුව වර්ධනය කරන්නා වූ උතුමා සේඛ ගණයට ගැනේ. අධිශීල, අධි චිත්ත හා අධි ප්‍රඥා වශයෙන් ත්‍රිවිධ ශික්‌ෂා පරිපූර්ණ කරමින් එයින් හික්‌මීම ඇති කරගන්නා වූ සෝතාපත්ති මාර්ගස්‌ථ උතුමාගේ සිට අර්හත් මාර්ගස්‌ථ උතුමා දක්‌වා වූ සප්තවිධ ආය්යවර්ර පුද්ගලයන් සේඛ යන කොටසට අන්තර්ගත වේ. අර්හත් ඵලස්‌ථ උතුමා අසේඛ නමි. මාර්ගය හා එක්‌ව යෙදී මාර්ග ක්‌ෂණයෙහිත්, ඵලය හා එක්‌ව යෙදී ඵල ක්‌ෂණයෙහිත් හික්‌මවන ස්‌වභාවය ප්‍රකට කරවන විශේෂිත සාරධර්ම මෙම සේඛ උතුමන් ස්‌වකීය ආධ්‍යාත්මය තුළ ගොඩනගා ගෙන ඇත. සේඛ හා අසේඛ උතුමන් උපදවා ගනු ලැබූ මාර්ගඵල තත්වයන් මතු මත්තෙහි නොපිරිහෙන ඒවා ලෙස සඳහන් වේ. එසේ වන්නේ මාර්ගඵල වනාහී ලෝකෝත්තර සමාපත්ති වන හෙයිනි. මාර්ගඵල වලට අරමුණු වන්නේ නිවණය. නිවන වනාහී හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත්තක්‌ නොවේ. එබැවින් අනිත්‍ය දුක්‌ඛාදියට ගොචර නොවේ. ත්‍රිලක්‌ෂණයන්ට ගෝචර වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගනු ලැබූ දේය. 

එසේ වුවත් සේඛ හා අසේඛ උතුමන් ස්‌වකීය අධ්‍යාත්මික කුසීත ස්‌වභාවය හේතුවෙන් සසර ප්‍රමාද බවකට පත් වන්නේ ද? එසේ නැතහොත් තමන් විසින් උපදවා ගනු ලැබූ මාර්ගඵලය අනුක්‍රමයෙන් ක්‌ෂයවීමකට බඳුන් වන්නේ ද? ස්‌ථවිර වාදී කොටසට පරිබාහිර වෙනස්‌ නිකායාන්තරිකයින් විසින් මෙවැනි මතවාදයන් ද දරණ ලද අතර එවන් ඇතැම් මතවාද විභඡ්ජවාදය නමින් හැඳින්වූ ථෙරවාදී සම්ප්‍රදාය හෙවත් පාලි භාෂාව මාධ්‍යය කරගත් පිරිසිදු බුද්ධ වචනය සුරැකි පිරිස විසින් ප්‍රතික්‌ෂේප කරන ලද ආකාරය නිකාය සංග්‍රහය වැනි ශාසන ඉතිහාස ග්‍රන්ථ මඟින් පැහැදිලිවම පෙන්නුම් කර තිබේ.

කෙසේ වුවත් සේඛ උතුමන් පිරිහීමට හේතු වන කරුණු රාශියක්‌ අංගුත්තර නිකායේ 39 හා 40 පථම සේඛ භික්‌ඛු සූත්‍රවල දක්‌වා තිබේ. පාලි ත්‍රිපිටක මූලාශ්‍රවල ද මෙවැනි කරුණු අන්තර්ගතව තිබීම අනුව පෙනී යන්නේ සේඛ තත්ත්වය පිරීමට පත් වන්නේ යෑයි සඳහන් නිකායාන්තරික මතවාද ප්‍රභව වීමට මෙවැනි මූලාශ්‍ර මඟින් ඉදිරිපත් කරන ලද ධර්ම කරුණු අර්ථ වරදවා හෝ ස්‌වකීය ලාභ ප්‍රයෝජන තකා වරදවා භාවිත කිරිම හේතුවක්‌ වී ඇති බවයි. 

1. නව කර්මාන්තවල ඇලුණු බව. ( අ.නි.3, 39.පධම සේඛ භික්‌ඛු සුත්ත)

2. කථා බස්‌ කිරිමෙහි ඇලුණ බව.

3. නිදා ගැනීමෙහි ඇලුණු බව

4. සමූහයා සමඟ එක්‌වීමෙහි ඇලුණු බව.

5.උපදවාගත් මාර්ගඵල සිත ( කෙලෙස්‌වලින් මිදුනු සිත) ප්‍රත්‍යවේක්‌ෂා නොකිරීම.

එහි දී විහාරාරාම, චෛත්‍යය, සේනාසන හා අභිනවයෙන් ආරාමික ඉදිකිරිම් කටයුතුවල දිගින් දිගටම නිමග්න වී ඒවායෙහි ඇලී ගැලී කටයුතු කිරිම නිසා ද, විහාරාරාමයන්හි භික්‌ෂුන් වහන්සේලා සමඟ භික්‌ෂු දිවියට ඵලදායක නොවන නොයෙක්‌ බාහිර ලෞකික දේ පිළිබඳව දිගින් දිගටම කතාබහ කිරීම, සාකච්ඡා කිරීම හා දේශනා පැවැත්වීම නිසා ද, බුදුරදුන් විසින් පැවිදි දිවියෙහි අපේක්‌ෂාවන් ඉටුකර ගැනීමට අහිතකර නොවන ලෙස සාමාන්‍ය භික්‌ෂුන් වහන්සේ නමකට විවේක ගැනීමට නියමකොට ඇති කාලසීමාවට වඩා වාඩි කාල සීමාවක්‌ විවේකයෙහි ඇලී ගැලී විසීම හා මූලික භික්‌ෂු පරමාර්ථ සපුරා ගැනීමට බාධාවන පරිදි දවසින් වැඩි කාලයක්‌ නින්ද සඳහා ගත කිරිම ද, නිරන්තරයෙන් අනවශ්‍යය ලෙස බොහෝ දෙනා එක්‌රැස්‌ වන ස්‌ථානවලට යාම ඒම හා පිරිස සමග කාලය ගත කිරීමට රුචිකත්වයක්‌ දැක්‌වීම ද, තමන් විසින් උපදවා ගන්නා ලද මාර්ගඵල සිත හෙවත් කෙලෙසුන්ගෙන් මිදුනු සිත යළි යළිත් සිහිපත් කිරිම් වශයෙන් මතකයට නගා ගැනීමෙන් වළකී සිටීම ද මතු මත්තෙහි තමන් විසින් උපදවා ගනු ලැබූ මාර්ගඵලයට වඩා වැඩි උසස්‌ මාර්ගඵලයක්‌ උපදවා ගැනීමට බාධාකාරි වන හෙයින් ඒවායින් ඉවත්ව කටයුතු කරන ලෙස බුදුරදුන් විසින් උපදෙස්‌ සපයා දී තිබේ. 

මෙහි දී පැහැදිලි ලෙසම දැක්‌විය යුතුව ඇත්තේ උපදවා ගනු ලැබූ මාර්ලඵල පිරිහී යාමට වඩා මතු ඊට වඩා ඉහල මාර්ගඵලයන් උපදවා ගැනීමේ ඉඩකඩ ඇහිරී යාමයි. මාර්ගඵලවලට අරමුණ වන්නේ නිර්වාණ ධාතුවයි. නිර්වාණ ධාතුව වනාහී සංඛත හෙවත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තක්‌ නොවේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්‌කාර ධර්ම අනිත්‍ය, දුක්‌ඛ හා අනාත්ම යන ත්‍රි ලක්‌ෂණ වලට යටත් වන අතර අසංඛත නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත්තක්‌ නොවන නිසා හෙතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්‌කාරවලට පොදුවේ හිමි වන වෙනස්‌වීම් ස්‌වභාවය නිර්වාණ ධාතුවේ නොමැත. නිර්වාණ ධාතුව වෙනස්‌ නොවන නිසා නිර්වාණ ධාතුව අරමුණු කර උපදවා ගනු ලැබූ මාර්ගඵලයන් ද ක්‌ෂයවීමකට හෝ වෙනසකට බඳුන් වීමට අවකාශ නොමැත. මේ ලොවෙහි ඇති සියල්ල වෙනස්‌ වෙතත් වෙනස්‌වීමේ ලක්‌ෂණය වෙනස්‌ නොවන්නාක්‌ මෙනි. සැබවින්ම මෙහි පිරිහීම ලෙස අර්ථ දක්‌වා ඇත්තේ මතු ඉහළ මාර්ගඵලවලට ප්‍රවේශවීමේ ස්‌වකීය සීග්‍රම ගමන් වේගය තමන්ගේ පෞද්ගලික දුර්වලතා නිසා ලඝූවීමේ තත්ත්වයයි. මෙවැනි කරුණු හුදෙක්‌ පෘථග්ජනයන් අතර පවත්නා පාප හෝ අකුසල් මෙන් ස්‌ථිරසාරව සසර බැඳ තබා ගන්නා දේ ලෙස නොව හුදෙක්‌ සිහිපත් කිරීම් මාරුයකින් නිවැරැදි කරගත හැකි චර්යාමය දුර්වලතා කොට්‌ඨාශයක්‌ වේ. 

සේඛ උතුමන්ගේ ඉහත සඳහන් කළ පෞද්ගලික දුර්වලතා හටගනු ලබන හේතුවලට අමතරව පහත දැක්‌වෙන කරුණු නිසා තමන්ට ලැබෙන විවේකය ඵලදායක යමක්‌ නොකර හිස්‌ ලෙස ගත කිරිම හා මතු මත්තෙහි තමන් විසින් උපදවා ගන්නා ලද මාර්ගඵලයට වඩා ඉහළ මාර්ගඵල ලබා ගැනීමට නොහැකිවීමට හා ප්‍රමාදවීමට හේතුවක්‌ බව පෙන්වා දී තිබේ. තව ද වීර්ය වඩමින් ඒ සඳහා සුදුසු සමාධි කර්ම ස්‌ථානයන්හි නොයෙදීම සේඛ පුද්ගලයන් තුළ විද්‍යමාන පෞද්ගලික දුර්වලතාවයක්‌ බව බුදුරදුන් විසින් දක්‌වා තිබේ. 

1. බොහෝ කෘත්‍ය ඇති බව, බොහෝ කටයුතු ඇති බව, පිළිසකර කටයුතුවල දක්‌ෂතාවය.

2. ස්‌වල්ප කෘත්‍යයකින් දවස ඉක්‌මවීම. (අ.ගු.3,40.පථම සේඛ භික්‌ඛු සුත්ත)

3. ගෘහස්‌ථ ප්‍රවෘජිතයන් හා එක්‌වීම, නුසුදුසු වූ ගිහියන් හා එක්‌වීම ඇතිව වාසය කිරීම.

4. පිණ්‌ඩපාතය පිණිස ඉතා කලින් ගමට පිවිසීම, ඉතා දවල් වී පෙරලා ඒම.

5. අල්පේච්ඡතා, සන්තුෂ්ටිය, විවේකය, වීර්යානිරම්භය, ශීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්‌තිය හා විමුක්‌ති ඥාන දර්ශන මෙබඳු කථාව පිළිබඳව කැමති පරිදි ලැබීම ඇත්තෙක්‌ නොවීම, දුකසේ ලැබීම ඇත්තෙක්‌ වීම, අපහසුවෙන් ලැබීම ඇත්තෙක්‌වීම.

විහාරාරාමවල වැඩ කටයුතුවල නිරතවීම අයෝග්‍ය දෙයක්‌ නොවෙතත්, ස්‌වකීය පැවිදි දිවියෙහි පරමාදර්ශවලට අන්තරායකාරී වන ආකාරයෙන් ඒවායෙහි නිරතවීම නිසා ද, තමන්ට කළ හැකි වැඩ කොටසට වඩා අඩුවෙන් කරමින් නිකරුනේ කාලය ගත කිරීම ද, ප්‍රතිඵලදායක ගිහි පැවිදි සම්බන්ධතාවය අයෝග්‍ය දෙයක්‌ නොවෙතත්, ඒ පිණිස තම මුළු කාලයම කැපකරමින් ආධ්‍යාත්මික සංවර්ධනය අතපසු කිරීම ද, දිවි පැවැත්ම ගෙනයාමට පිණ්‌ඩපාත ආහාරය අත්‍යවශ්‍ය නමුත්, අසීමාන්තිකව ඒ කෙරෙහි පමණක්‌ උත්සුකවීම ද, සමථ විදර්ශනා, කෙරෙහි සිතෙහි ඇල්ම හා වුවමනාව ජනිත කරවන සැහැල්ලු චාම් පැවැත්ම, සතුට, මානසික විවේකය, උත්සාහය, කය වචනය හික්‌මවීම, සිතෙහි එකඟ බව, නුවණ, නිර්වාණය, නිර්වාණය අරමුණු කරගත් මාර්ගඥාන පිළිබඳ යහපත් උපදෙස්‌ හා අවවාද පහසුවෙන් නොලැබිය හැකි බව ද යන කරුණු තමන් විසින් උපදවා ගන්නා ලද මාර්ගඵලවලට වඩා ඉහළ මාර්ගඵල ලබා ගැනීමට සේඛ උතුමන්හට බාධා පමුණුවන කරුණු ලෙස සඳහන් වේ.

සේඛ පුද්ගලයන් විසින් තමන් උපදවා ගන්නා ලද මාර්ගඵල වලට වඩා ඉහළ මාර්ගඵල ලැබීම ප්‍රමාද කරවන කරුණු ඒ උතුමන්ගේ පිරිහීම ලෙස වරදවා වටහාගන්නා ලද බවක්‌ පශ්චත්කාලීන ධර්ම විග්‍රහයන්වලදී හෙළි වේ. මේ තත්ත්වය සේඛ තත්ත්වයට පමණක්‌ සීමා නොවී අසේඛ හෙවත් අර්හත් ඵලය උපදවා ගන්නා ලද උතුමන් පවා පිරිහීමට පත්වන බව පසු කාලීන විවිධ බෞද්ධ සම්ප්‍රදායන්හි අන්තර්ගත ආගමික අදහස්‌ අතර විද්‍යමාන වීම තුළින් පැහැදිලි වේ. ස්‌ථවිරවාදී පක්‌ෂයෙහි සියලු සංගායනා සදහා සහභාගී කරගනු ලැබුවේ අර්හත් භික්‌ෂුන්වීමත්, ශාසනභාර ස්‌ථවිර තෙරවරුන් ලෙස ක්‍රියාකරනු ලැබුවේ රහතන් වහන්සේලා වීමත් නිසා, පැවති තත්ත්වය කෙරෙහි කිසියම් අප්‍රසාදයකින් විසූ අන්‍ය බෞද්ධ සම්ප්‍රදායකයින් විසින් අර්හත්ව පරමාදර්ශය පහතට ඇද දමා ගර්භාවට ලක්‌ කිරීම පිණිස හිතාමතාම මෙකී අදහස්‌ සමාජයට ව්‍යාප්ත කරවන්න ඇතැයි උපකල්පනය කළ හැකිය. 

බුදුරදුන්ගේ පිරිනිවීමෙන් වර්ෂ 100 කට පසුව පැවැත් වූ දෙවන ධර්ම සංගානාවට හේතු වූයේ දස අකැප වස්‌තුවම පමණක්‌ නොවේ. මහදේව නම් තෙර නමක්‌ විසින් රහතන් වහන්සේ සම්බන්ධයෙන් දක්‌වන ලද කරුණු පහක්‌ ද ඒ සඳහා ප්‍රබල ලෙස හේතු විය. පහත සඳහන් වන එම මත නිකායලම්බන නමැති ග්‍රන්ථයෙහි අන්තර්ගත වේ.

1. රහතන් වහන්සේ විසින් නොදැන පවක්‌ කළ හැකිය.

2. රහතන් වහන්සේ විසින් තමන් රහත් වූ බව නොදැන සිටිය හැකිය.

3. රහතන් වහන්සේහට ධර්ම සම්බන්ධව සැක ඇති විය හැකිය.

4. ගුරුවරයෙකුගේ උපකාරය නැතිව රහත්ඵලය ලැබිය හැකිය.

5. දුක්‌ඛ ලක්‌ෂණය වචනයෙන් පවසා භාවනා කරමින් අර්හත්වය ලැබිය හැකිය.

මීට අමතරව රහතන් වහන්සේ සම්බන්ධව මහා විහාරයීය සම්ප්‍රදායට එරෙහිව ස්‌වකීය වෙනස්‌ මතවාදය පැහැදිලිව ඉදිරිපත් කරනු ලැබූ විවිධ බෞද්ධ සම්ප්‍රදායයන් ද වේ. එම බෞද්ධ සම්ප්‍රදායයන්ගෙන් කීපයක්‌ පහත දැක්‌වෙන පරිදි පෙන්වා දිය හැකිය. වෙනත් බෞද්ධ නිකායයන් ලෙස සැලකෙන 

1. මහාසංඝික

2. වඡ්ජිපුත්තක

3. සබ්බත්ථවාදී

4. පුබ්බසෙලීය 

5.අපරසෙලීය 

වෙනත් බෞද්ධ නිකායන් ලෙස හැඳින්වෙන ඉහත සම්ප්‍රදායයන් විසින් ස්‌ථවිර සම්ප්‍රදායට විරුද්ධව ඉදිරිපත් කරන ලද මත අතරින් ප්‍රධානතම කරුණ වන්නේ රහතන් වහන්සේ අර්හත්ඵලයෙන් පිරිහී යා හැකිය යන මතයයි. මෙසේ නිකායන්තරික මතවාදයන් සකස්‌වීම පිණිස ස්‌ථවිර පාක්‌ෂික පාලි ත්‍රිපිටකයෙහි රහතන් වහන්සේලා සම්බන්ධව සඳහන් වන ඇතැම් ජීවන පුවත් හේතු සාධක වන්නට ඇත යන මතය පහසුවෙන් ප්‍රතික්‌ෂේප කළ නොහැක. එම මතය ඇතිවී ඇත්තේ රහතන් වහන්සේලා අර්හත්ඵලය උපදවා ගනු ලැබීමත් සමඟ ස්‌වකීය චිත්ත සන්තානය තුළින් සකල ක්‌ලේශයන් මුළුමනින්ම ඉවත්කරනු ලැබූවත් සසර පුරා රැගෙන එනු ලබන වාසනා ගුණ අප්‍රකටහීන වීම යන කරුණ හේතු කොට ගෙන පොදු මනුෂ්‍යයෙකු සතු උත්පත්තිමය, ජානමය, ආරමය දුර්වලතා උන්වහන්සේලා තුළින් බැහැරට විද්‍යමාන වීම නිසා වන්නට ඇත. මේ අනුව සාමාන්‍ය පෘතග්ජන මිනිසුන් මෙන් රඵ වචන භාවිත කිරීම, නොගැළපෙන නොසන්සුන් කායික ක්‍රියා සහ ඉරියව් ප්‍රදර්ශනය කිරීම, අමතකවීම් හෝ අතපසුවීම් සිදුවීම, සාමාජික බාහිර ක්‍රියාකාරකම් හා වත් පිළිවෙත් කෙරෙහි එතරම් සැලකිල්ලක්‌ හෝ උනන්දුවක්‌ නොදැක්‌වීම වැනි දේ බුදුරදුන් ජීවමාන කාලවල දී පවා ඇතැම් රහතන් වහන්සේ කෙරෙන් විද්‍යමාන වූ බව ත්‍රිපිටක සාහිත්‍යයෙන් ප්‍රකට වේ. තවත් සමහර විද්වතුන් මේ සම්බන්ධයෙන් පළ කරන අදහස නම් ධර්ම සංගයනාවලට මූලිකව ක්‍රියාකොට ඇත්තේ රහතන් වහන්සේලා බැවින් උන්වහන්සේලා සතු ධර්ම අධිකාරය හා ගුණ පෞරුෂය බිඳ හෙලීමේ අදහසින් නිකායන්තරිකයන් විසින් කුමන්ත්රමණකාරීව අර්හත්ඵලය ලඝූකොට සලකා ඇති බවයි. මෙවැනි සාවද්‍ය මත හා ආකල්ප රෝපණය කිරීම මෙන්ම පවත්වා¨ගෙන යාම පිණිස දරණ ලද අති මහත් ප්‍රයත්නය තුළ පාලි ත්‍රිපිsටක ඉගැන්වීම් නිවැරැදි ලෙස අර්ථ ගැන්වීමෙහිලා පශ්චාත්කාලීනයන් දක්‌වන ලද දුර්වලතාවය ද එක්‌ අතකින් මනාව කැපී පෙනේ. අර්හත්ඵලය එහි මූලිsක අරමුණ වූ සමය සන්දර්භයෙන් බැහැරව පොදු සමාජය තුළ පුද්ගල වටිනාකමක්‌ අත්පත් කොට ගෙන තිබීම හා ධර්මබ අධිකාරය එය වටා ගොනුවීම, ¨නිදහස්‌ මත දරන්නන්ගේ විරෝධාකල්ප එයට එල්ලවීම නිකායාන්තර මත ප්‍රභලවීම කෙරෙහි සෘජු ලෙසම බලපා ඇති බව පැහැදිලිව කැපී පෙනේ. සම්බුද්ධ පරිනිර්වාණයත් සමඟම මෙවැනි ස්‌වාධීන මත දරන්නන් වඩාත් සංවිධානාත්මකව නිදහසේ ස්‌වකීය ආකල්ප සමය සන්දර්භය තුළ ව්‍යානප්ත කිරීම මුල් බුදුසමය විවිධ නිකායන්ට ප්‍රභේදවීමට ද හේතුවක්‌ වී තිබේ. 
සුජිත් නිශාන්ත හේවගේ
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X